හවුල්කරුවන් සඳහා නව ලාභදායී නියමයන්

හිතවත් හවුල්කරුවනි! අනුබද්ධ වැඩසටහනෙහි, Fix, Pro සහ Zero ගිණුම් සඳහා කොන්දේසි වල නවීකරණය කරන ලද කොන්දේසි අපි මෙසේ හඳුන්වා දෙමු. නව ගිණුම්, මීට පෙර පැවති ගිණුම් හි යහපත් ලක්ෂණ සියල්ලම ඒකාබද්ධ කර හඳුන්වා දී ඇත.

  • නව Fix ගිණුම "මයික්‍රෝ" සහ "1:1000" ඒකාබද්ධ කර ඇත. මෙහි ස්ප්‍රෙඩ් අගය අඩු වන අතර නව මුදල් යුගල මෙන්ම ලෝහ ද වෙළදාම් සඳහා එකතු කර ඇත. Fix ගිණුමේ අනුබද්ධ කොමිස් ස්ථාවර පිප් 1 බවට පත් වේ, එයින් අදහස් කරන්නේ EURUSD සඳහා ලොට් එකකට $10 ක් ලෙසිනි. (එය මීට පෙර ලොට් එකකට $8 විය).
  • Pro ගිණුම "ස්ටෑන්ඩඩ්" සහ "ක්‍රිප්ටෝ" යන ගිණුම් එකතු කර හඳුන්වා දී ඇත. ස්ප්‍රෙඩ් අගය අඩු වී ඇත. ක්‍රිප්ටෝ මුදල් වෙළදාම සඳහා එකතු කර ඇත. Pro ගිණුම් වලින් අනුබද්ධිත කොමිස් දැන් මුදල් යුගලයට ස්ථාවර පොයින්ට් 0.5 ක් ලබා දෙයි, එනම් EURUSD සඳහා ලොට් එකකට $5ක් ලබා දෙයි.(එය මීට පෙර ලොට් එකකට $3.5 විය). ලෝහ සඳහා අනුබද්ධ කොමිස්  ලොට් එකකට $5ක් වේ. (මීට පෙර ලොට් එකකට $4 විය). ක්‍රිප්ටෝ මුදල් සඳහා අනුබද්ධ කොමිස්, BTCUSD සඳහා ලොට් එකකට $5 බැගින් වන අතර, LTCUSD සඳහා ලොට් එකකට $0.1 කි, ETHUSD සඳහා ලොට් එකකට $0.5 වේ.
  • Zero ගිණුම MT-ECN සඳහා ආදේශ කර ඇත - නව ස්ප්‍රෙඩ් අගය 0 සිට වේ, වෙළඳ කොමිස් මුදල් අඩු වේ. Zero ගිණුම් වෙතින් අනුබද්ධ කොමිස් සාමාන්‍ය මුදල් යුගල සඳහා ස්ථාවර පොයින්ට් 0,4 වේ. ලෝහ සඳහා ලොට් එකකට $4ක් වේ. ක්‍රිප්ටෝ මුදල් සඳහා අනුබද්ධ කොමිස් ලොට් එකකට, BTCUSD සඳහා $5, LTCUSD සඳහා $0.1 ක්, ETHUSD සඳහා $0.5 කි.

ද්විත්ව මට්ටම් අනුබද්ධ වැඩසටහන තවදුරටත් එලෙසම වෙනසක් නොමැතිව පවත්වාගෙන යනු ලැබේ. එනම් ඔබ විසින් හඳුන්වා දුන් ගනුදෙනුකරුවන් NordFX හවුල්කරුවන් බවට පත් වුවහොත්, ඔබට ඔවුන්ගේ ලාභයෙන් 10% ක් ලැබේ.

එසේම, පෙර මෙන්ම කොමිස් මුදල් ස්වයංක්‍රීයව ගිණුමට බැර කරන අතර, ඕනෑම අවස්ථාවක දී කිසිඳු සීමාවකින් තොරව කොමිස් මුදල් ගිණුමෙන් ආපසු ලබා ගත හැකිය.

වත්මන් NordFX හවුල්කරුවන්ට, පැරණි වෙළඳ ගිණුම් ස්වයංක්‍රීයව පරිවර්තනය වූ අයුරින්ම නව කොන්දේසි වලට මාරුවීම ස්වයංක්‍රීයව සිදු කරනු ඇත.

ඔබේ ගනුදෙනුකරුවන්, මෙම වෙළඳාම් කොන්දේසි හි සැලකිය යුතු වර්ධනය අගය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම ඔබ NordFX අනුබද්ධ වැඩසටහනට සහභාගී වීමෙන් ඔබේ ආදායම සැලකිය යුතු ලෙස වැඩි වනු ඇත!

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.