2017 August 13

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. පෙර සතියේදී මෙම යුගල සඳහා වඩා වැඩි හෝ අඩු සමජාතීය අනාවැකියක් ලබා ගැනීමට නොහැකි විය. බොහෝ විශේෂඥයන් උතුර දෙස බැලූ අතර, ග්‍රැෆික් විශ්ලේෂණය මගින් දකුණ පෙන්නුම් කළ අතර, එය ආසන්නතම ආධාර මට්ටම ලෙස 1.1670 නම් කෙරුණි. දර්ශක පිළිබඳ අදහස් ද දෙයාකාර විය: H4 මත දර්ශකයන් රතු පැහැයෙන් වූ නමුත් D1 මත, කොළ ආධිපත්‍යය දිගටම පැවතියේය. මේ නිසා, මෙම විසංයෝජනය සාධාරණීකරණය විය: සතියේ ආරම්භයේ දී, යුගල සුළු ප්‍රමාණයකින් වර්ධනය විය, ඉන් අනතුරුව එය පහත වැටුණි, 1.1688 මට්ටමට ළඟා විය, සහ සතිය අවසාන වන විට යුගලය 1.1820-1.1840 කලාපයට ඉහල ගියේය.
  • GBP/USD. විශ්ලේෂකයින්ගේ අතිමහත් බහුතරය (75%), D1 මත ප්‍රස්ථාරික විශ්ලේෂණය සහ දර්ශක මගින් අනාවැකි පලකරන ලද්දේ, යුගලයේ සමාන්තර චලනය පිළිබඳවයි. ඇත්ත වශයෙන්ම, පසුගිය සතියේදී, මුළු සතියේම යුගලය තිරස් දිශාවකින් යුක්ත විය. නමුත් ඔවුන් අපේක්ෂා කළ තැනට නොපැමිණ, සැබෑ පරාසය එක් මට්ටමකට අඩුවෙන් පැවතුනි. 25% ක් විද්වතුන්ගේ පුරෝකථනය අනුව එසේ පහත වැටී  තිබිණි. පළමු වරට 1.2950 අගයට පැමින අතර ඉන්පසුව නැගෙනහිර දෙසට ගමන් කළේය.
  • USD/JPY සඳහා වන ප්‍රධාන අනාවැකිය අනුව යුගල 200 ක් පමණ දකුණු දෙසට ගමන් කළ යුතු අතර 108.10-108.80 කලාපයේ මධ්‍ය කාලීන පැත්තක කොරිඩෝවෙහි පහළ සීමාව කරා යා යුතුය. මෙම පුරෝකථනය 100% සත්‍ය විය. එමෙන්ම යුගල පොයින්ට්ස් 200 ක්  පහතට පැමින ඇති අතර, සතිය අවසානයේදී 108.73 මට්ටමේ තබන ලදී.
  • USD/CHF සඳහා වූ පුරෝකථනය සම්පූර්ණයෙන්ම ඉටු විය. විශ්ලේෂකයින්ගෙන් 35% ක් සහ දර්ශකයන්ගේ අති බහුතරය පෙන්නුම් කර තිබුනේ, ඔවුන් දෙදෙනා 0.9765 ට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒමට උත්සහ කරන බවයි. අඟහරුවාදා මෙම යුගලය මෙම ප්‍රතිරෝධය බිඳවැටී ඇත, සතියේ අවසානයේ දී 0.9600 අගයකට, බොහෝ විද්වතුන් විසින් අනාවැකි පල කල පරිදි එය පහත වැටුණි.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. පසුගිය සතියේ මෙන් ප්‍රවීණයන්ගේ බහුතරය (65%) ගේ අදහස් උතුරට දෙසට හැරී යයි. ප්‍රස්ථාරික විශ්ලේෂණයෙන් සහ දර්ශකවලින් 80% ක් පෙන්වන පරිදි, මෙම යුගලය 1.1900-1.2000 දක්වා ඉහලට ගමන් කරනු ඇති බව විශ්වාස කරයි. විශ්ලේෂකයින්ගෙන් 35% ක් පමණක් එය පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, ග්‍රැෆික් විශ්ලේෂණය සහ D1 හි ප්‍රස්ථාරික දර්ශක ඔවුන්ගේ මතය සමග එකඟ වෙයි. මෙම යුගලය 1.1685 මට්ටමට පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ, ඉන්පසු පොයින්ට් 100 ක් නැවත පහත බසිනු ඇත.
  • GBP/USD. විශ්ලේෂකයින්ගේ සහ තාක්ෂණික විශ්ලේෂණයන්ගේ අදහස් එකට එකතු කරන්නේ නම්, තවමත් ඔබට මෙහිදී සමාන්තර චලනයක් ගැන කතා කළ හැකිය. විශේෂඥයන්ගෙන් 45% සහ 55% යනුවෙන් එකිනෙකටවෙනස් වූ, බෙදුණු මතයක් දරන අතර ඉන් වැඩි කොටසක් යුගලයේ වර්ධනයක් සිදු වනු ඇති බව විශ්වාස කරයි. ඒ අතර D1 ප්‍රස්ථාරික දත්ත වලින් යුගලයේ උදාසීන තත්වයක් පෙන්නුම් කරයි. H4 ප්‍රස්ථාරික දර්ශක පහත පරිදි බෙදී යයි: 50% මිලදී ගැනීම යෝජනා කරයි, 20% විකිණීම යෝජනා කරයි, 30% ක් මධ්‍යස්ථය. D1 මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින්, එය 1.2890-1.3125 පරාසයේ සමාන්තර චලනයක් පෙන්නුම් කරයි.
    මධ්‍ය කාලීනව, චිත්‍රය තරමක් වෙනස් ය: මෙහිදී විශේෂඥයන්ගෙන් 65% කට වැඩි පිරිසක් යුගලය 1.2590-1.2810 කලාපයට පහත වැටීම අපේක්ෂා කරයි.
  • USD/JPY. මෙහිදී විශේෂඥයින්ගෙන් වැඩි පිරිසක් (85%) අපේක්ෂා කරන්නේ එම යුගලයේ පිරිහීම දිගටම පවතින බවත් 2017 අප්‍රේල් මාසයේ දී 108.12 වූ අගය දක්වා අඩු කිරීමට ඉලක්ක කර තිබේ. පසුව එය 110.00 සීමාවට නැවත හැරවීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රවණතා දර්ශකයන්ගෙන් 100% ක් පහතයාම සඳහා සහය දක්වයි. මධ්‍ය කාලීන විශ්ලේෂණය ගැන කතා කරන්නේ නම්, මෙහි
    විශේෂඥයින්ගෙන් 70% ක්ම නැවත ඉහළ කොටසට පැමිණ (114.50) සමාන්තරව ගමන් කරනු ඇති අතර, මෙම යුගලය මෙම ශීත ඍතුවේ සිට චලනය ආරම්භ වනු ඇත.

2017 අගෝස්තු 14 - 18 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • අපගේ සමාලෝචනයේ අවසාන යුගලය වන්නේ USD/CHFවේ. මෙහිදී, පහතට ගමන් කිරීම ආදිපත්‍ය දරයි. විද්වතුන් 60% ක්, චිත්‍රක විශ්ලේෂණය සහ දර්ශකයන්ගේ අතිමහත් බහුතරය මගින් සහාය දක්වන ලබනුයේ, මෙම යුගලය 0.9500-0.9550 කලාපයට පහත වැටෙනු ඇති බවටයි. විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 40% ක් විකල්ප දෘෂ්ටි කෝණයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, මෙම යුගල 0.9700 දී ප්‍රතිරෝධය දක්වා නැඟී එන අතර, එහි ලඟා කරගතහොත් තවත් පොයින්ට් 70ක් ඉහලට යනු ඇති බව අපේක්ෂා කරයි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න