2019 February 9

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. විද්වතුන්ගෙන් 30% ක් පමණ අපේක්ෂා කලේ යුගලය 1.1300-1.1500 කලාපයේ පහළ සීමාව දක්වා පහත යන බවයි. මෙම යුගලය පොයින්ට් 130ක් අහිමි වෙමින් සතියේ අවම මට්ටම වූ 1.1320 මට්ටමට ලඟා විය.
    ඩොලරය ශක්තිමත් වීම හා එහි ප්‍රතිඵලයක් ලෙස, යුගලයේ පහත වැටීම සඳහා හේතු වූයේ එක්සත් ජනපද-චීන වෙළඳ ගැටුම විසඳීම හා යුරෝ කලාපය තුල ආර්ථික වර්ධනය පිලිබඳ අවදානමක් වර්ධනය වීමයි. එබැවින්, "සැලකිය යුතු අවදානම්" ගැන කතා කරමින් යුරෝපීය කොමිසම, 2019 දී 1.9% සිට 1.3% දක්වා ද, 2020 දී 1.7% සිට 1.6% දක්වා ද  දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සඳහා වූ සිය පුරෝකථනය සැලකිය යුතු ලෙස පහත හෙලීය. එවන් සංශෝධනයක් මගින් යුරෝව වෙත සැලකිය යුතු ලෙස බලපෑම් කොට ඇත. එමගින් පොලී අනුපාත වැඩිවීම අපේක්ෂා කළ නොහැකි බව වෙළඳපළ අවබෝධ කර ගත්තේය;
  • GBP/USD. යුරෝපීය කොමිසම සමග එකඟවීමත්, එංගලන්ත බැංකුව එහි පූර්ව අනාවැකි ඉතා සුපරික්ෂාකාරී වූ බවත්, බ්‍රික්ස්ට් සමග අපැහැදිලිතාවයක් පෙන්වීම මගිනුත් පෙන්නුම්  කරන්නේ රටේ ආර්ථිකයට අවාසි සහගත බවකි. පසුගිය වසර 10 තුළ අඩුම වර්ධන අනුපාතිකය අත් වී ඇති බව සහ එහි ප්‍රතිපලයක් ලෙස අවම වශයෙන් බැංකු විශේෂඥයින් අපේක්ෂා කරන්නේ 2019 දී එක්සත් රාජධානියේ දළ දේශීය නිෂ්පාදිතය 1.7% සිට 1.2% දක්වා අඩු වී ඇති බවයි.
    මෙම ඍණාත්මක ප්‍රවෘත්තිය මත යුගලය තියුණු ලෙස පහත වැටුණු අතර, විශේෂඥයන්ගෙන් 65% ක් අපේක්ෂා කළ පරිදි, මෙම යුගලය 1.2850 දක්වා පහතට ගමන් කළේය. ඉන්පසු යුරෝපීය සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම පිලිබඳව සාකච්ඡා කිරීමත්, අයර්ලන්තයේ විශේෂ කොන්දේසි පිලිබඳ පළවීමත් සමග යුගලය යම් වර්ධනයක් අත් කර ගෙන 1.2940 දක්වා පැමිණියේය;
  • USD/JPY. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ විශ්ලේෂකයින් (70%) අනාවැකි පල කලේ, යුගලයේ අනුපාතය සීඝ්‍රයෙන් උච්චාවචනය වන බවත් යුගලය 108.00-108.55 කලාපයට පැමිණීමෙන් පසු එය 110.00 අගයට පැමිණිය යුතු බවත්ය. කෙසේ වෙතත්, අනාවැකිවලට පටහැනිව යුගලය ඉතා සාමකාමීව හැසිරුණු අතර එහි ඉහළයාමේ උපරිමය පොයින්ට් 60 ක් නොඉක්මවිය. නොකඩවා තෙවන සතියටත්, යුගලය 109.55-110.0 කලාපයට නැවත පැමිනුණේය. මෙම සතියේදී යුගලය 109.55 මට්ටමෙන් සතිය ආරම්භ කර 109.75 මට්ටමෙන් සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ අපි, විද්වතුන් කොටස් දෙකකට බෙදන ලදී. පළමු කණ්ඩායම විශ්වාස කලේ වර්තමාන සන්සුන් තත්වය කුණාටුවකට පෙරාතුව පවතින්නක් බවයි. දෙවෙනි කණ්ඩායම විශ්වාස කලේ එය ඊටත් වඩා සන්සුන් පෙර නිමිත්තක් බවයි.. සතියේ බිට්කොයින් ක්‍රමිකව නිශ්ශබ්දව හා නිහඬව පහතට ගමන් කළේය. පෙබරවාරි 6 වෙනි බදාදා වන විට $3,400 දක්වා අඩු අගයකට පැමිණියේය. පසුව ඉතා මන්දගාමීව සමාන්තර චලනයක් අනුගමනය කලේය. සිකුරාදා දහවල් වනවිට එය වේගයෙන් ඉහල නැගුනු අතර 12% ක් එකතු කර ගනිමින් $3,800 දක්වා ළඟා විය.
    කුණාටුවක පෙර නිමිත්තක්ද? ඔබ පැය 1 ප්‍රස්ථාරය දෙස බලන විට ඇත්ත වශයෙන්ම එය වේ. කෙසේ වෙතත්, දිනපතා කාලරාමුව තුල සෑම දෙයක්ම එතරම් ආකර්ෂණීය නොවේ: මෙම යුගලය 2018 නොවැම්බර් මස අවසානය වන විට එය සති 11 ක් තිස්සේ ගමන් කර ඇති කලාපයේ මධ්‍ය අගය වෙත ආපසු ගොස් ඇත.
    වර්ධනය සඳහා වූ හේතුව වූයේ, SEC කොමිසමේ සාමාජිකයින් හතර දෙනෙකුගේ ට්වීටර් හරහා පල වූ සම්මුඛ සාකච්ඡාවකි. එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තවමත් බිට්කොයින්-ETF මුදල් දියත් කිරීමට ඉඩ සලසයි.
    බිට්කෝන් (BTC/USD) අනුගමනය කරමින් අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් ඉහල ගොස් ඇත. ලයිට්කොයින් (LTC/USD) දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කල අතර එය 40% ක වර්ධනයක් අත්කර ගනිමින් $46.00 ලඟා විය. එතීරියම් $124.70 දක්වා ඉහළ ගොස් ඇති අතර රිපල් (XRP/USD) $0.3250 උසකට ලඟා විය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළඑළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. සතිය තුල දකුණු දිශාවට දීර්ඝ ගමන් කිරීමකින් පසුව, බොහෝ දර්ශක රතු පාටින් වර්ණ ගැන් වී ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත් දැනටමත් පැය හතරේ සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 25% මඟින් යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවට සංඥා කරයි. එමගින් පෙන්නුම් කරන්නේ ඉදිරියේදී යුගලයේ ප්‍රභල නිවැරදි කිරීමක් සිදුවනු ඇති බවයි.
    ඉදිරි දින පහ සඳහා ග්‍රැෆික් විශ්ලේෂණයට අබුව යුගලය 1.1285-1.1400 කලාපය තුළ සමාන්තර චලනයක් පෙන්වනු ඇති අතර, පසුව මෙම මස අවසානය වන විට 1.1500 කලාපයේ මධ්ය කාලීන නාලිකාවේ ඉහළ මායිම වෙත ආපසු යා යුතුය.
    විශේෂඥ ප්‍රජාව තවම තීරනය කර නැත: 50% ක් පහතයාම අපේක්ෂා කරන අතර, 50% ක් වර්ධනයක් අපේක්ෂා කරයි. ඊට හේතු වී ඇත්තේ එක්සත් ජනපද-චීන සාකච්ඡා සහ බ්‍රික්ස්ට් සම්බන්ධව කිසිදු පැහැදිලිකමක් නොමැති වීමයි. මීට අමතරව, ඉදිරි සතියේ අනෙකුත් සිදුවීම් මත ඔවුන්ගේම ගැලපීම් සිදු කළ හැකිය. මෙහි දී අපි පෙබරවාරි 14 බ්‍රහස්පතින්දා ජර්මනියේ හා යුරෝපීය සංගමයේ ද.දේ.නි. පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කිරීම මෙන්ම එක්සත් ජනපදයේ උද්ධමනය හා සිල්ලර වෙලඳාම පිලිබඳ දත්ත පෙබරවාරි 13 සහ 14 ප්‍රකාශයට පත් වීමට නියමිතය.
    එසේම පෙබරවාරි 12 වන අඟහරුවාදා පොලී අනුපාතවල වැඩිවීම සම්බන්ධයෙන් ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රධානි ජේ. පවර්ල්ගේ සංඥා සොයා බලයි. මේ අතර එක්සත් ජනපදයේ අවපාත අපේක්ෂාවන්ගේ මට්ටම 20% දක්වා වැඩි වී ඇති අතර, පොලී අනුපාත වෙනස්වීම පිලිබඳ තීරණ කල් තබනු ඇත. එමෙන්ම යුරෝපීය සංගමයේ හා එක්සත් රාජධානියේ නියාමකයින් ආර්ථික වර්ධනය සඳහා ඇති අවදානම ගැන නිරන්තරයෙන් කථා කරයි.
    බොහෝ විද්වතුන් පවසන පරිදි, මෙමගින් කොටස් වෙළඳපොළෙහි කොටස් මිලදී ගැනීමට පෙලබිමක් ඇති විය හැකිය. මන්දයත් ලාභ අඩුවීම සහ ආර්ථික වර්ධනය මන්දගාමී වන නිසා ඒවායේ මිල ඉහල දැමීමට හේතු විය හැකිය. මෙහිදී NordFX තැරැව්කාර සමාගම විසින් තම ගනුදෙනුකරුවන්ට පිරිනමනු ලබන විශ්වසනීය හා හිතකාමී ගෝලීය සමාගම් හි කොටස්වල ආයෝජනය කෙරෙහි අවධානය යොමු කර තිබේ;
  • GBP/USD. පෙබරවාරි 11 වන සඳුදා දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත ප්‍රකාශයට පත් කරනු ලබන අතර පෙබරවාරි 13 වන බදාදා එක්සත් රාජධානියේ උද්ධමනය පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කරනු ඇත. බොහෝ විට, ඉහත සඳහන් කළ පරිදි, රටේ ආර්ථිකයේ වර්ධනයේ මන්දගාමිත්වය පෙන්නුම් කරනු ඇත. මේ අනුව, අනාවැකින් වලට අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය පෙර වසරට සාපේක්ෂව 0.6% සිට 0.2% දක්වා පහත වැටී ඇත. කෙසේවෙතත්, මාස ගණනාවක් පුරා, බ්‍රික්ස්ට් පිලිබඳ ප්‍රවෘත්ති සහ කටකතා ප්‍රධාන වශයෙන් බලපෑම් කරනු ඇත.
    ඇතැම් ජාත්‍යන්තර සමාගම් බ්‍රිතාන්‍ය මුදල් මිලදී ගන්නා බවට පැතිර යන කටකථාවක් පිලිබඳ බ්ලූම්බර්ග් විසින් ඉඟි කර ඇත.
    මේ මොහොතේ, විශ්ලේෂකයින්ගෙන් 60% ක්ම පවුම් ශක්තිමත් කිරීම හා යුගලයේ ඉහළ යාම 1.3040 දක්වා වනු ඇතැයි අපේක්ෂා කරයි. ඉන් පසුව තවත් පොයින්ට් 80-100 ක් ඉහළ යනු ඇත. අනෙක් විද්වතුන්ගෙන් 40% ක්, යුගල අවම වශයෙන් 1.2830 මට්ටම දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි. එහෙත් පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට මධ්‍යස්ත තත්වයක් ගෙන ඇති අතර, ඊට අනුව යුගලයට ප්‍රථමයෙන් 1.2830 මට්ටමට පහත බැසීමට හැකි වන අතර ඉන් පසුව 1.3040 දක්වා වර්ධනය වනු ඇත;
  • USD/JPY. පවත්නා වර්ණය අළු වේ, එනම්, ප්‍රවීණයන් සහ දර්ශකයන් ද මධ්යස්ථය. ප්‍රධාන මුදල් ඒකක වලට එරෙහිව එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් කිරීම අනාවැකියේ එක් පැත්තක් වේ. අනෙක් අතට, ගෝලීය ආර්ථිකයේ මන්දගාමීත්වය හා එක්සත් ජනපද හා චීනය අතර ආතතිය වැඩිවීමේ අවදානම වැඩි වී ඇති අතර, ජපන් යෙන් වැනි සුරක්ෂිත මුදල් ඒකකයක් සඳහා ඇති ඉල්ලුම වැඩිවීම කෙරෙහි බලපෑම් ඇති කරයි. මුළු සතියේම 109.55-110.15 ඉතා පටු පරාසයක් තුල යුගලය චලනය වනු ඇති අතර, වෙළඳපළේ සම්පූර්ණ අවිනිශ්චිතතාව පෙන්නුම් කරයි. එම නිසා මේ මොහොතේ අනාවැකි පළ කිරීම ඉතා අපහසුය;
  • ක්‍රිප්ටෝ මුදල්. සුරැකුම්පත් කොමිසමේ කොමසාරිස් රොබට් ජැක්සන්ගේ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මේ සතියේ නිකුත් කරනු ලබන අතර එහි අඩංගු අන්තර්ගතයන් මගින් ඉහළයාමක් හෝ ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇතිවනු ඇත. කෙසේ වෙතත්, නමුත් බිට්කොයින්-ETF දියත් කිරීම සඳහා වන අයදුම්පත පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට සුරැකුම්පත් සහ විනිමය කොමිසම දින 240 ක් පමණ කාලයක් ගත වන අතර මේ කාලය තුළ බොහෝ දේ වෙනස් විය හැකිය.
    මේ අතර, විශේෂඥයින් BTC/USD සඳහා ප්‍රධාන පරාසය ලෙස $ 3,250-3,800 කලාපය හඳුන්වයි. කෙසේ වෙතත්, ඔවුන් ඉහල සීමාවෙහි කෙටි කාලීන බිඳවැටීම හා යුගලය $4,000 දක්වා ඉහළ නැංවීම බැහැර නොකරයි.

2019 පෙබරවාරි 11 සිට 15 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න