2018 August 26

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. අපේක්ෂා කල පරිදි එක්සත් ජනපද-චීන සාකච්ඡාවලදී සුවිශේෂී යමක් වාර්තා නොවූ අතර සාකච්ඡා අවංක හා ප්‍රයෝජනවත් වූ බව පමණක් PRC වාණිජ අමාත්‍යාංශය වාර්තා කළේය. නිශ්චිත ප්‍රතිඵල නොලැබීම එවැනි ප්‍රකාශයකට හේතු විය හැකිය. ෆෙඩරල් සභාපති ජෙරොම් පවෙල්ගේ කථාවෙන් ද ඩොලරයේ වර්ධනයට සහයක් නොලැබුනු අතර ඩොලරය පොයින්ට් 30කින් පමණ පහල ගියේය.
    සාමාන්‍යයෙන් යුරෝව සතිය තුල පොයින්ට් 200 කින් ඉහල ගියේය. මෙයට හේතු ලෙස, එක්සත් ජනපද ජනාධිපති සහ ඔහුගේ වටා ඇති බරපතල ගැටළු මෙන්ම යුරෝපා සංගමයේ සිට ආනයනය කරනු ලබන මෝටර් රථවල ආනයන බදු වැඩි කිරීමේ ගැටලුව සම්බන්ද  එක්සත් ජනපද තීරනය කල්දැමීම ආදිය හැඳින්විය හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යුගලය සතියේ සැසිය, විද්වතුන් 45% ක් අපේක්ෂා කල පරිදි 1.1622 ප්‍රතිරෝධයට ආසන්නව 1.1630 හි දී අවසන් විය;
  • GBP/USD. යුරෝව අනුගමනය කරමින්, බ්‍රිතාන්‍ය පවුම, ඩොලරයට සාපේක්ෂව මධ්‍ය කාලින පහතයාමේ ප්‍රවණතාවයේ මධ්‍ය අගය වෙත පැමිණ තිබිණි. දින පහක කාලපරිච්චේදය අවසානයේදී මෙම යුගලය 1.2845 දක්වා පැමිණ තිබිණි;  
  • USD/JPY. පසුගිය සතියේ දී, විශ්ලේෂකයින්ගෙන් 75% ක් මෙම යුගලය 109.00 කලාපයට පහත යනු ඇතැයි අපේක්ෂා කළ අතර 25% ක ප්‍රතිශතයක් 111.00-112.00 කලාපය දක්වා ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කළහ. ඒ අනුව, බහුතර අපේක්ෂාවන්ට අනුව, සත්‍ය වශයෙන්ම යුගලය පහත වැටුණු අතර අගෝස්තු 21 වන අඟහරුවාදා එය 109.75 දක්වා පහත වැටී ඇත. කෙසේවෙතත්, එම පහතයාම නතර වී අනෙක් විශේෂඥයින්ගෙන් 25% ක් අනාවැකි පල කළ පරිදි යුගලය 111.00-112.00 කලාපයට ඇතුල් වී 111.50 ක උසකට ලඟා විය. සතියේ අවසානය වන විට යුගලය එම අගයට මදක් අඩුව 111.25 හි දී සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. සතියේ ප්‍රධාන අසුභ ආරංචිය වුයේ එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිසම බිට්කොයින් ඇරබීම සඳහා වූ අයදුම්පත් පහක් (සම්පූර්ණ වශයෙන් නව) ප්‍රතික්ෂේප කර ඇති බවයි. ප්‍රතික්ෂේප කිරීම සඳහා ප්‍රධානතම හේතුව වන්නේ වංචා සහ මිල හැසිරවීම සම්බන්ධ ගැටළු ය. ශුභාරංචිය යනු සුරැකුම්පත් කොමිසම තම තීරණය නැවත සලකා බැලීමට හැකි බවයි. ඕස්ට්රේලියාවේ ඕස්ට්රේලියානු බැංකුව විසින් නිකුත් කරන ලද ප්‍රථම බොලොක්චේන් බැඳුම්කර ආයෝජකයින් විසින් සක්‍රියව මිලදී ගෙන ඇති බවයි.
    ක්‍රිප්ටෝ වෙළඳ ප්‍රාග්ධනීකරණයට අනුව, එය සුළු සුළු වශයෙන් වැඩිවී ඩොලර් බිලියන 210 කට වඩා වැඩි වී ඇත.
    මෙම තත්ත්වය තුළ, BTC/USD යුගලය තරමක් පටු සීමාවක දී සෑම විටම පාහේ අඛණ්ඩව චලනය විය, $ 6,230-6,650. අප උපකල්පනය කළ පරිදි, මෙම තත්වය යටතේ $6,830 අගයක් ලබා ගැනීමට බිට්කොයින්ට දුෂ්කර විය. අගෝස්තු 22 වන දින උත්සාහය අසාර්ථක විය: $6,885 දක්වා ළඟා වූ මෙම යුගලය ඉක්මණින් ආපසු හැරී සතිපතා පරාසය වෙත යලි පැමිණියේය. ඊළඟ උත්සාහය සිකුරාදා රාත්‍රීයේ සිදු වූ අතර පටු වෙළඳපොළ වඩාත් පටු විය.
    ලයිට්කොයින් (LTH), රිපල් (XRP) සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් බොහෝමයක්, බිට්කොයින් අනුගමනය කරන තත්වයට පත් වී තිබේ. නමුත් එතීරියම් (ETH) යලිත් වරක් ඍණාත්මක ගතිකතාවයක් පෙන්නුම් කර ඇති අතර සතිය තුල 15% ක් පමණ තම වටිනාකම අහිමි කරගෙන තිබේ.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. එක්සත් ජනපද-චීන සාකච්ඡා වල ප්‍රතිපලයක් නැත. ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය. ෆෙඩරල් රිසර්ව්හි ප්‍රධානියාට ප්‍රහාර එල්ල කිරීම එක්සත් ජනපද ජනාධිපතිට ප්‍රහාර එල්ල කිරීමක් වැනි බව තවත් අදහසකි. තරමක් දැඩි මූල්ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා සහ ණය පොලී අනුපාත වැඩිවීම නිසා ට්‍රම්ප් සමඟ මේ තත්වය උදා වී ඇත. මේ සියල්ල තවමත් වෙළෙඳපොළ තුළ අවිනිශ්චිතතාවයක් ඇති කරයි. විශේෂඥයන්ගේ මතය පහත පරිදි වේ:
    ඔවුන්ගෙන් 45% ක්, පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ ග්‍රැෆික් විශ්ලේෂණය සහය අපේක්ෂා කරන්නේ ඩොලරය තවත් දුර්වලවීම හා මෙම යුගලය 1.1630-1.1750 කලාපය වෙත පැමිණීම වේ. මීළඟ ප්‍රතිරෝධී අගය 1.1840 වේ;
    විශ්ලේෂකයින්ගෙන් 30% තවමත් ඩොලරය විශ්වාස කර ඇති අතර යුගලය අගෝස්තු මස මැද භාගයේ අවම අගයට පැමිණෙන තුරු බලා සිටියි. ආසන්නතම ආධාරක අගය 1.1430 ක් වන අතර ඉලක්කය 1.1300 වේ. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 15% ක් වන ඔස්කිලේටර් පෙන්නුම් කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීම් වැඩි වන බවයි;
    අවසාන වශයෙන්, ඉතිරිව සිටින විශේෂඥයින්ගෙන් 25% ක් යුගලයේ හැසිරීම සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි තත්වයක පසු විය.
    දිගුකාලීන අනාවැකි නිරීක්ෂණය කරන විට විද්වතුන් 60% ක ප්‍රමාණයක් ඩොලරය සඳහා වැඩි කැමැත්තක් දක්වයි. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමයේ මුදල් ප්‍රතිපත්තිය අනුගමනය කිරීම හෝ නොකිරීමට තීරණය කරන අතරතුර, ජේපී මෝගන් විශ්ලේෂකයින් වසර අවසානය වන විට 1.1000-1.1200 මට්ටමේ යුරෝ/ඩොලරයේ අනුපාතය සඳහන් වනු ඇතැයි අනාවැකි පල කර තිබේ. බ්‍රික්ස්ට්, යුරෝපීය සංගමය සහ අනෙකුත් රටවල් සමඟ ඉතාලිය හා තුර්කිය යන රටවල් සම්බදතා පවත්වන ආකාරය මිට හේතු විය හැකිය. කෙසේ වෙතත් ජේපී මෝගන් විශ්ලේෂකයින් පසුව යුරෝපීය මුදල් ප්‍රමාණය 1.1900 දක්වා ඉහළ නැගීම පිලිබඳ අනාවැකිය ඉවත දැමිය නොහැකි නමුත් එය 2019 වසන්ත සමය වන තුරු සිදු නොවනු ඇත;
  • GBP/USD. ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, මෙම යුගලයේ අනාගතය පහත පරිදි වේ: පහත වැටෙන කලාපයේ ඉහළ සීමාවට යුගලය ප්‍රථමයෙන් පැමිණෙන අතර (1.3000-1.3080), ඉන්පසු නැවත 1.2660 සහ ඊට පසුව ඊටත් අඩු, 1.2585 දක්වා යුගලය පහතට ගමන් කරනු ඇත. දර්ශකයන් සැලකීමේදී නිශ්චිත අනාවැකියක් ලබා දිය නොහැකි වෙයි . සමහරක් දර්ශක රතු පාටින් වර්ණ ගැන් වී ඇත. අනෙක්වා කොළ වර්ණයෙන් හෝ උදාසීන අළු පැහැයක් ගනී. මේ හා සමාන ව්‍යකුලත්වයක් විශේෂඥයන් අතරද දක්නට ලැබේ. කෙසේ වෙතත්, සරත් ඍතුව සඳහා වන අනාවැකි දෙස බැලීමේදී තත්වය වඩාත් පැහැදිලි වේ. මෙහි දී විශ්ලේෂකයින්ගෙන් 65% කට වඩා ප්‍රමාණයක් යුගලයේ වර්ධනයට සහය දෙයි. කෙසේවෙතත්, ඉලක්කයන් තවමත් නොපැහැදිලි අතර 1.3100 සිට 1.3500 දක්වා විය හැකිය;
  • USD/JPY. දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය අඩාල වීම නිසා 'යෙන්' තවදුරටත් පීඩනයට ලක්වේ. උද්ධමනය සියයට 2 ක ඉලක්කයට ළඟා නොවන බව ජපාන මහ බැංකුවේ හෙරුයුකෝ කුරොඩාසා වරක් සහතික වී තිබිණි. එහෙත් මිල ඉහළ යාම තවමත් අතිශයින් දුර්වල වී ඇති අතර එය පවා 1% මට්ටමකට පැමිණ නැත.
    මේ අතර, නියාමකය ඍණාත්මක අනුපාතයන් හා විශාල පරිමාණයේ වත්කම් මිලදී ගැනීමේ උත්තේජක ප්‍රතිපත්තියක් දිගටම අනුගමනය කරයි. මෙම පසුබිම හමුවේ එක්සත් ජනපද-චීන වෙලඳ යුද්ධ හා අනෙකුත් එක්සත් ජනපද ගැටලු නොතකා, ඩොලරය සිය වර්ධන අඛණ්ඩව පවත්වා ගෙන යා හැක. කෙසේ වෙතත් විශේෂඥයන්ගෙන් 65% ක් අපේක්ෂා කරන්නේ යුගලය 112.00, 113.50 සහ 114.70 යන ඉලක්කයන්ය වෙත ගමන් කරනු ඇති බවයි.
    විකල්ප දෘෂ්ටි කෝණයකට අනුව විශ්ලේෂකයින්ගෙන් 35% ක් දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ 20% ක් වන ඔස්කිලේටර් සංඥා කරන්නේ යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බවයි. පහතයාමේ මෙම තත්වය දිගටම පැවතියහොත් යුගලය 109.75 -110.10 කලාපයට පැමිණිය හැකිය. ආසන්නතම ආධාරක අගය 110.75 වේ;

2018 අගෝස්තු 27 සිට 31 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් සහ අනෙකුත් බොහෝ ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගල ඔවුන්ගේ අවම අගයන්ට ලඟා වී ඇති අතර මෙම ක්‍ෂේත්‍රය තුළ ඇති විශ්වාසය පිළිබඳ අර්බුදය සහ ධනාත්මක ප්‍රවෘත්ති නොලැබීම ආදිය නිසා යුගලයේ වර්ධනය වීම වළක්වයි. කෙසේ වෙතත්, කලින් සඳහන් කළ පරිදි, එවැනි ප්‍රවෘත්ති බොහෝවිට බැරෑරුම් ආර්ථික ප්‍රතිවිපාක ගෙනදෙන්නක් විය හැකිය.
    BTC/USD සඳහා ඉලක්කයන් ලෙස, යුගලයේ ඉහලයාමේදී $ 6,850 ක උසකින් විය යුතු වන අතර පසුව $ 7,760 ක් වේ. යුගලය පහත යන්නේ නම් අනාවැකියට අනුව, ප්‍රථමයෙන් $6,230 පසුව $ 6,000 ක් සහ ඊටත් පසුව $ 5,760 ක් වේ. මෙම අගයට වඩා පහත වැටීමක් සම්පූර්ණ වෙලඳපොල බිඳවැටීමකට සංඥාවක් විය හැකිය. මෙය සියළුම සහභාගිවන්නන්ගේ වුවමනාවන්ට එරෙහිව සිදුවන්නක් නිසා යුගලයේ බිඳවැටීම සිදුවන්නේ නම්, එය කෙටි කාලයකට විය හැකි අතර යුගලය නැවත $ 6,000 ට වඩා ඉහළ නගිනු ඇත. සමහර විශ්ලේෂකයින් අනාවැකි පළ කර ඇත්තේ $4,700 ක අගයක් යුගලයේ අවම මට්ටම වනු ඇති බවයි.
    දැන් දිගුකාලීන ආයෝජකයන් සඳහා ප්‍රවෘත්ති පිලිබඳ සලකා බලමු. ඔවුන් මෙහි සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබෙන තෙක් බිට්කෝන් දිගටම තබා ගැනීමට සූදානම්ව සිටිති. 2012 නොවැම්බර් මස 28 වන දින පළමු ගාස්තු අඩු කිරීමේදී BTC/USD යුවලට $12 ක මුදලක් වැය විය. 2016 ජුලි 9 වන දින දෙවන අඩු වීමත් සමග මෙම අනුපාතය $657 ක් විය. තෙවන පිරිහීම (12.5 BTC සිට 6.25 සිට) වසර මැද භාගයේ දී සිදු විය යුතු අතර, අනාවැකිය නිවැරදි නම් 2023 වන විට මෙම ක්‍රිප්ටෝ මුදල් හි අනුපාතය කොයිනයකට ඩොලර් මිලියන 10 දක්වා ළඟා විය හැකිය. එය සත්‍ය වේවිද නොවෙවිද යන්න අපට ඉක්මනින් දැනගත හැකි වනු ඇත. බලා සිටීමට ඇත්තේ වසර පහක් පමණි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න