2019 April 27

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. පූර්වයෙන් අනාවැකි පල කර ඇති ආකාරයට, යුරෝව මාස හතරේ පහළ බැසීමේ කලාපයේ සීමාවන් කරා ආපසු ගොස් තිබේ. විශේෂඥයින්ගෙන් 70% ක් සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින්ද එවැනි තත්වයක් පෙන්නුම් කල අතර යුරෝපීය මුදල 2019 අවම අගයන් සඳහන් 1.1175-1.1185 කලාපය දක්වා පහත වැටෙනු ඇතැයි පැවසිණි. එක්සත් ජනපදයේ දැඩි ආර්ථික සංඛ්‍යාලේඛන නිසා සමස්ත සතිය පුරා යුරෝව පහත බැස යමින් තිබිණි. මෙම යුගලය බලාපොරොත්තු වූ අගයන්ද ඉක්මවා ගිය අතර, අප්‍රේල් 26 වන සිකුරාදා දින මැද භාගය වන විට එය 1.1110 දක්වා පහත වැටී ඇත.
    නිකුත් කරන ලද සාර්ව ආර්ථික දත්ත සැබවින්ම ධනාත්මක විය. ප්‍රාග්ධන භාණ්ඩ සඳහා වූ ඇණවුම් 0.1% සිට 1.3% දක්වා ඉහළ ගොස් ඇති අතර, දළ දේශීය නිෂ්පාදිතය පසුගිය කාර්තුවට සාපේක්ෂව සියයට 1 කින් වැඩි විය (2.2% සිට 3.2% දක්වා). කෙසේවෙතත්, වෙළඳපල ඉලක්කයන් දැනටමත් අත්පත් කර ගෙන ඇති බව සැලකේ. සති අන්තයට වෙළඳපොල වැසීමට පෙර යුගලය සුළු නිවැරදි කිරීමකින් පෙන්නුම් කල අතර වෙළඳපොල වසන අවස්ථාව වන විට යුගලය 1.1147 මට්ටමේ පසු විය;
  • GBP/USD. මෙම යුගල සඳහා වූ අනාවැකිය ද නිවැරදි විය. ප්‍රවීණයන්ගෙන් බහුතරය (75%) ක් යුගලය 1.2975 ආධාරක මට්ටමට ලඟා වනු ඇති බවත් ඉන් පසු එය 1.2770-1.2830 කලාපයට තල්ලු වනු ඇති බවත් ප්‍රකාශ විය.
    එය එලෙසම සිදු විය: අප්‍රේල් 23 වන අඟහරුවාදා, මෙම යුගලය ඉහත ආධාරකය හරහා බිඳ වැටුණු අතර යුගලය පහත ගියේය. සතියේ අවම අගය 1.2865 ක් වූ අතර, යුගලය දින පහක කාල පරිච්ඡේදය 1.2915 හි දී අවසන් විය;
  • USD/JPY. පසුගිය සතියේ මෙම හැසිරීම පිළිබඳ විශ්ලේෂකයින්ගේ මතයන් එක සමාන ලෙස බෙදී ගියේය. තුනෙන් එකක් එහි වර්ධනය සඳහා වූ අතර, තවත් තුනෙන් එකක් එහි පහතයාම සඳහා විය. එමෙන්ම අවසාන තුනෙන් එක සමාන්තර චලනයක් අපේක්ෂා කලේය. ඇතැම් අවස්ථාවලදී එය ඉතා නිවැරදිව බවට පත් වූ "නොපැහැදිලි" අනාවැකියක් විය. මුලදී, යුගලය ඉතා පටු කලාපයක, පොයින්ට් 15 ක් පමණ පළලින් යුක්ත විය. ඉන්පසු යුගලය ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගත් අතර යුගලය 112.40 මට්ටම දක්වා ඉහළ නැගුණි. ඉන්පසු යුවාන් (USD/CNY) සමග යුගලය පහත වැටීම හේතුවෙන් ඩොලරය ජපන් යෙන්ට එරෙහිවද පහල ගිය අතර 111.35 දක්වා අඩුවිය. ඉන්පසුව, යුගලය 111.60 දක්වා පැමිණි අතර සතිය තුල පොයින්ට් 30 ක් පමණ අහිමි විය;
  • ක්රිප්ටෝ මුදල්. බොහෝ වාර ගණනක් සඳහන් කර ඇති පරිදි, ක්‍රිප්ටෝ මුදල් හි චලන ප්‍රවණතා, ප්‍රවෘත්ති පසුබිම මත වෙනස් වේ. ඒ අතරම, ප්‍රවීණයන්ගෙන් 65% ක් විශ්වාස කළේ ධනාත්මක ප්‍රවෘත්ති සමග පවා, නුදුරු අනාගතයේ දී $5,500 ක ප්‍රතිරෝධය හරහා බිඳී යාමට BTC/USD අසමත් වනු ඇති බවයි. ප්‍රවෘත්ති පසුබිම වඩාත් නරක අතට හැරෙන විට, යුගලයේ පහතයාම $4,600 දක්වා වනු ඇත.
    සාමාන්‍යයෙන්, මෙම අනාවැකිය නිවැරදි ලෙස සැලකිය හැකිය. සතියේ මැද භාගයේ දී යුගලය ඉහළ සීමාව තහවුරු කර ගැනීමට උත්සාහ කළ අතර, යුගලය යම් කාලසීමාවකට $5,650 හි රැඳී සිටියේය. කෙසේ වෙතත්, අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා දින, නිව්යෝක් නීතිපති කාර්යාලය විසින්, ආයතනික හා සේවාදායක අරමුදල්වලින් ඩොලර් මිලියන 850 ක් අතුරුදහන්වීම පිලිබඳ බිට්ෆිනෙක්ස් ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවට චෝදනා එල්ල කල අතර එම පුවතත් සමග ක්‍රිප්ටෝ වෙළඳපොල පහත ගියේය. සමහර හුවමාරු කිරීම්වල දී BTC මිල $4,600 දක්වා අඩු වී ඇති අතර බිට්ෆිනෙක්ස් හි බිඳ වැටීම $5,065 හි දී නතර විය.
    විනිමය කළමනාකරණය විසින් පාඩු ලැබීම ප්‍රතික්ෂේප කරයි. ඔවුනට අනුව මෙම අරමුදල් අහිමි වී නැති නමුත්, රාජසන්තක කර ඇත. මෙම හුවමාරුව එම අරමුදල් ආපසු ලබා දීමට උත්සාහ කරන අතර ඔවුන්ගේ හොඳ නාමය ආරක්ෂා කිරීමට කටයුතු කරයි. මෙම සාපරාධී කතාවේ අවසානය තවමත් අධ්‍යනය කල යුතුය. මේ අතරතුර, යුගලය සතියේ ආරම්භක මට්ටමට එනම් $5,370 කලාපයට ආපසු ගොස් තිබේ.
    බිට්කොයින් මෙන් නොව, බිඳවැටීමෙන් පසු අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල්, අහිමි වූ තත්වය සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කිරීමට නොහැකි විය. එතිරියම් (ETH/USD) සතියේ දී 9.5% ක් පමණ අහිමි විය. ලයිට්කොයින් (LTC/USD) 11.0% කින් අඩු විය. රිප්ල් (XRP/USD) 10.4% පමණ අහිමි විය.

 

ප්රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්රස්ථාරික විශ්ලේෂණ ක්රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. එක්සත් ජනපද ආර්ථිකයේ සාපේක්ෂ වශයෙන් හොඳ කාර්ය සාධනය සහ යුරෝ කලාපීය ආර්ථිකය හා විශේෂයෙන්ම ජර්මනිය පිලිබඳව, ගෝලීය ආර්ථික හා දේශපාලනික අවදානම්වලින් ආරක්ෂා කිරීමක් ලෙස ඩොලරය දෙස අවධානය යොමු කිරීම සඳහා ආයෝජකයින්ට බලකර සිටියි. මේ අනුව, අප්‍රේල් 28 වන දින හදිසි පාර්ලිමේන්තු මැතිවරනයක් ස්පාඤ්ඤයේ පැවැත්වෙනු ඇති අතර, මාසයක් තුළ බ්‍රික්ස්ට් ගැටලුවත් සමගින් යුරෝපීය පාර්ලිමේන්තුව මැතිවරණයකට මුහුණ දෙනු ඇත. මෙම සිදුවීම්වල ප්‍රතිපලයන් හි දෙගිඩියාව, යුරෝව වෙත බලපෑම් ඇති කරයි.
    එක්සත් ජනපදය සම්බන්ධයෙන් කතා කරන විට, මෙහි වෙලඳපොල, ෆෙඩරල දෙස අවධානය කල යුතුය, මන්දයත් ඊළඟ රැස්වීම මැයි 1 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙහි දී පොලී අනුපාත අඩු කිරීම පිලිබඳ අවධානය යොමු විය යුතුය. ඉදිරි සතියේ අනෙකුත් සිද්ධීන් අතර, අප්‍රේල් 29 වන සඳුදා එක්සත් ජනපදයේ උද්ධමනය පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධ කිරීම සැලකිල්ලට ගත යුතුය. යුරෝ කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය සහ ජර්මනියේ පාරිභෝගික මිල දර්ශකයේ (HICP) දත්ත අඟහරුවාදා නිකුත් වීමට නියමිතය. එමෙන්ම යුරෝ කලාපීය පාරිභෝගික වෙළඳපොළ දත්ත සහ එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ දත්ත මැයි මස 3 වැනි සිකුරාදා නිකුත් වීමට නියමිතය.
    පසුගිය සතියේ, EUR/USD යුගලය 1.1110 මට්ටම දක්වා පහත වැටී ඇති අතර, එය 2019 වර්ෂයේ අවම අගය පමණක් නොව, 2017 මැද භාගයේ සිට අවම අගයයි. විශ්ලේෂකයින්ගෙන් 75% ක්, දවසේ කාලරාමුව මත දර්ශකයන් 90% කින් පෙන්නුම් කරන්නේ පහත වැටීම මෙහි නතර නොවනු ඇති අතර, යුගලය 1.1080 කලාපයේ පහළ යන කලාපයේ පහළ සීමාව කරා ළඟා විය හැකිය, ඉන්පසු ඊටත් අඩු කලාපයක් වන 1.0970-1.1030 කලාපය දක්වා පැමිණිය හැකිය.
    විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 25% ට අනුව යුගලය 1.1175 මධ්‍ය ලක්ෂ්‍ය කර ගනිමින් සුළු කාලයක් 1.1110-1.1250 ක කලාපය තුළ පවතින බව විශ්වාස කෙරේ. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය හා දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 10% ක් යුගලයේ විකුණුම් වැඩි වන බව සංඥා කරයි.
    මධ්‍ය කාලීන අනාවැකිවලට අනුව, යුගලය 1.1400-1.1600 කලාපයට නැවත පැමිණෙන බව විශ්වාස කරන්නන්ගේ සංඛ්‍යාව 55% කි;

2019 අප්රේල් 29 සිට මැයි 03 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මෙම යුගලය 1.2975 මධ්‍ය කාලීන ආධාරක මට්ටමෙන් බිඳී ගොස් ඇති අතර, විශ්ලේෂකයින්ගෙන් 90% ක්, දවසේ කාලරාමුවෙහි දර්ශකයන් සහ 100% ක් වන ඔස්කිලේටර් වලට අනුව එය නියත වශයෙන්ම අප්‍රේල් 25 වන දින අවම අගය එනම් 1.2865 ට පහත යන අතර එය සාර්ථක වුවහොත්, 1.2770-1.2830 කලාපය දක්වා තවදුරටත් අඩුවනු ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රතිවිරුද්ධ මතයක්, විශ්ලේෂකයින්ගෙන් 10% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ආසන්න ඉලක්කය ලෙස 1.2985-1.3015 කලාපය පෙන්නුම් කරයි. ඊලඟ ප්‍රතිරෝධය 1.3065 වේ.
    පෙර මෙන්, 60% ක විශේෂඥයන් විසින් එංගලන්ත මහ බැංකුව මධ්‍ය කාලීනව පොලී අනුපාත ඉහල නැංවනු ඇතැයි අපේක්ෂා කරයි. එහි ප්‍රතිපලයක් වශයෙන් බ්‍රිතාන්‍ය මුදල ශක්තිමත් කරනු ඇත. නියාමකයේ ඊළඟ රැස්වීම මැයි 02 බ්‍රහස්පතින්දා පැවැත්වේ;
  • USD/JPY. මෙම යුගලයේ චලනය ගැන තවමත් පැහැදිලි නැත. විද්වතුන්ගේ අදහස් සමාන ලෙස බෙදී ඇත. කුඩා වාසියක් (55%) ඉහළයාම සමඟ වන අතර එය 112.00 ක මට්ටමකට ගෙන ඒමට හැකි වන ඇත. එමෙන්ම අප්‍රේල් 24 උපරිම අගය වූ 112.40 දක්වා ඉහල යා හැකිය.
    විශ්ලේෂකයින්ගෙන් 45% ක් හා පැය හතරේ කාලරාමුව මත දර්ශක එම මතය සමග එකඟ නොවන අතර, ඔවුන් විශ්වාස කරන්නේ ඩොලරය දිගටම පහත වැටෙනු ඇති බවයි. ඔවුනට අනුව, යුගලය පළමුවෙන්ම 111.35 මට්ටමටත් පසුව 110.85 දක්වාත් පහල යනු ඇත;
  • ක්රිප්ටෝ මුදල්. අවිනිශ්චිත තත්වයක් තුළ විද්වතුන් සමාන කඳවුරු තුනකට බෙදා ඇත: පහතයාම (බිට්කොයින් ඉලක්කය $4,800 කි), ඉහළයාම (ඉලක්කය $5,700 කි) සහ සමාන්තර චලනය (මධ්‍ය අගය $5,300 වේ). ඒ සමගම, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 70% ක් විශ්වාස කරන්නේ BTC/USD යුගලය $6,000 කට වඩා ඉහල යනු ඇති බවයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න