2019 May 18

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. යුරෝපීය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මැතිවරණය මෙන්ම බ්‍රික්ස්ට් සමග ඇති තත්වයන් යුරෝපීය මුදල මත පීඩනය තවදුරටත් යෙදී ඇත. එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ ආතතීන් උත්සන්න වීම පවා යුරෝව වෙත සහාය නොදක්වයි. චීනයේ අසාර්ථකත්වය හේතුවෙන් යුරෝ කලාපයේ ගැටලු ස්වයංක්‍රීයව වර්ධනය වේ.
    පසුගිය සතියේදී, මාසික අනාවැකියක් ලබා දුන් විද්වතුන් 70% ක් ප්‍රකාශ කලේ යුගලය මධ්‍ය කාලීන පහතයාමේ කලාපය තුල දිගින් දිගටම පහතට ගමන් කරන අතර, අප්‍රේල් මස අවසානයේ අවම අගය වූ 1.1110 දක්වා ගමන් කරනු ඇති බවය. පසුගිය සතියේ දී මෙම අනාවැකියේ නිවැරදි බව තහවුරු වී තිබේ: ඒ අනුව, මෙම යුගලය දින පහක් තුල පොයින්ට් 80 ක් පමණ අහිමි කර ගෙන ඇති අතර, අනුමාන කල ඉලක්කයට ආසන්නව එනම් 1.1155 හි දී දින පහක කාලය අවසන් කළේය;
  • GBP/USD. නව සිදුවීම් කිසිවක් මෙම යුගලයේ සිදුවී නැත. මෙහි චලනයන් එක් කෙටි වචනයක්, එනම් බ්‍රික්ස්ට් මත රඳා පවතී. පසුගිය සතියේ දී, අගමැතිනියට මෙම ගැටලුව විසඳීමට නොහැකි වනු ඇති බවට අප අදහස් පළ කළෙමු. දැන් මාධ්‍යය විසින් ඇගේ අනිවාර්ය ඉල්ලා අස්වීම පිලිබඳ සිරස්තලවලින් තම පුවත් පුරවා ඇත. විපක්ෂය සමග සාකච්චා කිරීම සඳහා ආන්ඩුවේ නොහැකියාව පවුම කෙරෙහි ඍණාත්මකව බලපා ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය අප්‍රේල් මාසයේ අවම අගය බිඳහෙලා සතිය 1.3000 සිට පටන් ගත්තේය. දින පහක කාලය අවසානයේදී යුගලය 1.2715 දක්වා පහත ගිය අතර සතිය තුල පොයින්ට් 285 ක් අහිමි කරගත්තේය;
  • USD/JPY. මෙම යුගලය සඳහා පසුගිය සතියේ ප්‍රතිඵල ශුන්‍ය අගයක් ගත්තේය. මැයි 10 සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 17 මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුල යුගලයේ චලනය පොයින්ට් 10 ක් නොඉක්මවන ලද අතර, යුගලය 110.00 හි දී සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. දින පහක් තිස්සේ, බිට්කොයින් හි මිල 30% කින් ඉහළ ගොස් මැයි 16 බ්‍රහස්පතින්දා වන විට $8,335 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විශ්ලේෂකයින් අනාවැකි පල කරන ලද පරිදි $1,000 ක ඉහලයාමටත් වඩා එය ඉක්මවා ගොස් ඇත. මේ වර්ෂයේ ආරම්භයේ සිට මේ දක්වා වැඩිවීම 120% ක් වූ අතර, ෆන්ඩ්ස්ට්‍රාට් ග්ලෝබල් උපදේශකවරුන්ගේ සම-නිර්මාතෘ ටොම් ලී පවසන පරිදි, ක්‍රිප්ටෝ ශීත ඍතුවෙන් පසු වූ මීළඟට "ක්‍රිප්ටෝ වසන්තය" පැමිණීමට නියමිතය.
    එවන් තත්වයක් සඳහා හේතුව වූයේ ප්‍රධාන ආයෝජකයින් විසින් කෙටි කාලීන ස්ථාන වසා දැමීම හා $ 5,500-6,000 මට්ටමේ දී දීර්ඝ කාලීන ස්ථාන ආරම්භ කිරීමයි. ඉන් පසු කුඩා ආයෝජකයින් ඔවුන් සමඟ එකතු විය. එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධයේ තියුනු උග්‍රවීමත් මේ තත්වය සඳහා හේතු වූ බව සමහර විද්වතුන් විශ්වාස කරන අතර චීන ආයෝජකයින් විසින් තම ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමට බිට්කොයින් හි ආයෝජනය කිරීමට තීරණය කළහ.
    කෙසේ වෙතත්, ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල ලබා ගත වර්ධනය පවත්වා ගැනීමට අසමත් විය. ආයෝජකයින්ගෙන් කොටසක් ලාභ පියවා ගැනීමට පටන් ගත් අතර ඒ හේතුවෙන් මැයි 17, සිකුරාදා සවස වන විට BTC/USD යුගලය $7,000 දක්වා පහත වැටී ඇත.
    අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් සැලකීමේදී, ඔවුන් සිය "වැඩිහිටි සහෝදරයා" අනුගමනය කරමින්, එහි නැගීම හා එහි වැටීම අනුගමනය කරමින් චලනයේ යෙදුනහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ ලයිට්කොයින් (LTC/USD) පසුගිය සතියේ 11% කින් ඉහළ ගොස් ඇති අතර, රිපල් (XRP/USD) 25% කින්  ඉහල ගියේය. හොඳම ප්‍රතිඵලය පෙන්වමින්, එතීරියම් (ETH/USD) 30% කින් ඉහල ගියේය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. මෙම සතියේ විශාලතම උනන්දුව ඇමෙරිකන් ෆෙඩරල් බැංකුව කෙරෙහි යොමු වී තිබේ. එහි ප්‍රධානී ජෙරෝම් පවෙල්, එක්සත් ජනපද මූල්‍ය පද්ධතියේ අවදානම පිළිබඳ වාර්තාවක් සමග මැයි 21 වන අඟහරුවාදා, මූල්‍ය වෙලඳපොල පිළිබඳ වාර්ෂික සම්මන්ත්‍රණයක දී කතා කරනු ඇත. ඊළඟ දිනයේ දී, මැයි මස 1 වන දා ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුවේ රැස්වීමේ තීරණ නිකුත් කරනු ලැබේ. ඒ අනුව, ෆෙඩරල් බැංකුවේ අනාගත මුදල් ප්‍රතිපත්ති වාර්තාව සහ එක්සත් ජනපද ආර්ථිකය පිලිබඳව පල කරන අනාවැකි කුමක් වේ ද යන්න පිලිබඳ ආයෝජකයින් විමසිලිමත් වේ.
    මේ මොහොතේ දී 75% ක් වන ප්‍රවීණයන්, ඔස්කිලේටර් සහ පැය හතරේ හා දවසේ කාලරාමු මත ප්‍රවණතා දර්ශක 100% ක් මගින් පෙන්නුම් කරන්නේ එක්සත් ජනපද මුදල් තවදුරටත් ශක්තිමත් වනු බවයි. ඔවුන්ගේ මතයට අනුව, මෙම යුගලය අප්‍රේල් අවම අගය බිඳ දමනු ඇති අතර 1.1100 මට්ටම දක්වා පහළ යනු ඇත.
    ඒ සමගම, ඔස්කිලේටර් 15% ක් යුගලයේ විකුණුම් වැඩි වන බව පෙන්නුම් කරයි. විශ්ලේෂකයින්ගෙන් 25% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් උතුරු දෙසට නිවැරදි කිරීම අපේක්ෂා කෙරේ. එය 1.1265 ක ප්‍රතිරෝධයක් දක්වා වැඩි වීම සහ සමහර විට ඊටත් වඩා ඉහලට එනම් 1.1335 දක්වා වර්ධනය විය හැකිය. කෙසේ වෙතත්, දැනටමත් සඳහන් කර ඇති පරිදි, ඉහත සඳහන් කළ මැයි 21 සහ 22 යන දිනවල සිදු වන සිදුවීම් යුගලයේ හැසිරීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ඇත;

2019 මැයි 20 සිට 24 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මීළඟ බ්‍රික්ස්ට් හා සම්බන්ද සිදුවීමෙන් වෙළඳපොළට කුමනාකාරයක බලපෑමක් ඇති වේ දැයි වෙළඳපළ නොදන්නා බව පෙනේ. අගමැතිනියගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ කවදා ද සහ බ්‍රිතාන්‍ය පක්ෂවලින් යුරෝපා පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය දිනාගන්නේ කවුද? යුරෝපීය සංගමය වෙතින් මහා බ්‍රිතාන්‍ය ඉවත් වීම පිළිබඳ මීළඟ ජන්ද විමසීමේදී කුමක් සිදුවේද? මෙලෙස පිළිතුරු වලට වඩා වැඩියෙන් ප්‍රශ්න ඇති වී තිබේ. එවන් තත්වයක් තුළ, ප්‍රවීණයන්ගෙන් බහුතරයක් (60%) නිහඩ පිළිවෙතක් අනුගමනය කරති. ඉතිරි විද්වතුන් 20% බැගින් ඉහළයාමට සහ පහතයාමට සමානව බෙදී ඇත.
    දර්ශකයන්ගේ කියවීම් වලට අනුව, ඔවුන් EUR/USD හා සමාන වේ. එමෙන්ම ඔස්කිලේටර් 15% ක් විකුණුම් වැඩිවන කලාපයේ සිටින අතර, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ඉහළට නිවැරදි කිරීමක් පෙන්නුම් කරයි. ආධාරක මට්ටම් 1.2665, 1.2614, 1.2475 සහ 1.2400 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.2865, 1.3000 සහ 1.3165 වේ.
    ඉදිරි මාසයන් හි අනාවැකි වෙත මාරු වන විට, ඉහළයාම සඳහා සහය දක්වන්නන් 65% ක් දක්වා වර්ධනය වන අතර යුගලය 1.3200 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරයි. මැයි 22 වන බදාදා, පාරිභෝගික මිල දර්ශකය (සීපීඅයි) ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එය 1.9% සිට 2.1% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි. එමගින් පවුම ශක්තිමත් කරනු ඇත;
  • USD/JPY. ජපානයේ දල දේශීය නිශ්පදිතයේ වර්ධනයේ දත්ත මැයි 20 දා සඳුදා නිකුත් කෙරෙනු ඇති අතර විශ්ලේෂකයින් එය ශුන්‍ය වනු ඇතැයි බලාපොරොත්තු වේ. එවැනි ප්‍රතිඵලයක් 'යෙන්' සඳහා අයහපත් සංඥාවක් විය හැකි අතර එය ඩොලරයට සාපේක්ෂව පසුබසිනු ඇත. විශ්ලේෂකයින්ගෙන් 50% ක් මෙම යුගලය 111.00 ක් දක්වා ඉහල නැගීම අපේක්ෂා කරති. විශේෂඥයන්ගෙන් තුනෙන් එකක් විශ්වාස කරන්නේ මෙම යුගලය 109.00-110.00 පරාසය තුළ පවතිනු ඇති බවයි. ඉතිරි 20% ට අනුව, ජපන් මුදල, $1 කට යෙන් 108 ක වටිනාකමක් දක්වා ශක්තිමත් කරනු ඇත.
    ඒ අතරම, සියලු විද්වතුන් ප්‍රකාශ කරන්නේ මෙම යුගල සඳහා දිශාව තීරණය කිරීමේ ප්‍රධාන සාධක ඇති වන්නේ ටෝකියෝවේ දී නොව, ඇමරිකා එක්සත් ජනපදයේ දී බවයි. එය අඟහරුවාදා සහ බදාදා දින ෆෙඩරල් හි අනාවැකි මෙන්ම එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධයේ තත්වය මත රඳා පවතිනු ඇත;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සිකුරාදා අයහපත් පුවත් තිබියදීත්, ක්‍රිප්ටෝ මුදල් ඉහළයාම සහ පහළයාම යන ද්විත්වයම මත රැඳී තිබිණි. BTC/USD යුගලය $7,000 දක්වා පහත වැටීම නිවැරදි කිරීමක් පමණක් වනු ඇති අතර යුගලය දිගටම වර්ධනය වනු ඇත. ප්‍රවීණයන්ගෙන් 50% ක් පමණ එයත් සමඟ එකඟ වෙති. ඉදිරි මාසවල ඉලක්කය වන්නේ $10,000 කි. Canaccord Genuity හි විශ්ලේෂකයින්ගේ මතය අනුව, BTC අනුපාතය වසර දෙකකින් $20,000 ක් වනු ඇත.
    විද්වතුන්ගෙන් හතරෙන් එකක් පවසන්නේ, යුගලය $8,500 ක් ප්‍රතිරෝධයට වඩා ඉහළ නැංවීම අසීරු වනු ඇති බවය. (එය පසුගිය ජූලි මාසයේ එහි වර්ධනය නවත්වන ලදි) සහ එය කිසියම් අවස්ථාවක දී එය ක්ෂිතිජය දක්වා ඈතට ගමන් කරනු ඇත.
    අවසන, ඉතිරි 25% ක විශ්ලේෂකයින් අනාවැකි පල කරන්නේ, 2018 පෙබරවාරි සිට නොවැම්බර් දක්වා බිට්කොයින් හි ගමන් මග අනුව එය $6,000 දක්වා පහත වැටෙනු ඇති බවය.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited. Trading in financial markets is risky and can lead to a complete loss of deposited funds.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න