NordFX වෘත්තීය ත්‍යාග සහ සම්මාන 50 දක්වා ළඟා වේ

2019 අවසානයේ දී NordFX වෙත තවත් වෘත්තීය සම්මාන තුනක් හිමි විය. මෙයත් සමඟින් දැන් අප සමාගමට, ලෝකයේ වඩාත්ම නම් කරන ලද තැරැව්කරුවන්ගෙන් එකක් යැයි හැඳින්විය හැකිය. 2008 වසරේ සිට මේ දක්වා ලැබී ඇති ගෞරවනීය ත්‍යාග සහ සම්මාන ගණන 50 දක්වා ළඟා වී තිබේ.

 

IAFT සම්මාන උළෙලේ වාර්ෂික ඡන්ද විමසීමේ ප්‍රතිපල වලට අනුව, NordFX අඛණ්ඩව දෙවන වරටත් ආසියාවේ හොඳම තැරැව්කරු ලෙස සම්මාන ලැබීය. එහිදී මූල්‍ය වෙළඳපොලේ සිය සගයන් විශාල ප්‍රමාණයක්, විශාල පරතරයකින් පරාජය කරන ලදී.

අන්තර්ජාතික ෆොරෙක්ස් වෙළෙඳුන්ගේ සංගමය විසින් IAFT සම්මාන උළෙල සංවිධානය කරනු ලබන අතර එයට විවිධ රටවල වෙළෙඳුන් 200,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත් වේ. එක් එක් තැරැව්කරුවකුගේ ක්‍රියාකාරකම් තක්සේරු කිරීමට ඉඩ සලසු අතර සෑම කෙනෙකුටම සම්මාන වෙබ් අඩවියේ ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව උදා විය.

MasterForex-V ඇකඩමියේ වෙළඳ ප්‍රජාවද සමාගම කෙරෙහි විශ්වාසය හා පිළිගැනීම ප්‍රකාශ කළ අතර NordFX වෙත “වෙළඳුන්ගේ තේරීම - ලෝකයේ හොඳම තැරැව්කරු” යන කිරුල ලබා දුන්නේය. ජූරි සභාවේ සභාපති "2019 දී, MasterForex-V වෙළෙඳුන්ගේ නව සැබෑ වෙළඳ ගිණුම් වලින් 52% ක් සහ pro-rebate.com හි 46% ක් NordFX සමඟ විවෘත කරන ලද අතර එමගින් මෙම තැරැව්කරුගේ වාසි යළිත් වරක් සනාථ කර තිබේ." යනුවෙන් පැවසුවේය

සමාගම MasterForex-V ඇකඩමියේ ප්‍රධාන කාණ්ඩය යටතේ 2019 දී “ලොව හොඳම තැරැව්කරු” ලෙස සම්මාන හිමි කර ගත් අතර තැරැව්කරුවන්ගේ ක්‍රියාකාරකම් ඇගයීම සඳහා ස්වාධීන නිර්ණායක 22 ක් මත සිය තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් සිටියේය.

"පුදුම සහගත කරුණක් නම්, ආධුනිකයින් සහ පළපුරුදු වෙළෙඳුන් සඳහා පුළුල් පරාසයක මූල්‍ය උපකරණ, උසස් තත්ත්වයේ ගනුදෙනු සහ විශ්වාසනීයත්වය සහිත සියලු වර්ගවල ගිණුම්වල විශිෂ්ට වෙළඳ තත්වයන් සහ සේවාදායකයින් සමඟ විශ්වසනීය ව්‍යාපාරික සබඳතා නිර්මාණය කිරීමට NordFΧ සමත් වී ඇති බවයි.” වෝරන් සඳහන් කරයි

පසුගිය වසරේදී NordFX "හොඳම ක්‍රිප්ටෝ තැරැව්කරු" ලෙස Fxdailyinfo විසින් නම් කරන ලද අතර සයිගොන් මූල්‍ය අධ්‍යාපන සමුළුවේදී එයට "විශිෂ්ට අනුබද්ධ වැඩසටහන" සඳහා සම්මානය හිමි විය. එහි ද්විත්ව-මට්ටමේ අනුබද්ධ වැඩසටහන සඳහා දැනටමත්, විවිධ රටවලින් පැමිණි 25,000 කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය වී තිබේ.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.