2017 August 6

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • විශේෂඥයන්ගෙන් සියයට 60 ක් 2015 දී උපරිම අගය වූ 1.1870 ක අගයක් EUR/USD සඳහා ආසන්නතම ඉලක්කය ලෙස සලකනු ලැබුණු අතර එය බදාදා දිනයේදී ඉලක්කය සපුරා ගත්තේය. දිගුකාලීන අනාවැකියකට අනුව, විශේෂඥයන්ගෙන් 80% ක් දකුණට ආපසු හැරීමේ ප්‍රවණතාව අපේක්ෂා කළ අතර, යුගළ වැටීම ආරම්භවීමක්  බලාපොරොත්තු විය. එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළේ ධනාත්මක දත්ත සහ විරැකියා අනුපාතය ජූලි මාසයේදී 4.3% දක්වා අඩු විම හේතුවෙන් සිකුරාදා දිනයේදී එය එසේ සිදු විය. මෙම හේතුව නිසා යුගලය පොයින්ට් 150 කින් පහත වැටී ඇති අතර, එය සතියේ ආරම්භයේ අගයන් වෙත නැවත ආපසු යවනු ලැබීය.
  • බ්‍රිතාන්‍ය පවුමට සාපේක්ෂව ඩොලරය යම් දුරකට සිය තත්වය තවත් ශක්තිමත් කර තිබේ. සතිය මුලදී, විශ්ලේෂකයින්ගෙන් 70% ක් සහ දර්ශකයන්ගේ පැහැදිලි බහුතරයක් අනාවැකි පළ කළ පරිදි, මෙම යුගලය 1.3265 ක උසකින් වැටී තිබිණි. එනමුත්,  අප විසින් දැනටමත් සඳහන් කර ඇති පරිදි, එංගලන්ත බැංකු හා එක්සත් ජනපදයේ දත්ත නිසා ඩොලරය බ්‍රිතාන්‍ය පවුම වලින් පොයින්ට් 250 ක් පමණ ලබා ගත් අතර, 1.3030 කලාපයේ මධ්‍ය කාලීන සහාය ප්‍රතිරෝධී මට්ටම කරා ආපසු පැමිණ ඇත.
  • USD/JPY සඳහා වන මූලික අනාවැකියට අනුව යුගල අවසානයේදී 110.60 ඔස්සේ බිඳී ගොස් පහත එක් මට්ටමකට ගමන් කළ යුතුය. මෙම පුරෝකථනය 100% සාර්ථක වූ අතර 110.60 මට්ටම පසුගිය සති දෙකේම Pivot Point බවට පත් විය.
  • USD/CHF. සුවිශේෂි ඉහළයාමෙන් පසු විශේෂඥයින්ගේ මතය සමව බෙදී ගිය බව සිහිපත් කරමු. 55% ක් යුගලය පහළයාම විශ්වාස කල අතර, 45% ක් ඉහළයාම විශ්වාස කළහ. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, මුලින් යුගලයේ පහත වැටීමත්, පසුව එහි වර්ධනය 0.9770 දක්වා වන බවත් පැවසුණි. එය බොහෝ දුරට ආසන්න මට්ටමකට ළඟා විය, ඒ අනුව යුගලය 0.9630 දක්වා පහත වැටී නැවත ආපසු හරවා, 0.9700 ප්‍රතිරෝධය ජය ගැනීමෙන් පසුව, සිකුරාදා 0.9763 ක උසකට ලඟා විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. පසුගිය සිකුරාදා යුගලය පහත වැටීමෙන් පසුව, H4 මත ප්‍රස්ථාරික සහ ප්‍රවණතා දර්ශකයන්ගෙන් අඩක් පමණ රතු පාටින් හැරුණත්, කොළ වර්ණය තවමත් D1 මත ආධිපත්‍ය දරයි. විශේෂඥයින්ගෙන් 75% ක් ඉලක්කය ලෙස 1.1900-1.2000 කලාපය ලෙස හැඳින්වෙන්නේ යුගල වර්ධනයටයි. විශ්ලේෂකයින්ගෙන් තවත් 15% යුගලය සමාන්තරව ගමන් කිරීම පිලිබන්දව කතා කරන අතර, 10% ක් පමණක් දකුණට හැරී යනු ඇතැයි අපේක්ෂා කරයි. H4 සහ D1 හි ප්‍රස්ථාරික විශ්ලේෂණය මෙම සුලුතර 10% ට සහය දක්වයි. ඒ අනුව උපකාරක මට්ටම් 1.1670, 1.1400 සහ 1.1200 වේ.
  • GBP/USD. විශ්ලේෂකයින්ගේ අතිමහත් බහුතරය (75%) සහ D1 මත ප්‍රස්ථාරික විශ්ලේෂණයට අනුව මෙම යුගලය සමාන්තරව 1.3.22 සිට 1.3270 සීමාවන් තුල පැතිරෙනු ඇතැයි විශ්වාස කරති. ඉතිරි දර්ශකයන්ට අනුව, ඉතිරි 25% විශ්ලේෂකයින්ගේ මතය සමග එකඟ වෙයි. ඒ අනුව යුගලයේ පහත යාමක් අපේක්ෂා කරන අතර යුගලය මුලින් 1.2950 සහ ඉන් අනතුරුව 1.2810 දක්වා තවත් පහත යාමක් අපේක්ෂා කරයි.
  • USD/JPY හි D1 වගුව මනාව පෙන්නුම් කරන්නේ, මධ්‍ය කාලීන රේඛාවේ  (114.50) මුදුනේ සිට 108.10 - 108.80 කලාපයේ පහළම මායිම දක්වා නැවතත් පහළට යන බවය. ඒ සඳහා යුගලය දකුණට පොයින්ට් 200 ක් පමණ වනු ඇත. ප්‍රවීණයන්ගෙන් 80% ක් පමණ පහල යාමක් අපේක්ෂා කරනුයේ ඒ නිසාවෙනි. විශ්ලේෂකයින්ගේ ඉතිරි 20%, H4 හි ප්‍රස්ථාරික විශ්ලේෂණය, ඉහළයාමට සහයෝගය දැක්වීමෙන් යුගලය 111.30-111.75 කලාපයට වර්ධනය වනු ඇති බව අපේක්ෂා කරයි.

2017 අගෝස්තු 07 - 11 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/CHF සඳහා අනාවැකියේදී මෙම යුගලය පහල යාමක් අපේක්ෂා කරයි. D1 සහ විශ්ලේෂකයින්ගෙන් 65% ක අනුමාන කරනුයේ, මෙම යුගලය මුලින්  0.9600 දක්වා පහත වැටෙනු ඇති බවත්, ඉන් පසු තවත් පොයින්ට් 100ක් පහළ බසිනු ඇති බවත්ය. විශ්ලේෂකයින්ගෙන් 35% ක් සහ දර්ශකයන්ගේ අතිමහත් බහුතරය නියෝජනය කරන විකල්ප දෘෂ්ටි කෝණයකින් පෙනී යන්නේ මෙම යුගලය 0.9765 ට වඩා ඉහළ මට්ටමකට ඔසවා තැබීමට හැකි වනු ඇති බව සහ ඉන්පසු ප්‍රතිරෝධය 0.9900 දක්වා වනු ඇති බවයි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න