2019 ජනවාරි 26

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. ජනවාරි මස 24 වන බ්‍රහස්පතින්දා ඊසීබී ප්‍රධානී මාරියෝ ඩ්‍රාගිගේ කතාවෙන් පසු යුගලය 1.1300-1.1500 කලාපයේ පහල සිමාව වෙතට ගමන් කළේය. කෙසේවෙතත් පහතයාම කෙටි කාලීන විය: 1.1289 මට්ටමට පැමිණීමෙන් පසුව, යුගලය සිකුරාදා සවස් වන විට 1.1400 ට එනම් කලාපයේ මධ්‍ය අගය දක්වා ඉහල නැගීය. ඩ්‍රාගි විශේෂ යමක් සඳහන් නොකළේය. නව QE දැන් පවත්වා ගෙන යාමට කිසිදු අදහසක් නොමැති බව ඊසීබී ප්රධානියා පැවසීය. ඒ සමග ම, යුරෝව මත පොලී අනුපාතයේ පළමු ඉහල නැඟීම සඳහා ගතවන කාලසීමාව නොවෙනස්ව පවතිනු ඇත.
    ඩොලරය සම්බන්ධයෙන්, තත්වය වෙනස් වේ. වෝල් ස්ට්රීට් ජර්නලයේ නවතම ප්‍රකාශනය මගින් ආයෝජකයින්ගේ මතය ශක්තිමත් කර ඇත. එක්සත් ජනපද ෆෙඩරල් බැංකුව ඉක්මනින් දැඩි තක්සේරු මුදල් ප්‍රතිපත්තිය සම්පූර්ණ කරනු ඇති අතර, විශ්ලේෂකයින් බලාපොරොත්තු වූවාට වඩා කලින් මෙය සිදු වනු ඇත;
  • GBP/USD. බ්‍රික්ස්ට් හි බලාපොරොත්තුව සමගින් පවුම වර්ධනය වෙමින් පවතියි. මේ සම්බන්ධයෙන් සිදු වූ කටකතාවක් වූ අයර්ලන්තයට විශේෂ කොන්දේසි සඳහා වෙනස්කම් සිදු කළහොත්, ඩිමොක්‍රටික් පක්ෂය තෙරේසා මේ ගේ මුලික ගනුදෙනුවට සහාය දැක්විය හැකි බවට තහවුරු නොකරන ලද පුවතක් බ්‍රිතාන්‍ය ටැබ්ලොයිඩ් පුවත් පතක් වන 'හිරු' පුවත්පතෙන් හෙළි කර ඇත. යුරෝපීය සංගමය සමඟ ගිවිසුමේ දී සිදුවිය හැකි දිගු ප්‍රමාදයක් පිලිබඳව කටකතා ද පවතියි. 50 වන ව්‍යවස්ථාවට අනුව මහා බ්‍රිතාන්යයේ පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කිරීම ජනවාරි 29 වන අඟහරුවාදා ආරම්භ කරනු ඇතැයි සඳහන් වෙයි. මේ අතර, 'පවුම', යුරෝ, යෙන් හා ඩොලරය ඇතුලු සියලුම ප්‍රධාන මුදල් වර්ගයන්ට එරෙහිව ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කරයි. 1.3000 හා 1.3100 යන අගයන් හරහා බිඳී ගිය GBP/USD යුගලය ජනවාරි 25 සිකුරාදා අවසන් වන විට 1.3200 ක උසකට ලඟා වූ අතර එය සතිය තුල පොයින්ට් 300 ක වර්ධනයක් විය;
  • USD/JPY. ආයෝජකයින්ගේ අවධානම දිගටම වර්ධනය වන නමුත්, ජපාන මුදල් පහතයාම නතර වී ඇත. මෙම යුගලය ඉතා පටු 109.14-110.00 කලාපය තුල සමාන්තරව චලනය වූ අතර එම කලාපයේ මධ්‍ය අගය එනම් 109.50 හි දී සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. මෙම වෙළඳපොලේ මන්දගාමී ස්වරුපය දිගටම පවතියි. ප්‍රාග්ධනිකරණය වර්ධනය වී නැත. ප්‍රධාන කොයින් අනුපාත සමාන්තර ප්‍රවණතාවයක් පෙන්නුම් කරයි. ජේපී මෝර්ගන් විශ්ලේෂකයින්ගේ විවේචන හෝ චිකාගෝ CBOE විනිමය හුවමාරුවේ සිට බිට්කොයින්-ETF ඉවත් කර ගැනීම මෙයට බලපානු ඇත. BTC/USD යුගලය $3.570-3.800 ක කලාපයෙන් පිටතට යා නොහැකි විය. එය බිඳවැටීම හෝ ඉහළයාමට දරන ලද උත්සාහයන් අසාර්ථක විය. පළමුවන අවස්ථාවෙහිදී, යුගලය 3.870 ක උසකින් යුක්ත වූ අතර දෙවන වර 3.460 ක් දක්වා පහල ගමන් කළ නමුත් අවසානයේ දී ඩොලර් 3.580-3.675 ක් වූ කලාපයේ මැදට යුගලය පැමිණියේය.

 

රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. නුදුරු අනාගතයේ දී ඩොලර් යුගල අනුපාතයන්, වොෂිංටනයේ දී ජනවාරි 30-31 පැවැත්වීමට නියමිත චීනය සමග ඇති වෙලඳ සාකච්ඡා පිලිබඳ ප්‍රවෘත්තිවල බලපෑම මත තීරණය වනු ඇති අතර බොහෝ විට එම සාකච්චා සාර්ථක වීමට ඉඩ ඇත. මීට අමතරව, එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ සඳහා සංඛ්‍යාලේඛන පෙබරවාරි 1 වන දින නිකුත් වනු ඇත. කෙසේවෙතත්, ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකයෙකු වන ලැරි විසින් දැනටමත් "NFP" දර්ශකයන් ඉහලයන බවට වන තොරතුරු ඉඟි ලබා දී ඇත.
    මීට අමතරව, ජනවාරි 31 වන බ්‍රහස්පතින්දා යුරෝ කලාපීය දදේනි දත්ත ප්‍රකාශයට පත් කරනු ලැබේ.
    මේ සියලු දේ මගින් එක්සත් ජනපද මුදල ශක්තිමත් කර ගත හැකි වනු ඇති බවට විශේෂඥයන්ගෙන් 60% ක් එකඟ වන අතර EUR/USD යුගලයට පහතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. ඒ අනුව ප්‍රථමයෙන් 1.1300 දක්වාත් ඉන්පසුව තවදුරටත් 1.1270 සහ 1.1215 වන ආධාරක අගයන් දක්වා යුගලය පහල යනු ඇත.
    අනික් අතට, දැනටමත් පවසා ඇති පරිදි, වෙලඳපොල, එක්සත් ජනපද මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම සඳහා වන තීරණ අහෝසි කරනු ඇතැයි අපේක්ෂා කරයි. එබැවින් ජනවාරි 30 වනදා පොලී අනුපාත මත ෆෙඩරල් මහ බැංකුවේ තීරණ සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු නැත (මෙය මෙවරද 2.5% ක් ලෙසම පවතිනු ඇත.) ඉදිරි අනුපාතිකයන් පිළිබඳ තොරතුරු මත ආයෝඡකයින්ගේ බලාපොරොත්තු සුන් කර ගතහොත්, ඩොලරයේ පහත වැටීමක් අපේක්ෂා කල හැකි අතර එය දිගු කාලීන ප්‍රවණතාවයක් බවට පත්විය හැකිය. විශ්ලේෂකයින්ගෙන් 40% ක් මෙම තත්වය හමුවේ, නුදුරු අනාගතයේදී EUR/USD, 1.1500 සිමාව බිඳහෙලා 1.1580 මට්ටමට ළඟා විය හැකිය.
    සත්‍ය වශයෙන්ම, බ්‍රික්ස්ට් සම්බන්දව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඡන්දය ගැන අප අමතක නොකළ යුතුය; 
  • GBP/USD. ජනවාරි 29 වන අඟහරුවාදා දින අග්‍රාමා තෙරේසා මේ, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යුරෝපා සංගමය හැර යාම සඳහා විකල්ප සැලැස්මක් ප්‍රකාශයට පත් කළ යුතුය. මෙම අනාවැකියේ පළමු කොටසෙහි දී මේ පිළිබඳව කරුණු දැනටමත් සඳහන් කර ඇත. ලේබර් පක්ෂයට කුමක් කළ යුතුද යන්න තීරණය කළ නොහැකි අතර, දෙවන ජනමත විචාරණයක් හෝ නැවත තේරී පත්වීමේ හැකියාව අඩු කරයි. ටෙලිග්රාෆ් විසින් ඡන්ද විමසීමකට ඉදිරිපත් කළ හැකි සංශෝධන පහක් පමණ සාකච්ඡා කරමින් සිටියි.
    පාර්ලිමේන්තු මන්ත්රීවරු ඡන්දය දුන් ආකාරය අඟහරුවාදා අපට දැන ගත හැකි වනු ඇත. අපේ විද්වතුන්ට අනුව ඔවුන්ගේ ඡන්ද බෙදීයාම පහත පරිදි වේ: 50% යුගලයේ පහත යාම අපේක්ෂා කරන අතර, 40% ක් යුගලය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරයි. 10% ක් තීරණයක් ගෙන නොමැත. ආධාරක අගයන් 1.3070, 1.2900, 1.2820, 1.2700 සහ 1.26 60 මට්ටම් වල පවතී. ප්‍රතිරෝධතා මට්ටම් 1.3250, 1.3300, 1.3360 සහ 1.3555 වේ;
  • USD/JPY. බ්‍රිතාන්ය පාර්ලිමේන්තුව මෙන් නොව, ජපාන මුදල් ප්‍රතිපත්ති කමිටුවේ රැස්වීමෙන් ජනවාරි 28 වැනිදා සිට අපේක්ෂා කළ හැකි විශේෂ සිදුවීමත් නැත. එක්සත් ජනපදයේ තොරතුරු මගින් යුගලයේ අනුපාතය කෙරෙහි වඩා බලවත් බලපෑමක් ඇති විය හැකිය. මිට අමතරව එක්සත් ජනපද-චීන සාකච්ඡාවල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය පිලිබඳ සහ ඩොලරය මත පොලී අනුපාත වැඩි කිරීම පිළිබඳ තොරතුරු ජනවාරි 30-31 වාර්තා වනු ඇත. එකඟත්වයකට පැමිණියහොත්, ඇමරිකානු කොටස් වෙලඳ පොල වැඩි වනු ඇත. මෙම තත්වයේ දී, ඩොලරයට, යෙන් 110 වඩා ඉහලට නැඟී යා හැකිය. විශ්ලේෂකයින්ගෙන් 70% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික්  විශ්ලේෂණයට අනුව ප්‍රධාන ඉලක්කය වශයෙන් 2017-18 කාලයේ ශක්තිමත් අගයක් වන 111.55 කලාපය හැඳින්විය හැකිය.
    වෙනත් මතයකට අනුව විශේෂඥයන් 30% ක් සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 15% ක් යුගලයේ මිල දී ගැනීම අධික වනු ඇතැයි සංඥා ලබා දෙයි. එම පහතයාම සඳහා ආධාරක අගයන් 109.15,108.70 සහ 107.75 වේ.

2019 ජනවාරි 28 සිට පෙබරවාරි 01 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. වසරකට පෙර සිට ක්‍රිප්ටෝ මුදල්, පුවත් වලට ප්‍රතිචාර දැක්වීම මන්දගාමී වී ඇති බවක් පෙනෙන නිසා ,කෙමෙන් කෙමෙන් ෆොරෙක්ස් හා සමාන වන්නට පටන්ගෙන ඇති බවක් පෙන්නුම් කරයි. මෙම කාල වකවානුවේදී, එංගලන්ත බැංකුව, ආයෝජකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අතර, ඔවුන් කාණ්ඩ තුනකට වෙන් කොට වර්තමාන ව්‍යවස්ථාවට අනුගත කිරීම සිදු විය.
    නුදුරු අනාගතයේ දී අපි විශාල ආයතනික ආයෝජකයින්ගේ පැමිණීම අපේක්ෂා නොකළ යුතුය. විශාල ආයෝජකයින් ක්ෂණික ලාභ උපයා ගැනීමට ඉලක්ක කිසිවක් නොමැත. වෙළඳපොළ තත්ත්වය සම්පූර්ණයෙන්ම පැහැදිලි වන තුරු ඔවුන් බලාසිටින අතර, එවැනි අයගේ අවදානම පහල වනු ඇත. එවන් අපේක්ෂාවක් අවුරුදු ගනනාවක් හා දශක ගණනාවක් පැවතිය හැකිය.
    මේ අතර, දැනටමත් සඳහන් කර ඇති පරිදි, ප්‍රධාන කාසි පැති සමාන්තර චලනයක පවතියි. කෙසේ වෙතත්, පහතයාම සඳහා වන පීඩනය දැකිය හැකිය. උදාහරණයක් වශයෙන්, පසුගිය සති දෙක පුරා BTC/USD විසින් උච්චාවචනය කරන ලද මධ්‍ය අගයෙන්, පොයින්ට් 20 කින් පහත වැටී ඇති අතර, රිපල් (XRP/USD) 5% කින් අඩු වී ඇත. එතීරියම් (ETH/USD) 8% කින් පහත බැස ඇත. සත්‍ය වශයෙන්ම, එය ක්‍රිප්ටෝ මුදල් සඳහා ඉතා සුළු අගයක් වේ. නමුත්, සමහර විට එය ඉදිරි දිශාව පෙන්නුම් කරන දර්ශකය විය හැකිය.
    විශේෂඥයින්ගෙන් 70% ක්ම විශ්වාස කරන්නේ බිට්කොයින් අවසානයේ එවැනි පීඩනයකට පත්වන බවත්, පළමු $3,200-3,250 කලාපයට එනම් 2018 අවම මට්ටම් වලට පහත යනු ඇති බවත් පසුව $2,400 දක්වා ඉකමනින් ගමන් කරනු ඇති බවත් ය.
    විශ්ලේෂකයින්ගෙන් 10% ක් සමාන්තර චලනයක් බලාපොරොත්තු වන අතර 20% ක් ඉහළයාමක් අපේක්ෂා කරයි. ඔවුනට අනුව $3,850-4,215 කලාපයට පැමිණෙනු ඇත.   

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න