2018 November 24

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. ඔබ යුගලයේ ප්‍රස්ථාරය දිහා බලන විට, නොවැම්බර් 23 සිකුරාදා සවස වන විට නොවැම්බර් 16 සිකුරාදා උදෑසන අගයන් වෙත ආපසු හැරී ඇති බව පැහැදිලි වේ. එනම්, සතියේ ප්‍රතිඵලය ශුන්‍යයට ආසන්න වන අතර, වඩාත් නිවැරදි අනාවැකිය දර්ශක සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් මගින් ලබා දී ඇත.
    විද්වතුන්ට අනුව, ඔවුන්ගෙන් තුනෙන් එකක් යුගලය 1.1450-1.1550 කලාපය දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කළ අතර (සතියේ සැබෑ උපරිමය 1.1470 අගය විය) පසුව ඩොලරය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළහ. මෙය සත්‍ය වශයෙන්ම සිදු වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන්, මෙම යුගලය සතිය අවසානයේදී 1.1330 හි අවසන් විය;
  • GBP/USD. මෙම යුගලය සඳහා පසුගිය සතියේ ප්‍රතිඵල EUR/USD ප්‍රතිඵලය හා සමාන වේ, එනම් ශුන්‍යයට ආසන්නව. යුරෝපීය කොමිසම බ්‍රික්ස්ට් පිලිබඳ දේශපාලන ප්‍රකාශය අනුමත කල බව බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් වූ විට, පවුමෙහි ඍණාත්මක තත්ත්වය ආපසු හැරවීමට අවස්ථාවක් ලැබුණි. ඒ අනුව යුගලය 1.2925 ක උසකින් පොයින්ට් 150 ක් දක්වා ඉහළ නැගුණි. නමුත් බ්‍රිතාන්‍ය මුදල් හිමි අයගේ ප්‍රීතිය කෙටි කාලීන වූ අතර යුගලය 1.2810 කලාපයේ දින 5 ක කාලය අවසන් කළේය;
  • USD/JPY. මෙම යුගලයේ අනාගතය සම්බන්ධයෙන් විද්වතුන්ගේ මතය බෙහෙවින් බෙදී තිබුණි. 45% ක් යුගලයේ පහත යාමටත් 45% ක් යුගලයේ වර්ධනයටත් ඉතිරි 10% මධ්‍යස්ථ තත්ත්වයකටත් සහය ලබා දී ඇත. ඒ අනුව ගත වූ සතිය දෙස බැලීමේදී ඔවුන් සියලු දෙනාම නිවැරදි බව පෙනී ගියේය. ගත වූ සතියේ පළමු භාගය තුල යුගලය පහත වැටුණු අතර, ඉන්පසු යුගලය ඉහලට ගමන් කළේය. යුගලය 112.90 අගය මධ්‍ය අගයක් කරගනිමින් සතියේ ආරම්භක අගයන් වෙත නැවත පැමිණුනු අතර සතිය අවසානයේ දී ශුන්‍ය ප්‍රතිපලයක් පෙන්නුම් කළේය. ආධාරක/ප්‍රතිරෝධී මට්ටම් සඳහා, ග්‍රැෆික් විශ්ලේෂණය වඩාත් නිවැරදිව විය: එමගින් යුගලයේ ඉහළ සීමාව පැය හතරේ කාලරාමුව මත 113.10 ලෙස සලකුණු කරන ලදී. (මෙම යුගලය 113.14 දක්වා පැමිණියේය) එමෙන්ම පහත වැටීම දවසේ කාලරාමුව මත දී 112.65 විය (සතියේ අවම අගය 112.30 ලෙස සටහන් විය);
  • ක්‍රිප්ටෝ මුදල් සඳහා, අනාවැකි දෙකක් දක්නට ලැබුණි. එකක් උදාසීන හා අනෙක ඉතා නරක එකක් විය. සත්‍ය වශයෙන්ම, දෙවැනි අනාවැකිය සැබෑ විය. BCH (බිට්කොයින් කෑෂ්) මගින් වෙළඳපොළට බලපෑම් එල්ල විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී $4,210-4,250 ක කලාපයේ අගයන් කරා බිට්කොයින් තවදුරටත් පහත වැටුණු අතර එයත් සමඟ තවත් ක්‍රිප්ටෝ මුදල් පහතට ගමන් කළහ. ප්‍රධාන දර්ශක පොයින්ට් 500 කට වඩා වැඩි හෝ 25% ක් පමණ තම වටිනාකම අහිමි කර ගත්හ.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. යුරෝ හා බ්‍රිතාන්‍ය පවුම යන මුදල් වර්ග දෙකටම තදින්ම බලපෑ හැකි වැදගත්ම සිද්ධිය ලෙස යුරෝපීය නායකයින්ගේ අද්විතීය සමුළුව වන බ්‍රික්ස්ට් සමුළුව නොවැම්බර් 25-26 දක්වා පැවැත්වීමට නියමිතය. එහි ප්‍රතිඵලය ධනාත්මක නම්, යුගලය 1.1470 හා 1.1500 දක්වා ඉහල නැංවිය හැකිය. කෙසේවෙතත්, ප්‍රවීණයන්ගෙන් අඩකට වඩා අඩු ප්‍රමාණයක් එනම් 40% ක් පමණක් මෙම තත්වය සමග එකඟ වේ.
    ඉතිරි 60% ට අනුව, ඩොලරය ශක්තිමත් වෙනු ඇත. නොවැම්බර් 28 වන බදාදා, එක්සත් ජනපද දළ දේශීය නිෂ්පාදිතය සඳහා 3 වන කාර්තුවේ දත්ත අපේක්ෂා කරන අතර දෙවන කාර්තුවට වඩා එය යහපත් වන්නේ නම් මෙය ඇමරිකානු ඩොලරය වෙත ප්‍රබල ආධාරකයක් වනු ඇත. නොවැම්බර් 29 වන බ්‍රහස්පතින්දා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ රැස්වීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. කෙසේ නමුත් සුවිශේෂී වෙනස්වීමක් එමගින් අපේක්ෂා නොකෙරේ.
    පහතයාම සඳහා ඉලක්ක ලෙස 1,1300 සහ 2018 වර්ෂයේ අවම අගය වූ 1.1215 හඳුන්වන අතර එය බිඳවැටුනහොත් 1.1120 දක්වා වුවද යුගලය පහතට ගමන් කල හැකිය.
    දර්ශක ගැන කතා කරන විට, පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් 15% ක් පමණ යුගලයේ විකුණුම් වැඩි වන බව පෙන්නුම් කරයි. එමගින් කෙටිකාලීන නිවැරදි කිරීමක් ඉදිරිපත් කළ හැකිය;    
  • GBP/USD. දර්ශකයන්ගෙන් 100% ම රතු වර්ණයෙන් වර්ණ ගැන්වී ඇත. එහෙත් අනාගත ප්‍රවණතා ඔවුන් විසින්ම තීරණය කරනු නොලැබේ. යුරෝපා සංගමයේ බ්‍රික්ස්ට් සමුලුවේ තීරන පවුම සඳහා ඉතා වැදගත් වේ. එහෙත් එය ඊටත් වඩා දරුණු පරීක්ෂණයකට මුහුන දීමට නියමිතය. එනම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් තවමත් යුරෝපීය සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම සඳහා කොන්දේසි පිලිබඳව තවමත් තීරණය කර නොමැත. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කොන්දේසිවලට විරුද්ධව ඡන්දය ලබා දීමට වැඩි අවස්ථාවක් තිබේ. එවැනි අවස්ථාවකදී දෙවන ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වන අතර එය පෙබරවාරියේ පැවැත්වීමට නියමිතය. එම නිසා ආයෝජකයෝ පවුම කෙරෙහි ප්‍රවේශම් විය යුතුය.
    මේ අතර, විද්වත් අදහස් සමාන ලෙස බෙදී ඇත: ඔවුන්ගෙන් අඩක් යුගල වර්ධනය සඳහා ද, තවත් අඩක් එහි වැටීම සඳහාත් සහය ලබා දෙයි. ආසන්නතම ආධාරක මට්ටම් 1.2720, 1.2695, 1.2660 වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.2885, 1.2925 සහ 1.3025 වේ;
  • USD/JPY. ජපාන මුදල් නිරුතුරුවම යුරෝ මුදල් වලට ප්‍රතිරූපී තත්වයක් පෙන්නුම් කරයි. එනම් ඩොලරයට සාපේක්ෂව යුරෝව සහ පවුම පහත වැටෙන විට, යෙන් ඉහල නගිනු ඇත. ලබන සතියේ විශ්ලේෂකයින්ගේ අනාවැකියට හේතු සපයන්නේ මෙම දර්ශනයයි. ඔවුන්ගෙන් 55% ක්, ඔස්කිලේටර් 90% ක් සහ ප්‍රවණතා දර්ශක 70% ක් යුගලය පහතට ගමන් කරනු ඇති බව අපේක්ෂා කරයි. මුලින්ම 112.60 ක අගයකටත් ඉන් පසුව තවත් පොයින්ට් 30 ක් පමණ අඩු වේ. එපමණක්ද නොව 112.00 දක්වා වුවද යුගලය පහත යා හැකිය.
    විකල්ප මතයක් ඉදිරිපත් කරමින් ප්‍රවීණයන්ගෙන් 45% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 10% ක් වන ඔස්කිලේටර් යුගලය ඉහලට ගමන් කරනු අතිඕ බවට අපේක්ෂා කරයි. ඉහල යාම සඳහා ඉලක්ක ලෙස 113.15-113.40 සහ 114.20-114.55 කලාපයන් හැඳින්වේ.

2018 නොවැම්බර් 26 සිට 30 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. බොහෝ දුරට, වෙළඳපලේ ඇති ඍණාත්මක ප්‍රවණතාවය දිගටම පවතිනු ඇත. එමෙන්ම බිට්කොයින් $ 4,000 මට්ටම බිඳහෙලීමට උත්සාහ කරනු ඇත. මීලඟ ඉලක්කය තවත් පොයින්ට් 1,000 ක් පහතට වේ. එතිරියම් (ETH/USD) $100 දක්වා පහතට ගමන් කරනු ඇත. ලයිට්කොයින් (LTC/USD) සඳහා ඉලක්කය  $30 කට වඩා අඩු වන අතර රිපල් සඳහා (XRP/USD) $0.40 ට අඩුය.
    ක්‍රිප්ටෝ මුදල් හි වර්ධනය සඳහා ශුභාරංචියක් ඇත. බිට්කෝන් පිළිබඳ උපුටා දැක්වීම් හා බොහෝ ඔස්කිලේටර් කියවීම අතර වෙනසක් තිබේ. මෙමගින් ක්‍රිප්ටෝ මුදල් යුගලයන් ඉහලට නිවැරදි කිරීමක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, බොහෝ විශේෂඥයින්ට අනුව මෙම නිවැරදි කිරීම කෙටි කාලීන වේ.

 

Roman Butko, NordFX


Notice: These materials should not be deemed a recommendation for investment or guidance for working on financial markets: they are for informative purposes only. Trading on financial markets is risky and can lead to a loss of money deposited.


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න