2019 ජනවාරි 12

පසුගිය සතියේ සිදුවීම් පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. ජනවාරි 9 වන බදාදා, නැවත නැවතත් උත්සහ කිරීමෙන් පසු, 2018 නොවැම්බර් මාසයේ සිට ආරම්භ වූ මධ්‍ය කාලීන කලාපයේ ඉහළ සීමාව බිඳ දැමීමට මෙම යුගලය සමත් විය. 1.1500 ක ප්‍රතිරෝධය ජයගැනීමෙන් අනතුරුව එය 1.1570 ක උසකින් ඉහළ ගොස් ඇති අතර පසුව දිශාවේ හැරවුමත් සමග නැවතත් ඉහත සඳහන් කලාපය තුල යුගලය පැවති අතර 1.1470 හි දී සතිය අවසන් කළේය.
    ඩොලරය දුර්වල වීම සඳහා කරුණු කීපයක්ම හේතු විය. ඒ අතර, එක්සත් ජනපද ආන්ඩුවේ සැලසුම් නොකළ "නිවාඩු දින", වොෂිංටන්හි ආර්ථික සමාජයේ රැස්වීමේ දී ෆෙඩරල් සභාපති ජෙරෝම් පවෙල්ගේ කථාව ආදිය විය. එහෙත් බොහෝ විශේෂඥයින්ට අනුව ප්‍රධාන හේතුව වූයේ, එක්සත් ජනපදය සමග වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට පෙර චීන 'යුවාන්' ශක්තිමත් කිරීම වේ;
  • GBP/USD . විශ්ලේෂකයින්ගෙන් 15% ක් පමණක් පසුගිය සතියේ ඉහල යාම සමග වූ බව සිහිපත් කරන්න. නමුත් ඔවුන් නිවැරදි විය. ජනවාරි 11 වන සිකුරාදා නිකුත් කළ එක්සත් රාජධානියේ දළ දේශීය නිෂ්පාදිතය සම්බන්ද දත්ත මගින් පවුම ශක්තිමත් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මෙම යුගලය 1.2865 ක උසකින් ඉහළ ගොස් ඇති අතර පසුව සුළු පහත යාමක් පෙන්නුම් කර 1.2840 ට පැමිණියේය;
  • USD/JPY. ද්‍රවශීලතා හිඟය නිසා ඇතිවූ "අලුත් අවුරුදු කුණාටුවෙන්" පසු ජපාන මුදල් මනාව සන්සුන් වූ අතර 107.75-109.10 ක පටු කලාපය ඇතුලත ගමන් කළේය. මෙම යුගලය සතිය ආරම්භ වූ ස්ථානයේ දී ම සතිය අවසානය කල අතර මධ්‍ය අගය වූ 108.50 ට ළඟා විය. මෙයට හේතුව වූයේ, 'යෙන්', සුරක්ෂිතබවක් ඇති මුදලක් ලෙස ආකර්ශනය වීම සහ එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ ගනුදෙනුවකින් අවසන් වුවහොත් ලාභ ලබා ගත හැකි මුදලක් වීමය;
  • ක්‍රිප්ටෝ මුදල්. අපගේ සමාලෝචනය මූලික වශයෙන් අනෙකුත් සමාලෝචන වලින් වෙනස් වේ, එනම් එක් විශේෂඥ විශ්ලේෂකයකුගේ අදහසක් පමණක් ඉදිරිපත් කිරීමක් නොවේ. අපගේ විශ්ලේෂණයන් තුළ, අප විසින් විවිධාකාර ප්‍රවීණයන්ගේ විවිධ අදහස් එකතු කිරීමට උත්සාහ දරන අතර එමගින් අනවශ්‍ය දේ ඉවත් කරමින් යුගලයන් චලනය වන ප්‍රධාන ප්‍රවණතාවයන් හඳුනා ගැනීමට හැකි වේ. කෙසේ වෙතත්, එය වර්තමාන ක්‍රිප්ටෝ මුදල් සඳහා ඉතා අපහසු විය හැකිය.
    විශේෂඥයන්, 2018 මැද භාගයේ ආරම්භ වූ ධනාත්මක නිවැරදි කිරීමේ අවසානයත්, වෙලඳපොලෙහි ඍණාත්මක ගතිකතාවයන් වෙත ආපසු යාමක් ලෙසත් පසුගිය සතියේ ක්‍රිප්ටෝ යුගලයන්ගේ පහත යාමට හේතු ලෙස සලකති.
    කෙසේ වෙතත්, මෙම ක්‍රිප්ටෝ වෙළඳපල ප්‍රාග්ධනීකරණය ජනවාරි 11 වන දිනට ඩොලර් බිලියන 138 සිට ඩොලර් බිලියන 123 දක්වා පහත වැටුනු අතර එය 11% ප්‍රමාණයකි. ප්‍රධාන ක්‍රිප්ටෝ යුගලයන්, බිට්කොයින්, ලයිට්කොයින්, එතීරියම්, රිපල් සහ තවත් බොහෝ යුගලයන් පහත වැටී ඇත. මේ අනුව, BTC/USD යුගලය සති තුනක අවම කලාපය වූ $3,700 හි වෙලදාම් විය.

  

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ, එළැබෙන සතිය සඳහා වන අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ඔබ දන්නා පරිදි, යුරෝපීය මුදල, තෙල් සහ ලෝහ සමග දැඩි සම්බන්ධතාවයක් පවතී. වෙළඳ භාණ්ඩ වෙලඳපොලේ, විශේෂයෙන්ම බලශක්තිය සම්බන්ධයෙන්, දැන් ධනාත්මක ප්‍රවණතාවයක් දක්නට ලැබේ. ඔපෙක් මගින් වෙළඳාමෙන් අතිරික්ත තෙල් මුලුමනින්ම ඉවත් කිරීම මිල ගනන් තවදුරටත් ඉහල යෑමට හේතු යුතුය. එක්සත් ජනපද ඩොලරය සඳහා ණය පොලී අනුපාතය වැඩිවීම සම්බන්ධයෙන් ෆෙඩරල් සංචිතය විසින් විරාමයක් ගැනීම හේතුවෙන් ආයෝඡකයින් කනස්සල්ලට පත්ව ඇත.
    එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශ්ලේෂකයින්ගෙන් 65% ක්, ඔස්කිලේටර් 90% සහ දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශකවලින් 70% ක් යුගලය 1500 ට වඩා ඉහළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ප්‍රථමයෙන් 1.1550 ටත් පසුව 1.1625 මට්ටමටත් පැමිණෙනු ඇත.
    එක්සත් ජනපදයේ මුදලට පක්ෂපාතීව සිටින විශේෂඥයන් විශ්වාස කරන්නේ යුගලය මධ්‍ය කාලීන 1.1300-1.1500 කලාපය දිගු කලක් පවතිනු ඇති බවයි. එම නිසා මෙම යුගලය මධ්‍ය මට්ටම වන 1.1400 දක්වාත් පසුව තවත් පොයින්ට් 100 ක් දක්වාත් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි;

2019 ජනවාරි 14 සිට 18 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. දර්ශකයන්ගේ ඇති මහත් බහුතරයක් හරිත වර්ණයෙන් වර්ණවත් වී ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත්, මේ යුගලයේ විකුණුම් වැඩිවනු ඇති බවට දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 10%ක් දැනටමත් සංඥා කර ඇත. දවසේ කාලරාමුව තුළ ග්‍රැෆික් විශ්ලේෂණය මගින් 1.2600 දක්වා පහත වැටීමේ හැකියාව ද පෙන්නුම් කරයි. විශේෂඥයන් ගේ මතය අනුව ඉහළයාමට හෝ පහතයාමට කිසිදු පැහැදිලි වාසියක් නොමැත. ඔවුන්ගෙන් 55% ක් යුගලයේ වර්ධනය සඳහාත්  ඉතිරි 45% ක් එහි පහතයාම සඳහාත් සහය ලබා දී ඇත.
    ජනවාරි 15 වන අඟහරුවාදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව බ්‍රික්ස්ට් සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කරනු ඇත. අගමැති තෙරේසා විසින් යෝජනා කරන ලද යුරෝපා සංගමයේ එකඟතාවයේ පිටපත ප්‍රතික්ෂේප වීමට ඉඩ ඇත. ඒ සමගම, යුරෝපීය සංගමයෙන් ඉවත් වීම ආන්ඩුවේ සැලසුම්වලට ඇතුලත් නොවීම මත බ්‍රිතාන්‍ය මුදලට එය ධනාත්මකව බලපානු ඇත. තෙල් මිල වැඩිවීම මගින්ද අතිරේක සහායක් පවුම වෙත ලබා දෙනු ඇත.
    ඡන්ද ප්‍රතිඵල දැනගන්නා තෙක් අනාවැකි ප්‍රකාශ කිරීම නිෂ්ඵල කාර්යයක් වනු ඇත. නමුත් ප්‍රධාන මට්ටම් නියම කළ හැකිය: ආධාරක අගයන් - 1.2780, 1.2720, 1.2660 සහ 1.2600 වේ, ප්‍රතිරෝධි අගයන් - 1.2925 සහ 1.3050 වේ;
  • USD/JPY. දවසේ කාලරාමුව මත දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණය ජපන් මුදල් ඒකක ශක්තිමත් කිරීමට සහය දක්වන අතර, ප්‍රවීණයින්ගෙන් 65% ක් එම මතය සමග එකඟ වේ. ඔවුනට අනුව යුගලය 107.50-107.80 දක්වා පහත වැටෙනු ඇති අතර පසුව 106.70 ක් දක්වා තවදුරටත් පහත යාමක් අපේක්ෂා කරයි.
    අනෙක් අතට, ජපානයේ අඩු පොලී අනුපාත හේතුවෙන් මෙම යුගල ප්‍රධාන ගෝලීය කොටස් දර්ශක සමග දැඩි ලෙස සම්බන්ධ වී ඇත. මෙම වෙළඳපොලේ ඉහළ යාමේ ප්‍රවණතාවය මගින් යුගලය 109.10 හා 109.45 දක්වා වර්ධනය විය හැකි අතර එයත් බිඳ හෙලා ඉහල නැගුනහොත් 110.25-110.80 කලාපයට ගමන් කරනු ඇත;
  • ක්‍රිප්ටෝ මුදල්. ක්‍රිප්ටෝ මුදල් හි වෙළඳපල ප්‍රාග්ධනය පහත වැටී තිබියදීත්, පසුගිය සතියේ බිට්කොයින් සමඟ ගනුදෙනු කරන ලද සාමාන්‍ය දෛනික සංඛ්‍යාව 280,000 ක් කරා ළඟා වූ අතර, එය 2018 ඉහලම අගය ලෙස සැලකිය හැකිය. එබැවින්, ක්‍රිප්ටෝ මුදල් සහ වෙළඳපොල පිලිබඳ පූර්ව අනාවැකි කීම අපහසුය. එහෙත් BTC/USD $3,700 ක ආධාරක අගය දක්වා පැමිණීම සහ දෙසැම්බර් මාසයේ මැද භාගය වන විට පවතී අවම අගය වූ $3,250 දක්වා නැවත පැමිනීමේ සම්භාවිතාව ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂඥයන්ගෙන් 45% ක් මෙම මතය සමග එකඟ වේ.
    බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ ලබන සතියේ යුගලය $3.685-4.385 කලාපය තුල රැඳී සිටිය හැකි බවයි. කෙසේවෙතත්, යුගලය $5,000 ක් දක්වා ඉහළයාම, දිගුකාලීනව පමණක් සිදුවනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කරති.
    එතිරියම් සඳහා ඇති අපේක්ෂාවන් තරමක් හොඳය. විශේෂඥයන්ට අනුව දුෂ්කර ගමනකින් පසුව ETH/USD ඉහල යනු ඇත.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න