2018 December 22

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. එක්සත් ජනපද ෆෙඩරල් සංචිත පොලී අනුපාත වැඩිවීමත් සමග, විශේෂඥයන්ගෙන් 70% ක් සහ 100% දර්ශක මගින් ඩොලරය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව පෙනෙන්නට තිබුන ද, එවන් කරුණක් සිදු වූයේ නැත. සමස්ත සතියේම යුරෝව වැඩිවෙමින් තිබුනු අතර බ්‍රහස්පතින්දා, සති 08 ක ඉහලම අගය ලෙස 1.1485 ක අගයකට පැමිණ තිබිණි.
    අනුපාතය 2.25% සිට 2.5% දක්වා ඉහල යන විට, ඩොලරයට පොයින්ට් 85 ක් පමණ ලබා ගැනීමට හැකි විය. එහෙත් මෙම ජයග්‍රහණය තාවකාලික විය. ෆෙඩරල් සභාපති ජෙරෝම් පවල් පවසා සිටියේ, 2019 දී අනුපාතයේ ඉහළයාමක් ඇති නොවන බවයි. උද්ධමනය පහළ මට්ටමක පවතී නම්, එක්සත් ජනපද භාන්ඩාගාරයේ ලේකම් ස්ටෙෆන් මන්චින්ට අනුව, ඊළඟ වසරේදී ගාස්තු වැඩි නොවිය හැකිය. එහෙත් ජනාධිපති ට්‍රම්ප් හා ෆෙඩරල් බැංකුවේ අතරත් ෆෙඩරල් බැංකුවේත් කිසිවෙක් එක්සත්කමක් අපේක්ෂා නොකෙරේ. 2019 දී FOMC සාමාජිකයන්  ඉහල යන ප්‍රමාණයන් දක්වා ඇති අතර ඔවුනට අනුව, දෙදෙනකු පමණක් 2.5% ක්ද, හය දෙනෙකු පමණක් 2.75% ක්ද, හතර දෙනෙකු පමණක් 3.25% ක්ද, තුන් දෙනෙකු පමණක් 3.30% ක්ද වේ. විවෘත වෙළඳපොළ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකු එය 3.6% වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    එක්සත් ජනපද ආර්ථිකයේ සමස්ත දත්ත දෙසැම්බර් 21 වෙනි සිකුරාදා නිකුත් කිරීමත් සමග, යුගලයේ මාස අටක චලනය වන කලාපයේ මධ්‍ය අගයට නැවතත් පැමිණ 1.1370 හි නතර විය; 
  • GBP/USD. අපේක්ෂා කල පරිදි, බදාදා දින ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික දත්ත හෝ එංගලන්තයේ බැංකු තීරණ මගින් පුදුම විය හැකි සිදුවීමක් නොතිබුණි. දෙසැම්බර් 18 වෙනි අඟහරුවාදා, මෙම යුගලය 1.2605-1.2705 කලාපය වෙත ගමන් කරන ලදී. සතියේ අවසන් වන විට 1.2630 ට පැමිණ තිබිණි;
  • USD/JPY. පසුගිය සතියේ, යුරෝවට එරෙහිව පමණක් නොව, ඩොලරය සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. එක්සත් ජනපද DXY දර්ශකයට අනුව අනෙකුත් ප්‍රධාන මුදල්වලට එරෙහිව ඩොලරය පහල ගිය අතර බ්‍රහස්පතින්දා වන විට සති අටක අවම අගය ලෙස 95 සටහන් විය. ජපාන 'යෙන්' ට එරෙහි එහි වැටීම සුවිශේෂී විය. 'යෙන්' යුගලය බ්‍රහස්පතින්දා වන විට ඩොලරයට සාපේක්ෂව පොයින්ට් 260 ක අගයක් දිනා ගත්තේ ය. එවැනි විශාල අගයක් සඳහා ප්‍රධාන හේතුව වන්නේ, එක්සත් ජනපදය හා චීනය අතර වෙළඳ යුද්ධය නිසා කොටස් වෙලඳපොල්වල් හා ආයෝජකයින් 'යෙන්' ආරක්ෂිත රැකවරණයක් ලෙස භාවිතා කිරීමය.
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ සියලු ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් හි ස්ථාවර වර්ධනයක් සටහන් විය. බිට්කොයින් (BTC/USD) උපරිම වර්ධනය 33% විය, එතීරියම් (ETH/USD) - 46%, ලයිට්කොයින් (LTC/USD) - 45%, රිපල් (XRP/USD) - 41%. බිට්කොයින් කෑෂ් (BCH/USD) විසින් 176% ක අතිශයින්ම කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ක්‍රිප්ටෝ වෙළඳාම් වල මුළු ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 103 සිට ඩොලර් බිලියන 134 දක්වා වූ අතර එය 30% ක වර්ධනයක් විය.
    සතිය අවසානයේ දී බිට්කොයින් මිලදී ගන්නන් ඇමෙරිකානු $4,300 ක දැඩි ප්‍රතිරෝධයක් දැක්වීය. එමඟින් මෙම ක්‍රිප්ටෝ මුදල් $4,000 දක්වා පහත වැටිණ. අනෙකුත් ඩිජිටල් වත්කම්ද ඊට මදක් අඩු විය.  

 

අනාවැකිය සඳහා, එකී ඉලක්කයන් නිවැරදි වීමේදී එහි අපේක්ෂිත අගයන් වල ගැටලුවක් නොපවතින නමුත් ඉලක්කයන්ට ලගාවිමේ කාලයේ වෙනසක් සිදු විය හැකිය. ඉදිරි දින කිහිපය සඳහා මෙය විශේෂයෙන්ම අදාල වේ. පසුගිය සතිය මේ වසරේ වෙලදාම් කල අවසන් සම්පුර්ණ සතිය විය. ඊළඟ සතියේ වෙලදාම් ආරම්භය ජනවාරි 26 වන බදාදා වනු ඇති අතර මීලග සඳුදා දෙසැම්බර් 31 සහ අගහරුවදා ජනවාරි 1වන දා නව වසර සමරනු ඇත. විශේෂඥයින්ගේ අදහස් එළඹෙන සතියට පමණක් නොව ඉදිරි මාස කිහිපය සඳහා සාකච්ඡා කිරීමට අපි තීරණය කළේ ඒ නිසයි. එමගින් ප්‍රවණතා සහ මිනුම් දඬු වඩාත් නිවැරදිව නිර්ණය කිරීමට වෙලෙන්දන්ට උදව් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

  • EUR/USD. සතියේ අනාවැකිය මෙලෙස වේ: 40% ක්ම යුගල වැටීම සඳහා වන අතර, 30% ක් එහි වර්ධනය සඳහා වේ. ඉතිරි 30% ක් උදාසීන තත්වයක් ගෙන ඇත. ජනවාරි සඳහා වූ අනාවැකියට අනුව, 60% ක් වැටීම සඳහා වන අතර, 20% ක් සමාන්තර චලනයක් අපේක්ෂා කරයි. එමෙන්ම යුරෝපීය මුදල් ශක්තිමත් කිරීම සඳහා පමණක් 20% ක් වේ. පහතයාම සඳහා ප්‍රධාන ඉලක්කය ලෙස 1.1300, 1.1265 සහ ඉන් පසුව දෙසැම්බර් අවම අගය වන 1.1215 වේ. මෙම අවසාන අගයද බිඳ වැටුනහොත් යුගලය 1.1120 දක්වාත්, ඊටත් අඩු වුවහොත්, 1.0910 මට්ටම දක්වාත් පහළට වැටේ. ඉහළයාම සඳහා ප්‍රධාන ඉලක්කය 1.1525-1.1625 කලාපයේ වන අතර පසුව යුරෝව 1.1730 සහ 1.1815 දක්වා ඉහල යනු ඇත;
  • GBP/USD. මෙහි දී විශේෂඥයන් විසින් මාසයේ දී ඩොලරය ශක්තිමත් කිරීමක් අපේක්ෂා කරන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය පහත වැටෙනු ඇත. මේ සඳහා 60% ක් සහය පල කර ඇත. ආධාරක අගයන් 1.2605, 1.2525, 1.2475 සහ 1.2345 වේ. ප්‍රතිරෝධී අගයන් 1.2725, 1.2840 1.2925 සහ 1.3050 වේ;

2018 දෙසැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවට ෆොරෙක්ස් සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 55% ක් (සතිපතා අනාවැකියේ දී) සහ 65% (මාසික අනාවැකියේ දී) අනුව, යුගලය එහි පහල අගයන් වලට ළඟා වී ඇති අතර දැන් එය නැවත ඉහළට පැමිනෙනු ඇත. ඉලක්කයන් 112.30, 113.15, 113.70 හා 114.20 වේ. මෙම තත්වය තුල සමාන්තර චලනයක් සඳහා සහය දුන් ප්‍රමාණය 10% ක් පමණ කුඩා අගයක් ගනී. ඉතිරි විශ්ලේෂකයින් යුගලයේ පහතයාම සමග වන අතර මෙම යුගලය තවදුරටත් පහත වැටෙනු ඇති බව විශ්වාස කරති. ආධාරක අගයන් 110.80, 109.85, 109.35 සහ 108.65 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ ඔවුන්ගේ වර්ධනය තිබියදීත්, ක්‍රිප්ටෝ වෙළඳපොළ තුළ තරමක් අඳුරු ස්වරුපයක් උසුලයි. විශ්ලේෂකයින් හා වෙළඳපොළ සහභාගිවන්නන්ගෙන් 70% කටත් වඩා වැඩි යමක් වත්මන් ඉහල නැගීම තාවකාලික එකක් යැයි විශ්වාස කරන අතර පහතයාම දිගටම පවතිනු ඇතැයි විශ්වාස කරති. එමෙන්ම බිට්කොයින් යුගලය $2,500-2,700 කලාපය දක්වා පහත වැටෙනු ඇතැයි ද ඒ සඳහා මාස දෙකක පමණ කාලයක් ද ගතවනු ඇති බවට ඔවුහු විශ්වාස කරති.
    ඉතිරි 30% ප්‍රමාණයට අනුව BTC/USD යුගලය $4,800-5,200 දක්වා වර්ධනය වනු ඇත.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න