පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. මෙම යුගලය 1.1200 ක ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධක මට්ටමේ පවතියි. පොදුවේ ගත් කල, මෙම යුගලය සඳහා 1.1150-1.1215 කලාපය බෙහෙවින් වැදගත් වේ, මන්ද එය 2015-2016 කාලය තුළ ප්‍රධාන මධ්‍ය අගය ලෙස හැඳින්විය හැකිය. දැන්, වසර තුනකට පසු, යුගලය නැවත වරක් මෙම පරාසයට වැටී ඇති අතර, එමඟින් වෙළඳපොලේ යම් ව්‍යාකූලත්වයක් පෙන්නුම් කළ හැකිය.
අවිනිශ්චිත සාධක බොහෝය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
USD. වඩාත් නිවැරදිව වෙළඳපල සොලවන්නට හැකි සිදුවීම් දෙකක් පසුගිය සතියේ එනම්, අගෝස්තු 01 බ්‍රහස්පතින්දා සහ අගෝස්තු 02 සිකුරාදා සිදු වූ නමුත් එලෙස වෙළඳපොල සෙලවුයේ නැත.
2008 න් පසු ප්‍රථම වතාවට බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය එහි ප්‍රධාන අනුපාතය 2.50% සිට 2.25% දක්වා අඩු කළේය. එය තරමක් බලාපොරොත්තු වුවක් විය. වෙළඳපල සාමාන්‍යයෙන් එවැනි පියවරකට ප්‍රතිචාර දක්වන්නේ අගයන් අඩු වීමෙනි. කෙසේ වෙතත්, මේ අවස්ථාවේ දී, යම් තරමකින් ඩොලරය ඉහළ ගිය නමුත් (යුරෝවට එරෙහි වැඩිවීම පොයින්ට් 100 ට වඩා මඳක් වැඩිය) එය වැඩි කාලයකට නොවිය. (සිකුරාදා වන විට යුරෝව පොයින්ට් 85 ක් ආපසු ලබා ගත්තේය).
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. පසුගිය සතියේදී, ඩොලරය ශක්තිමත් වනු ඇති බවත් යුගලය 1.1150-1.1200 කලාපයේ ගමන් කරනු ඇති බවත් විශේෂඥයන්ගෙන් බහුතරයක් (65%) අපේක්ෂා කළ බව සිහිපත් කරන්න. ජූලි 16-17 රාත්‍රියේ මෙම යුගලය පහත ගොස් 1.1200 මට්ටමට ළඟා විය. කෙසේ වෙතත්, පහලයාමේ ශක්තිය අඩු වී ගිය අතර, දින දෙකකට පසුව, යුගලය ජූලි 15 සඳුදා ආරම්භ වූ ස්ථානයට එනම් 1.1285 මට්ටම දක්වා ඉහල යන ලදි. මේ අනුව, අඛණ්ඩව දෙවන සතිය සඳහා, යුගලය තරමක් පටු පැති නාලිකාවක ගමන් කළ අතර, එහි උච්චාවචනයන් 1.1190 සහ 1.1285 සීමාවන්ට සීමා කරයි. එවැනි පසුබෑමකට හේතුව (සමහර විට අවපාතයකට පෙර) ආයෝජකයින්ගේ ගිම්හාන නිවාඩු නොවන නමුත් යුරෝපීය නියාමකයා විසින් පොලී අනුපාතය අඩු කිරීමට තීරණය කළ හැකි ජූලි 25 බ්‍රහස්පතින්දා පැවැත්වෙන යුරෝපා සංගම් රැස්වීම පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාව විය හැකිය;
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. පසුගිය සතියේදී, විශේෂඥයින්ගෙන් 60% ක් යුගලය 1.1100-1.1185 කලාපයේ පවතිනු ඇති බවට අනාවැකි පළ කළ බව සිහිපත් කරන්න. ඉතිරි 40% සඳහා, යුගලයට 1.1185 කලාපයේ ආධාරක බිඳ දැමිය නොහැකි වනු ඇති අතර විශ්ලේෂකයින් බලාපොරොත්තු වූයේ යුගලය 1.1275-1.1320 මට්ටමට නැවත පැමිණෙනු ඇති බවයි. නිශ්චිතවම, සිදු වූයේ එයයි: පහලම අගය 1.1190 ලෙස වාර්තා කළ අතර, පසුව යුගලය හැරී ඉහළට ගොස් උපරිම වශයෙන් 1.1285 ක උසකට ළඟා විය. පසුව යුගලය චලනයක් පෙන්නුම් කළ අතර, යුගලය ගිම්හානයේ පළමු භාගයේ මධ්‍ය අගය වූ 1.1270 හි දී දින පහක සතිය සම්පූර්ණ කළේය;
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. අනාවැකි පළ කළ පරිදි, ඔසාකා සමුළුවේ අවසන් දිනයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පීආර්සී සභාපති ෂී ජින් පිං සමඟ හමුවීම මගින් වෙළඳ යුද්ධය අවසන් කළේ නැත. නායකයින්ට එකඟ විය හැකි වූයේ සතුරුකම්වල විවේකයක් සහ වෙළඳ හා ආර්ථික උපදේශන නැවත ආරම්භ කිරීම මත පමණි. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපලය වෙළඳපොල විසින් මධ්‍යස්ථ ලෙස ශුභවාදීව හඳුනාගන්නා ලදී. ඩොලරය සඳුදා මුළු දවස පුරාම සිය ස්ථාන ශක්තිමත් කරමින් යුගලය පොයින්ට් 100 කට ආසන්න ප්‍රමාණයක් පහත හෙලීය. මෙය එක්සත් ජනපද ශ්‍රම වෙළඳපොළෙන් දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් බිඳ දැමිය හැකි දිගු නිහඩතාවයක් අනුගමනය කරන ලදී. කෘෂිකාර්මික අංශයෙන් (එන්එෆ්පී) භාහිරව නිර්මාණය කරන ලද නව රැකියා සංඛ්‍යාව මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී තුන් ගුණයකින් වැඩි විය (72K සිට 224K දක්වා), එමඟින් ඩොලරයට, යුරෝව තවදුරටත් පීඩනය කිරීමට ඉඩ ලබා දෙන ලදී. මෙම යුගලය 1.1200 මට්ටමට ළඟා වූ අතර ඉන් පසුව කුඩා පසුබෑමක් ඇති විය. සතිය අවසානයේදී යුගලය 1.1225 හි අවසන් විය;
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. සති දෙකකට පෙර බොහෝ ප්‍රවීණයන් යුගලය යළිත් ඉහළට එනු ඇතැයි අනාවැකි පළ කළහ. ඉහළයාමේ ඉලක්කය වූයේ 1.1350 මට්ටමට නැවත 1පැමිණ ඉන්පසුව 1420-1.1450 කලාපයට ඉහල නැගීමයි. මෙම අනාවැකිය සැබෑ විය, 100% කින් නොවුනොත් 99% කින්: මෙම යුගලය ජුනි 25 වන දින 1.1411 ඉහළ අගයක් වාර්තා කළේය. ඉන්පසුව, සුළු පසුබෑමක් ඇති වූ අතර ජපානයේ ඔසාකා හි ජී 20 සමුළුවෙහි පැවති සාකච්ඡා වල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් සිටි මෙම යුගලය 1.1345-1.1390 පටු කලාපයේ සමාන්තර චලනයක් කළ අතර සතිය අවසානයේදී යුගලය1.1370 ට පැමිණියේය;
නිවාඩු සමයේ උච්චතම අවස්ථාවට ළඟා වෙමින් පවතින අතර, එය සාමාන්‍යයෙන් මූල්‍ය වෙලඳපොලවල් ඇතුළු ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩුවීමට හේතු වේ. එක් අතකින්, දැනටමත් අඩු මට්ටමක පවතින ප්‍රධාන මුදල් යුගලයන් හි උච්චාවචනය පහත යන අතර ලාභ ලැබීම අවම කරයි. නමුත් අනෙක් අතට, වෙළදාම් හි අසාර්ථක අවස්ථා වලදී සිදුවිය හැකි පාඩු අවම කරයි.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. යුරෝපීය ආර්ථිකය සඳහා වන ජාත්‍යන්තර දැක්ම පිළිබඳව, ජර්මනියේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් අඳුරු අනාවැකි පළ කර තිබේ. යුරෝ කලාපීය ආර්ථිකයේ සමස්ත වර්ධනය මන්දගාමී වූ බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාර්ඩ්ගේ ප්‍රකාශය මගින් ආයෝජකයින් දිරි ගැන්වුයේ නැත. ප්‍රමුඛ රටවල්වල ගෝලීය සංචිතයන් හි යුරෝවෙහි කොටස වර්ධනය වීමට පටන්ගත් බවට වූ තොරතුරු පවා යුරෝපීය මුදල් වෙත උදව් කල නොහැකි විය. මෙම කොටස 20.7% ක් වන අතර එය තවමත් 61.7% ක් වන අතර එක්සත් ජනපද ඩොලරයට විශාල වශයෙන් පරතරයකින් පවතී. එමෙන්ම ඊසීබී හි ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය (QE) නැවත සැකසීම පිළිබඳව වෙලඳපොල අමතක කර නැත.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. මාරියෝ ඩ්‍රාගි හට වෙලඳපොල වෙත බලපෑම් කිරීමේ හැකියාව අහිමි වී ඇති බවක් පෙනෙන්නට තිබෙන අතර ඊසීබියේ නව ප්‍රධානියා පැමිණෙන තෙක් වෙළඳපොල බලා සිටින බවක් පෙනී යයි. ඒ අනුව, පසුගිය බ්‍රහස්පතින්දා, ඩ්‍රාගිගේ ප්‍රමානාත්මක ලිහිල් කිරීම පිලිබඳ ඔහුගේ තර්කනය වෙත ආයෝජකයින්ගේ ප්‍රතිචාරය සන්සුන් ස්වරුපයක් ගත්තේය. ලබන වසරේ මැද භාගය වන තුරු පොලි අනුපාත වර්ධනයක් අපේක්ෂා නොකරන බව දක්වමින් කල ප්‍රකාශයට යුරෝව දුර්වල වූයේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඊසීබී ප්‍රධානියාගේ පුවත්පත් සාකච්ඡාව මගින් යුරෝපීය මුදල සඳහා සහය වූ අතර, යුගලය 1.1300 ට ඉහලින් ඉහළ ගියේය. ඉන්පසුව 1.1250 මට්ටමට සුමට ආපසු හැරීමක් සිදුවිය. අනතුරුව, ජූනි 07 සිකුරාදා එක්සත් ජනපද ශ්‍රම වෙළඳපොළ දත්ත ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඉහල යාමක් පෙන්නුම් කළේය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. ජනාධිපති ට්‍රම්ප් යලිත් වරක් වෙළඳපොල සෙලවීමට පත් කළේය. මෙතෙක් කල් පැවතී චීනයේ ගැටලු පසෙක තැබූ ඔහු, මෙක්සිකෝවට සිය දෙඇස් යොමු කළේය. නීති විරෝධී සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා, රටවල් දෙකෙහි මායිම මත පවුරක් ගොඩනගා ගැනීමට අපොහොසත් වූ හෙයින්, මෙක්සිකෝවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ මත බදු වැඩිකිරීමට එක්සත් ජනපද ජනාධිපති තීරණය කර ඇත. ඒ අනුව, ජූලි මාසයේ දී බදු මුදල් 10% දක්වා ඉහළ නැංවෙනු ඇත. එමෙන්ම අගෝස්තු මාසයේදී 15% කින් ද සැප්තැම්බර් මාසයේදී 20% දක්වා ද ඔක්තෝබර් මාසයේදී 25% දක්වාද ඉහල යනු ඇත.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. මෙම යුගලයේ උච්චාවචනය අවම වීම පිළිබඳව පසුගිය මාසවලදී සෑම තැනකම මැසිවිලි නැගෙන්නට විය. බ්‍රහස්පතින්දා දිනයේ දෙවන භාගය වන තෙක්ම, පසුගිය සතියට ද එම තත්වය අදාල වූ අතර උපරිම උච්චාවචනය පොයින්ට් 45 ක් ඉක්මවුයේ නැත. යුගලය බොහෝ විට පොයින්ට් 25 ක පටු කලාපයක් තුල ගමන් කළේය. කෙසේ වෙතත් සතියේ සිදුවීම් ලෙස, එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධය උග්‍රවීම, යුරෝපීය පාර්ලිමේන්තුවේ එළබෙන මැතිවරණය පිලිබඳ ෆෙඩරල නායකත්වයේ ප්‍රකාශය මෙන්ම ජර්මනියේ සහ යුරෝ කලාපයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිලිබඳ අයහපත් දත්ත සතිය තුල කැපී පෙනෙන සිදුවීම් වූ අතර එමගින් ඩොලරය වෙත පැහැදිලි සහයක් ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ විද්වතුන් සඳහන් කල පරිදි (75%), වසර දෙකක අවම අගය සටහන් කරමින් යුගලය 1.1105 අගයට පැමිණියේය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. යුරෝපීය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මැතිවරණය මෙන්ම බ්‍රික්ස්ට් සමග ඇති තත්වයන් යුරෝපීය මුදල මත පීඩනය තවදුරටත් යෙදී ඇත. එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ ආතතීන් උත්සන්න වීම පවා යුරෝව වෙත සහාය නොදක්වයි. චීනයේ අසාර්ථකත්වය හේතුවෙන් යුරෝ කලාපයේ ගැටලු ස්වයංක්‍රීයව වර්ධනය වේ.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. පසුගිය දිනවල ප්‍රධාන ආර්ථික සිද්ධිය වූයේ එක්සත් ජනපද-චීන වෙළඳ සාකච්ඡා අසාර්ථකවීමයි. 10% සිට 25% දක්වා චීන භාණ්ඩ සඳහා තීරු බදු ඉහළ දැමීමට එක්සත් ජනපදය තීරණය කර ඇති අතර ඉන් පසුව චීන වෙළඳ අමාත්යාංශය නිවේදනය කරන පරිදි එමගින් එක්සත් ජනපදයට එරෙහිව ප්‍රතිචාර එල්ල කිරීමට බල කෙරෙනු ඇත. කෙසේවෙතත්, මෙම ප්‍රකාශයට පවා වෙළඳපළ ප්‍රතික්‍රියාශීලීව ප්‍රතික්‍රියා කළ නමුත්, සතියේ උච්චාවචනයන් පොයින්ට් 85 ක් ඉක්මවා නොතිබූ අතර 1.1250 ක ප්‍රතිරෝධය බිඳ හෙලීමට අසමත් විය
මෙම වසරේ මාර්තු 29 වනදා අන්තර්ජාතික නිරාකරණය සඳහා නව නීති ක්‍රියාත්මක කිරීමේ අවසාන අදියර ආරම්භ කිරීම සඳහා බැංකු පටන් ගත්හ. සමහර විශාරදයින් විශ්වාස කරන්නේ රන් හි වටිනාකම ආපසු ලබා ගැනීම සඳහා ඩොලරයේ පරම බලය අවසන් කළ යුතු බවයි. ඔවුන්ගේ අනාවැකියට අනුව, එක්සත් ජනපද මුදල් දෙසැම්බර් වන විට 40% කින් පහත වැටෙනු ඇති අතර, ලබන වසරේ ආරම්භයේ දී එහි වටිනාකම අහිමි වනු ඇත.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. පූර්වයෙන් අනාවැකි පල කර ඇති ආකාරයට, යුරෝව මාස හතරේ පහළ බැසීමේ කලාපයේ සීමාවන් කරා ආපසු ගොස් තිබේ. විශේෂඥයින්ගෙන් 70% ක් සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින්ද එවැනි තත්වයක් පෙන්නුම් කල අතර යුරෝපීය මුදල 2019 අවම අගයන් සඳහන් 1.1175-1.1185 කලාපය දක්වා පහත වැටෙනු ඇතැයි පැවසිණි. එක්සත් ජනපදයේ දැඩි ආර්ථික සංඛ්‍යාලේඛන නිසා සමස්ත සතිය පුරා යුරෝව පහත බැස යමින් තිබිණි. මෙම යුගලය බලාපොරොත්තු වූ අගයන්ද ඉක්මවා ගිය අතර, අප්‍රේල් 26 වන සිකුරාදා දින මැද භාගය වන විට එය 1.1110 දක්වා පහත වැටී ඇත.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. බොහෝ විද්වතුන් (65%) අපේක්ෂා කළේ යුගලය පහත වැටෙනු ඇති බවයි. මෙම අනාවැකියට සහය ලබා දෙමින් ඔස්කිලේටර් තුනෙන් එකක් සංඥා කලේ යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවයි. ඒ අනුව පසුගිය සතියේ යුගලයේ උච්චාවචනය පොයින්ට් 100 ක් පමණ වූ අතර අවම අගය 1.1225 විය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. බොහෝ වෙළඳුන් වෙළඳපොලේ අඩු විචල්‍යතාවය පිලිබඳ පැමිණිලි කරති. එහෙත් පසුගිය 10 වන බදාදා යුරෝපීය මහ බැංකුවේ රැස්වීමෙන් පසුව මාරියෝ ඩ්‍රාගීගේ ප්‍රකාශය නිසා පසුගිය සතිය තුල යුරෝවට ඩොලරය වෙතින් පොයින්ට් 100 ක් ආපසු දිනා ගැනීමට හැකි වූ අතර 1.1300 ක ඉතා ශක්තිමත් ආධාරක /ප්‍රතිරෝධී අගයකට ලඟා විය. බ්‍රික්ස්ට් හි ප්‍රමාදය මේ සඳහා බොහෝ විට හේතුව විය හැකිය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. විශ්ලේෂකයින්ගේ අති විශාල බහුතරයක් (75%), ප්‍රවණතා දර්ශක 100% සහ 90% ක් වන ඔස්කිලේටර්, යුගලය 1.1200 මට්ටම බිද හෙලුනහොත් එය තවදුරටත් පහළ යාමට හැකි වනු ඇති බව පසුගිය සතියේ දී පැවසීය. ආසන්නතම ඉලක්කය 2018-19 දක්වා අවම අගය වූ සහ මාර්තු මස 7 වනදා වාර්තා වූ 1.1175 අගය ලෙස පැවසීය. ඒ සමගම දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සඳහන් කල පරිදි යුගලයට මෙම ආධාරක අගය ජය ගැනීමට නොහැකි වන අතර 1.1340 දක්වා ගමන් කරනු ඇත යනුවෙන් පැවසීය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. දළ දේශීය නිෂ්පාදිතයේ අඩුවීම තිබියදීත්, මේ සතියේ එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වූ බවක් පෙනෙන්නට තිබේ. එය එක්සත් ජනපද ජනාධිපති නිසා හෝ ෆෙඩරලය නිසා නොව, මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඇති වී ඇති ගැටලුවේ එකඟතාවයකට පත්වීමට නොහැකිවීම හේතුවෙන් විය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. ෆෙඩරල් මහ බැංකුව සියයට 2.5% ක පොලී අනුපාත වෙනස් නොකළ අතර මේ වසරේ එය තවදුරටත් ඉහළ දමන්නේ නැත. එක්සත් ජනපදයේ දදේනි හා උද්ධමනය සඳහා සිය අනාවැකින් මගින් අවම කල අතර 2019-2021 සඳහා විරැකියාව පිලිබඳ අනාවැකිය මගින් ඉහල දැමීය.
පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. සමස්ත සතිය පුරා යුරෝපීය මුදල් ඒකකය වර්ධනය වූ අතර එය යුරෝ ස්ටොක්ස් 600 දර්ශකය හේතුවෙන් පමනක් නොව ඊසීබී ප්‍රධානී මාරියෝ ඩ්‍රාගීගේ ප්‍රකාශ මෙන්ම, ඒ සියල්ලටත් වඩා, යුරෝපීය සංගමයෙන් ඉවත් වීම පිලිබඳ ආකල්පය ( සමහරවිට එසේ ඉවත් නොවනු ඇත) හේතු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 2018 ඔක්තෝබර් මස සිට ඇරඹි මධ්‍ය කාලීන 1.1215-1.1570 කලාපය නැවත වරක් තහවුරු වී ඇති අතර, එය මාර්තු මස 13 වන බදාදා 1.1338 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. මෙම සරත් ඍතුවේ දී පොලී අනුපාත වැඩි වීමක් අපේක්ෂා නොකල යුතු යැයි ඊසීබී නිවේදනය කිරීමෙන් පසු මාර්තු 7 වන බ්‍රහස්පතින්දා යුගලය පහත වැටුණි. මෙය අවම වශයෙන් 2020 දී සිදුවිය හැකි දෙයකි. මීට අමතරව, යුරෝපීය බැංකු අඩු පොලී අනුපාත යටතේ නැවත යුරෝපීය බැංකු ප්‍රති මූල්‍යකරණය කිරීම සඳහා යුරෝපීය නියාමකයා සැප්තැම්බර් මාසයේ LTRO (දිගු කාලීන ප්‍රති මූල්‍යකරණය) දියත් කිරීමට සැලසුම් කරයි. යුරෝපීය කලාපයේ දරිද්‍රතාව සඳහා දළ දේශීය නිෂ්පාදිතය හා උද්ධමනය සඳහා වන අනාවැකිය අඩු කිරීමක් ද, යුරෝ කලාපය සඳහා හිතකර නොවන චීනයේ විදේශ වෙලඳාම පිළිබඳ සංඛ්‍යා ලේඛන ද, යුරෝපීය මුදල් සඳහා කණගාටුදායක ලෙස බලපෑම් කර ඇත.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. සතියේ පළමු භාගයේ දී එක්සත් රාජධානිය යුරෝපීය සංඟමයෙන් ඉවත්වීම අවිනිශ්චිත ලෙස කල් දැමීම නිසා යුරෝව වර්ධනය වෙමින් තිබිණි. එමනිසා මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපයේ මැද රේඛාවට ඉහලින් යුගලය ඉහළට නැගිණි. කෙසේවෙතත්, පෙබරවාරි 28 වන දා එනම් ශීත ඍතුවේ අවසන් දිනයේ දී ඩොලරය සඳහා ධනාත්මකව වෙනස්වීමක් පෙන්නුම් කළේය. 2018 දී එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය අපේක්ෂා කල ප්‍රමාණයට වඩා වැඩි විය. චිකාගෝහි දර්ශකයෙහි ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඩොලරයට හිතකර විය. එහි ප්‍රතිඵලයක් ලෙස යුගලය පහත ගියේය. නමුත් පහතයාම ඉතා කෙටි විය. නමුත් 1.1300 මට්ටමට පැමිණීමට නොහැකි විය. මාර්තු 1 දා ISM ව්‍යාපාර ක්‍රියාකාරිත්ව දර්ශකය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යුගලය නැවත වරක් ඉහළ ගියේය. යුගලය දින පහක කාලය 1.1365 හි දී අවසන් කළේය
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. සතියකට, මාසයකට, මාස දෙකකට හෝ තුනකට පෙර පැවති ස්ථානයේම පසුගිය සතිය පුරා යුගලය රැඳී සිටියේය. දුර්ලභ කෙටි කාලපරිච්ඡේද හැරුණු විට, යුගලයේ මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපය තුල ගමන් කළේය. මෙම ප්‍රමාණය අන්ත ලක්ෂය දක්වා ව්‍යාප්ත කර ඇත්නම්, එය සුළු වශයෙන් පුළුල් වනු ඇත: 1.1215-1.1570.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. පසුගිය සතියේ මෙම යුගලයේ ගමන් මග පිළිබඳ නිශ්චිත මතයක් ඉදිරිපත් කිරීමට විශේෂඥයින්ට නොහැකි විය. බ්‍රික්ස්ට් සහ එක්සත් ජනපද-චීන සාකච්ඡාවල අපහදිලිතාවය ඊට හේතු විය. ඊට අමතරව, විශ්ලේෂකයෝ, ජර්මනියේ සහ යුරෝපීය සංගමයේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් වීමත්, එක්සත් ජනපදයේ උද්ධමනය හා සිල්ලර වෙළඳාම් දත්ත පිළිබඳවත් බලා සිටියහ. යුරෝපයේ 1.2% ක අපේක්ෂිත වර්ධනයක් සහ ජර්මනිය 0.2% කින් (-0.2% සිට 0.0% දක්වා) ඉහළ යෑමක් පෙන්නුම් කරන්නේ නම් එය ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳපොල වෙත ප්‍රබල අනතුරු හැඟවීමක් විය. සිල්ලර වෙළඳාම 1.2% කින් අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලරයේ දර්ශකය මාස දෙකක ඉහල යෑමේ උපරිම අගයෙන් ඈත් විය.
ඩොලරය, යුරෝපීය මුදල්වලට එරෙහිව වර්ධනය වීම නතර කර තිබේ. කෙසේ වෙතත්, සමස්ත දින පහේ සතියේ ප්‍රතිඵල සාරාංශගත කළහොත්, ජයග්‍රහණය තවමත් "ඇමෙරිකන් ඩොලරය" සමග රැඳී සිට ඇත: 1.1320 මට්ටමේ සිට සතිය ආරම්භ වූ අතර යුගල 1.1295 මට්ටමේ දී සතිය අවසන් කළේය.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
EUR/USD. විද්වතුන්ගෙන් 30% ක් පමණ අපේක්ෂා කලේ යුගලය 1.1300-1.1500 කලාපයේ පහළ සීමාව දක්වා පහත යන බවයි. මෙම යුගලය පොයින්ට් 130ක් අහිමි වෙමින් සතියේ අවම මට්ටම වූ 1.1320 මට්ටමට ලඟා විය.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
– EUR/USD. පොදුවේ, සතියේ කිසිදු පුදුමයක් නොතිබුණි. FOMC රැස්වීමේදී අනුපාතය ඉහළ නැංවීම කිසිවෙකු අපේක්ෂා නොකලේ ය. එහෙත් 2019 සැලසුම් සඳහා ෆෙඩරල් කළමණාකරණයේ අදහස් පිලිබඳව ආයෝජකයින් කනස්සල්ලට පත්ව සිටියේය. නිශ්චිත පොරොන්දු වෙනුවට නියාමකයා ප්‍රකාශ කළේ, තවදුරටත් අනුපාත ඉහල දැමීමට තීරණය කිරීම ගෝලීය ආර්ථික සාධක පිළිබඳ සැලකිල්ලට ගෙන කටයුතු කලයුතු බව හා අතිශයින් සමබර විය යුතු බවය. මේ අනුව, අස්ථාවරත්වය, ඩොලරයේ තියුනු විකුනා දැමීමකට හේතු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යුගලය මධ්‍ය නාලිකාවේ ඉහළ සීමාව දක්වා ඉහළ ගියේය, 1.1300-1.1500. කෙසේ වෙතත්, එම තත්ත්වය පසුව සන්සුන් විය. පසුව යුගලය දකුණු දෙසට හැරී ගියේය.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
– EUR/USD. ජනවාරි මස 24 වන බ්‍රහස්පතින්දා ඊසීබී ප්‍රධානී මාරියෝ ඩ්‍රාගිගේ කතාවෙන් පසු යුගලය 1.1300-1.1500 කලාපයේ පහල සිමාව වෙතට ගමන් කළේය. කෙසේවෙතත් පහතයාම කෙටි කාලීන විය: 1.1289 මට්ටමට පැමිණීමෙන් පසුව, යුගලය සිකුරාදා සවස් වන විට 1.1400 ට එනම් කලාපයේ මධ්‍ය අගය දක්වා ඉහල නැගීය. ඩ්‍රාගි විශේෂ යමක් සඳහන් නොකළේය. නව QE දැන් පවත්වා ගෙන යාමට කිසිදු අදහසක් නොමැති බව ඊසීබී ප්රධානියා පැවසීය. ඒ සමග ම, යුරෝව මත පොලී අනුපාතයේ පළමු ඉහල නැඟීම සඳහා ගතවන කාලසීමාව නොවෙනස්ව පවතිනු ඇත.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
– EUR/USD. එක් අනුමානයකට අනුව යුගලය මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපය කරා ආපසු යන අතර එහි මධ්‍ය අගය ප්‍රධාන ඉලක්කය ලෙස හැඳින්වීය. යුගලය ශක්තිමත් වන අනුමානය එය විය. ජනවාරි 15 වන අඟහරුවාදා උදේ එය 1.1400 සීමාව කරා ළඟා වූ අතර පසුව සති අන්තය දක්වා එම අගය තුල තරමක් පටු සීමාවක් තුළ උච්චාවචනය විය. ඒ සමගම, යුගලය යම් පීඩනයකට ලක් විය. එමගින් පහතයාම සඳහා අවස්ථාවක් හිමි වූ අතර සතියේ දින පහ අවසාන වන විට යුගලය 1.1360 දක්වා පහත බසින ලදී.
පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:
– EUR/USD. ජනවාරි 9 වන බදාදා, නැවත නැවතත් උත්සහ කිරීමෙන් පසු, 2018 නොවැම්බර් මාසයේ සිට ආරම්භ වූ මධ්‍ය කාලීන කලාපයේ ඉහළ සීමාව බිඳ දැමීමට මෙම යුගලය සමත් විය. 1.1500 ක ප්‍රතිරෝධය ජයගැනීමෙන් අනතුරුව එය 1.1570 ක උසකින් ඉහළ ගොස් ඇති අතර පසුව දිශාවේ හැරවුමත් සමග නැවතත් ඉහත සඳහන් කලාපය තුල යුගලය පැවති අතර 1.1470 හි දී සතිය අවසන් කළේය.