ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් NordFX ට හිමිවෙයි

හැට්ට්‍රික් යනු ක්‍රීඩාව තුල තෙවරක් ජයග්‍රාහණ ලබා ගැනීමයි. ඒ අනුව ක්‍රීඩා ශබ්ද මාලාව භාවිතා කරමින් පසුගිය වසරේ ප්‍රතිඵල අනුව ෆොරෙක්ස් සම්මාන ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළලේදී සම්මාන තුනකට හිමිකම් කියන NordFX සමාගමේ සාර්ථකත්වය "හැට්ට්‍රික්" ලෙස හැඳින්විය හැකිය:

  • හොඳම සමාජ වෙළෙඳ ජාලය - 2018,
  • හොඳම අනුබද්ධ වැඩසටහන - 2018,
  • ආසියාවේ හොඳම ෆොරෙක්ස් තැරව්කරු - 2018.

මෙම ෆොරෙක්ස් සම්මාන උළෙලේදී, 2010 වසරේ සිට වසර නවයක් පුරා වඩාත් කැපී පෙනෙන තීරනයන් සහ නවෝත්පාදනයන් ඇතුලත් විශේෂ නාමයන් 30 ක් යටතේ ෆොරෙක්ස් කර්මාන්තයේ විශිෂ්ටතමයන් ඇගයීමට ලක් කරයි. සම්මාන ප්‍රදාන කමිටුව ඉහළම තත්ත්වයේ ලෝක මට්ටමේ තැරැව්කාර සේවා සැපයුම්කරුවන්ට මූල්‍ය ප්‍රජාවගේ අවධානය යොමු කරන අතර එමගින් උසස් කර්මාන්ත ප්‍රමිතීන් හා විනිවිදභාවය සඳහා දායකත්වය සපයයි.

මෙවර, ප්‍රවීණයන් විසින් NordFX හි සාර්ථකත්වය විශේෂයෙන් සඳහන් කර ඇති අතර අවදානම පාලනය කල හැකි RAMM වෙළඳ සහ ආයෝජන වේදිකාවක් හඳුන්වා දීම, ද්විත්ව අනුබද්ධ වැඩසටහනේ වැඩිදියුණු කිරීම් සහ ආසියානු කලාපය තුල එහි සේවාවන් ප්‍රවර්ධනය කිරීමට දරන ප්‍රයත්නයන් පිළිබඳව ප්‍රධාන වශයෙන් සඳහන් කර ඇත.

වෘත්තීය ප්‍රජාව විසින් නොසලකා හැරිය නොහැකි වූ NordFX හි ක්‍රියාකාරිත්වයේ වඩාත්ම ඵලදායීතම වසර පසුගිය වසර විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ දී සමාගමට, ගෝලීය සන්නාම සම්මාන උළෙල, ජාත්‍යන්තර ව්‍යාපාර සඟරා සම්මාන උළෙල, Fxdailyinfo, මාස්ටර්ෆොරෙක්ස්-V ඇකඩමිය සහ ෆොරෙක්ස් වෙළෙන්දන්ගේ ජාත්‍යන්තර සංගමය IAFT ආදී වූ සම්මාන උළෙලවල් ගණනාවකදී සම්මාන රාශියක් හිමි විය.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.