2019 June 1

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. ජනාධිපති ට්‍රම්ප් යලිත් වරක් වෙළඳපොල සෙලවීමට පත් කළේය. මෙතෙක් කල් පැවතී චීනයේ ගැටලු පසෙක තැබූ ඔහු, මෙක්සිකෝවට සිය දෙඇස් යොමු කළේය. නීති විරෝධී සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැළැක්වීම සඳහා, රටවල් දෙකෙහි මායිම මත පවුරක් ගොඩනගා ගැනීමට අපොහොසත් වූ හෙයින්, මෙක්සිකෝවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ මත බදු වැඩිකිරීමට එක්සත් ජනපද ජනාධිපති තීරණය කර ඇත. ඒ අනුව, ජූලි මාසයේ දී බදු මුදල් 10% දක්වා ඉහළ නැංවෙනු ඇත. එමෙන්ම අගෝස්තු මාසයේදී 15% කින් ද සැප්තැම්බර් මාසයේදී 20% දක්වා ද ඔක්තෝබර් මාසයේදී 25% දක්වාද ඉහල යනු ඇත.
    මෙක්සිකෝවට අමතරව, ඔහු බීජිං ද බිය කිරීමට බලාපොරොත්තු වෙයි!
    සැබවින්ම, චීනය මෙක්සිකෝවේ නොවේ. සියල්ල මෙහි බොහෝ සංකීර්ණ වේ. එහෙත්, එසේ විය හැකි පරිදි, ඩොලරය දිගටම වර්ධනය විය. යුරෝපා පාර්ලිමේන්තුවේ මැතිවරනවල ප්‍රතිඵල ද එයට වාසි විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය මැයි මස 30 වන බ්‍රහස්පතින්දා දින 1.1115 ට ලඟා වූ අතර මැයි මස අවසානය වන විට මාසික මධ්‍ය අගය වූ 1.1167 ට පැමිණියේය. මේ අනුව, පළමු මාස පහ තුළදී යුරෝව පොයින්ට් 350 ක් ඉක්මවා ඩොලරයට සාපේක්ෂව දුර්වල විය.
    වසරකට පෙර මෙම කාලසීමාවේ දී ම යුරෝපීය මුදල මීටත් වඩා 2.5 ගුණයකින් අඩු වූ අතර එය පොයින්ට් 900 ක් පමණ විය. එය මාස එකහමාරක් පමණ කාලයකදී සිදු විය.
  • GBP/USD. අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශයෙන් පසුව සහ යුරෝපීය පාර්ලිමේන්තුවට තේරී පත්වූ බ්‍රික්ස්ට් ආධාරකරුවන්ගේ සාර්ථකත්වය නිසා පවුම දිගටම පීඩනයකට ලක් විය. පසුගිය සතියේදී, ප්‍රවීණයන්ගෙන් 65% ක්, ඔස්කිලේටර් 90% ක් සහ ප්‍රවණතා දර්ශක අපේක්ෂා කලේ යුගලය තවදුරටත් පහත යනු ඇති බවයි. එය එලෙසම සිදු විය: මෙම යුගලය පහත වැටීම පමණක් සටහන් නොකළ අතර 2019 වසන්තයේ අවම අගය ලෙස 1.2557 වාර්තා කළේය. ඉන්පසු යුගලය යම් වර්ධනයක් ඇත කර ගත අතර සතිය අවසන් වන විට 1.2630 දක්වා පැමිණ තිබිණි;
  • USD/JPY. මෙක්සිකෝවට ට්‍රම්ප් විසින් එල්ල කරන ලද ආර්ථික ප්‍රහාරය හේතුවෙන් සියලු වෙළඳපල වත්කම් පාහේ බිඳ වැටීමකට ලක් වූ අතර ප්‍රථමයෙන් එය බලපෑවේ බොරතෙල් වෙතය. ඒ අනුව, ආයෝජකයින් නැවතත්, ජපන් 'යෙන්' ආයෝජනයට ආරක්ෂිත මුදලක් බවට පත් වී තිබේ.
    එහි ප්‍රතිපල වශයෙන්, ඩොලරයට සාපේක්ෂව යුරෝව සහ පවුම පහත ගිය නමුත් 'යෙන්' යුගලය ඊට ප්‍රතිවිරුද්ධව 108.30 අගයකට පැමිණියේය. ඒ අනුව, විශ්ලේෂකයින් 75% ක්, ඔස්කිලේටර් 85% ක් සහ ප්‍රවණතා දර්ශක 100% ක් දෙන ලද අනාවැකිය පූර්ණ වශයෙන් සනාථ විය;
  • ක්‍රිප්ටෝ මුදල්. තෙවන සතියටත්, බිට්කොයින්, $10,000 ක් දක්වා යන ගමනේදී "පියවරක් ඉදිරියට, පියවර භාගයක් ආපසට" ක්‍රමය අනුගමනය කළේය. ඒ අනුව, BTC/USD යුගලය මැයි 26 වන ඉරිදා සවස් වන විට $7,880 සිට $8,955 දක්වා ඉතා වේගයෙන් ඉහල ගියේය. ඉන් පසු 5.5% ක නිවැරදි කිරීමක් අනුගමනය කළ අතර පසුව තවත් වරක් ඉහළ නැගුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එය $9,100 කට පැමිණියේය. කෙසේ වෙතත් එය $9,000 කලාපයෙන් ඉහල මට්ටමකට පැමිණීමට අසමත් විය. පසුගිය ,මාස තුන තුල දී බිට්කොයින් 120% කින් ඉහල ගොස් ඇත. ETH/USD, LTC/USD සහ XRP/USD යුගල ත්‍රිත්වයම ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලය අනුගමනය කල අතර සියල්ලක්ම ඉහල ගියහ. වැඩ කරන සතිය අවසානය වන විට මෙම යුගලයන් නැවත මැයි මස මැද අගයන් දක්වා නැවත පැමිණුනි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්ට අමතරව මෙම යුගලයේ චලනයට බලපෑ හැකි ප්‍රධාන සාධක වන්නේ එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් සහ ඊසීබී වේ. යුරෝපීය මහ බැංකුවේ වර්තමාන ප්‍රධානියා වන මාරියෝ ඩ්‍රාගි ඔක්තෝබර් 31 වනදා සේවය අවසන් කරන බව සිහි තබාගන්න. ප්‍රබල ලෙස යුරෝවට සහයදෙන්නෙකු මෙන්ම පොලී අනුපාත වැඩි කිරීමට සහයදෙන්නෙකු වන ජෙන්ස් වෙයිඩ්මාන් මීළඟට එම තනතුරට පත් වීමට ඇති ප්‍රධාන පුද්ගලයාය. ෆෙඩරල නියෝජිතයින් හඟවන්නේ එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතයේ විය හැකි මන්දගාමිත්වය හේතුවෙන් ඩොලරයේ අනුපාතය අඩුවීමක් ඇති වනු ඇති බවයි. එවැනි තත්ත්වයක් යුරෝවට වැසි සහගත වේ. කෙසේ වෙතත්, බ්ලූම්බර්ග්ට අනුව, යුරෝපීය මහ බැංකුව 2020 අප්‍රේල් මාසයට පෙර අනුපාතය ඉහළ නැංවීමට පටන් ගනු ඇති අතර මේ කාලය තුළ බොහෝ දේ වෙනස් විය හැකිය. එපමනක් නොව, යුරෝ කලාපයේ දේශපාලන හා ආර්ථික ගැටලු දැනටමත් නිරීක්ෂණය කළ හැකිය.
    ඉහත තත්වය පදනම්ව, විශේෂඥයින් 60% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව යුගලය 1.0975 ක ආධාරක අගයක් දක්වා පහත යනු ඇත. මීලඟ ඉලක්කය තවත් පොයින්ට් 100 පහතට වේ.
    බොහෝ දර්ශක ද දකුණ පෙන්නුම් කරයි: ඒවායින් 50% රතු පාටින් ද, 25% කොළ පාට සහ ඉතිරි 25% අළු පාටින් දිස් වේ.
    ඉහළයාම සඳහා ආධාරකරුවන් දැනට සුළුතරයක් වෙති. ඔවුන්ගේ මතය අනුව, මෙම යුගලයට 1.1100 කලාපය බිඳ වැටීමට නොහැකි වන අතර එය නැවත ඉහළට එනම් 1.1265-1.1325 දක්වා ළඟා විය හැකිය.
    දැන්, ඉදිරි සතියේ සිදුවීම් පිළිබඳව අවධානය යොමු කරමු. ජූනි 3 වන සඳුදා යුරෝ කලාපය, එක්සත් ජනපදය හා චීනය තුල ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශක ප්‍රකාශයට පත්කිරීමටත්, යුරෝ කලාපයේ උද්ධමනය හා විරැකියාව පිලිබඳ දත්ත අඟහරුවාදා ද නිකුත් වීමට නියමිතය. ජූනි 6 බ්‍රහස්පතින්දා යුරෝපීය ප්‍රවෘත්ති වලින් පිරී පවතිනු ඇත. මේවා ද.දේ.නි., පොලී අනුපාතය පිලිබඳ ඊසීබී තීරණය සහ, වඩාත් වැදගත් වන්නක් වන, මුල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ඊසීබී පුවත්පත් සාකච්චාව ආදිය වේ. අවසානයට, සාමාන්‍යයෙන්, මාසයේ පළමුවැනි සිකුරාදා එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ පිළිබඳ සංඛ්යා ලේඛන ප්‍රසිද්ධියට පත් කරනු ඇත. විශේෂඥයන් අපේක්ෂා කරන්නේ NFP 30% කින් (263K සිට 190K දක්වා) පහත යනු ඇති බවයි;

  • GBP/USD. බ්‍රිතාන්‍ය අගමැති තනතුර සඳහා ප්‍රධාන තරගකරු වන්නේ ලන්ඩනයේ හිටපු නගරාධිපති හා විදේශ ඇමති බොරිස් ජොන්සන් විසිනි. ජොන්සන්, "දැඩි" බ්‍රික්ස්ට් ආධාරකරුවෙකු වන අතර ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහය පල කරන්නෙකු වේ. මෙය පවුම සඳහා අහිතකරය. එවැනි ප්‍රතිඵලයක් වෙළඳපළ බියට පත් කරනු ඇත. අද, ප්‍රවීණයන්ගෙන් 65% ක්, ඔස්කිලේටර් 90% ක් සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක 100% ක් බ්‍රිතාන්‍ය මුදල තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන අතර යුගලය ප්‍රථමයෙන් 1.2555 ටත් ඉන්පසුව 2018 අවම අගයන් වූ 1.2475 සහ 1.2405 දක්වා පහත යනු ඇතැයි අපේක්ෂා කරයි.
    විශ්ලේෂකයින්ගේ ඉතිරි 35% විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ පසුගිය සති දෙකක කාලය තුළ යුගලයේ හැසිරීම නිවැරදි කිරීමක් ලෙස පෙන්නුම් කල බවය. එහි ප්‍රතිපලයක් ලෙස යුගලය 1.2745 දක්වා ඉහළ යාමට හෝ 1.2825 ප්‍රතිරෝධී අගයක් දක්වා ඉහල යා හැකිය.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයක් මගින් මධ්‍යස්ත මතයක් ලබා දෙයි. එහි කියවීම් අනුව, යුගලය ප්‍රථමයෙන් 1.2825 මට්ටමට ඉහල නැගී ඉන්පසු, 1.2405-1.2475 කලාපයේ පහල වෙත පහත යනු ඇත;
  • USD/JPY. ප්‍රවණතා දර්ශක 100% ක් සහ පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 85% ක් රතු පාටින් වර්ණ ගැන්වී ඇති නමුත්, තත්ත්වය එතරම් සරල නොවේ: ඔස්කිලේටර් 15% ක් දැනටමත් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා නිකුත් කරයි. ආධාරක මට්ටම් 107.75 සහ 107.00 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 109.15, 109.65, 110.35 සහ 110.65 වේ.
    විද්වතුන්ගේ මතය පහත පරිදි බෙදී ගියේය: පහතයාම සමග 50% ක් ද ඉහළයාම සමග 25% ක් ද සමාන්තර චලනයක් 25% ක් ද අපේක්ෂා කරයි. මෙම තත්ත්වය තුල යුගල සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ඇති කොටස් වෙළඳපොළ මත මෙම යුගලයේ චලනය රඳා පවතිනු ඇත. එමෙන්ම, එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධය පිලිබඳ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ මතද යුගලයේ චලනයන් තීරණය වනු ඇත. ඒ සමග ම මධ්‍ය කාලීන අනාවැකි කරා මාරුවීමේදී තත්ත්වය වෙනස් වේ: එයට අනුව 75% ක් ඩොලරය සඳහා සහය දක්වයි;
  • ක්‍රිප්ටෝ මුදල්. වසර 6 කට පෙර එනම් 2013 දී ලූකා මැග්නොටා අනාගතය පිලිබඳ අසාමාන්‍ය පනිවිඩයක් ප්‍රකාශයට පත් කරන ලද අතර එමගින් බිට්කොයින් මිල පිලිබඳව ද අනාවැකි පල විය. එකී අනාවැකි පුදුම සහගත ලෙස සනාථ වී ඇත. "සාමාන්‍යයෙන් සෑම වසරකම බිට්කොයින් 10 ගුණයකින් පමණ වැඩිවී ඇත." මැග්නොටා මෙසේ ලිවීය. "එය 2010 දී $0.1 සිට 2011 දී $1 දක්වා වර්ධනය වූ අතර 2012 දී $10 ක් ද 2013 දී $100 ක් දක්වා වර්ධනය විය. ඉන්පසු වසර දෙකකට වරක් මිල 10 ගුණයක් වැඩිවනු ඇත: 2015 දී බිට්කොයින් $1000 දක්වා වැඩිවේ. 2017 දී $10,000 ක්, 2019 දී $100,000 සහ 2021 දී $1,000,000 දක්වා වැඩි වනු ඇත".
    2019 අවසානය සඳහා තවත් මාස හතක් පවතී. එනමුත්, මග්නොටා විසින් සකස් කරන ලද ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍රිප්ටෝ මුදල්, අසමසම වර්ධනයක් පෙන්නුම් කළ යුතුය.
    කෙටි කාලීන අනාවැකි විමසීමේදී, ප්‍රසිද්ධ විශ්ලේෂකයෙකු වන පීටර් බෑන්ට් ට අනුව, බිට්කොයින් හි මිල ඉක්මණින් ජයග්‍රාහී $10,000 ඉක්මවා යන බව  ප්‍රකාශ කර තිබේ. ඒ සමඟම බෑන්ට් අවධාරනය කරන්නේ තරමක් දුරට ගැඹුරු නිවැරදි කිරීමක් බවයි.
    බෑන්ට් මෙන් නොව, බොහෝ විශ්ලේෂකයින් (70%) BTC/USD යුගල $9,000 කට වඩා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරයි. ඉතිරි 30% ක් විශ්ලේෂකයින් $7,500-8,500 කලාපයේ සමාන්තර චලනයක් අපේක්ෂා කරයි.
    අවසානයේදී, මෙම අනාවැකිය ලියනුයේ සිකුරාදා, 24:00 GMT වන බව සඳහන් කරමු. කලින් සතියේ සිදු වූවාක් මෙන්, ඉදිරි සති අන්තය වන විට, බිට්කොයින් නැවතත් ඉහළයාමට ඉඩ ඇත. 

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න