2018 December 28

2018 මූල්‍ය ප්‍රතිඵල සහ 2019 ෆොරෙක්ස් අනාවැකි1

2018 වර්ෂයේදී කුමක් සිදු වුයේ ද

සාමාන්‍යයෙන් ඩොයිෂ් බැංකු විශේෂඥයින් දෙසැම්බර් මාසයේ අවසානයේ දී සමස්ථ වර්ෂය සාරාංශගත කර ඇත. ඒ අනුව ප්‍රතිඵලය, සෘණාත්මක විය. 2018 ජනවාරි මාසයට සාපේක්ෂව වත්කම්වලින් 93% ක් පහත වැටී ඇති අතර එය පසුගිය වසර 118 තුළ වාර්තා වූ ඉතාම නරක තත්වයකි. 1920 දී පවා 84% පමණ විය.

මෙම පහත වැටීම සඳහා ප්‍රධාන හේතුව වූයේ "ඉතා මෘදු මූල්‍ය ප්‍රතිපත්තිය" බව මූල්‍ය විශේෂඥයින් පවසති. එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් විසින් එක්සත් ජනපද පොලී අනුපාත වැඩි කිරීම මගින් බොහෝ වෙළදපලවල් කඩාවැටීම සිදු විය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ෆෙඩරල් සභාපති ජෙරෝම් පවෙල් සහ ඔහුගේ සගයන් ප්‍රසිද්ධියේ විවේචනය කළේය. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් බැංකුකරුවන්ට නියෝගය නොපැන වූ අතර, දෙසැම්බර් 19 දා ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව (FOMC) තවත් 0.25% කින් අනුපාත අගයන් ඉහළ දැමීය. 2019 දී FOMC සාමාජිකයන් අනුපාත ඉහල යන ප්‍රමාණයන් දක්වා ඇති අතර ඔවුනට අනුව, දෙදෙනකු පමණක් 2.5% ක්ද, හය දෙනෙකු පමණක් 2.75% ක්ද, හතර දෙනෙකු පමණක් 3.25% ක්ද, තුන් දෙනෙකු පමණක් 3.30% ක්ද වේ.

ප්‍රතිඵලය පැහැදිලිව පෙනේ: වසර අවසානයේ දී, සියලු වෙළඳපොළක්ම පාහේ පහත වැටේ. ඩව් ජෝන්ස් කර්මාන්තය 1930 පසු නරකම දෙසැම්බර් මේ වසරේදී අත්වින්දේය. බ්ලූම්බර්ග් ගනන් බැලූ පරිදි, බිඳවැටීම, ලොව ධනවත්ම මිනිසුන් 500 ක් ඩොලර් බිලියන 511 කින් දිළිඳු වූ අතර ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් ගේ ධනය ඩොලර් බිලියන 23 කින් අහිමි විය.

විදේශ විනිමය වෙළෙඳපොළ සඳහා 2018 ආරම්භය සලකුනු වූයේ එක්සත් ජනපද ඩොලරයට එරෙහිව යුරෝව දැඩි ලෙස ශක්තිමත් වීමෙනි. පෙබරවාරි 16 වන දින EUR/USD යුගලය 1.2555 ක් විය. එහෙත් ඉන්පසු ෆෙඩරල් රිසර්ව් හි සහ ඊසීබී හි මුල්‍ය ප්‍රතිපත්තියේ ඇති වූ වෙනස, බ්‍රික්ස්ට් ගිවිසුම සමග ගැටලු, ඉතාලි ගැටලු හා සමස්තයක් ලෙස යුරෝ කලාපීය ආර්ථිකයේ මන්දගාමීත්වය මගින් ඩොලරය වෙත වාසියක් ලෙස පැමිනියේ ය. එමනිසා යුගලය ක්‍රමයෙන් පහතට පැමිණි අතර නොවැම්බර් මැද භාගයේදී 1.1215 අගයට පැමිණියේය.

GBP/USD එවැනිම උච්චාවචනයන් අත්දුටුවේය. එය අප්‍රේල් 17 වන දිනට උපරිම වටිනාකම 1.4375 දක්වා ළඟා වූ අතර දෙසැම්බර් 12 වන දින අවම අගය වාර්තා කරන ලදී. එම අගය 1.2475 වූ අතර මාස අටක කාලය තුළ පොයින්ට් 1,900 කින් පහත ගියේය.

ජපාන 'යෙන්' සඳහා: ආයෝජකයින්, එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධය වැඩි වීමේ දී ප්‍රධාන වශයෙන් ආරක්ෂිත ස්ථානයක් ලෙස 'යෙන්' සලකන ලදී. කෙසේ වෙතත්, USD/JPY යුගලය පසුගිය වසර දෙකක කාලයේ මධ්‍ය අගය වන එනම් 111.00 කලාපයේ වසර අවසන් විය. මේ අනුව, 2018 ආරම්භය හා සසඳා බලන විට මෙම යුගලය පොයින්ට් 200 කින් පමණක් පහත බැස ඇත.

 

 

2019 වසරේදී කුමක් සිදු වේවි ද?

විශ්ලේෂකයින් ගනනාවකට අනුව, මේ වසරේ සිදුවූ සියල්ලම බිඳ වැටීමේ ආරම්භය පමණි. පළමුව, අනාවැකිය මගින් සලකා ඇත්තේ එක්සත් ජනපදයේ වසර දෙකක භාණ්ඩාගාර බැඳුම්කරවල ප්‍රතිලාභ දැනටමත් අඩුවී ඇති බව සහ ඒ හා සමාන දස අවුරුදු සුරැකුම්පත් වල ප්‍රතිලාභ මාස හතකින් අඩු වන අතර එය කඩාවැටීමේ සලකුනක් ලෙස සැලකේ.

යුරෝ කලාපයේ උද්ධමනය හා ආර්ථික වර්ධනය පහත වැටෙනු ඇති බවට ඊසීබී සිය අනාවැකිය මගින් සඳහන් කර ඇතත්, යුරෝ කලාපය තරමක් ශුභදායක වේ. පසුගිය වසරේ උපකල්පනය කර ඇත්තේ, ට්‍රම්ප් විසින් මුදා හරින ලද වෙළඳ යුද්ධය පැරණි ලෝකයට ඉතාම භයානක නොවන බවයි. කෙසේ වෙතත්, යුරෝපීය මුදල සහ බ්‍රිතාන්‍ය පවුම යන දෙකම බ්‍රික්ස්ට් සමග සම්බන්ධ වූ ගැටළු වල බලපෑමට ලක් වී ඇත.

අනික් අතට, එක්සත් ජනපදය හා චීනය අතර දින 90 පුරා පැවති සටන් විරාමය අවසන් වනු ඇති අතර, ඩොලරයේ විනිමය අනුපාතිකය පිළිබඳ අතිරේක අවිනිශ්චිතතාවයන් එමගින් මතුවනු ඇත.

මේ අතරතුර, ප්‍රමුඛතම ලෝක බැංකු සහ ආයතන් හි මූලෝපායඥයින් විසින් ලබා දුන් අනාවැකින මෙයට බොහෝ සෙයින් සමාන ය.

යුරෝපීය අපනයනවල ධනාත්මක ගතිකතාවයන්, ජර්මන් මෝටර් රථ කර්මාන්තය තුළ වැඩිදියුනු තත්වයක් සහ සාමාන්ය වැටුප් වැඩිකිරීමේ වේගවත් වර්ධනයක් පිලිබඳව බ්ලුම්බර්ග් අනාවැකියට පාදක වේ. මේ සියල්ල යුරෝ කලාපයේ මුල්‍ය පිලිවෙත සාමාන්යකරණය කිරීම හා වසර අවසානයේ දී යුරෝව $1.20 දක්වා වර්ධනය කිරීම එම අනාවැකිය වේ.

මෝර්ගන් ස්ටැන්ලි ට අනුව 2019 වසර ඩොලරය සඳහා දුෂ්කර කාලයක් වනු ඇති අතර යුරෝවට එරෙහිව එහි විකිණීම නිර්දේශ කරයි. EUR/USD යුගලය සඳහා ආසන්න ඉලක්කය $ 1.18 කලාපයේ වේ.

වැඩි වශයෙන්ම, විශ්ලේෂකයින් ඉදිරි මාස 3 ක කාලය සඳහා යුරෝව සඳහා ඉතා ශුභවාදී අනාවැකියක් ඉදිරිපත් කරන බව සටහන් කළ යුතුය. සොසයිටි ජෙනරාලේ සහ CIBC කැපිටල් මාර්කට් $1.17, ටීඩී සිකියුරිටීස් $1.18,  යුනික්‍රෙඩිට් $1.19 ක් සහ අවසානයේ ලොයිඩ්ස් බැංකුව $ 1.24 ක් ලෙස අනාවැකි පල කරති.

කෙසේ වෙතත්, වඩාත් ප්‍රවේශම්කාරී අදහස් ද ඇත. සිටි ප්‍රවීනයන්ට අනුව, යුරෝපීය මුදල තවමත් එහි පහළට නොපැමිණ ඇති බවත්, 2019 පළමු කාර්තුව අවසානය වන විටත්වි තත්වය එලෙසම පවතිනු ඇති බවත් ඔවුහු වීශ්වාස කරති. එය $1.13 දක්වා පහත වැටෙනු ඇති අතර, ඉන් පසුව, වසරේ දෙවන අර්ධයේදී එය $1.18 දක්වා ළඟා වනු ඇත. බාක්ලේස් කැපිටල් සමාගමට අනුව එය මාර්තු 31 වන විට $1.12 ක වැටීමක් අපේක්ෂා කරන අතර, ING සමූහයේ අනාවැකියට අනුව එය $1.11 ක මට්ටමක පවතී.

ජේපී මෝගන් චේස් විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, ට්‍රම්ප්ගේ මූල්‍යමය උත්තේජනයන් අවසන් වන තෙක් 2019 දී එක්සත් ජනපද ආර්ථිකය අවපාතයක් අත්විඳිනු ඇති බවයි. මේ අනුව, යුරෝ කලාපීය ආර්ථිකයේ වර්ධන අනුපාතය පෙරට පැමිනෙනු ඇති අතර, ඊසීබී ය වෙතින් පොලී අනුපාත වැඩි වීමක් අපේක්ෂා කරනු ඇත, නමුත් මෙය සිදු වනු ඇත්තේ 2019 දෙවන භාගයේදී පමණය.

සංඛ්‍යා ලේඛන අනුව, මෙම අනාවැකිය මෙසේ දිස්වෙයි: පළමු කාර්තුවේ $1.11 දක්වා පහත වැටී 2019 සිව්වන කාර්තුව අවසානයේදී $1.18 දක්වා ඉහල නගිනු ඇත.

GBP/USD සඳහා ජේපී මෝගන් චේස් අනාවැකියට අනුව බ්‍රික්ස්ට් නිහඬ වන්නේනම් (40% සම්භාවිතාව) පළමුවැනි කාර්තුවේ දී $1.30 ක් දක්වා වර්ධනය වේ.  සපුරා තිබියදී වසර අවසානයේදී එය ඩොලර් 1.37 ක් දක්වා වර්ධනය වේ. යුරෝපීය සංගමයෙන් ඉවත්වීමේ කොන්දේසි පිලිබඳ ගිවිසුමක් නොමැති විට ස්ටර්ලිං පවුම 10% කින් පහත වැටෙනු ඇති අතර, බ්‍රික්ස්ට් අවලංගු කිරීම සම්බන්ධයෙන්, ඊට ප්රතිවිරුද්ධව, එය 10% කින් වර්ධනය වේ.

 

'යෙන්' හි අනාගතය සම්බන්ධයෙන් වන අනාවැකිය සෘණාත්මක ය. ඒ අනුව, 2019 වසරේ පළමු භාගයේ දී JPY/USD යුගලය $112 ක් දක්වා වර්ධනය වීමෙන් පසුව, 2016 දී වූ $118.00 අගයට පැමිණීම බලාපොරොත්තු වේ. ජපන් සමාගම් විසින් විදේශ ආයෝඡන වැඩිවීම මගින් ජපන් මුදල දුර්වල වීම පිලිබඳ විශේෂඥයන් පැහැදිලි කරයි. එමෙන්ම පොලි අනුපාත ඉහල දැමීම ද යෙන් කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇත.

එවැනිම ප්‍රවණතායක් සීටි මූලෝපායඥයින් විසින් ද අනාවැකි පල කර ඇත. ඔවුන්ගේ මතයට අනුව, GBP/USD $1.26-1.30 දක්වා වර්ධනය වනු ඇති අතර JPY/USD - 113.00-115.00 දක්වා වනු ඇත.

 

John Gordon, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න