2019 April 13

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. බොහෝ වෙළඳුන් වෙළඳපොලේ අඩු විචල්‍යතාවය පිලිබඳ පැමිණිලි කරති. එහෙත් පසුගිය 10 වන බදාදා යුරෝපීය මහ බැංකුවේ රැස්වීමෙන් පසුව මාරියෝ ඩ්‍රාගීගේ ප්‍රකාශය නිසා පසුගිය සතිය තුල යුරෝවට ඩොලරය වෙතින් පොයින්ට් 100 ක් ආපසු දිනා ගැනීමට හැකි වූ අතර 1.1300 ක ඉතා ශක්තිමත් ආධාරක /ප්‍රතිරෝධී අගයකට ලඟා විය. බ්‍රික්ස්ට් හි ප්‍රමාදය මේ සඳහා බොහෝ විට හේතුව විය හැකිය.
    එහි ප්‍රතිපලයක් වශයෙන්, 40% ක් වන විශ්ලේෂකයින් සහ ඔස්කිලේටර් 20% ක් ලබා දෙන ලද අනාවැකිය නිවරදි විය. ඔවුන්ගේ අනාවැකියේ සඳහන් වුයේ, යුගලය 1.1200 කලාපයේ ආධාරයෙන් තල්ලු කිරීමෙන් පසුව, 1.1255 ක ප්‍රතිරෝධයක් දක්වා ඉහළ ගොස් එහි බිඳ වැටීමකදී 1.1300 ක උසකට ලඟා විය යුතු බවයි. මෙය සැබවින්ම සිදු විය;
  • GBP/USD. විශ්ලේෂකයින්ගේ අති මහත් බහුතරය (65%) බ්‍රිතාන්‍ය මුදල් ශක්තිමත් කිරීම බලාපොරොත්තු විය. යුරෝපීය කවුන්සිලයේ රැස්වීම බ්‍රික්ස්ට් හි දිගු කිරීමකට සහයෝගය දක්වන අතර, එක්සත් රාජධානිය අප්‍රේල් 12 දා ගිවිසුමක් නොමැතිව යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු බව ඔවුන්ගේ අනාවැකියට පදනම් විය. හරියටම සිදුවුණේ එයයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල, බ්‍රික්ස්ට් වෙතින් කිසිදු ගිවිසුමක් නොමැතිව ඉවත් වීම තහනම් කරන ලද නීතියක් සම්මත වූ අතර යුරෝපීය කවුන්සිලය බ්‍රික්ස්ට් මාස හයක් දක්වා ප්‍රමාද කළේය.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය, ප්‍රධාන ප්‍රතිරෝධී කලාපය ලෙස 1.3120 මට්ටම නම් කරන ලද අතර, අප්‍රේල් මස 9 වන අඟහරුවාදා එම අගයට ලඟා විය. එම අගයෙන් තවදුරටත් ඉදිරියට යාමට 3 වරක් උත්සහ කලද එය ජය ගැනීමට අපොහොසත් විය. අවසානයේ දී එය 1.3070 හි දී සතිය අවසන් කළේය;
  • USD/JPY. මධ්‍ය කාලීන 109.70-112.15 කලාපයේ ඉහළ සීමාවට අනිවාර්යයෙන්ම යුගලය ලඟා වන බවට විශේෂඥයින්ගෙන් 85% ක් පසුගිය සතියේදී විශ්වාස කළහ. අප්‍රේල් 12 වන සිකුරාදා එම ඉලක්කයට ළඟා වූ අතර 112.09 දක්වා ඉහළ ගියේය. කෙසේ වෙතත්, මීට පෙර මෙම කලාපයේ මධ්‍ය අගය වෙත යුගලය බැස ගිය අතර එයින් ඉවතට තල්ලු කරමින් පොයින්ට් 115 ක් දක්වා ඉහළ නැගිණි. මෙම යුගලයට එවන් ඉහළයාමක් සහ 'යෙන්'ට එරෙහිව ඩොලරයේ ශක්තිමත් වීම, විශ්ලේෂකයින් පවසන පරිදි, මූලික වශයෙන් දිගුකාලීන එක්සත් ජනපද බැඳුම්කරවල ප්‍රතිලාභ සතියේ අවසන් වැඩ කරන දිනවල දී වැඩිවීම හේතු විය;
  • ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් සඳහා වූ අනාවැකිය 100% කින් නිවැරදි විය. විශ්ලේෂකයින්ගේ 70% ට අනුව, BTC/USD යුගලයේ ප්‍රධාන උච්චාවචනයන් $5,000-5,500 පරාසයක සිදුවිය යුතු බව පසුගිය සතියේ ප්‍රකාශ කල අතර සැබවින්ම බොහෝ අවස්ථා වලදී යුගලය එම කලාපය තුල රැදී පැවතිනි. කෙසේ වෙතත්, විශේෂඥයින් යුගලය $4,800 ට අඩු විය හැකි බවට වූ අනාවැකිය පල කල නමුත් යුගලය එම අගය දක්වා පහතයාමේ ප්‍රයත්නයන් අසාර්ථක විය. සතියේ අවම අගය $4,930 ක් විය. ඒ අනුව යුගලය $ 5,100 හි දී සතිය අවසන් කළේය. 
    අප්‍රේල් 5 වන අඟහරුවාදා බිට්කොයින් බලාපොරොත්තු නොවූ ලෙස $5,100 ක් දක්වා වර්ධනය වීම නිශ්චිතවම සැලකිල්ලට ගත යුතු කරුණකි. මූලික අනාවැකියට අනුව මෙම මිල ඉහළයාමට හේතු වූයේ එක් ආයෝජකයෙකු BTC මිලදී ගැනීම සඳහා මිල ඩොලර් මිලියන 100 ක් ප්‍රධාන හුවමාරු තුනක, Coinbase, Kraken සහ Bitstamp හි ආයෝජනය කිරීමයි. නමුත් මෙලෙස විශාල මුදලක් තනි පුද්ගලයෙකුගේ ආයෝජනය තුල වුවද වෙළඳාමේ ස්ථාවර වර්ධනයක් ඇති කිරීමට ප්‍රමාණවත් හේතුවක් නොවිය හැකිය.
    එතීරියම් (ETH/USD) සමාන්තර චලනයක් පෙන්නුම් කළේය. රිපල් (XRP/USD), ලයිට්කොයින් (LTC/USD), EOS සහ වෙනත් ඉහළ පෙළේ ක්‍රිප්ටෝ මුදල් පහල ගියේය. අප්‍රේල් 11 වන බ්‍රහස්පතින්දා එම යුගලයන් 10% කින් පමණ පහත ගියහ.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක 60% තවමත් කොළ වර්ණයෙන් පෙන්නුම් කර තිබේ නම්, ඔස්කිලේටර් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් රූපයක් පෙන්වයි. ඔවුන්ගෙන් තුනෙන් එකක් අළු පැහැයක් පෙන්නුම් කර ඇති අතර තවත් තුනෙන් එකක් යුගලයේ මිලදී ගැනීම් වැඩි වන බවට දැනටමත් සංඥා කර ඇත. විශේෂඥයන්ගෙන් 65% ක් බලාපොරොත්තු වන්නේ, ක්‍ෂණිකව සිදු නොවුනත් මේ මස අවසානය වන විට නැවතත් යුගලය පහත යනු ඇති බවත් එය ප්‍රථමයෙන් අප්‍රේල් 02 වන දින අවම අගය- 1.1183 දක්වාත් ඊට පසුව මාර්තු 07 දින අවම අගය 1.1175 දක්වාත් පහත යනු ඇති බවයි. ආසන්නතම ආධාරක අගය 1.1250 කි;
    ඒ සමගම, පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය පෙන්වා දෙන්නේ යුගලය දකුණු දිසාවට ගමන් කිරීමට පෙර 1.1300 මට්ටමට ඉහළින් 1.1350 දක්වා කෙටි කාලසීමාවකට ඉහල යනු ඇති බවයි. ඉහළයාම සඳහා වන මීළඟ ඉලක්කය 1.1420 වේ;

2019 අප්‍රේල් 15 සිට 19 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. බ්‍රික්ස්ට් ප්‍රමාදය ඉක්මනින් නතර වනු ඇති බවට ප්‍රවීණයෝ විශ්වාස කරති. ඒ අනුව යුගලය යම් කාලයක් 1.2985-1.3150 කලාපය තුල සමාන්තර චලනයක් පෙන්නුම් කරනු ඇත. ආසන්නතම ආධාරක අගය 1.3050 වේ, ප්‍රතිරෝධී අගය 1.3120 වේ. කෙසේ වෙතත් මධ්‍ය කාලීන අනාවැකි වලට මාරුවන විට, බ්‍රිතාන්‍ය පවුම ශක්තිමත් කිරීම සහ යුගලය 1.3200-1.3350 කලාපය වෙත ඉහළයාම විශ්ලේෂකයින්ගෙන් 60% ක් විශ්වාස කරති. එහෙත් මෙම අනාවැකිවල නිරවද්‍යතාව බ්‍රික්ස්ට් වටා සිදුවන දේ මත රඳා පවතී. එමෙන්ම දෙවන ජනමත විචාරණයක අවදානමක් පවතිනු ඇති අතර කිසියම් ප්‍රවෘත්තියක් හා කටකතාවක් මගින් යුගලය එක් දිශාවකට හෝ තවත් දිශාවකට වේගයෙන් හැරිය හැකි නමුත්, මේ වන විට බ්‍රිතාන්‍ය මුදල් සඳහා ඉල්ලුම ඉතා දුර්වල මට්ටමක පවතී;
  • USD/JPY. ඉහළයාම සඳහා ප්‍රමුඛතාවයක් පවතී: විශේෂඥයින්ගෙන් 70% ක්, ප්‍රවණතා දර්ශකයන්ගෙන් 100% ක් යුගලයේ ඉහල යාම සඳහා සහය දක්වති. ඔවුනට අනුව, අවුරුදු 10 ක එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කරවල ප්‍රතිලාභ අඛණ්ඩව වැඩිවේ නම්, යුගලය 112.00 ක් පමණ වන ආධාරකය මත රඳා පවතිනු ඇති අතර 113.00-114.20 දක්වා වැඩි විය හැකිය..
    කෙසේවෙතත්, මේ මොහොතේ මෙම යුගලය මධ්‍ය කාලින 109.70-112.15 කලාපයේ ඉහළම මායිමෙහි ඇති නමුත් යුගලය පහතට හැරවීමක් අපේක්ෂා කල හැකිය. එය 25% ක් වන ඔස්කිලේටර් මගින් ද පෙන්නුම් කරයි. ආධාරක මට්ටම් 110.85, 110.35 සහ කලාපයේ පහළ සීමාව වන 109.70 වේ. එලබෙන සතිය ආරම්භයේදී එක්සත් ජනපද-ජපාන වෙළඳ සාකච්ඡා ඇරඹීමට නියමිත අතර එමගින් USD/JPY යුගලයේ අගයන්ට බලපෑම් ඇතිවිය හැකිය;
  • අවධානය යොමු කළ යුතු වෙනත් සිදුවීම් අතර පහත දැක්වෙන සිදුවීම් සුවිශේෂී වේ: එක්සත් රාජධානියේ ශ්‍රම වෙලඳපොලේ දත්ත හා ව්‍යාපාර දර්ශකයේ දත්ත (ZEW) (ජර්මනිය) අප්‍රේල් 16 වන අඟහරුවාදා නිකුත් වීමට නියමිතය. චීනයේ දළ දේශීය නිෂ්පාදිතය, එක්සත් රාජධානියේ පාරිභෝගික මිල දර්ශකය හා යුරෝ කලාපයේ උද්ධමන වාර්තාව අප්‍රේල් 17 වන බදාදා නිකුත් වීමට නියමිතය. එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ සිල්ලර විකුණුම් දත්ත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා; සහ අවසාන වශයෙන්, අප්‍රේල් 19 සිකුරාදා ජපානයේ පාරිභෝගික මිල දර්ශකය නිකුත් වීමට නියමිතය;
  • ක්‍රිප්ටෝ මුදල්. සාමාන්යයෙන් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් හි ප්‍රවෘත්ති පසුබිම ඉතා හොඳය. බිට්කොයින් ජාලය තවත් සන්ධිස්ථානයක් ජයගෙන තිබේ. එනම් පළම ක්‍රිප්ටෝ මුදල ඉතිහාසය පුරාවටම මිලියන 400 කට අධික ගනුදෙනු සිදු කර ඇත. මේ මොහොතේ දී, දිනකට 350,000 ක් පමණ ගනුදෙනු සිදු කරයි. සෑම තත්පර 60 ක දීම ගනුදෙනුවන BTC ප්‍රමාණය ආසන්න වශයෙන් 81.5 දහසක් වන අතර සාමාන්ය ගනුදෙනුවක පරිමාණය 5.44 BTC වේ.
    බිට්කොයින් නැවත ඉහළයාමේ ප්‍රවණතාවයක් අත්කර ගෙන ඇති බව මූල්‍ය විශ්ලේෂකයෙකු සහ ෆන්ඩ් ස්ටාර්ට් ග්ලෝබල් උපදේශක සමාගමේ සම නිර්මාතෘ ටොම් ලී බුලූම්බර්ග් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, සෑම කෙනෙකුගේ ආකල්පය එය නොවේ. නිදසුනක් ලෙස කොයින්බේස් හුවමාරුවෙහි ප්‍රධානියා වන බ්‍රයන් ආම්ස්ට්රෝන් විශ්වාස කරන්නේ මෙලෙස ආයෝඡකයින් මහා පරිමාණයේ ක්‍රිප්ටෝ සංචිත ආරම්භ කරනු ලබන්නේ ඩිජිටල් වත්කම් සම්බන්ධිත ප්‍රධාන කාර්යයන් තුනක් විසඳා ගැනීමෙන් පසුව පමණි. ඒවා නම්‍යතාවය, භාවිතයේ හැකියාව සහ බිට්කොයින් හි උච්චාවචනය ලෙස හැඳින් වේ.
    මධ්‍ය කාලීන අනාවැකි ගැන කතා කරන්නේ නම් විශ්ලේෂකයින්ගෙන් බහුතරය (70%) විශ්වාස කරන්නේ BTC/USD යුගලය අනිවාර්යයෙන්ම $6,000 ක් පමණ වන බවයි. කෙසේ වෙතත්, ඉදිරි දින කිහිපය තුල, යුගලය $4,935-5,335 කලාපය තුල ගමන් කරනු ඇති අතර එය එක් දිශාවකට හෝ අනෙක් දිශාව ඔස්සේ මෙම මායිම් බිඳ දැමීමට උත්සහ කිරීමට ඉඩ ඇත. එබැවින්, උච්චාවචනයන් හි පරාසය $4,600-5,500 දක්වා පුළුල් කළ හැකිය.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න