2019 June 22

නිවාඩු සමයේ උච්චතම අවස්ථාවට ළඟා වෙමින් පවතින අතර, එය සාමාන්‍යයෙන් මූල්‍ය වෙලඳපොලවල් ඇතුළු ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩුවීමට හේතු වේ. එක් අතකින්, දැනටමත් අඩු මට්ටමක පවතින ප්‍රධාන මුදල් යුගලයන් හි උච්චාවචනය පහත යන අතර ලාභ ලැබීම අවම කරයි. නමුත් අනෙක් අතට, වෙළදාම් හි අසාර්ථක අවස්ථා වලදී සිදුවිය හැකි පාඩු අවම කරයි.

අපගේ පෙර අනාවැකි වලදී, එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් චීනය හා යුරෝපය සමඟ ඇති වෙළඳ යුද්ධ, ගෝලීය ආර්ථික අර්බුදයක් සහ දේශීය අවපාතයන් ඇතිවීමේ හැකියාව, බ්‍රික්ස්ට් සහ වෙනත් දේශපාලන අවදානම් මෙන්ම ෆෙඩරලය විසින් අනුපාත ඉහළ නැංවීමේ අපේක්ෂාවන්, යුරෝ කලාපයේ ප්‍රමාණාත්මක ලිහිල් කිරීම මෙන්ම කෙටිකාලීන හා දිගු කාලීන ප්‍රවණතා ඇතිවීමට බලපාන තවත් බොහෝ සාධක ආදිය පිළිබඳව නැවත නැවතත් සාකච්ඡා කර ඇත. ඉදිරි මාස කිහිපය තුළ විශේෂඥයන්ගේ මතය ගැන කතා කරන්නේ නම්, බොහෝ දුරට ඔවුන් අපේක්ෂා කරන්නේ එක්සත් ජනපද ඩොලරය අනෙකුත් ප්‍රමුඛ ලෝක මුදල් වලට සාපේක්ෂව තම ස්ථාවරත්වය ශක්තිමත් කර ගැනීමට හැකි වනු ඇති බවයි.

  • EUR/USD. මෙහි දී, විශ්ලේෂකයින්ගෙන් 75% ක් සහ මාසික කාලරාමුව මත දර්ශකයන්ගෙන් 80% ක් පෙන්නුම් කරන්නේ යුගලය නිසැකවම 2019 වසන්ත කාලයේ අවම අගය වාර්තා කිරීමට තවත් උත්සාහයක් ගනු ඇති අතර අවසානයේ 1.1100 කලාපයේ ආධාරකය බිඳ දමනු ඇත. පහතයාම සඳහා වන ඉලක්ක 1.0900 සහ 1.0800 වේ (පොයින්ට් ± 25 - 35 ක වෙනසක් ඇතිවිය හැකිය). ඉතිරි 25% ප්‍රවීණයන්ට අනුව, 1.1100 කලාපය උපරිම පහතයාමේ සීමාව වන අතර, යුගලය 1.1530-1.1650 කලාපයට ඉහල යනු ඇත. සති එකෙහි කාලරාමුව මත බොහෝ ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් කොළ පැහැයෙන් යුක්ත වේ.

2019 ජූලි - අගෝස්තු සඳහා වන ෆොරෙක්ස් අනාවැකිය1

  • USD/CHF. යුරෝ සහ ස්විස් ෆ්‍රෑන්ක් අතර දැඩි සම්බන්ධයක් ඇත: යුරෝපීය මුදල් ඩොලරයට සාපේක්ෂව පහත වැටෙමින් පවතින අතර ස්විට්සර්ලන්ත මුදලෙහි අගය ද අඩුවෙමින් පවතී. EUR/USD මෙන් ම බොහෝ ප්‍රවීණයන් (75%) “ඇමරිකානුවා” ට වැඩි කැමැත්තක් දැක්වූයේ එබැවිනි. ඔවුන් පවසන පරිදි, මෙම යුගලය පළමුව 1.0130 මට්ටමටත් ඉන්පසුව තවත් පොයින්ට් 100 ක් ඉහළට ගොස් 1.0230 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේවෙතත්, සතියේ කාලරාමුව මත ඔස්කිලේටර් 15% ක් සහ මාසික කාලරාමුව මත දර්ශකය පමණ දැනටමත් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බව පෙන්නුම් කරයි. සංකේතාත්මක 1.0000 මට්ටමට වඩා ඉහළයාමක් අපේක්ෂා නොකරන විශේෂඥයින් හතරෙන් එකක් විකල්ප මතයක් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ මතයට අනුව, ගිම්හානයේ දෙවන භාගයේදී “ඇමරිකානුවා” සඳහා ෆ්‍රෑන්ක් 0.9600-0.9700 කට වඩා ලබා නොදේ.
  • NZD/USD සහ AUD/USD. අපි කතා කරන්නේ එම යුගල ගැන පමණි. මෙම සමාලෝචනයේදී, බොහෝ විශේෂඥයන් දැනටමත් යුගලයන්ගේ අනාගතය පිළිබඳව අඩු වැඩි වශයෙන් මතයක් ගොඩනගා ඇත. මෙම යුගලවලින් එකක් වන්නේ NZD/USD: මෙහි 85% ක් සහය ලබා දී ඇත්තේ යුගලයේ පහතයාම සඳහාය. මෙම අනාවැකිය නිවැරදි නම්, නවසීලන්ත කිවි 10/08/2018 අවම අගය වූ 0.6420 අගය දක්වා පහත වැටෙනු ඇත. සති එකේ සහ මාසික යන කාල රාමු දෙකෙහිම ඔස්කිලේටර් 90% ක් මෙම අනාවැකිය සමඟ එකඟ වේ.
    නවසීලන්තයේ ආසන්නතම “සගයා” වන ඕස්ට්‍රේලියානු ඩොලරහි අනාගතය පිලිබඳ විමසීමේදී පහතයාම සඳහා තරමක් අඩු සහයක් හිමි වී ඇත. ඒ අනුව, 60% ක් NZD/USD යුගලයේ පහතයාම සඳහා සහය ලබා දෙයි. සති එකේ සහ මාසික කාලරාමු මත ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් වලින් 85% කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ට සහාය වී ඇති බව සැබෑවකි. පහතයාමේ ඉලක්කය වන්නේ ජුනි 17 අවම අගය යාවත්කාලීන කිරීමක් වන අතර එය 0.6750-0.6800 කලාපයේ පහළට ළඟා වනු ඇත. 20% ක් යුගලයේ වර්ධනයට, එනම් 0.7300 දක්වා ඉහළ යාමට සහය දක්වා ඇත. තවත් 20% ක් යුගලය, 0.7000 මධ්‍ය අගය කරගනිමින් නිශ්චල චලනයක් අපේක්ෂා කරයි.
  • අනාවැකි පළ කිරීමට තවත් යුගල දෙකක් තිබෙන අතර ඒවායේ අනාවැකි සිත්ගන්නා සුළුය. දෙකම බ්‍රිතාන්‍ය පවුම සමග බැඳී ඇත, එම යුගලයන් GBP/JPY සහ EUR/GBP වේ.
    විශ්ලේෂකයින්ගෙන් 70% ක් විශ්වාස කරන්නේ GBP/JPY යුගලය 135.65 ක් දක්වා පහළට පැමිණ ඇති අතර දැන් එය පළමුව 141.50 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි. පසුව 143.75 ට ඉහළින් ඉහල නැගීමක් සිදුවීම බැහැර නොකෙරේ. කොන්දේසි රහිතව, බ්‍රික්ස්ට් සහ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අපේක්ෂා කරන විශේෂඥයන්, මෙම යුගලයේ අගය ලෙස 131.00 වන බවට අනාවැකි පල කරයි.
    මැයි හා ජුනි මස මුලදී බ්‍රිතාන්‍ය මුදල යුරෝවට සාපේක්ෂව පහත වැටුණද, බොහෝ විශ්ලේෂකයින් පවුමේ අනාගතය දෙස බලන්නේ සුභවාදීවය. GBP/JPY හි දී මෙන්ම, 70% ක්ම පවුමේ වර්ධනයට සහය දක්වන අතර EUR/GBP යුගලය 0.8600-0.8680 කලාපයට පහත යන බවට අනාවැකි පළ කරයි. මීළඟ ඉලක්කය වන්නේ 0.8470 ප්‍රදේශයේ 2019 මාර්තු මාසයේ අවම අගයන්ය. ඉහළයාම සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ ඉලක්කය වන්නේ 0.19100 ක අගය බිඳ දමමින්, 01/01/2019 දින උපරිම අගය වෙතය.

 

Roman Butko, NordFX


Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න