NordFX සමඟ හවුල්කාරීත්වයෙන් දැන් පෙරටත් වඩා ලාභ ඉපයිය හැකිය

හිතවත් හවුල්කරුවනි! ද්විත්ව-මට්ටම් අනුබද්ධ වැඩසටහන 2017-08-08 දින සිට ක්‍රියාත්මක වන බව අපි ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු. එය ඔබේ ලාභය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට උපකාරී වනු ඇත.

මෙතෙක් කලක්  ඔබ කොමිස් මුදල් ලබා ගනු ලැබුවේ ඔබ විසින් හඳුන්වා දුන් ගනුදෙනුකරුවන්ගේ වෙළඳාමෙන් පමණි. මෙතැන් සිට, එම ගනුදෙනුකරුවන් NordFX හවුල්කරුවන් බවට පත් වුවහොත්, ඔබට ඔවුන්ගේ ලාභයෙන් 10% ක් ද ලබා දෙනු ඇත.

මේ අනුව, ඔබට ලැබෙන ආදායම ක්‍රම දෙකකින් යුක්ත වේ: ඔබ හඳුන්වාදුන් ගනුදෙනුකරුවන්ගේ වෙළදාම් වලින් (පළමු මට්ටම) සහ ඔබ හඳුන්වාදුන් ගනුදෙනුකරුවන්, හඳුන්වාදෙනු ලබන ගනුදෙන්කරුවන්ගේ වෙළදාම් වලින් (දෙවන මට්ටම).

දෙවන මට්ටමේ මෙන්ම, පළමු මට්ටමේ හවුල්කරුවන්ට කොමිස් මුදල් පූර්ණ වශයෙන් ලැබෙනු ඇත. අතිරේක 10% ක ප්‍රතිලාභය ඔබට NordFX ආයතනයේම මුදල් වලින් ඔබට ගෙවනු ලැබේ.

ද්විත්ව-මට්ටම් අනුබද්ධ වැඩසටහන, සෑම වර්තමාන සහ නව හවුල්කරුවන් සඳහා 2017-08-08 දින සිට ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වේ. ඒ සඳහා ඔබට කිසිදු අමතර ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය නොවේ.

දෙවැනි මට්ටමේ හවුල්කරු කොමිස් මුදල් දිනකට වරක් බැර කරනු ලැබේ. විස්තරාත්මක සංඛ්‍යා ලේඛන පෞද්ගලික කැබිනෙට්ටුවේ සාමාන්‍ය පරිදි පරික්ෂා කළ හැකිය.

ඔබ, ඔබේම හවුල්කරුවන් ජාලයන් වර්ධනය කිරීමට පටන් ගන්නා විට, අපගේ ද්විත්ව මට්ටමේ අනුබද්ධ වැඩසටහනේ ප්‍රතිලාභ ඔබ විසින්ම අගය කරනු ඇති බව අපගේ විශ්වාසයයි. එමගින් ඔබේ ආදායම තවත් ස්ථාවර වනු ඇත.

ඔබට මේ පිළිබඳ කිසියම් ගැටළුවක්  තිබේ නම්, කරුණාකර ib@nordfx.com වෙත ඒවා යොමු කරන්න. අපි ඔබට උදව් කිරීමට කැමැත්තෙමු.

ආපසු යන්න ආපසු යන්න
Receive training image
පුහුණුව ලබාගන්න

අලුත් වෙළඳපොළට ද? "ආරම්භ කිරීම" කොටස භාවිතා කරන්න.

පුහුණු කිරීම ආරම්භ කරන්න
මෙම වෙබ් අඩවිය කුකීස් භාවිතා කරයි. අපගේ කුකීස් ප්‍රතිපත්තිය පිළිබඳ වැඩි විස්තර දැන ගන්න.