2020 March 13

බොහෝ වෙළඳුන් සහ ආයෝජකයින් ලෙවරේජ් යනු කුමක්ද සහ එයින් ලැබෙන ප්‍රතිලාභ සහ අවදානම් මොනවාද යන්න හොඳින් වටහාගෙන නැති බව පුහුණුවීම්වලින් පෙනී යයි. සත්‍ය වශයෙන්ම, මෙම ලෙවරේජ් යනු, වෙළෙන්දෙකු සඳහා වන අවස්ථා වැඩි කරන මෙවලමක් පමණි.

එසේනම් ලෙවරේජ් අගය පිළිබද අවබෝධයක් ලබා දීම සඳහා ඒ පිලිබඳ පැහැදිලි කරමු: ලෙවරේජ් යනු තැරැව්කරුවකු විසින් වෙළෙඳපොළේ ගනුදෙනු කිරීම සඳහා වෙළඳුන් වෙත ස්වයංක්‍රීයව සහ වෙනත් ඇපකරුවන්ගෙන් තොරව සපයන ණය ප්‍රමාණයයි. මේ අනුව, උපරිම ලෙවරේජ් අගය 1:1000 වේ. එනම්, ගිණුමේ ඩොලර් 100 ක් සහිතව, වෙළෙන්දෙකුට විදේශීය මුදල් හෝ වෙනත් මූල්‍ය උපකරණ මිලදී ගැනීම/විකිණීම සඳහා තමන්ගේම මුදල් වලට වඩා 1,000 ගුණයක්, එනම් ඩොලර් 100,000 ක් භාවිතා කල හැකිය.

1:1000 ලෙවරේජ් අගය: වෙළදාමේ නිදහස1 

වාසනාව ඇත්නම්, වෙළෙන්දාගේ ලාභය ලෙවරේජ් අගයට සමානුපාතිකව වැඩිවේ. එහෙත් අසාර්ථක වුවහොත් පාඩුව ද ඉහළ යනු ඇත. එමනිසා වෙළදුන්ගේ මතය දෙයාකාරයකට බෙදී ඇත. පළමු මතයට අනුව, ඉහළ ලෙවරේජ් අගයක් අනිවාර්යයෙන්ම තැන්පතු මුදල් හි පාඩුවකට තුඩු දෙනු ඇත. දෙවන මතයට අනුව එය ඉතා හොඳ වෙළඳ මෙවලමක් වන අතර බොහෝ විට වෙළඳ අවදානම් අඩු කරමින් තම ලාභය වැඩි කර ගැනීමට මග පාදයි. එපමණක් නොව, බොහෝ වෙළද අවස්ථාවන් ද ලබා දෙයි. ඒ අනුව ලෙවරේජ් යනු මිටියක් වැනි මෙවලමක් වේ. එය නිවැරදිව භාවිතා කළ හැකි අයට, සම්පූර්ණ නිවසක් ගොඩනඟා ගත හැකි අතර, කවුරුන් හෝ නොදන්නා අයෙකුට ඉතා ඉක්මනින් ඇඟිලි අහිමි වනු ඇත.

එයටත් වඩා පැහැදිලි කිරීමට, තවත් උදාහරණයක් ගෙන බලමු. ඔබේ මෝටර් රථය පැයට කිලෝ මීටර් 200 ක වේගයෙන් ගමන් කිරීමට හැකියාව ඇත. නමුත් එමගින්, ඔබ නිවසින් පිටත්ව යන සෑම අවස්ථාවකදීම මෝටර් රථය වහාම එම වේග සීමාවට පැමිණීම ඉන් අදහස් නොවේ. ඔබ ගමනේ බොහෝ දුරක් සාමාන්‍ය වේගයකින් ගමන් කරන නමුත් අවශ්‍ය වූ විට සහ අවශ්‍ය මොහොත පැමිණි විට එය වේගවත් කළ හැකිය.

ලෙවරේජ් අගයේ ප්‍රමාණය අවදානම කෙරෙහි බලනොපාන බව පැහැදිලිව තේරුම් ගත යුතුය. මෙම අවදානම, වෙළදාම විවෘත කරන විට වෙළඳුන් විසින්ම කළමනාකරණය කරනු ලැබේ!

මුදල් කළමනාකරණය පිළිබඳ සැලකීමේදී බොහෝ වෘත්තීය වෙළෙන්දෝ, වෙළදාමේ අවදානම, ඔවුන්ගේ තැන්පතුවලින් 5% ඉක්මවා නොයයි. මෙම ප්‍රකාශය මතභේදයට තුඩුදී ඇති අතර, එය වෙළෙන්දන් එකිනෙකා විසින් භාවිතා කරන ක්‍රමවේදයන් හා මූලෝපායන් මත රඳා පවතී. එහෙත් සැකයෙන් තොර පැහැදිලි දෙයක් නම්, කිසිඳු වෙළෙන්දෙක් 100% ක් තමාගේ ප්‍රාග්ධන මුදල් තනි ගනුදෙනුවකට පමණක් භාවිතා නොකරන බවයි. එසේ තනි ගනුදෙනුවකට සියලු ප්‍රාග්ධනය යෙදවීමෙන් ගිණුමේ මුදල් ඉක්මනින්ම අහිමි වනු ඇත.

එය පැහැදිලි කර ගැනීමට උදාහරණයක් ගෙන බලමු. (ප්‍රායෝගිකව ගණනය කිරීම් සිදු කරන විට තැරව්කරුගේ කොමිස් හා හුවමාරු අගයන්ද සලකා බැලීමද අවශ්‍ය වේ).


ඔබගේ තැන්පතුව ඩොලර් 100 ක් වන අතර, මුදල් කළමනාකරණය පිළිබඳ නිර්දේශ කර ඇති පරිදි, ඔබේ ප්‍රාග්ධනයෙන් 5%, එනම් ඩොලර් 5 සඳහා EUR/USD මත ගනුදෙනුවක් විවෘත කිරීමට ඔබ තීරණය කර ඇතැයි සිතන්න. එනම් $500ක්. ඔබ ලෙවරේජ් අගයක් භාවිතා නොකරන්නේ නම් යුරෝ 1 ක් සඳහා ඩොලර් 1.1 බැගින්, මෙම $500 සඳහා €455 ක් ඔබට මිලදී ගත හැකිය.

දවස අවසානයේදී, ඔබ වෙළඳාම වසා දමා ඔබගේ යුරෝ 455 නැවත ඩොලර් වලට වෙනස් කරයි. දිවා කාලයේදී පොයින්ට් 100 කින් එනම්,1.1100 ක් දක්වා යුගලය වර්ධනය වී ඇත්නම්, ඔබේ ලාභය ඩොලර් 5 ක් සහ ශත 5 ක් වනු ඇත. පොදුවේ ගත් කල, එය නරක නැත.

නමුත් 1: 1000 ලෙවරේජ් අගයකින් එම $ 500 මගින් €455 වෙනුවට €455,000 ක් මිලදී ගත හැකිය. ඔබේ ලාභය පිළිවෙලින් $ 5.05 ට නොව $5,050 කට සමාන වනු ඇත!


මෙය හුදෙක් හොඳ දෙයක් පමණක් නොව, පුදුම දනවන්නකි - ඔබ  $ 500 ක් පමණක් අවදානමට ලක් කර, එක් දිනක් තුළ උපයා ඇති මුදල දස ගුණයකි! එහෙත් එය ඔබට අවශ්‍ය වූ දිශාව වෙත මිල ගමන් කළහොත් පමණක් මෙය කළ හැකිය. දිශාව ඉහල යාමක් නොවී පහල යාමක් වුවේ නම් කුමක් සිදු වේ ද?

මෙහි දී විශාල ලෙවරේජ් අගයකට විරුද්ධ මතයක් දරන්නන් කැපී පෙනේ. ඔබ ලෙවරේජ් අගයකින් තොරව වෙළඳාම් කළහොත්, ඔබේ යුරෝ 500 අහිමි වීම සඳහා යුරෝ යුගලය 1.1000 සිට බිංදුව දක්වා පහත වැටිය යුතුය. නමුත් මෙම අවස්ථාවෙහිදී පවා, ඔබගේ ගිණුමේ ඩොලර් 9,500 ක් ඔබ සතුව ඇත. 1: 1000 ලෙවරේජ් අගයක් සමඟ, ඔබේ ඩොලර් 10,000 ක් හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වීමට මිල පොයින්ට් 200 කින් පහත වැටීම ප්‍රමාණවත් වේ.

එහෙත්! මූල්‍ය වෙලඳපොලවල උපාය මාර්ග සහ වෙළඳ උපක්‍රම පිළිබඳව දැනුම අවශ්‍ය වේ. ලෙවරේජ් මගින්, භාවිතා කළ හැකි අරමුදල් විශාල සංචිතයක් නිර්මාණය කිරීම සිදු කරන අතර ප්‍රවණතා ආපසු හැරවීමක් ගණනය කිරීමේදී පාඩු ලබන ස්ථානයක් ගොඩනඟා ගැනීමට පමණක් නොව, විවිධාකාරයෙන් අවදානම් විවිධාංගීකරණය කිරීමට ද තැරැව්කාර සමාගමක් වන NordFX සිය සේවාදායකයින්ට ඉඩ සලසයි. කොටස්, දර්ශක, මුදල් හා ක්‍රිප්ටෝ-මුදල් යුගල, බොරතෙල් හා වටිනා ලෝහ, PAMM ගිණුම්, සහ පිටපත් වෙළඳ සේවය මගින් වෙළෙන්දන්ගේ ගනුදෙනු ස්වයංක්‍රීයව පිටපත් කිරීම හෝ වෙළඳාම් කිරීම මෙන්ම වෙනත් වෙළඳ උපකරණවල හෙජිං ගනුදෙනු විවෘත කිරීම සහ රොබෝ උපදේශකයින් භාවිතා කිරීම දක්වා වූ විශාල සේවා ප්‍රමාණයක් මෙයට ඇතුළත් ය.

තවත් ඉතා වැදගත් අංගයක් වන්නේ ඔබ සතුව ඇති තැන්පතුවයි. ඉහත උදාහරණයේ දී අපි ඩොලර් 10,000 ක් භාවිතා කළෙමු. ඔබට ඇත්තේ ඩොලර් 100 ක් හෝ ඩොලර් 10 ක් පමණක් නම් කුමක් කළ යුතුද? NordFX තැරැව්කරු සමඟ ඇති Fix ගිණුමේ අවම තැන්පතු මුදල මෙයයි. එවිට ඔබට ලෙවරේජ් අගයක් භාවිතා නොකර විදේශ විනිමය වෙළඳාම් කළ හැකිද?

සත්‍ය වශයෙන්ම නැත!

ලොට් 1ක් $ 100,000 ට සමාන බව මතක තබා ගන්න. බොහෝ තැරැව්කරුවන්ගේ අවම ගනුදෙනු ප්‍රමාණය ලොට් 0.01 ක්, එනම් ඩොලර් 1000 කි. එනම්, ඩොලර් 10 ක තැන්පතුවක් සමඟ අවම වශයෙන් එක් වෙළඳාමක්වත් විවෘත කිරීමට ඔබට 1: 100 ලෙවරේජ් භාවිතා කිරීමට අවශ්‍ය වනු ඇත. මෙම තත්වයේදී හෙජින් අවදානම් ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. නමුත් 1: 1000 ලෙවරේජ් මඟින් විවිධ ගනුදෙනු 10 ක් දක්වා 0.01 ක පරිමාවක් සමඟ විවෘත කළ හැකි අතර, එවිට කෙනෙකුට වෙළඳ උපාය මාර්ගයක් සහ වෙළඳ අවදානම් ආරක්ෂා කිරීම ගැන කතා කිරීමට පටන් ගත හැකිය.   

දැන් අපි ඉහතින් සඳහන් කල දේ සාරාංශ ගත කරමු. ලෙවරේජ් අගයෙහි ප්‍රධාන වාසිය වන්නේ එමගින් වෙලදාම් සිදු කිරීමට ලබා දෙන මුල්‍යමය නිදහස වේ. ඒ අනුව:

විශාල ලෙවරේජ් අගයක් ලැබීම තුලින් වෙළදාමට විශාල මුදලක් ඔබ සතුව ඇත!

ඊට අමතරව:

  1. අවදානම සැලකිය යුතු ලෙස අඩු කරයි. කුඩා තැන්පතු සමග පවා ඔබේ ආයෝජනට විවිධ වෙළඳ මෙවලම් එකතු කළ හැකිය. එක් ගනුදෙනුවකින් පාඩු ලබන විට අනෙක් ගනුදෙනුවෙන් ලාභ ඉපයිය හැකිය.
  2. වෙළඳාම් ක්‍රමෝපායන් කිහිපයක් එකවිට භාවිතා කිරීමෙන් ලාභදායීතාවය සහ විවිධාංගකරණය වැඩි කර ගැනීමට ඔබට ඉඩ සලසයි.
  3. වෙළෙන්දාට එරෙහිව යුගලය ගමන් කිරීමේදී වෙළදාමේ පරිමාව වෙනස් කර සාර්ථකව වෙළදාම පාලනය කිරීමට අවස්ථාව සලසයි.

අවසානයේදී, නැවතත් අපි පහත කරුණු ත්‍රිත්වය මතක් කර දෙන්නෙමු:

  1. ලෙවරේජ් අගයේ ප්‍රමාණය අවදානම් මට්ටමට බලපාන්නේ නැත!
  2. වෙළෙද අවදානම, වෙළදාම විවෘත කරන විට වෙළඳුන් විසින්ම කළමනාකරණය කරනු ලැබේ.
  3. ලෙවරේජ් අගය යනු මෙවලමක් පමණක් වන අතර එය වෙළෙන්දාට වාසි හෝ අවාසි බව රඳා පවතින්නේ වෙළෙන්දාගේ දැනුම හා කුසලතා මත පමණි.


« වැදගත් ලිපි
අපිව අනුගමනය කරන්න