2018 March 18

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය. එහි දී ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා අනුමාන සම්පුර්ණයෙන්ම නිවැරදි විය.

  • EUR/USD මෙම යුගල සඳහා අනාවැකි පළ කළ විශ්ලේෂකයින් විශාල සංඛ්‍යාවක් ප්‍රකාශ කළේ, එම යුගලය ජනවාරි මැද භාගයේ සිට ගමන් කර ඇති 1.2150-1.2550 කලාපයේ දිගටම රැඳී සිටිනු ඇති බවයි. බලාපොරොත්තු වුවාටත් වඩා යුගලයේ ඉහල පහල යාම අවම මට්ටමක පැවතුනි. එහි ඉහලම අගය 1.2412 වූ අතර අවම අගය 1.2260 විය. ඒ අනුව ඉහල සහ පහල අගයන් අතර වෙනස වූයේ පොයින්ට් 150 ක් පමණි. සතිය අවසානයේදී, යුගලය 1.2288 න් අවසන් වූ අතර එය ආරම්භ වූ ස්ථානයට වඩා පොයින්ට් 17 පමණක් පහලින් අවසන් වී තිබිණි.
  • GBP/USD. 20% පමණක් වූ විද්වතුන් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය යුගලයේ ඉහල යාම අපේක්ෂා කල අතර යුගලය සතිය ආරම්භ වූ දිනයේ සිටම ඉහළයාමට පටන් ගත් අතර බ්‍රහස්පතින්දා වන විට 1.4000 අගයකට පැමිණ තිබිණි. කෙසේවෙතත් ඉන් ඉදිරියට යාමට මෙම යුගලයට නොහැකි වූ අතර සතිය අවසන් වන විට නැවත 1.3935 අගයකට පහත බැස තිබිණි. එය පෙබරවාරි-මාර්තු කාල සීමාවේ මධ්‍ය අගය ලෙස සැලකිය හැකිය.
  • USD/JPY. පසුගිය සතියේ දී ප්‍රවීණයන්ගේ මතය සම සමව බෙදී ගියේය: ඉහළයාම සඳහා 33% ක්, පහත යාම සඳහා 33% ක් සහ ඉතිරිය මධ්‍යස්ථ මතයක් දැරීය. ඒ අනුව යමින් යුගලය ප්‍රථමයෙන් සුළු වශයෙන් පහල ගොස් නැවත සුළු ප්‍රමාණයක් ඉහල ගොස් නැවතත් පහල වැටුණි. වඩාත්ම නිවැරදි අනාවැකිය ග්‍රැෆික් විශ්ලේෂණය වූ අතර එමගින් 105.25-107.65 කලාපයේ යුගලය පවතිනු ඇති බව අපේක්ෂා කළේය. ඒ අනුව එය එලෙසම සිදු වූ අතර 105.59 අවමය ලෙසත්, 107.28 උපරිමය ලෙසත් පසුගිය සතියේ වාර්තා විය.
  • ක්‍රිප්ටෝ මුදල් යුගල වෙත යොමුවෙමු: බිට්කොයින් සඳහා 7.740 අගයකට පහත බසිනු ඇති බවට විශේෂඥයන් අනුමාන කළේය. BTC/USD බ්‍රහස්පතින්දා වන විට 7.638 දක්වා පහත වැටුණි. මේ අනුව, අනාවැකිය ඉතා නිවැරදිව බවට පත් වූ අතර ඉලක්කය නිර්ණය කිරීමේදී ඇති වූ දෝෂය 1% ක් පමණක් විය.
    එතීරියම්, ලයිට්කොයින් සහ රිපල් සඳහා විශේෂඥයන් අනාවැකි පළ කළේ මෙම මුදල් වල වටිනාකම 10% සිට 20% දක්වා අඩු වනු ඇති බවයි. මාර්තු 15 වන දින මෙම සියලු යුගලයන් පහතට ගමන් කර තිබිණි. එතීරියම් 21.67% (721.50 සිට 565.09) දක්වා වූ අතර, ලයිට්කොයින් 20.4% (186.71 සිට 148.59 දක්වා) හා රිපල් 25.9% (0.767 සිට 0.568 දක්වා). කෙසේවෙතත් නැවත සුළු වශයෙන් යුගලයන් ඉහල යාමට උත්සහ කල අතර සතිය අවසාන වන විට ETH/USD 15.6% ක් අහිමි විය. LTC/USD 10.2% කින් අහිමි විය. XRP/USD විසින් 18.0% ක් අහිමි විය. BTC/USD හි අඩුම අලාභයක් පෙන්වූ යුගලය වූ අතර එය 7.7% ක් විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • ඩොලරය ඇතුලත් වන මුදල් යුගලයන් මාර්තු 21 වෙනි බදාදා වැදගත් සිදුවීම් අපේක්ෂා කරයි. ඒ අතර පොලී අනුපාතය මත එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ තීරනය ප්‍රධාන තැනක් ගනියි. එහි අනාවැකි අනුව, එය 1.50% සිට 1.75% දක්වා වැඩි වනු ඇත, බොහෝ දුරට එමගින් ඩොලරය ශක්තිමත් වනු ඇත.
    EUR/USD සඳහා, ප්‍රවණතා දර්ශක 80% ට වඩා වැඩි ප්‍රමාණයක් සහ ඔස්කිලේටර් 85% ක් යුගලයේ පහත යාමක් අපේක්ෂා කරයි. කෙසේවෙතත්,  විශේෂඥයින්ගෙන් භාගයක් පමණ සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය විශ්වාස කරනුයේ යුගලය තව දුරටත් 1.2275-1.2445 කලාපයේ සමාන්තර චලනයක නිරත වනු ඇති බවයි. 15% වන ඔස්කිලේටර් මෙහි විකිණුම් වැඩිවනු ඇති බව සංඥා කරයි. එමෙන්ම ඉහල යාම සඳහා තවමත් යම් බලයක් රඳවා තබා ඇති අතර, එම නිසා ෆෙඩරල් තීරණයට පෙරාතුව ඉහල පහල යාමක් සිදු විය හැකිය.
    යම් හෙයකින් යුගලය පහතට ගමන් කළහොත්, 1.2150-1.2200 කලාපයට යුගලය වැටෙනු ඇති අතර ඉන් පසු 1.2000 දක්වා වුවද ගමන් කල හැකිය.
  • GBP/USD. දවසේ කාලරාමුව මත දර්ශකයන් දිගින් දිගටම ඉහලට යාමට උත්සහා කිරීමක් පෙන්නුම් කලද පැය හතරේ කාලරාමුව මත උදාසීන තත්වයක් පසුගිය සතිය අවසන් වන විට පෙන්නුම් කෙරිණි. එය මේ සතියටත් එලෙසින්ම අදාල වන අතර ආසන්නතම ඉලක්ක වන්නේ 1.4000, 1.4065 සහ 1.4145 වේ.
    කෙසේ වෙතත්, දර්ශකයන් මෙන් නොව විශේෂඥයින්ට වැදගත් ආර්ථික දත්ත සැලකිල්ලට ගත හැකිය. අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා පවුමට සහ ඩොලරයට අදාලව වැදගත් දත්ත නිකුත් කිරීම මෙම සතියේ බහුලව දක්නට ලැබේ. මෙහිදී, බොහෝ විශ්ලේෂකයින් (60%) තවමත් බ්‍රිතාන්‍ය මුදල දුර්වල වනු ඇති බවත් එම නිසා යුගලයේ වැටීමත් අපේක්ෂා කරයි. ආසන්නතම ආධාරක අගයන් වන්නේ 1.3710-1.3760 කලාපයයි. එය බිඳවැටුනහොත් මධ්‍ය කාලීනව යුගලය 1.3445-1.3585 කලාපය දක්වා පහත වැටෙනු ඇත.

2018 මාර්තු 19 සිට 23 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY හි අනාවැකිය පිළිබඳ අදහස පහත පරිදි වේ: විශේෂඥයින්ගෙන් 70% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ දවසේ කාලරාමුව සහ පැය හතරේ කාලරාමුව මත දර්ශක 90% ක් යුගලයේ පහත යාමක් අපේක්ෂා කරයි. නාලිකාව. ප්‍රතිරෝධී අගයන් 106.40, 106.75 සහ 107.25 වේ. ආධාරක අගයන් 105.25, 104.50 සහ 104.00 වේ.
    මධ්‍ය කාලීනව, විශ්ලේෂකයින් අතර යුගලයේ ඉහල යාම සඳහා සහය දක්වන්නන්ගේ සංඛ්‍යාව 30% සිට 65% දක්වා ඉහළ යන බව සඳහන් කළ යුතුය. ඉලක්කය වන්නේ 108.00-110.00 කලාපය වේ.
  • ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා වන අනාවැකිය පහත දැක්වේ.
    BTC/USD: පෙර සතියේ ඉහළ මට්ටමට මෙම යුගලය පැමිණීමට අපේක්ෂා කරන බව විද්වතුන් පවසති. ඔවුන්ගේ අනාවැකි අනුව, මෙම යුගලය 8,850-9,400 දක්වා ඉහළ යා යුතුය.
    ETH/USD: ප්‍රථමයෙන් 655.00 දක්වා ඉහල වනු ඇත, පසුව 670.00-740.00 දක්වා තවදුරටත් ඉහල යනු ඇත.
    LTC/USD: 170.00-181.00 දක්වා ඉහළ යනු ඇති අතර, එයත් බිඳවැටුනහොත් 193.00 දක්වා ඉහල යනු ඇත.
    XRP/USD: ඉලක්කය 0.688-0.780 කලාපය වේ. සතියේ අවසාන වන විට දී යුගල 0.810 දක්වා ඉහල යනු ඇත.

ක්‍රිප්ටෝ මුදල් යුගලයන්ගේ විචලනය කෙරෙහි කුඩා සිදුවිමක ප්‍රතිපල වුවද බලපෑ හැකි බව සඳහන් කල යුතුය. එබැවින්, ඔබ මනාව, නිවැරදි මුදල් කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කල යුතුය. අපෙන් ඔබට ලැබෙන 1: 1000 ලෙවරේජ් අගය මගින් මෙකී වෙළඳ අවධානම සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකිය. අවසානයේදී, සත්‍ය වශයෙන්ම, බිට්කොයින් 10 ක්, එතීරියම් 100 ක්, ලයිට්කොයින් 500 ක් හෝ රිපල් 100,000 ක් මිලදී ගැනීම සඳහා, ඔබට අවශ්‍ය වන්නේ ඩොලර් 100 ක් පමණි. ඔබේ ඉතිරි මුදල් රඳවා තබා ගත හැකිය.

https://lk.nordfx.com/promo/tradecrypto.html

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න