2019 April 6

පළමුව, පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. විශ්ලේෂකයින්ගේ අති විශාල බහුතරයක් (75%), ප්‍රවණතා දර්ශක 100% සහ 90% ක් වන ඔස්කිලේටර්, යුගලය 1.1200 මට්ටම බිද හෙලුනහොත් එය තවදුරටත් පහළ යාමට හැකි වනු ඇති බව පසුගිය සතියේ දී පැවසීය. ආසන්නතම ඉලක්කය 2018-19 දක්වා අවම අගය වූ සහ මාර්තු මස 7 වනදා වාර්තා වූ 1.1175 අගය ලෙස පැවසීය. ඒ සමගම දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සඳහන් කල පරිදි යුගලයට මෙම ආධාරක අගය ජය ගැනීමට නොහැකි වන අතර 1.1340 දක්වා ගමන් කරනු ඇත යනුවෙන් පැවසීය.
    ඒ අනුව සිදු වූයේ මෙයයි. උච්චාවචනයන්හි විහිදීම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු විය: සතියේ අවම අගය 1.1183 වූ අතර ඉහළ අගය 1.1254 විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය සමාන්තර චලනයක් පෙන්නුම් කර ඇත. අප්‍රේල් 5 වන සිකුරාදා නිකුත් කරන ලද එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ වාර්තාව ධනාත්මක වුවද එය ද නොසලකා නොසලකා හැරීමට වෙළදුන් ක්‍රියාකළේය. එබැවින් සාමාන්තර චලනය දිගටම පැවතියේය. සතිය අවසානයේදී යුගලය 1.1215 හි දී සතිය අවසන් කළේය;
  • GBP/USD. මෙම යුගලයේ හැසිරීම බ්‍රික්ස්ට් සම්බන්ද දේශපාලන හා ආර්ථික ප්‍රවෘත්ති මත රඳා පවතී. විපක්ෂ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට තෙරේසා අගමැතිනිය පොරොන්දු වීමත් සමග පවුම ඉහල ගියේය. ඒ අනුව ආයෝජකයෝ සක්‍රියව පවුම් මිලදී ගැනීමට පටන් ගත් අතර, ග්‍රැෆික් විශ්ලේෂණයෙන් අනාවැකි පල කල ඇති පරිදි, එය ඉක්මනින් සති සති පහක 1.2960-1.3350 කලාපයේ මධ්‍ය අගය වන 1.3150 වෙත ලගා විය.
    එහෙත් සාකච්ඡා වටයේ පළමු වටය අසාර්ථක විය. ඒ සමගම ඍණාත්මක පසුබිමක් සහිත පුවත් යුරෝපීය පාර්ලිමේන්තුවේ ලැබීය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම යුගලයේ ප්‍රවණතාවය දින දෙකකට වරක් වෙනස් වී ඇති අතර, (එය ඉහළ නංවාලීම හා කඩා වැටීම් මාලාවක් අත් විඳ ඇත) පසුව සතිය අවසනදී, යුගලය මීට සතියකට පෙර පැවති ස්ථානයේම එනම් 1.3035 හි දී සතිය අවසන් කළේය;
  • USD/JPY. සතියේ ආරම්භයේ දී මෙම යුගලය 109.70-112.15 කලාපයේ මධ්‍ය අගයේ දක්නට ලැබිණි. ගැටලුව වූයේ එය ඉන් පහළට හෝ ඉහළට යනවාද යන්නයි. ප්‍රවීණයන්ගෙන් 35% ක් පමණ එය ඉහල යනු ඇතැයි අනාවැකි පළ කල අතර එක්සත් ජනපද හා චීන වෙලඳාමේ සාර්ථකත්වය පිලිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශයන් හා එක්සත් ජනපද කොටස් වෙලඳපොලෙහි වර්ධනය, යුගලයේ වර්ධනයට හේතු විය. අප්‍රේල් 5 වෙනි සිකුරාදා වන විට 111.80 වූ උපරිමයකට ලඟා වූ අතර පොයින්ට් 10 ක් අඩුවෙන් සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ අපේ අනාවැකියට අනුව, බිට්කොයින් $4,200 සීමාව පසුකර යනු ඇති බවත් 4,200-4,280 ක පරාසය තුල පවතිනු ඇති බවත් සඳහන් කර ඇත. එහෙත් අප්‍රේල්  2 වන අඟහරුවාදා ඉහත ක්‍රිප්ටෝ මුදල අනපේක්ෂිත ලෙස 14.4% කින් ඉහළ ගිය අතර $5,000 මට්ටම පසු කර ගියේය. එය 2017 අග භාගයේ සිට සිදු වූ විශාලතම පිම්මක් විය.
    මෙම ඉහළයාමට හේතුව පිළිබඳව වෙළෙන්ඳෝ පුදුම වන අතර විවිධ හේතුන් ප්‍රකාශ කර ඇත. BCB සමූහයේ ප්‍රධානියා වන ඔලිවර් වොන් ලෑස්බර්ග්-සෙඩේ විසින් රොයිටර් සමග සම්මුඛ සාකච්ඡාවක දී ඉදිරිපත් කල හේතූන් ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ඔහුට අනුව බිට්කොයින් ඉහළ යෑම එක් ආයෝජකයෙකු විසින් සිදු කල ක්‍රියාවක් වන අතර, ප්‍රධාන ක්‍රිප්ටෝ හුවමාරු තුනක් සඳහා, BTC මිලට ගැනීමට ඩොලර් මිලියන 100 ක මුදලක් ලබා දී ඇත. ඒ අනුව මුළු ගනුදෙනු සංඛ්‍යාවේ ප්‍රමාණය BTC 20,000 ක් පමණ වූ අතර, ක්‍රිප්ටෝ වෙළඳපොළ මුළු ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 170 ඉක්ම විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. අප්‍රේල් 10 වන බදාදා මීලඟ ඊසීබීය හි අනුපාත තීරණ ලැබෙන තෙක් අපි බලා සිටිමු. බොහෝ දුරට එය නොවෙනස්ව පවතිනු ඇත. එහෙත් යුරෝපීය නියාමකයා ආර්ථිකය වඩාත් ආක්‍රමනශීලී ලෙස උත්තේජනය කිරීම සඳහා වන විකල්පයන් ගැන ක්‍රියාකාරීව සාකච්ඡා කරන ලදී. මෙය අනුපාත අඩු කිරීම හෝ QE ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහනේ වැඩි වීමක් විය හැකිය. යුරෝපීය සමාගම්වල කොටස් වලට ආයෝජක උනන්දුවක් හා යුරෝපීය මුදල් පිළිබඳ උනන්දුව පහත වැටීමට මෙම ප්‍රවෘත්තිය දායක වනු ඇත. එසේම, බදාදා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිතයේ කමිටු රැස්වීම්වල ප්‍රකාශනය ප්රකාශයට පත් කරනු ඇත.
    නුදුරු අනාගතයේ දී යුරෝපිය මුදල මත වැඩි පීඩනයක් එල්ල කරනු ඇති සාධකය ලෙස බ්‍රික්ස්ට් සඳහන් කල හැකිය. එම නිසා විශේෂඥයින්ගෙන් 60% ක් සහ දර්ශක 100% ක් සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 80% ක් යුගලයේ දුර්වලවීම සඳහා සහය ලබා දී තිබේ. ආසන්නතම ඉලක්කය ලෙස 2019 මාර්තු 07 අවම අගය වූ 1.1175 හැඳින්විය හැකි අතර  මීළඟ ආධාරක අගය ඊට පොයින්ට් 60 ක් පහතින් වේ.
    විශ්ලේෂකයින්ගෙන් 40% ක් යුගලය ඉහල යනු ඇතැයි අපේක්ෂා කරති. එපමණක්ද නොව, දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 20% ක් සංඥා කරන්නේ යුගලයේ විකුණුම් ඉහල යනු ඇති බවයි. ඔවුන්ගේ අදහසට අනුව යුගලය 1.1200 ආධාරක අගයට තල්ලු කිරීමෙන් පසුව 1.1255 ක ප්‍රතිරෝධී අගයක් දක්වා ඉහළ යනු ඇත. එම මට්ටමද බිඳහෙලියහොත් යුගලය 1.1300 දක්වා තවදුරටත් ඉහළට ගමන් කරයි. මීලඟ ප්‍රතිරෝධය 1.1345 හි වේ.
  • GBP/USD. බ්‍රික්ස්ට් යුරෝවට ඍණාත්මක බලපෑමක් ඇති කරන බව බොහෝ විද්වතුන් විශ්වාස කරන නමුත් පවුම පිලිබඳ අදහස් ප්‍රතිවිරුද්ධය. විශ්ලේෂකයින්ගෙන් 65% ක් ඉදිරි සතියේ බ්‍රිතාන්‍ය මුදල් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරති. අප්‍රේල් 10 පැවැත්වීමට නියමිත යුරෝපීය කවුන්සිලයේ රැස්වීම එම අපේක්ෂාවට හේතු වේ. බ්‍රිතාන්‍ය යුරෝපිය සංගමයෙන් ගිවිසුමකින් තොරව ඉවත්වීම අප්‍රේල් 12 වන දා සිදු නොවනු ඇත. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය එයට සහය දක්වන අතර යුගලයේ වර්ධනය පෙන්නුම් කරයි. ඒ අනුව මෙම යුගලය ප්‍රථමයෙන් 1.3120 කලාපයටත් පසුව, 1.3200 හා 1.3265 මට්ටම් වලටත් වර්ධනය වනු ඇත.   
    විශ්ලේෂකයින්ගෙන් 35% ක් සහ දර්ශක 90% කින් යුගලයේ පහත වැටීම අපේක්ෂා කෙරේ. ඒ සමඟම, ඔස්කිලේටර් 10% ක් දැනටමත් සංඥා කරන්නේ යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවයි. මෙය මෙම යුගලයේ අනාගතය පිළිබඳ වෙළඳුන්ගේ සැකයන් පිළිබිඹු කරයි. ආධාරක මට්ටම් 1.2975, 1.2900 සහ 1.2830 වේ; 
  • USD/JPY. පසුගිය සති දෙක පුරා මෙම යුගලය 109.70-112.15 කලාපය හරහා ගමන් කොට එහි උපරිම සීමාවට ආසන්න වූ අතර සතිය අවසන් වන විට 111.70 හි පසුවිය. විශේෂඥයින්ගෙන් 85% ක් නිසැකවම 112.15 ප්‍රතිරෝධී අගය බලාපොරොත්තු වේ. නමුත් මෙම යුගලයට තවදුරටත් ඉහල නැඟීමට සහ 113.00 මට්ටමට ළඟා විය හැකි බව විශ්වාස කරන ප්‍රමාණය 35% ක් පමණි. එමනිසා, මෙම කලාපයේ ඉහළ සීමාව ඉක්මවා යුගලය ඉහලට යෑමේ ඇති සම්භාවිතාව ප්‍රමාණවත් නොවේ. දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 25% ක් මිලදී ගැනීම් වැඩි වනු ඇතැයි පෙන්නුම් කරයි. කලාපයේ සිටින අතර, මෙය එකඟ වේ. මූලික ආධාරක අගය කලාපයේ මධ්‍ය අගය වන 110.80 වේ;

2019 අප්රේල් 08 සිට 12 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. අනපේක්ෂිත බිට්කොයින් පුවතක් සමග සෑම ආකාරයකම සිද්ධීන් හා කටකතා රැල්ලක් ආරම්භ විය. මේ අනුව, බිට්කොයින් හි නිර්මාතෘ සටෝෂි නකමොටෝ නැවතත් කරලියට පැමිණ තිබේ. වසර ගණනාවක් තිස්සේ අක්‍රීය වී ඇති Bitcointalk ගිණුම නැවත ක්‍රියාත්මක කර ඇත. පසුගිය වසර දහය තුළ සටෝෂි අනන්‍යතාව හෙළිදරව් කර නැත. ඒ අනුව මෙම ආවරණ යට සැඟවිය හැක්කේ කවරෙකුටද යන්න පිළිබඳ විවිධ උපකල්පන ඇත. මේ අනුව, විශාල පරිගණක ක්‍රිප්ටෝ හුවමාරු කීපයක් හැක් ලද හැකර් කන්ඩායම් විශ්වාස කරන්නේ ඔහු ඇමරිකානු ව්‍යවසායයෙකු, නව නිපැයුම්කරු සහ ඉංජිනේරුවෙකු වන ඉලන් මස්ක් බවයි. ඔවුන්ගේ මතයට අනුව, ලොස් ඇන්ජලීස්හි බෙල් ගුවන් අසල්වැසි ප්‍රදේශයෙන් ක්‍රිප්ටෝ හි විශාලතම ගනුදෙනු සිදු කරන ලදී (සමහරවිට අවසන් වරට වූ ඩොලර් මිලියන 100 ක ගනුදෙනුව ඇතුළුව). තවද, SpaceX සහ ටෙස්ලා පුරාවෘත නිර්මාතෘ වසර ගණනාවක් තිස්සේ ජීවත් වී ඇත.
    අනාවැකියට අනුව, ඉදිරි සතිය තුළ BTC/USD යුගලයේ ප්‍රධාන උච්චාවචනයන් $5,000-5,500 පරාසයක සිදුවන බව විශ්ලේෂකයින් විශ්වාස කරයි. කෙසේවෙතත්, ඉතිරි 30% ක් විශ්වාස කරන්නේ එක් ආයෝජකයෙකු විසින් බිට්කොයින් එක් වරක් මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 100 ක් භාවිතා කලද එය ස්ථාවර ඍජු ප්‍රවනතාවක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් හේතුවක් නොවන බවයි. ඒ නිසා මෙම යුගලය $4,800 ක් පමණ අඩු වීමට ඉඩ ඇත. මෙම අවස්ථාවෙහිදී, ප්‍රතිරෝධයේ ප්‍රධාන මට්ටම වනුයේ $ 5,100 ක් පමණි.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited. Trading in financial markets is risky and can lead to a complete loss of deposited funds.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න