2019 May 25

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. මෙම යුගලයේ උච්චාවචනය අවම වීම පිළිබඳව පසුගිය මාසවලදී සෑම තැනකම මැසිවිලි නැගෙන්නට විය. බ්‍රහස්පතින්දා දිනයේ දෙවන භාගය වන තෙක්ම, පසුගිය සතියට ද එම තත්වය අදාල වූ අතර උපරිම උච්චාවචනය පොයින්ට් 45 ක් ඉක්මවුයේ නැත. යුගලය බොහෝ විට පොයින්ට් 25 ක පටු කලාපයක් තුල ගමන් කළේය. කෙසේ වෙතත් සතියේ සිදුවීම් ලෙස, එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධය උග්‍රවීම, යුරෝපීය පාර්ලිමේන්තුවේ එළබෙන මැතිවරණය පිලිබඳ ෆෙඩරල නායකත්වයේ ප්‍රකාශය මෙන්ම ජර්මනියේ සහ යුරෝ කලාපයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් පිලිබඳ අයහපත් දත්ත සතිය තුල කැපී පෙනෙන සිදුවීම් වූ අතර එමගින් ඩොලරය වෙත පැහැදිලි සහයක් ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ විද්වතුන් සඳහන් කල පරිදි (75%), වසර දෙකක අවම අගය සටහන් කරමින් යුගලය 1.1105 අගයට පැමිණියේය.
    එහෙත් යුරෝපයේ ආර්ථිකය පමණක් නොව, ඇමරිකාවේ ආර්ථිකයද ගැටලුවලට මුහුණ දෙමින් පවතියි. මූලික ව්‍යාපාරික කටයුතු දර්ශකය Markit අනපේක්ෂිත ලෙස දුර්වල දත්ත පෙන්නුම් කළේය. (අපේක්ෂිත 53.0 වෙනුවට 50.9). එමෙන්ම දේපල වෙලඳපොල පිළිබඳ දුර්වල සංඛ්‍යාලේඛන ද එක්සත් ජනපද බැඳුම්කරවල ප්‍රතිලාභ වලට බලපෑවේය. මෙම තත්වය නිසා EUR/USD යුගලය නැවත උතුරු දෙසට ඉහල යාමක් පෙන්නුම් කළේය.
    ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ දින තුනක සති අන්තය හේතුවෙන් යුරෝව වර්ධනය වීමට පහසු විය. එමෙන්ම තෙරේසා මේ ගේ ඉල්ලා අස්වීමේ පුවත ද එයට සහය විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුරෝව පොයින්ට් 100 ක් දිනා ගත් අතර යුගලය 1.1205 දී සතිය අවසන් කළේය;
  • GBP/USD. තෙරේසා මේ අගමැතිනිය ධුරයෙන් ඉවත්ව යාමට තීරණය කර ඇත. බ්‍රික්ස්ට් ගිවිසුම පිලිබඳ ඇය ඉදිරිපත් කල මතයට නැවත වරක් පාර්ලිමේන්තුවේ ජන්දයක් නොපැවෙත්වෙනු ඇත. එමෙන්ම කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයේ සංශෝධනය පිලිබඳ රටම අවධානයෙන් පසුවේ. බොහෝ විශ්ලේෂකයින් පවසන පරිදි, ආන්ඩුවේ ප්‍රධානියා ලෙස, ලන්ඩනයේ හිටපු නගරාධිපති හා විදේශ ඇමති බොරිස් ජොන්සන් වැනි යුරෝපීය සංගමයෙන් ඉවත්වීමට දැඩි කැමැත්තක් දක්වන්නෙකු පත්විය හැකිය. වෙළඳපළ කෙලෙස ඊට ප්‍රතිචාර දක්වනු අත්ද? බොහෝ විට ප්‍රතිචාරය ඍණාත්මක වනු ඇත. පසුගිය සතියේ දී යුරෝව අනුගමනය කරමින්, 1.2600 කලාපයේ සිට වසර දෙකක අවම අගය දක්වා පහල සිට තල්ලු වී ගොස්, සතිය අවසාන වන විට නැවත 1.2710 දක්වා පැමිණීමට මෙම යුගලය සමත් විය;
  • USD/JPY. ජපාන 'යෙන්' සතියේ පළමු භාගයේ දී ඩොලරයට ප්‍රතිවිරුද්ධ නොවීය. පසුගිය සතියේ දී, විශ්ලේෂකයින්ගේ 50% ක් යුගලය 111.00 ක් දක්වා ඉහල නැගීමක් අපේක්ෂා කළහ. ඉන් තුනෙන් එකක් ඉහළම ප්‍රතිරෝධය ලෙස 110.00 හැඳින්විය. සත්‍යය ලෙසම බොහෝ විට සිදුවන්නේ, අපේක්ෂිත අගයන්ගේ මැද අගයක් වන අතර යුගලය 110.65 උපරිම උසකට ලඟා විය. ඉන්පසුව ආයෝජකයින්ට සැක මතු වූ නමුත් "නව විශිෂ්ට මාර්තුව" හා "නිදහස" පිලිබඳව චීන නායක ජින්පින්ගේ ප්‍රකාශයන් හේතුවෙන්, 'යෙන්' ඩොලරයට වඩා වැඩි විශ්වාසදායක රැකවරනයක් විය හැකි බව ඔවුහු තේරුම් ගත්හ. පසුගිය සතියේදී, එක්සත් ජනපද ආන්ඩුවේ බැඳුම්කරවල ප්‍රතිලාභ පහත වැටුණ අතර වෝල් ස්ට්‍රීට් ජර්නලයේ විශ්ලේෂකයින්ට අනුව, වසරේ දෙවන භාගය තුල ඇමරිකානු සමාගම්වල මූල්‍ය ප්‍රතිඵලයන් හි පිරිහීමේ ඉහල සම්භාවිතාවක් ඇති බව කතා කිරීමට පටන් ගෙන ඇති අතර මිල ඉහල යාම නිසා සහ පාරිභෝගික ඉල්ලුම අඩුවීම නිසා එක්සත් ජනපද ආර්ථිකයට දැන් පහර එල්ල විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යුගලය නැවතත් සතියකට පෙර පැවති අගයන් කරා ආපසු ගොස්, දින පහක සතිය 109.30 හි දී අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ දී බිට්කොයින්, $8,335 සිට $7,000 දක්වා පහත වැටුනි. ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 255.8 සිට ඩොලර් බිලියන 229.2 දක්වා පහත වැටිණි. නමුත් නැවතත් බිට්කොයින් $8.265 දක්වා වැඩිවිය. ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 255.5 දක්වා ඉහළ ගියේය. බොහෝ විට මෙම ප්‍රස්ථාරය ප්‍රධාන දර්ශකයක් ලෙස සාර්ථකව භාවිතා කළ හැකිය.
    පසුගිය සතියේ දී ප්‍රවීණයන්ගෙන් 25% ක් ප්‍රවණතාවයේ ආපසු හැරවීමක් ගැන කතා කළහ. බහුතරයක් ඉහල යාම සඳහා සහය ලබා දුන් අතර BTC/USD යුගලය $7,000 මට්ටම දක්වා පහත වැටීම තාවකාලික තත්වයක් බව පැවසීය. ඔවුන්ගේ මතයට අනුව, යුගලය $8,000 ක කලාපයට ආපසු යාමක් සිදු විය යුතු අතර ඉන් පසුව එහි යම් කාලයක් සමාන්තර චලනයක් පෙන්විය යුතුය. පසුව $8,500 ප්‍රතිරෝධී අගයක් දක්වා ගමන් කරනු ඇත. ඒ අනුව පසුගිය සතියේදී එය එලෙසම සිදු විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ තාක්ෂණික විශ්ලේෂණය යන ද්විත්වයම මගින් යුගලයේ වර්ධනය පෙන්නුම් කරයි. නමුත් ඒ සමඟම, 25% ක් වන ඔස්කිලේටර් යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බව පෙන්නුම් කරයි. දවසේ කාලරාමුව මත දී තත්ත්වය වෙනස් ය: දර්ශකයන්ගෙන් තුනෙන් එකක් රතු පාටින් වර්ණ ගැන් වී ඇති අතර තුනෙන් එකක් කොළ වර්ණයෙන්ද ඉතිරිය අළු වර්ණය එනම් මධ්‍යස්ත තත්වයක් ද ගෙන ඇත. එහෙත්, ග්‍රැෆික් විශ්ලේෂනය මගින් ඩොලරය තව දුරටත් ශක්තිමත් කිරීම හා යුගලයේ පහත වැටීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවතිනු ඇතැයි අවධාරනය කරයි.
    සත්‍ය වශයෙන්ම, ගෝලීය ආර්ථිකයේ තත්වය බෙහෙවින් සංකීර්ණ වේ. බ්‍රික්ස්ට් පිලිබඳ නොපැහැදිලිතාවයන් තවදුරටත් ඇති අතර මැයි 26 දා යුරෝපීය පාර්ලිමේන්තුවේ මැතිවරණ ප්‍රතිඵලයන් හි අපැහැදිලිතාව මෙන්ම එක්සත් ජනපද-චීන වෙළඳ යුද්ධය ආදිය එලෙස ගෝලීය ආර්ථිකයේ සංකීර්ණභාවයට හේතු වී ඇත. මීට අමතරව, ෆෙඩරල් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය පිළිබඳ අනාවැකි ද වෙනස් වේ. මේ වන විට එහි අවම කිරීම සඳහා ඇති හැකියාව 68% සිට 78% දක්වා වර්ධනය වී තිබේ. මෙම අනාවැකිය සැබෑ නම්, එක්සත් ජනපද ඩොලරයේ පොලී අනුපාතය මාස 4 කට අඩු කාලයකට 0.25% කින් අඩු කළ හැකිය. එහෙත් ඒ සමගම, ඊසිබී විසින් යුරෝපීය ආර්ථිකයේ දුර්වලකම් හඳුනා ගැනීම සිදු වන අතර ඒ සඳහා සිය සූදානම ගැන සඳහන් කරයි.
    මේ වන විට විශ්ලේෂකයින්ගෙන් 60% ක් යුගලයේ ඉහළයාම සඳහා සහය ලබා දෙන අතර, යුගලය 1.1110 කලාපයේ සිට වර්ධනය වීමක් අපේක්ෂා කරයි.
    ආධාරක මට්ටම් 1.1150 සහ 1.1110 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.1225 සහ 1.1263 වේ. මීළඟ ඉලක්කය 1.1325 වේ; 

2019 මැයි 27 සිට 31 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මෙම අනාවැකිය ලියන අවස්ථාව වන විට, බ්‍රිතාන්‍ය පක්ෂවලින් යුරෝපීය පාර්ලිමේන්තුවට අදාලව ජන්දයේ දී කුමන ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ ද යන්න නොදනී. කවුරුන් වාසියක් අත්කර ගනීද? බ්‍රික්ස්ට් වෙත සහය දක්වන්නන් ද නැතහොත් ඊට ප්‍රතිවිරුද්ධවන්නන්ද? බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ කවුද? කෙසේවෙතත් තෙරේසා මේ ගේ ඉවත්වීම කෙටි කාලීනව පවුම් ශක්තිය කරන නමුත් කිසිදු ආකාරයකින් දීර්ඝ කාලීන අවදානම ඉවත් නොකරනු ඇත. එම නිසා 65% ක් වන ප්‍රවීණයන්, 90% ක් වන ඔස්කිලේටර් සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක මගින් පෙන්නුම් කරන්නේ මෙම යුගලය තවදුරටත් පහත වැටෙනු ඇති බවයි. ආසන්නතම ආධාරක අගයන් 1.2660 සහ 1.2600 වන අතර ඉන් පසුව 2018 අවම අගයන් වූ, 1.2475 සහ 1.2405 වේ.
    විශ්ලේෂකයින්ගෙන් 35% ක් යුගල වර්ධනය වන බවට අපේක්ෂා කරයි. ක්‍ෂණික ඉලක්ක 1.2825 සහ 1.3000 වන අතර ඉන් පසුව 1.3125 සහ 1.3200 ක් වේ.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් මධ්‍යස්ත අනාවැකියක් ලබා දෙයි. පළමුවෙන්ම 1.2600 ට සහ 1.2825 ට ඉහල නැගීමෙන් පසුව 1.2475 දක්වා පහත යනු ඇත;
  • USD/JPY. ප්‍රවණතා දර්ශකයන්ගෙන් 100% ක් සහ පැය හතරේ සහ දවසේ කාලරාමු මත ඔස්කිලේටර් 85% ක් රතු වර්ණයෙන් වර්ණ ගැන් වී ඇත. විශේෂඥයින්ගෙන් 70% ක් ද යුගලය තවදුරටත් පහත වැටීම හා සංචිත මුදලක් ලෙස 'යෙන්' ශක්තිමත් කිරීම සඳහා සහය ලබා දී ඇත. ඒ සමගම, 15% ක් ඔස්කිලේටර් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා නිකුත් කරයි. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, එය පළමුවෙන් 108.50 දක්වා පහත වැටී පසුව ප්‍රවණතාවේ දිශාව වෙනස් කර 110.65 උසක් දක්වා වර්ධනය වනු ඇත. චීනය සමඟ සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් විසින් ට්විටර් පණිවුඩ එකක් හෝ දෙකක් යොමු කිරීම මගින් යුගලය ඕනෑම දිශාවකට ක්‍ෂණිකව ගමන් කල හැකි බව මතක තබා ගත යුතුය.
    ආධාරක මට්ටම් 109.00, 108.50 සහ 107.75 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 110.25, 110.65, 111.00 සහ 111.65 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. යුරෝපීය බැංකුව නිකුත් කල වාර්තාවකට අනුව ක්‍රිප්ටෝ මුදල් වර්තමාන ආර්ථිකය කෙරෙහි බරපතල බලපෑමක් නොමැති වුවත් අනාගතයේ දී යුරෝවෙහි තැන එය අත්කර ගනු ඇත. නමුත් එය අනාගතය වෙයි. ජේපී මෝර්ගන් විශ්ලේෂකයන්ට අනුව, බිට්කොයින් හි පසුගිය ඉහළයාම, දීර්ඝ පහතයාමක පෙර නිමිත්තක් විය හැකිය.
    කෙසේවෙතත්, දැන්, ප්‍රවීණයන්ගෙන් 15% ක් පමණක් යුගලයේ පහත වැටීම සඳහා සහය දක්වයි. 45% ක් විශ්වාස කරන්නේ යුගලය $7500-8,400 කලාපයේ සමාන්තර චලනයක් පෙන්වනු ඇති බවයි. ඉතිරි 40% යුගලය ඉහලට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර එය 2018 අප්‍රේල්-මැයි උපරිම අගයන් එනම්  $ 9,550 ආසන්නතම ඉලක්කය ලෙස සඳහන් කරයි. මධ්‍ය කාලීන අනාවැකි වෙත යොමු වන විට ඉහළයාම සඳහා වන සංඛ්‍යාව 70% දක්වා වැඩි වේ.   

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න