2020 දෙසැම්බර් ප්‍රතිපල: NordFX හි වඩාත්ම සාර්ථක වෙළෙන්දාගේ ලාභය $100,000 ඉක්මවයි

NordFX තැරැව්කාර සමාගම පසුගිය දෙසැම්බර් මාසයේ එනම් 2020 වසරේ අවසාන මාසයේ, සිය ගනුදෙනුකරුවන්ගේ වෙළඳ ගනුදෙනු වල කාර්යසාධනය පිළිබඳව සාරාංශ කොට ඇත.

දෙසැම්බරයේ වැඩිම ලාභය ලැබුනේ චීනයේ සේවාලාභියෙකු වන ගිණුම් අංක 1345xxx විසිනි. ඔහුගේ ලාභය 100,000 සන්ධිස්ථානය ඉක්මවා ගිය අතර එය ඇමරිකානු ඩොලර් 107.654 කි. මෙම ආකර්ෂණීය ප්‍රතිපලය ප්‍රධාන වශයෙන් EUR/USD, GBP/USD මුදල් යුගල සහ රත්‍රන් (XAU/USD) සමඟ ගනුදෙනු කිරීමෙන් ලබා ගන්නා ලදී.

දෙවන ස්ථානයේ සිටින්නේ ඉන්දියාවේ වෙළෙන්දෙකි (ගිණුම් අංකය 1518xxx), එහි ලාභය ඩොලර් 40,000කට ආසන්න අගයකි (USD 39,506). ඔහු බොහෝ යුගලයන් හි වෙළඳාම් කිරීමෙන් මෙම ලාභය ලබා ගන්නා ලද අතර මූලික වශයෙන් GBP/USD සහ GBP/JPY, මෙන්ම ක්‍රිප්ටෝ මුදල් වන එතීරියම් (ETH/USD) සමඟ ගනුදෙනු කර ඇත.

ඉහළම-3 හි තෙවන ස්ථානය තවත් චීන වෙළෙන්දෙකුට (ගිණුම අංක 1465xxx) අයත් වන අතර එහි ප්‍රතිපලය ඇමරිකානු ඩොලර් 38.409 ක් වෙයි. එමෙන්ම ඔහු බ්‍රිතාන්‍ය පවුම හා රත්‍රන්, GBP/USD සහ XAU/USD සමඟ ගනුදෙනු කළේය.

අනෙකුත් ආයෝජන සේවා:

  • CopyTrading හි දෙසැම්බරයේ දී, Mak jemah සංඥාව (උපරිම 37.12% ක පහත වැටීමක් සමඟ 111.06% ක වර්ධනයක් පෙන්නුම් කළේය) අවධානයට ලක් වූ අතර KennyFXPRO (මධ්‍යස්ත 6.65% ක පහත වැටීමක් සමඟ 27.61% ක වර්ධනයක් පෙන්නුම් කළේය) ද අවධානයට ලක් විය;
  • PAMM සේවාවේ දී, ප්‍රතිපල වඩා මධ්‍යස්ථ ය. මෙහි ප්‍රමුඛයා වූයේ Owl Midnight Scalper යන අන්වර්ථ නාමය සහිත කළමනාකරු වන අතර ඔහු මාසය තුළ 18.43% ක වර්ධනයක් පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, මෙහි ඇති පසුබෑම සැලකිය යුතු ලෙස අඩු වූ අතර එය 2.39% ක් පමණි, එය මධ්‍යස්ථ අවදානම් සහිත ස්ථාවර ආදායමක් ලබා ගැනීමට කැමති ආයෝජකයින්ට ආකර්ශනීය විය හැකිය.

IB හවුල්කරුවන් අතර, NordFX හොඳම-3 පහත පරිදි වේ:

  • විශාලතම කොමිස් මුදල වන USD 8425, ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු වන ගිණුම් අංක 1,483xxx විසින් උපයා ගන්නා ලදි;
  • මීළඟට ඉන්දියාවේ හවුල්කරුවෙකු වන අතර, ගිණුම් අංකය 1491xxx වන ඔහුට USD 5,991 ක් ලැබුණි;
  • අවසාන වශයෙන්, 2020 දෙසැම්බරයේ හොඳම තිදෙනා අතරට තවත් ඉන්දියානු හවුල්කරුවෙකු වන අංක 1328ххх ඇතුලත් වේ. ඔහුට USD 5,704 ක් ලැබුණි.


Notice: These materials are not investment recommendations or guidelines for working in financial markets and are intended for informational purposes only. Trading in financial markets is risky and can result in a complete loss of deposited funds.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.