2019 April 20

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. බොහෝ විද්වතුන් (65%) අපේක්ෂා කළේ යුගලය පහත වැටෙනු ඇති බවයි. මෙම අනාවැකියට සහය ලබා දෙමින් ඔස්කිලේටර් තුනෙන් එකක් සංඥා කලේ යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවයි. ඒ අනුව පසුගිය සතියේ යුගලයේ උච්චාවචනය පොයින්ට් 100 ක් පමණ වූ අතර අවම අගය 1.1225 විය.
    මැයි 18 බ්‍රහස්පතින්දා යුරෝව පහත වැටීම සඳහා ප්‍රධානතම හේතුව වුයේ යුරෝ කලාපයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ වෙළඳපළ දත්ත හා ඇමරිකා එක්සත් ජනපදයේ සිල්ලර වෙළඳාම පිළිබඳ දත්ත ඩොලරයට හිතකාමී තත්වයක් ඇතිවීමයි.
    සිකුරාදා සවස් වන විට යුරෝපීය මුදල අහිමි වූ තම තත්වය ලබා ගැනීමට සමත් වූ අතර යුගලය 1.1240 දී සතිය අවසන් කළේය;
  • GBP/USD. මෙම යුගලය තරමක් විශාල උච්චවචනයක් පසුගිය සතියේදී පෙන්නුම් කළේය- පොයින්ට් 140 ක්. ඒ අතරම, විශේෂඥයින් විසින් එය පහත යා යුතු බව පෙන්වා දෙන ලදී. සත්‍ය වශයෙන්ම, යුගලය 1.2985 ට ලඟා වීමත් සමඟ නැවත 1.2978 ආධාරක අගය දක්වා පහතට ගමන් කළේය. එම අගය දැනටමත් මාස දෙකක් තිස්සේ බිඳ දැමීමට කල උත්සාහයන් අසාර්ථක වී ඇත;    
  • USD/JPY. සමහර විශේෂඥයින් විසින් මෙම යුගලයේ වර්ධනය අපේක්ෂා කළහ. ඇතැම් අය එය පහත වැටෙනු ඇතැයි සිතූහ. කෙසේ වෙතත්, උපරිම සතියේ උපරිම උච්චාවචනය පොයින්ට් 40ක් පමණක් විය. යුගලය, 112.00 ට සතිය ආරම්භ කල අතර 111.92 දී සතිය අවසන් කළේය. ඒ අනුව සතිය පුරා යුගලය සමාන්තර චලනයක් පෙන්නුම් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. අප බොහෝ වාරයක් සඳහන් කර ඇති පරිදි, ක්‍රිප්ටෝ මුදල්, ප්‍රවෘත්ති වෙත ඉක්මනින් ප්‍රතිචාර දක්වති. ඒ අනුව පසුගිය සතියේ වාර්තා වූ පුවත් පසුබිම තුල ක්‍රිප්ටෝ මුදල් සුළු වශයෙන් ධනාත්මක විය. ක්‍රිප්ටෝ මුදල් හි ප්‍රධානියා වන බිට්කොයින් විසින් වර්ධනයක් පෙන්නුම් කරන ලදි. නිදසුනක් ලෙස ජේපීමෝර්ගන් හි හිටපු මුල්‍ය විශ්ලේෂකයෙකු සහ ෆන්ඩ්ස්ට්‍රාට් ග්ලෝබල් උපදේශකයින්ගේ සම-නිර්මාතෘ වන ටොම් ලී  පවසනුයේ මෙම වසන්තයේ පළමු ක්‍රිප්ටෝ චලිතයේ සාර්ථකත්වය අනුව බිට්කොයින් අනුපාතය වසර පුරා වර්ධනය වන අතර වසර අවසානයේදී එය $10,000 කට ලඟා වනු ඇති බවයි. BitMEX හුවමාරුවේ ප්‍රධානියා වන ආතර් හේස් ට අනුව, වසර කීපයක් තුළ BTC/USD යුගලයේ අගයන් $50,000 ක් පමණ වනු ඇති බව පවසයි. සතියේ ප්‍රධාන ධනාත්මක ප්‍රවෘත්තිය වූයේ, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව අභ්‍යන්තර ක්‍රිප්ටෝ මුදල් දියත් කළ බවය. දැනට එය ඔවුන්ගේ සේවකයන්ගේ අධ්‍යාපන අරමුණු සඳහා පමණක් භාවිතා වේ. එහෙත්, ඔවුන් පවසන පරිදි, පළමු පියවර ඉතාමත්ම අපහසුය.
    අපගේ අනාවැකි අනුව, එය 100% ක් සත්‍ය විය: සම්මත ක්‍රිප්ටෝ මුදල් යුගලය සතිය තුල 3.5% ක වර්ධනයක් ඇත කර ගත් අතර $4,975-5,370 ක පරාසයක පැවතුනි. එතීරියම් (ETH/USD) සහ ලයිට්කොයින් (LTC/USD) 4% ක වැඩිවීමක් පෙන්නුම්න කල මුත් රිපල් (XRP/USD) වර්ධනය වුයේ 2% කින් පමණි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ලෝක ආර්ථිකය අවපාතයට ගමන් කරමින් අතර යුරෝපය පිලිබඳ සැලකීමේදී, යුරෝපා සංගම් නායකයින් මෙම අයහපත් ප්‍රවණතාවයන්ගෙන් මිදෙනු ඇත්තේ කෙසේද යන්න මත යුරෝපයේ ආර්ථික තත්වය රඳා පවතිනු ඇත. නමුත් ඊසිබි හි ආර්ථික තත්වය ස්ථාවර කර ගැනීම සඳහා යුරෝපා සංගමය ක්‍රියා කරන ආකාරය පමණක් ම වැදගත් නොවනු ඇති අතර, උදාහරණයක් ලෙස, එක්සත් ජනපද-චීන වෙළඳ සම්බදතා කෙසේ අවසන් වනු ඇතිද යන්න සහ ඉන් පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් කෙසේ හැසිරෙනු ඇත්ද යන්න මත එය තීරණය වනු ඇත. බොහෝ ආර්ථික විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ අද වන විට ගෝලීය ආර්ථික අවපාතය හා ඇතිවිය හැකි අනෙකුත් බාහිර ප්‍රහාර සඳහා යුරෝපය සූදානම් වන බවයි.
    පසුගිය සතියේ යුරෝව නැවතත් සති 15ක පහළ යාමේ කලාපය තුලට ගෙන ආවේය. ඒ අනුව 70% ක් වන විශේෂඥයින් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පෙන්නුම් කරන්නේ මෙම යුගලය ක්‍රමයෙන් පහත වැටෙනු ඇති බවත් 2019 අවම අගයන් සහිත කලාපය වූ 1.1175-1.1185 දක්වා යුගලය පහත වැටෙනු ඇති බවත්ය. විශ්ලේෂකයින්ගෙන් 30% ක් පමණ මෙම යුගලය 1.1325 දක්වා නැවත පැමිණීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ සමග ම, එක්සත් ජනපදයේ දදේනි පිලිබඳ දත්ත කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එය අප්‍රේල් 26 වන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අනාවැකි වලට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 1.8% ක් වනු ඇති අතර එය මිට පෙර 2.2% ලෙස සටහන් විය. මෙම අනාවැකිය නිවැරදි නම්, ඉහළයාමේ මීළඟ ඉලක්කය 1.1420 වනු ඇත;
  • GBP/USD. මෙම යුගලය පසුගිය දින පහ පුරාවටම 1.2975 ආධාරක මට්ටම සම්පූර්ණ කරන ලද අතර දැනටමත් සති අටක් තිස්සේ එය බිඳ දැමීමට උත්සාහ කර ඇත. බොහෝ ප්‍රවීණයන් (75%) එය සාර්ථක වනු ඇතැයි විශ්වාස කරන අතර යුගලයට 1.2770-1.2830 කලාපයට යා හැකි වනු ඇත. කෙසේ වෙතත්, සමහර විශ්ලේෂකයින් බලාපොරොත්තු වන්නේ ඊසීබී හා එක්සත් ජනපද ෆෙඩරලයේ පැවසීම් මධ්‍යයේ වුවද, එංගලන්ත මහ බැංකුව පොලී අනුපාත ඉහල නැංවීමට තීරණය කරනු ඇති බවයි. බ්‍රික්ස්ට් ප්‍රමාදය තවදුරටත් යුගලයට බල පෑ හැකි බව තවකෙකුට ප්‍රකාශ කල හැකිය. මේ සියලු කරුණු එකට ගත් විට, මෙම යුගලය 1.3100 ට වඩා ඉහළට පැමිනීමක් අපේක්ෂා කරයි. ආසන්නතම ප්‍රතිරෝධතා මට්ටම් 1.3130 සහ 1.3200 වේ. ලබන සතියේදී මෙය සිදු වනු ඇති බවට අපේක්ෂා පල කරන්නේ විශ්ලේෂකයින්ගෙන් 25% ක් පමණි. එහෙත්, මාසික අනාවැකිය වෙත යොමු වන විට, විශේෂඥයන්ගෙන් 60% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය යුගලයේ ඉහළයාම සඳහා සහය ලබා දෙයි. ඔස්කිලේටර් කියවීම් වලට අනුව, ඔවුන්ගෙන් 15% ක් යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා කරයි. එමගින් අදහස් වන්නේ, දිශාව සම්පූර්ණයෙන්ම ආපසු හැරවීම නොවේ නම්, අඩුම තරමේ ඉක්මන් නිවැරදි කිරීමක් බලාපොරොත්තු විය හැකි බවයි;

2019 අප්‍රේල් 22 සිට 26 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. අප්‍රේල් 25 වන බ්‍රහස්පතින්දා ජපාන මහ බැංකුවේ පොලී අනුපාත තීරණය සහ ප්‍රවෘත්ති සාකච්ඡාව දෙස අපි බලා සිටිමු. කෙසේවෙතත්, මෙම සිදුවීම් දෙකටම කිසිදු පුදුම සහගත තත්වයක් ඉදිරිපත් කිරීමට අපහසු වනු ඇත. ඊලඟ දින පහ තුළ එහි හැසිරීම් පිළිබඳ විශ්ලේෂකයින්ගේ මතයන් සමානව බෙදා වෙන් කර තිබේ. තුනෙන් එකක් එහි වර්ධනය සඳහා වන අතර, තවත් තුනෙන් එකක් එහි පහතයාම සඳහා වෙයි. එමෙන්ම අවසාන තුනෙන් එක සමාන්තර චලනයක් අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, දිගුකාලීනව, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ විශේෂඥයින්ගෙන් 65% ක්, යුගල පහතයාම සඳහා සහය ලබා දෙයි. 25% ක් වන ඔස්කිලේටර් යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවට සංඥා සපයයි. මේ මොහොතේ, යුගලය මධ්‍ය කාලීන 109.70-112.15 කලාපයේ ඉහළ සීමාව අසල ආපසු හැරවුම් ලක්ෂයේ තවමත් පවතින අතර, යුගලය පහත යන්නේ නම්, ඉලක්ක වනු ඇත්තේ ආධාරක මට්ටම් 110.85, 110.35 සහ කලාපයේ පහළ සීමාව වන 109.70 වේ.
    ජපාන මුදලට සාපේක්ෂව ඩොලරය අඛණ්ඩව වැඩි වේ නම්, එහි ක්‍ෂනික ඉලක්කය112.20-113 කලාපයේ වනු ඇත. ඊළඟ ප්‍රතිරෝධය 113.70 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. වැඩි හෝ අඩු ධනාත්මක ප්‍රවෘත්ති පසුබිමක් සහිත වුවද, ප්‍රවීණයන්ගෙන් 65% ක් ඍනාත්මකව සිටියි. නුදුරු අනාගතයේ දී BTC/USD යුගලයට $5,500 ක ප්‍රතිරෝධය බිඳී යාමට නොහැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. තව දුරටත්, ඔවුන්ගේ අනාවැකිට අනුව, පහත යාම සඳහා මෙම වෙළඳපොළ තුළ යම් වාසියක් ඇත, $4,600 දක්වා. කෙසේ වෙතත් මධ්‍ය කාලීන අනාවැකි වලට මාරුවීමේදී ප්‍රතිපලය ප්‍රතිවිරුද්ධව වෙනස් වන අතර විශ්ලේෂකයින්ගෙන් 60% ක් විශ්වාස කරන්නේ බිට්කොයින් $5,750-5,800 කලාපයේ වනු ඇති බවයි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න