2019 February 23

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. සතියකට, මාසයකට, මාස දෙකකට හෝ තුනකට පෙර පැවති ස්ථානයේම පසුගිය සතිය පුරා යුගලය රැඳී සිටියේය. දුර්ලභ කෙටි කාලපරිච්ඡේද හැරුණු විට, යුගලයේ මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපය තුල ගමන් කළේය. මෙම ප්‍රමාණය අන්ත ලක්ෂය දක්වා ව්‍යාප්ත කර ඇත්නම්, එය සුළු වශයෙන් පුළුල් වනු ඇත: 1.1215-1.1570.
    මෙය බ්‍රික්ස්ට් සහ එක්සත් ජනපද-චීන සාකච්ඡාවල අපැහැදිලිතාවයක් හේතුවෙන් ඇති විය. ඊට අමතරව එක් අතකින්, පොලී අනුපාත ඉහළ නැංවීම සඳහා ෆෙඩරල් මහ බැංකුවේ අභිලාෂයත් සහ අනෙක් අතට, ජර්මනියේ හා යුරෝ කලාපයේ ආර්ථිකය පිලිබඳ දුර්වල සංඛ්යා ලේඛන ද ඒ සඳහා හේතු විය. ඩොලරය වර්ධනය වීමත් සමඟම, ඊසීබී මගින් LTRO (දිගුකාලීන ප්‍රතිමූල්යතා මෙහෙයුම) ආරම්භ කරනු ඇති බවට කටකතාවක් පැතිර ගිය අතර විශ්ලේෂකයින් විසින් එක්සත් ජනපදයේ මුදල් මිලදී ගැනීම් වැඩි වනු ඇති බව පැවසිය. එම තත්වයන් යුරෝවට පක්ෂපාති විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියේ ඉහත කලාපයේ පහල සිමාව බිදී හෙලීමට අසමත් වූ අතර යුගලය 1.1335 හි දී සතිය අවසන් කළේය;
  • GBP/USD. ව්‍යාකූල බ්‍රික්ස්ට් සම්බන්දව නිරන්තරව කථා කළත්, පෙබරවාරි 19 වන අඟහරුවාදා, 'පවුම' කැපී පෙනෙන වර්ධනයක් පෙන්වීය. එක්සත් රාජධානියේ ණය ශ්‍රේණිය පහළ දැමීමේ හැකියාව පිලිබඳ ෆිච්ගේ අනතුරු ඇඟවීමට එම ඉහළයාම නැවැත්විය නොහැකි විය. 1.3000 තීරණාත්මක මට්ටමෙන් ඉහළට යෑමෙන් පසුව පවුම තවත් පොයින්ට් 100 කින් ඉහල ගියේය. පසුව නැවතත් එම යුගලය 1.3000 ක්ෂිතිජය ඔස්සේ ඉදිරියට ගමන් කරන අතර මධ්‍යම රාත්‍රීයේ දී 1.3050 අගයට පැමිණ සතිය අවසන් කළේය;
  • USD/JPY. සතිය තුළදී, විශේෂඥයන් විසින් SP500 දර්ශකයේ බිඳ වැටීම, ජපන් මුදල් ඒකකයේ හැසිරීම කෙරෙහි බලපානු ඇත්තේ කෙසේද යන්න පසුගිය සතියේදී සාකච්චා කළහ. එක්සත් ජනපද-චීන සාකච්ඡාවල ඊලඟ අදියරේ වැඩ කටයුතු අවසන් වන්නේ කෙසේද? වසර 10 ක එක්සත් ජනපද හා ජපාන රජයේ බැඳුම්කරවල ප්‍රතිලාභ යුගලයට සහාය වනු ඇත්ද?
    USD/JPY ප්‍රස්ථාරය දෙස බලන කල, මෙම සියලු සාධකවලදී වෙළඳපොළ ප්‍රතික්‍රියාකාරීත්වය මන්දගාමී වූ ආකාරය දැක ගත හැකිය. ඉහළයාමට කුඩා වාසියක් ලබා දෙමින් යුගලය 110.45-110.95 ඉතා පටු කලාපය තුල පසුගිය සතියේ දී යුගලය ගමන් කල අතර සතියේ අවසන් වන විට එම කලාපයේ මධ්‍ය අගයට පැමිණ 110.66 හි දී සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. එක්සත් ජනපද බැංකු වලින් ප්‍රථමයෙන්ම ජේපී මෝගන් විසින් ප්‍රධාන මූල්‍ය ආයතන සමඟ අන්‍යෝන්‍ය බේරුම්කරණයන්හි භාවිතා කිරීමට සැලසුම් කරන ලද JPM කොයිනය නම් ඩිජිටල් කොයිනය නිර්මාණය කර සාර්ථකව අත්හදා බැලූ ප්‍රවෘත්තිය පසුගිය දින 7 පුරා වෙළඳපළට බලපෑම් ඇති කළේය. එමෙන්ම, JPM කොයින් යනු සත්‍ය වශයෙන්ම ක්‍රිප්ටෝ මුදල් තරගකාරිත්වයට තරඟකරුවෙකු වූ අතර  බිට්කොයින් හි අගයන් ඉහල ගියේය. ඩේටාලයිට් විශ්ලේෂකයෝ නිගමනය කළේ, බිට්කොයින්ගේ මිල වැඩි වීමත් සමඟ, එහි ගනුදෙනු ප්‍රමාණය 2018 අප්‍රේල් හි ගනුදෙනු ප්‍රමාණය දක්වා ඉහල ගියේය.
    කෙසේවෙතත්, මෙම ධනාත්මක ප්‍රවණතාවය මගින් ක්‍රිප්ටෝ වෙළඳපොලේ ස්ථාවර වර්ධනයක ආරම්භය පෙන්නුම් කරන්නේ නැත. පසුගිය සිකුරාදා පටන් එහි ප්‍රමාණය 10% ක් පමණ වැඩිවිය. කෙසේ වෙතත් BTC $4,000 මට්ටමට ළඟා වූ පසු, යුගලයේ වර්ධනය මත බොහෝ වෙළෙන්දන් ලාභ ලබා ගැනීමට තීරණය කළ නිසා එහි ප්‍රාග්ධනීකරණය 2% කින් අඩු වී යුගලය $3,700 ට පැමිණියේය.
    බිට්කොයින් හි වෙළදපොල කොටස් 58% කටත් වඩා වැඩි බව සැලකිය යුතුය. අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් සඳහා 2018 මැයි මාසයේ සිට ඔවුන්ගේ වෙළඳපල කොටස් ප්‍රමාණය අඛණ්ඩව අඩු වේ. මේ අනුව, අද, රිපල් (XRP/USD) 11.52%, එතීරියම් (ETH/USD) - 9%, ලයිට්කොයින් (LTC/USD) - 1.51% ක් පමණි. නමුත් සතිපතා උච්චාවචනයන් සැලකීමේදී, වෙළඳුන්ට ඉතා ආකර්ශනීය, රිපල් 25% ක් සහ එතීරියම් 22% ක් පෙන්නුම් කර ඇත.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. එළඹෙන සතියේ දී වැදගත් සාර්ව ආර්ථීක දත්ත නිකුත් කිරීමටත්, ලෝක ආර්ථිකයේ දේශපාලඥයින් හා ප්‍රධාන පුද්ගලයන් විසින් වැදගත් කතා පැවැත්වීමටත් නියමිතය. මේ අනුව, පෙබරවාරි 26 වෙනිදා එක්සත් ජනපද කොංග්රසයේ දී ෆෙඩරල් ප්‍රධානී ජෙරොම් පවෙල්ගේ කතාව දෙස වෙළඳපොල බලාසිටිනු ඇත. තවද, ෆෙඩරල් අනුපාතය ඉහල දැමීමට ඉක්මන් නොවන බව ඔහු පැහැදිලි කරයි නම්, එය බොහෝ විට එක්සත් ජනපද මුදල වෙත පීඩනයක් එක් කරනු ඇත.
    කෙසේවෙතත්, විශ්ලේෂකයින්ගෙන් 30% ක් අපේක්ෂා කරන්නේ යුගලය 1.1400 කලාපය දක්වා ඉහල යනු ඇති බවත් තවදුරටත් 1.1500 දක්වා ඉහල යා හැකි බවත්ය. නමුත් බොහෝ විද්වතුන් (70%) ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් කරයි. ඔවුනට අනුව යුරෝපීය ආර්ථිකයේ දුර්වලවීමත් එමෙන්ම බ්‍රික්ස්ට් සමග ගැටලුත් ඩොලරයට හිතකර වන අතර, යුගලය 1.1215-1.1240 කලාපය දක්වා පහත යනු ඇති බවය;
  • GBP/USD. එළඹෙන සතියේ ප්‍රවණතාව තීරණය කරනු ලබන ප්‍රධාන සිදුවීම වන්නේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ, 26 වන සඳුදා දින සිදු කිරීමට නියමිත කතාව වන අතර යුරෝපීය සංගමය සමඟ ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම අගහරුවදා දින පැවැත්වීමට නියමිතය. අගමැතිනිය විසින් යෝජනාවලිනිය නැවතත් ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත්, ඇයට ගත හැකි තීරණ දෙකක් ඇත. එනම් ගනුදෙනුවකින් තොරව පිටවීම හෝ බ්‍රික්ස්ට් කල් දැමීම වේ. වෙළඳපොලේ තත්වය විශ්ලේෂණය කිරීමේදී බොහෝ ආයෝජකයින් දෙවන විකල්පය වෙත නැඹුරු වේ. කුමක් වුවත්, ප්‍රවීණයන්ගෙන් 40% ක් පවුම් 1.3000 ආසන්නයේ පවත්වා ගෙන යන අතර, එය තවදුරටත් 1.3200 දක්වා ඉහළ යන බවට අනාවැකි පල කරයි. එමෙන්ම 1.2770-1.2830 කලාපයට යුගලය පහත වැටීම සඳහා සහය දක්වන්නේ විශ්ලේෂකයින්ගෙන් 25% ක් පමණි.
    පවුම් සඳහා අතිරේක සහායක් වනු ඇත්තේ තෙල් මිල ගණන් සමග සෘජුව සම්බන්ධ වන බැවින් "කළු රත්රන්" සඳහා මිල ඉහල යාම මගින්ය.  
  • USD/JPY. ජපානයේ මුදල් තවදුරටත් වර්ධනය වෙමින් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එක්සත් ජනපදයේ ජර්මනියේ අයහපත් සාර්ව ආර්ථික සංඛ්යාලේඛන, යුරෝපය හා චීනය සමග ට්‍රම්ප්ගේ වෙලඳ යුද්ධය, පසුගිය දශක තුන පුරා චීනයේ මන්දගාමී දළ දේශීය නිෂ්පාදිතය ආදී සාධක මගින් ගෝලීය ආර්ථිකය පිලිබඳ බලාපොරොත්තු පිලිබඳව ආයෝඡකයින් අශුභවාදී බවට පත්කරයි. එවැනි තත්වයක් තුළ, 'යෙන්' මුදලේ පොලී අනුපාත ආරක්ෂාකාරී නවාතැනක් ලෙස වර්ධනය විය යුතුය. නමුත් ඒ වෙනුවට, අවදානම්, නමුත් වඩාත් ලාභදායී වත්කම් සඳහා ඔවුන්ගේ රුචිය වැඩෙමින් තිබේ. EPFR දත්තයන්ට අනුව, ETF හුවමාරු අරමුදල් මගින් සංවර්ධනය වන ආර්ථිකයන් සහිත රටවල් වෙත ශුද්ධ ප්‍රාග්ධන ගලා ඒම වසරේ ආරම්භයේ සිට ඩොලර් බිලියන 16 ක් දක්වා ඉහළ ගොස් තිබේ..
    එවන් තත්වයක් තුළ, දවසේ කාලරාමුව මත බොහෝ දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණයන් මෙන්ම විශේෂඥයින්ගෙන් 70% ක් 'යෙන්' 111.50 දක්වා පහල ගොස් නැවත පොයින්ට් 100 ක් දක්වා ඉහල නැගීම අපේක්ෂා කරයි. විශ්ලේෂකයින්ගෙන් 30% වෙනත් මතයක් ඉදිරිපත් කරන අතර යුගලය 109.60-110.00 කලාපය දක්වා ගමන් කළ යුතු බව විශ්වාස කෙරේ;

2019 පෙබරවාරි 25 සිට මාර්තු 01 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. ජේපී මෝර්ගන් විසින් JPM කොයින් දියත් කළ පසු, ක්‍රිප්ටෝ ප්‍රජාව ෆේස්බුක්, ඇමේසන් හා අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර සමාගම් වෙතින් මේ හා සමාන පියවරයන් බලාපොරොත්තු වේ. මේ අතර, විනිමය කොමිසමේ සහ CFTC වැනි නියාමකයන්, ජනප්‍රියතාවයකින් තොර ඒවාද මෙම වෙළඳපොල වෙත ගෙන ඒමට විවිධ පියවර ගෙන ඇත.
    ඉදිරි සතියේ ප්‍රවණතා සම්බන්ධයෙන් විශේෂඥයන්ගේ අදහස් පහත දැක්වේ. බිට්කොයින් හි වර්ධනය අඛණ්ඩව $4,200-4,400 දක්වා වැඩි කිරීම සඳහා 40% ක පිරිසක් සහය දෙන අතර 2018 නොවැම්බර් උපරිම අගය වූ $ 4,485 දක්වා වුවද පැමිණිය හැකි වනු ඇතැයි ඔව්හු අනුමාන කරති. 35% ක් $3,900-4,100 කලාපය තුළ සමාන්තර චලනයක් අපේක්ෂා කරන අතර ඉතිරි 25%, BTC/USD යුගලය $3,500-3,800 කලාපය දක්වා නැවත පැමිණෙනු ඇතැයි අනාවැකි පල කරති. 

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න