2018 October 20

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. අපේක්ෂා කළ පරිදි පසුගිය සතියේ සෑම ආකාරයකම සිදුවීම්වලින් පිරී තිබුනි. එක්සත් ජනපද සාර්ව ආර්ථික සංඛ්‍යාලේඛන, යුරෝපයේ, එක්සත් රාජධානිය සහ චීනයේ උද්ධමනය පිළිබඳ දත්ත, ජර්මනියේ හා යුරෝපයේ වර්තමාන ආර්ථික මනෝගතීන්ගේ දර්ශකයන්, විවෘත වෙළඳපොළ පිළිබඳ එක්සත් ජනපද ෆෙඩරල් සංචිත කමිටුව රැස්වීම, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සහ යුරෝපා සංගමයේ බ්‍රික්ස්ට් සමුලුව ආදිය එකී සිදුවීම් වෙයි.
    මෙම සියලු කරුණු යුගලයන්ගේ ප්‍රවණතා ගොඩනැගීමට බලපා ඇත. එහෙයින් අපගේ ප්‍රවීණයන් ප්‍රධාන සිදුවීම් ද්විත්වයක් සලකා බැලීය. පළමුවැන්න, "ඉහළයාම" සඳහා විය. ප්‍රථමයෙන් එය1.1525-1.1830 කලාපයේ මධ්‍ය අගය දක්වා ද පසුව එහි ඉහළ මායිම දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළේය. දෙවැන්න, "පහළයාම"වූ අතර ඩොලරය ශක්තිමත් වීම සහ එය 1.1430 දක්වා පහතයාම සිදු වන බව ප්‍රකාශ විය.
    මේ සියලු සිදුවීම් සිදුවිය. එසේනම් ප්‍රතිඵලය කුමක්ද? ප්‍රතිඵලයක් නැත. පළමුවෙන්ම, යුගලය 1.1621 මට්ටම දක්වා ඉහළ නැගුනු අතර අනාවැකි පල කල පරිදි අනවැකියෙන් අර්ධයක් ක්‍රියාත්මක විය. ඉන් පසුව 1.1430 කලාපයේ පහළ සීමාව ස්පර්ශ කිරීමෙන් පසුව සති දෙකකට පෙර පැවති සහ අගෝස්තු, ජූනි, සහ මැයි මාස වල පැවති 1.1513 අගයන්ට ලඟා විය;
  • GBP/USD. බොහෝ විශ්ලේෂකයින් විසින් ඉදිරිපත් කරන ලද අනාවැකිය, ප්‍රවණතා දර්ශකයන්ගෙන් 80% ක් සහ දවසේ කලරමුව මත ඔස්කිලේටර් 70% ක් තහවුරු කර ඇත. විශේෂඥයින් පැවසු පරිදි, මෙම යුගලය 1.3225 ක උසකට ළඟා විය යුතු බව පැවසු අතර යුගලය ඔක්තෝබර් 16 වන අඟහරුවාදා එම අගයට ලඟා විය.
    මධ්‍ය කාලීන අනාවැකි වලට අනුව යුගලය 1.2920 කලාපයට පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කල අතර සතියේ දෙවන භාගයේදී මෙම සිදුවීම සැබැවින්ම සිදු විය. සතියේ අවසානය වන විට යුගලය නැවතත් වර්ධනය වීමක් පෙන්නුම් කල අතර දින පහක කාලය අවසානයේදී යුගලය 1.3065 හි පැවතියේය;
  • USD/JPY. පසුගිය සතියේ, මෙම යුගලය පිළිබඳ කිසිදු පැහැදිලි අනාවැකියක් ඉදිරිපත් කිරීමට නොහැකි විය: ප්‍රවීණයන්ගෙන් 45% ක් එහි පහතයාම සඳහා සහය දුන් අතර, එහි වර්ධනයට 20% ක් සහ 35% ක් සමාන්තර චලනයක් අපේක්ෂා කළහ. මෙම 35% ක ප්‍රමාණය නිවැරදි විය: උපරිම උච්චාවචනයන් පොයින්ට් 110 ක් නොඉක්මවන ලදී. ප්‍රතිඵලය ඉතා කුඩා විය: සතියේ ආරම්භක මට්ටම 112.20 වූ අතර යුගලය 112.55 ට දින පහක කාලය අවසන් කළේය. මේ අනුව, ඩොලරය දින පහ තුලදී ජපන් 'යෙන්' වෙතින් ජය ගැනීමට සමත් විය;
  • ක්‍රිප්ටෝ මුදල්.  ක්‍රිප්ටෝ මුදල් අනුපාත නිර්ණය කරීමේ ප්‍රධාන සාධක ආර්ථික හෝ විශ්ලේෂණ නොව, පුවත් සහ කටකතා වන බව අප නිරන්තරයෙන් පවසන්නෙමු. පසුගිය සතියේ මෙය පැහැදිලිව තහවුරු විය.
    ඔක්තෝබර් 15 වෙනි සඳුදා දින උදෑසන බොහෝ බිට්කොයින් හිමියන් ප්‍රීති වූ අතර යුගලය අවසානයේ දී ඉහල නැගීම ආරම්භ කරන ලදී: සමහර හුවමාරුවීම් හි මෙම මුදල් අනුපාතය $ 6,380 සිට $ 7,700 දක්වා ඉහල නැගුනු අතර එය පැය කිහිපයක් තුලදී  20% කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය විය!
    මෙම ප්‍රවෘත්තිය සඳහා ටෙතර් (USDT) ක්‍රිප්ටෝ මුදල හේතු විය. සාමාන්‍ය වෙළදුන් ස්ථාවර කොයින් වහාම විකිණීමට පටන් ගෙන, බිට්කොයින මිලදී ගැනීමට පටන් ගත් අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් BTC/USD අනුපාතය ඉහල ගියේය.
    නමුත් සන්තෝෂය දීර්ඝ කාලින නො වී ය. ඉන්පසු තියුනු කඩාවැටීමක් සිදුවූ අතර, පසුගිය මාස එකහමාරක කාලයේ සාමාන්‍ය අනුපාතය වෙත නැවතත් පැමිණියේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ව්‍යාජ ප්‍රවෘත්ති කර්තෘවරු මුදල් උපයාගත් අතර මෙම ව්‍යාජ පුවත් මත මිලදී ගත් අය බොහෝ දේ අහිමි ගත්හ.
    ඔක්තෝබර් 15 වන සඳුදා කුමක් සිදු වී දැයි අපි නොදනිමු. එහෙත්, බිට්කොයින් 6,325-6,835 වෙත ආපසු පැමිණෙනු ඇතැයි කරන ලද අනාවැකිය මුලුමනින්ම නිවැරදි විය: BTC/USD සෙනසුරාදා වන විට $6,535 හි පසුවිය.
    බිට්කොයින්ගේ තත්වය අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලයන් හි දී ද පෙන්නුම් කළේය. උදාහරණයක් ලෙස, රිපල් (XRP/USD) සහ එතිරියම් (ETH/USD) සුළු වර්ධනයක් සහිතව සතිය නිමා කල අතර ලයිට්කොයින් (LTH/USD) ප්‍රතිපලයක් රහිතව සතිය අවසන් කළේය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. සමහර විශ්ලේෂකයින් ප්‍රධාන වැදගත් සිදුවීම් පහක් පිළිබඳව පමණක් කතා කරන අතර ඉදිරි සතියේ දී එවැනි සිදුවීම් දහයක් පමණ සිදුවීමට නියමිතය. අපගේ මතය අනුව, මෙම තත්වය තුල ආර්ථික දින දර්ශනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් නොවනු ඇති අතර එමගින් වෙළඳුන් සඳහා විශේෂ විස්මයන් ඉදිරිපත් නොකරනු ඇත. එබැවින්, දිගුකාලීන අනාවැකි සහ තාක්ෂණික විශ්ලේෂණය වැඩි අවධානයක් යොමු කිරීම ප්‍රයෝජනවත් විය හැකිය.
    EUR/USD යුගලය සඳහා අනාවැකි පල කිරීමේදී, බොහෝ විද්වතුන් (70%) ඩොලරයට හිතකර තත්වයක් දක්වයි. ඔවුන්ගේ අදහසට අනුව, යුගලයේ ඉලක්ක 1.1430 සහ 1.1300 ආධාරක මට්ටම් වේ. පැය හතරේ කාලරමුව මත 70% ක් පමණ ප්‍රවණතා දර්ශක හා ඔස්කිලේටර් මෙන්ම දවසේ කාලරාමුව මත 80% කට වැඩි ප්‍රමාණයක් මෙම මතය සමග එකඟ වේ.
    ඉතිරි විද්වතුන් සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය අපේක්ෂා කරන්නේ යුගලය,1.1525-1.1830 කලාපයේ පහළ සීමාව වෙත ගමන් කරනු ඇති බවත් පසුව 1.1430-1.1625 කලාපයේ මධ්‍ය අගයන් වෙත ගමන් කරනු ඇති බවත්ය. එම අගයන් තුල යුගලය යම් කාලයක් ගත කරනු ඇත;

2018 ඔක්තෝම්බර් 22 සිට 26 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. බ්‍රික්ස්ට් පිලිබඳ සාකච්චා තවමත් පැවැත් වෙමින් තිබේ. ඒ අනුව ලන්ඩන් හා බ්‍රසල්ස් අතර ගනුදෙනුව නොවැම්බර් මස මැද වන විටදීවත් සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බව පැහැදිලිය. මෙම පසුබිම තුල විශේෂඥයන්ගෙන් 90% ක් සහ දර්ශක බහුතරයකට වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය පවුම තවදුරටත් පහත වැටෙනු ඇතැයි බලාපොරොත්තු වේ. ආසන්නතම ආධාරක අගය 1.3010 වේ. ඉලක්කය 1.2900 කි. ආසන්නතම ප්‍රතිරෝධී 1.3100-1.3130 වේ. උපරිමය 1.3215 වේ;
  • USD/JPY. GBP/USD යුගලය සඳහා නම්, විශේෂඥයන් ඩොලරය තවදුරටත් ශක්තිමත් වීම අපේක්ෂා කරන නමුත් USD/JPY සඳහා එය එසේ නොවෙයි. ඔවුන්ගේ මතයට අනුව, ජපන් යෙන් ශක්තිමත් විය යුතුය. විශ්ලේෂකයින්ගෙන් 65% ක්, ග්‍රැෆික් විශ්ලේෂණය සහ දවසේ කාලරමුව මත ඔස්කිලේටර් මෙම මතය සමග එකඟ වේ. ඉලක්කය 112.00, 111.65 සහ 110.70 වේ.
    විශ්ලේෂකයින්ගේ 35% සහ පැය හතරේ කාලරාමුව මත දර්ශකයන් 70% විකල්ප මතයක් ඉදිරිපත් කරයි. ප්‍රතිරෝධතා මට්ටම් 112.75 සහ 113.50 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. බොහෝ විශ්ලේෂකයින්ට මීලග ව්‍යාජ ප්‍රවෘත්ති පුරෝකථනය කළ නොහැකි බව පැහැදිලිය. කෙසේවෙතත්, Wall Street, ක්‍රිප්ටෝ වෙළඳපොළට දෙවනවරටත් ඇතුළු වීමට සූදානම් වෙමින් සිටින බවට කටකතා පැතිර පවතී. විශාල සමාගම් වන, ෆිඩෙලීටි ඉන්වෙස්ට්මන්ට්ස්, ගෝල්ඩ්මන් සැච් සහ අනෙකුත් ආයෝජන බැංකු "කම්පන ශක්තියක්" බවට පත්විය හැකිය. කෙසේ වෙතත්, මේවා සියල්ලම බොක්චේන් ක්ෂමාලාපකයින්ගේ බලාපොරොත්තු වේ.
    මේ මොහොතේ වෙළෙඳපොළ ස්ථාවර වී ඇති අතර, එම නිසා අපට සුළු වෙනස්කම් ඇතිව කලින් අනාවැකිය නැවත පල කළ හැකිය. එනම් BTC/USD යුගලය ඩොලර් $6,325- $ 6,900 ක පරාසයක චලනය වනු ඇත.
    ඔක්තෝබර් 15 දින සිදුවූ සිදුවීම්වලට සමාන තත්වයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කල හැකිය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න