මාතෘකාව, 'FOREX රොබෝ උපදේශකයන් පරීක්ෂා කිරීම', ස්වයං විවේචනාත්මකයි. එය තුළ අපි, රොබෝ උපදේශකයන් මගින් ස්ථාවර ලාභයක් ලබා දීමට සමත් වේද නැතිනම් පූර්ව තැන්පතු පාඩුවකට තුඩු දෙනු ඇත්දැයි යන්න තීරණය කිරීම සඳහා විවිධ ස්වයංක්‍රිය වෙළද රොබෝඋපදේශකයන් පරීක්ෂා කර බැලීම සිදු කරමු.
අපි සරල සහ සංකීර්ණ උපදේශකයින් යන ද්විත්වයම පරීක්ෂා කරමු: නොමිලේ ලැබෙන සහ සැලකිය යුතු වියදම් සහිතව පවත්වාගෙන යාම එකී ද්විත්වයයි.. ඔබ NordFX හි සේවාලාභියෙකු නම් සහ විශේෂිත රොබෝ උපදේශකයෙක්ට කැමති නම්, කරුණාකර අප සමග සම්බන්ධ වන්න. එමෙන්ම මෙම රොබෝ වර්ග පිලිබඳ ඔබේ අදහස් සහ සමලෝචනයන් දැන ගැනීමට අපි කැමැත්තෙමු. එයට අමතරව, ඔබ විසින් පරික්ෂා කරන ලද වෙනත් රොබෝ උපදේශකයන් ඇත්නම් ඒවා හි අදහස් සහ සමාලෝචන අපට දැනුම් දෙන්න, අපි ඒවා ප්‍රකාශයට පත් කිරීමට වගබලා ගන්නෙමු.
අපි පළමුව උපදේශකවරුන් දෙදෙනෙකු පරීක්ෂා කරමු: MACD Sample සහ Moving Average. ඔවුන් සතු නිශ්චිත වාසිය වන්නේ මෙහි සංවර්ධකයා වන MetaQuotes Software Corp. , MT4 වේදිකාවේ සම්මත සංස්කරණයේ මෙය ඇතුළත් කර තිබීමයි. මෙයින් අදහස් වන්නේ අන්තර්ජාලය ඔස්සේ ඒවා සෙවීමට හෝ වෙනම ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවන බවයි. ඔබ විසින් කළ යුතු දේ නම්, 'Navigator' පුවරුව විවෘත කිරීමයි, එවිට මෙම රොබෝ උපදේශකයන් දැකගත හැකිය.
කලින් ලිපියෙන් අපි පොරොන්දු වූ පරිදි, MACD Sample හි අපගේ ඇගයීමෙන් පසු අද ලිපියෙන් ඇගයීමට ලක් කරනුයේ සංවර්ධකයින් විසින් MT4 මත පෙර ස්ථාපනය කරන ලද දෙවන රොබෝ උපදේශකයා වන Moving Average පිළිබඳවයි.
Ilan පවුලේ උපදේශකයන් "මාටින්ගේල් මූලධර්මය හා සාමාන්‍ය අගය" පදනම් කර ගත් අය අතුරින් වඩාත්ම ජනප්‍රිය උපදේශකයක් වේ. අන්තර්ජාලය ඔස්සේ එම උපදේශකයේ විවිධ සංස්කරණ ගණනකට නොමිලයේ ප්‍රවේශ විය හැකිය; උදාහරණයක් ලෙස වඩාත් සුලභ සංස්කරණයක් අපි සලකා බලමු. එනම් 425_Ilan1.6_PipStep