2021 May 3

NordFX විසින් අප්‍රේල් ප්‍රතිපල සාරාංශගත කරයි: වඩාත්ම සාර්ථක වෙළඳුන් සහ IB-හවුල්කරුවන් අතර හොඳම 31 

NordFX තැරැව්කාර සමාගම 2021 අපේ‍්‍රල් මාසයේ දී සිය ගනුදෙනුකරුවන්ගේ වෙළඳ ගනුදෙනු වල කාර්ය සාධනය සාරාංශ කොට ඇත. සමාජ වෙළඳාම, PAMM සහ CopyTrading හි සේවාවන් මෙන්ම සමාගමේ IB හවුල්කරුවන්ට ලැබෙන ලාභය ද තක්සේරු කර ඇත.

අපේ‍්‍රල් මාසයේ උපරිම ලාභය ලැබුනේ මැලේසියාවේ සේවාදායකයකු වන අංක 1208XXX ගිණුමෙනි. එහි ලාභය ඇමරිකානු ඩොලර් 20,590 කි. පසුගිය මාසවලදී, ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම් කරන විට, NordFX වෙළෙන්දෝ ප්‍රධාන වශයෙන් බිට්කොයින් ගනුදෙනු වලින් ලාභ ලැබූ අතර, දැන් බිට්කොයින් SV. එය කොයිනයක් වන බිට්කොයින් කෑෂ් හි ප්‍රතිපලයක් ලෙස මෙම ව්‍යාපාරයට අවතීර්ණ වී තිබේ. BSV/USD යුගලයට අමතරව, Dash (DSH/USD) සමඟ ගනුදෙනු කිරීම ද ඉහත සඳහන් කල මැලේසියානු වෙළෙන්දාට මෙම ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට උපකාරී විය. ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල සමඟ ගනුදෙනු වලට වඩා අනෙකුත් සමහර ක්‍රිප්ටෝ මුදල් සමඟ ගනුදෙනු වඩා ලාභදායී වූ විට මෙලෙස මෑත සතිවල දී ප්‍රවණතාවය වෙනස් විය.

මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය තායිලන්තයේ වෙළෙන්දෙකු විසින් ලබාගෙන ඇති අතර, ගිණුම් අංක 2009XXX වේ. එය එම වෙළෙන්දා CAD/JPY සහ EUR/GBP වෙළදාමෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් 18,788 ක ප්‍රතිපලයකි.

පසුගිය මාසයේ ප්‍රතිපල අනුව තුන්වන ස්ථානයේ සිටින චීනයේ වෙළෙන්ඳෙකු වන අංක 1286XXX වෙළෙන්දා වේ. ඔහු ප්‍රධාන වශයෙන් කැනේඩියානු ඩොලරය සහ බ්‍රිතාන්‍ය පවුම වෙළඳාම් කළේය. ඔහුගේ ලාභය ඇමරිකානු ඩොලර් 16,523 ක් වූ අතර ප්‍රධාන වශයෙන් USD/CAD සහ GBP/USD මුදල් යුගල මත වෙළදාම් කළේය.

අක්‍රීය ආයෝජන සේවාවන්හි ප්‍රමුඛයා වන්නේ CopyTrading වේ. එම සේවාවේ NVI Venture Capital සංඥාව අපේ‍්‍රල් මාසයේ අවසාන සතිය තුළ 193% ක ප්‍රතිලාභයක් පෙන්නුම් කළ අතර උපරිම අඩුවීම 41.5% කි. මෙම ප්‍රතිපලය සත්‍ය වශයෙන්ම ආකර්ෂණීය වේ. කෙසේ වෙතත්, මෙය තරමක් ආක්‍රමණශීලී වෙළඳ ශෛලියක් බැවින් අවදානම් කළමනාකරණය ගැන ග්‍රාහකයින් අමතක නොකළ යුතුය.

IB හවුල්කරුවන් අතර, NordFX හොඳම-3 පහත පරිදි වේ:

  • විශාලතම කොමිස් මුදල වන ඩොලර් 11,714 ක මුදල, ගිණුම් අංක 1483xxx දරන ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු විසින් උපයා ගන්නා ලදි,;
  • මීළඟට වියට්නාමයේ හවුල්කරුවෙකු වන අතර, ගිණුම් අංක 1401xxx, ඔහුට ඩොලර් 6,339 ක් ලැබුණි;
  • අවසාන වශයෙන්, ඉන්දියාවේ හවුල්කරුවෙකු වන අංක 1527xxx ගිණුමට ඩොලර් 5.762 ක් ලැබුණු අතර, ඒ අනුව, හොඳම හවුල්කරුවන් තිදෙනා සම්පුර්ණ විය.

අප්‍රේල් මාසයේ ප්‍රතිපල සාරාංශගත කිරීමෙන් වෙළඳුන්ට මුදල් උපයා ගැනීමට තවත් හොඳ අවස්ථාවක් ලැබී ඇති බව සිහිපත් කළ යුතුය. අපේ‍්‍රල් මාසයේදී ඩොලර් 100,000 ක සුපිරි ලොතරැයියක් ආරම්භ වූ අතර, එහිදී ඩොලර් 500, ඩොලර් 1,000, ඩොලර් 2500 බැගින් වූ මුදල් ත්‍යාග 100 ක් සහ ඩොලර් 20,000 ක සුපිරි ත්‍යාගයක් NordFX සේවාදායකයින්ට ලැබෙනු ඇත.

ලොතරැයියට සහභාගී වී මෙම ත්‍යාගවලින් එකක් හෝ කිහිපයක් දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගැනීම ඉතා පහසුය. සියලුම විස්තර NordFX වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

 

Notice: These materials are not investment recommendations or guidelines for working in financial markets and are intended for informational purposes only. Trading in financial markets is risky and can result in a complete loss of deposited funds.


« සමාගම් පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න