NordFX තැරැව්කරු 2021 වර්ෂයේ වඩාත් විනිවිදභාවයෙන් යුතු තැරැව්කරු වේ

අගෝස්තු මැද භාගයේදී NordFX තැරැව්කාර සමාගමට මේ වසරේදී එහි පළමු සම්මානය හිමි විය. එක් ප්‍රධාන මූල්‍ය ද්වාරයක් සහ ව්‍යාපාර සම්මාන සංවිධානයක් වන ලෝක ෆොරෙක්ස් සම්මාන (WFA) ප්‍රවීණයන් විසින් NordFX 2021 වර්ෂයේ වඩාත් විනිවිදභාවයෙන් යුතු තැරැව්කරු ලෙස නම් කරන ලදි.

 

මෙම සම්මානය මූලික වශයෙන් වැදගත් වන්නේ, විනිවිදභාවය ඉතා වැදගත් සාධකයක් වන බැවින් සහ මූල්‍ය කාර්ය සාධනය, තාක්‍ෂණය, අවදානම යනාදිය වෙළෙඳුන්ට, ආයෝජකයින්ට සහ හවුල්කරුවන්ට සමාගමක විශ්වසනීයත්වය තක්සේරු කිරීමට ඉඩ සලසන බැවිනි.

මෙම සම්මානය ප්‍රධානය කිරීමට පෙර, WFA විශේෂඥයින් විසින්, සමාගම පාර්ශවකරුවන්ට ලබා දෙන තොරතුරු විවෘතද, සම්පූර්ණද, කාලෝචිතද, සහ නිවැරදි තීරණ ගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස තේරුම් ගත හැකි වන පරිදි පළ කර ඇත් ද යන්න තක්සේරු කළහ. NordFX ආයතනයට වසර 13 ක් වන තම ඉතිහාසයේ දී මූල්‍ය වෙලඳ පොලවල් හි නියාමනය කිරීමේ ආයතන වලින් කිසිඳු ගැටළුවක් ඇති වී නොතිබීම සහ සේවාදායකයින් සමඟ සමහර අවස්ථාවන් හි මතුවූ මතභේදාත්මක ගැටලු විවෘතව විසඳා ගැනීම සහ අවශ්‍ය නම් ස්වාධීන විශේෂඥයින්ගේ සහභාගීත්වය ලබා ගැනීම ආදිය මෙහිලා වැදගත් කරුණක් විය.

NordFX ව්‍යාපාර ප්‍රතිපත්තිය විනිවිදභාවයේ ප්‍රධාන අංශ තුනම කෙරෙහි අවධානය යොමු කරන බව සැලකිල්ලට ගත යුතුය: විවෘතභාවය, පැහැදිලිකම සහ තොරතුරු වල නිරවද්‍යතාවය එකී ප්‍රධාන අංශ ත්‍රිත්වයයි. සේවාලාභියාගේ සහ හවුල්කරුගේ සබඳතා පාලනය කරන ලියකියවිලි වලට මෙන්ම ඇණවුම් ක්‍රියාත්මක කිරීමේ වේගය, ගනුදෙනු කිරීමේදී සහ අරමුදල් තැන්පත් කිරීමේදී/ආපසු ගැනීමේදී කොමිස් අය කිරීම ඇතුළු වෙළඳ කොන්දේසි විස්තර කිරීමටද මෙය අදාළ වේ.

NordFX විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රවර්ධන වැඩසටහන් ද මෙහිලා වැදගත් වේ. එහි නවතම උදාහරණය නම් සුපිරි ලොතරැයිය වන අතර, එමගින් මේ වසරේදී USD 100,000 ක් වෙළෙඳුන් අතරට ගෙන යන ලදි. මෙම ලොතරැයියට සමාගමේ ඕනෑම සේවාලාභීයෙකුට සහභාගී විය හැකි අතර එමඟින් ලොතරැයි ටිකට්පතෙහි අදලත්වයේ නිවැරදි භාවය සමාගමේ වෙබ් අඩවිය මඟින් එවලෙහිම පරීක්‍ෂා කළ හැකි අතර දිනුම් ඇදීම් මාර්‍ගගතව පැවැත්වේ. එමඟින් ඕනෑම අයෙකුට අන්තර්ජාලය හරහා ත්‍යාග දිනුම් ඇදීම් පිළිබඳව දැනුවත් විය හැකිය.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.