2018 December 1

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. බලාපොරොත්තු වූ පරිදිම යුරෝපීය නායකයින්ගේ බ්‍රික්ස්ට් සමුළුව නිසා යූරෝවේ වර්ධනයක් සිදු විය. එහි සුබවාදී ප්‍රතිපල හේතුවෙන් යුරෝපීය මුදල නොවැම්බර් මස 26 වන සඳුදා වන විට 1.1383 දක්වා ඉහල ගොස් ඇති නමුත් පසුව ඩොලරය විසින් මෙම යුගලයෙහි බලය යලිත් අල්ලා ගනු ලැබීය.
    බදාදා වන විට, 2018 වසරේ අවම අගය වූ 1.1255 මට්ටමට පහත වැටී ඇති නමුත් පසුව, නිව්යෝර්ක් ආර්ථික සමාජයේ හි දී ෆෙඩරල් සංචිතයේ ජෙරොම් පවෙල්, ඩොලරයේ පොලී අනුපාත තරමක් ප්‍රමාණවත් මට්ටමට පහළින් වන බව ප්‍රකාශ කළේය. ඔක්තෝබර් මාසයේ දී ඔහු විසින්ම කියා සිටියේ එම අනුපාතය ප්‍රමාණවත් තරම් මට්ටමක පවතින බවයි. ඉන් මාසයකට පසුව, ආර්ථිකය වේගවත් නොවූ අතර මන්දගාමී මට්ටමක පැවතියේය. එම ප්‍රකාශයත් සමඟ යුරෝව නැවත ඉහලට තල්ලු කිරීමට සමත් විය. මෙම යුගලය අවස්ථාවේ දී 1.1400 දක්වා ඉහළ ගියේය. එහෙත් යුරෝ කලාපීය ආර්ථිකය පිළිබඳ එතරම් සාධනීය සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් නොකෙරුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සතියේ මුළු එකතුව "ශුන්‍යය" විය. එනම් යුගලය ආරම්භ වූ ස්ථානයේම එය අවසන් කළේය;
  • GBP/USD. මෙම යුගයේ සතිපතා ප්‍රවණතා EUR/USD යුගලය විසින් ප්‍රදර්ශනය කරන ලද ඒවාට සමානය. එහෙත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් බ්‍රික්ස්ට් පිලිබඳ එකඟතාව අනුමත නොකරන භීතිකාවන් හේතුවෙන් පවුම පිලිබඳ අවිශ්වාසයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය අවසන් වන විට ආරම්භක මට්ටමට වඩා මදක් අඩු විය. සතියේ ආරම්භයේ පවුම් 1.2810 ක් වූ අතර එය 1.2750 මට්ටමේ දී අවසන් විය;
  • USD/JPY. මෙම යුගලයේ අනාගතය සම්බන්ධයෙන් විද්වතුන්ගේ අදහස් සමාන ලෙස බෙදී ගියේය. එහි වාසිය කුඩා ප්‍රමාණයකින් (55%) පහත යාමේ පැත්තට විය. නමුත් සතියේ සාරාංශ කරන විට ඉහළයාම සඳහා කුඩා අගයක් ගත්තද ජයග්‍රහණයක් ලබා ගත් බව පැහැදිලිය. මෙම යුගලය සතියක කාලය තුළදී පොයින්ට් 60 කින් පමණ වැඩිවී 113.50 ට පැමිණ ඇත;
  • ක්‍රිප්ටෝ මුදල්. මෙම යුගලය සඳහා පසුගිය සතියේ අනාවැකිය ඍණාත්මක එකක් වූ අතර, එය 100% නිවැරදි විය: සියලුම කොයින් වලින් 80% කට වඩා වැඩි ප්‍රමාණයක්, බිත්කොයින් අනුගමනය කිරීමෙන් පසුව, ගැඹුරු ලෙස පහත ගොස් ඇත.
    BTC/USD යුගලය $4,000 ක මට්ටමෙන් බිඳී යා හැකි බව අපගේ අනාවැකියේ සඳහන් විය. එය සැබැවින්ම $3,660 දක්වා පහත වැටී සිකුරාදා දිනට $4,000 දක්වා ආපසු වර්ධනය වී ඇත. එතීරියම් (ETH/USD) $ 102.6 හි ඇත. ලයිට්කොයින් (LTC/USD) $24.2 දක්වා සමහර විනිමය හුවමාරු වලදී පහත වැටී ඇත. රිපල් (XRP/USD) $0.33 දක්වා පහත වැටී ඇත. 

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ඔබ ප්‍රස්ථාරය දෙස බලන්නේ නම්, නොවැම්බර් මාසයේ දී යුගලය 1.1315-1.1350 කලාපය තුල ශක්තිමත් වීමට උත්සහ දරා ඇත. එහි ඉදිරි අනාවැකිය සඳහා බොහෝ විද්වතුන් (60%) සහ පැය හතරේ සහ දවසේ කලරාමුවෙහි දර්ශක 90% ක් ඩොලරයේ වර්ධනය අපේක්ෂා කරන අතර 2018 අවම අගය වන 1.1215 දක්වා යුගලයේ පහත වැටීම අපේක්ෂා කෙරේ.
    ජී 20 සමුලුවේ ප්‍රතිඵලවලට අමතරව, දෙසැම්බර් 5 සහ 7 වන සිකුරාදා ෆෙඩරල් සංචිතයේ ප්‍රධානී ජේ. පවෙල්ගේ මීලඟ ප්‍රකාශයන් මෙන්ම එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොල පිළිබඳ නිතිපතා දත්ත ප්‍රසිද්ධ කිරීම ආදී සිදුවීම් මගින් සතියේ ප්‍රවණතාවයන් කෙරෙහි බලපෑම් ඇති කල හැකිය. අනාවැකි වලට අනුව, එක්සත් ජනපදයේ මුදල යම් ආකාරයකින් දුර්වල විය හැකි අතර කලින් පැවති වටිනාකමට සාපේක්ෂව 15-20% කින් NFP පහත වැටිය හැකිය. මෙහිදී මාසිකව කර ඇති අනාවැකිය පරිදි, විශ්ලේෂකයින්ගෙන් 60% ක් දැනටමත් ඉහළයාම සඳහා සහය ලබා දෙන අතර යුගලය නැවත 1.1400-1.1500 කලාපයට  පැමිණීම අපේක්ෂා කරයි;

2018 දෙසැම්බර් 03 සිට 07 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මේ මොහොත වනවිට වසරේ අවම කලාපයට ආසන්නව 1.2670-1.2695 පවතී. එමෙන්ම පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන්, ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් 90% කට වඩා එයට සහාය දෙන අතර 1.2600-1.2620 කලාපයට ඉක්මන් යුගලය පහත වැටීමක් වනු ඇති බවට අනාවැකි පල කරයි.
    එහෙත් ප්‍රවීණයන්ගේ මතය මෙතරම් පැහැදිලි නැත: පහතයාමට ඇත්තේ 55% ක් පමණි. 45% ක්ම නිසැකවම මෙම යුගලය පහත නොයනු ඇති අතර, එය 1.2900 දක්වා ඉහළට ගමන් කරන බව අපේක්ෂා කරයි;
  • USD/JPY. පැහැදිලි අනාවැකි ලබා දීමට අප කැමැති වුවද, ජපන් මුදල් සඳහා විශේෂඥයන් අතර නිශ්චිත තීරණයක් නොමැති අතර ඔවුන්ගෙන් අඩක් යුගලයේ වර්ධනය සඳහා සහය පල කරති. අනෙක් අර්ධය එහි පහතයාම සඳහා සහය ලබා දෙයි. G20 හි ප්‍රතිඵල පිලිබඳ සෑම දෙනෙක්ම බලා සිටින අතර මෙහි දී ද අදහස් අතර බෙදීමක් දක්නට ඇත.
    ඒ අනුව දර්ශකයද ඒ අනුව හැසිරේ. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව යුගලය ප්‍රථමයෙන්ම 114.20-114.40 මට්ටම දක්වා වර්ධනය වන අතර ඉන්පසු එහි වැටීම පළමුවෙන් 113.00 දක්වාත් පසුව 111.75 දක්වාත් වෙයි.
    එවැනි අවිනිශ්චිත තත්වයක් තුළ දී, දිගුකාලීන අනාවැකියක් වෙත යොමු වීම සැමවිටම ප්‍රයෝජනවත් වේ. මෙහි දී, විශ්ලේෂකයින්ගෙන් 65% ක්, ග්‍රැෆික් විශ්ලේෂණය මගින් "යෙන්" ශක්තිමත් වනු ඇති බවත් යුගලය 112.00 දක්වා පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. ක්‍රිප්ටෝ මුදල් සඳහා වන අනාවැකි තුලින් ඒවායේ සැබෑ වටිනාකම තක්සේරු කිරීම අසීරුය. ඒවා ඉතා අතාත්වික වන අතර, අපේක්ෂා කරන අගයන් අතර වෙනෙස සිය ගණන් හෝ දහස් ගණනින් විය හැකිය.
    විශේෂඥ අනාවැකිය මේ මොහොතේ පහත සඳහන් පරිදි වේ: 60% සිට බිට්කොයින් $3,000 දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි. 30% ක් එය $4,000-4,500 පරාසය තුළ ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. 10% ක් මෙම සියල්ල සිදුවෙනු ඇති බව අපේක්ෂා කරයි.
    කෙසේ වෙතත්, NVIDIA හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාන්ගේ වචනවලට ඔබ සවන් දෙනවා නම්, ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොල පිළිබඳව ඇති භිය ක්ෂණිකව ඉවත් වේ. විශාලතම ක්‍රිප්ටෝ නිමවුම්කරුට අනුව ක්‍රිප්ටෝ වෙළඳපළේ අනාගතය ගැන වැරදි ලෙස සිතා ඇති බව පිළිගෙන ඇත.

 

Roman Butko, NordFX

 

Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න