2018 July 29

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. කලින් මාස එකහමාර මෙන් ම පසුගිය දින හත තුළ ද කිසිදු සැලකිය යුතු සිදුවීමක් සිදු නොවූ අතර එම නිසා මුල්‍ය වෙළදපොල නිවාඩු දින ස්වරුපයක් ගෙන ඇත. යුගලයේ විචලනය පොයින්ට් 130 ක් වන අතර මධ්‍යම ප්‍රමාණයේ පැත්තක නාලිකාවේ මධ්‍ය අගය 1.1660 විය. එම නිසා දින පහක වෙළද සැසිය අවසානයේදී යුගලය 1.1658 හි පැවතුනි;
  • GBP/USD යුගලය දුර්වල ලෙස හැසිරුණු අතර 1.3100 දක්වා ක්‍රමානුකූලව ගමන් කළේය. යුරෝ හි අනුපාතය ද සැලකිය යුතු ලෙස වෙනස්වීමකට ලක් නොවුණු අතර යුරෝව ඩොලරයට සාපේක්ෂව පොයින්ට් 145 ක් පමණ විය. මෙම යුගලය 1.3102 මට්ටමේ දී සතිය අවසන් කළේය;
  • USD/JPY. පසුගිය සතියේදී මෙම යුගලය ඉහල යාම සහ පහල යාම සඳහා කරට කර සටනක් දක්නට ලැබුණි. ඒ අනුව යුගලය 110.58-111.53 සීමාව තුළ සමාන්තර පරාසයක් තුල ගමන් කළේය. සතියේ අවසානයේ දී 111.00 අගක යුගලය දක්නට ලැබුණි;
  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සතියේ සිදුවූ වර්ධනයත් සමගින් $8,000 ක මට්ටමෙන් බිඳී යාම සඳහා බිට්කොයින් උත්සාහ කළේය. යුගලයේ මිලදී ගැනීම් වැඩි වුවත් එය වර්ධනය වී තිබේ. එහි ප්‍රධාන වර්ධන මූලය වූයේ සුරැකුම්පත් හා විනිමය කොමිසම (SEC) තවදුරටත් Winklevoss සහෝදරයන්ට බිට්කොයින් ETF දියත් කිරීමට ඉඩ සලසනු ඇතැයි යන බලාපොරොත්තුවය. ජපාන හා දකුණු කොරියානු හුවමාරු හි දී ප්‍රධාන වශයෙන් ක්‍රිප්ටෝ මුදල් ප්‍රමාණයක් ගනුදෙනු විය.
    කෙසේ වෙතත් BTC/USD $8,500 ට ළඟා වූ වහාම එම ඉහළයාමේ මූලය අවසන් වූ බව පසක් විය. එහි ප්‍රතිපලයක් වශයෙන්, බිට්කොයින් $8,000 කට වඩා අඩු මට්ටමකට පහත වැටුණ අතර $630 ක් පමණ අහිමි විය. කෙසේ වෙතත්, මෙම වැටීම දිගු නො වීය. යුගලය සිකුරාදා සවස් වන විට එයින් නැවතත් බිඳී 8,275 අගයකට පැමිණියේය.
    ප්‍රධාන අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් ලෙස: එතිරියම්, රිපල්, ලයිට්ආකොයින් ආදිය. ඔවුන් විසින් බිට්කොයින් අනුගමනය කිරීමෙන් පසු සාමාන්‍ය වර්ධනය 6-7% පමණ විය. 

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ඉදිරි සතිය සිදුවීම්වලින් පිරී ඉතිරී යනු ඇත, එක් අවස්ථාවක වෙලඳපොල තුළ ඉතා ප්‍රබල චලනයන් විය හැකිය. කෙසේවෙතත් ජූලි 31 අඟහරුවාදා නිවේදනය කරනු ලබන, යුරෝ කලාපයේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත හෝ පාරිභෝගික මිල දර්ශකයේ අගයන්ගෙන් පුදුම විය හැකි යමක් අපේක්ෂා නොකළ යුතුය.
    යුරෝ/ඩොලර යුගල සම්බන්ධ අනෙකුත් වර්ධනයන් දෙස අවධානය යොමුකළහොත්, එක්සත් ජනපද ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාත හා ෆෙඩරල් මහ බැංකුව විසින් කරනු ලබන ප්‍රකාශ අගෝස්තු 1 වන බදාදා අපේක්ෂා කරයි. එමෙන්ම අගෝස්තු 3 වන සිකුරාදා එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොල පිළිබඳ දත්ත ප්‍රකාශයට පත්  කිරීමට නියමිතය. නමුත් මෙමගින් බොහෝවිට විචලනය වීමේ කෙටි කාලීන වර්ධනයක් ඇති වනු ඇත.
    ඔස්කිලේටර් සඳහා, දවසේ කාලරාමුව මත ඒවායේ දර්ශක සමාන කොටස් වලින් පෙන්නුම් කරයි. එනම් තුනෙන් එකක් යුගලයේ වර්ධනයක් පෙන්නුම් අතර, තුනෙන් එකක් එහි පහතයාම සඳහාත්, අනෙක් තුනෙන් පංගුව සමාන්තර  පෙන්නුම් කරයි. එහෙත් විද්වතුන්ට අනුව, ඔවුන්ගෙන් බහුතරය (70%) තවමත් මධ්‍ය කාලීන කලාපය වන 1.1505-1.1850 හි පහළ සීමාව දක්වා යුගලය ගමන් කරනු ඇති බවට විශ්වාස කරයි. කෙසේවෙතත් ඒ සමගම, මෙම යුගලය සති දෙකක කලාපය වන 1.1575-1.1750 සීමාව තුළ රැඳී සිටීමට උත්සහ කරනු ඇති අතර එය පසුව පමණක් පහතට වැටෙනු ඇත. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් මෙම තත්වය තහවුරු කරයි.
    මෙහිදී විශ්ලේෂකයින්ගෙන් 30% පමණක් එහි ඉහළ සීමාව වන 1.1850 දක්වා යුගලය ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කළහ;
  • අගෝස්තු 2 වන බ්‍රහස්පතින්දා දින  කරනු ලබන එංගලන්ත බැංකුවේ පොලී අනුපාතිකය 0.50% සිට 0.75% දක්වා වර්ධනය විය හැකි වුවද, එය බ්‍රිතාන්‍ය පවුමේ අනාගතය දිරිගන්වන සුළු තත්වයක් නොවනු ඇත. 65% ප්‍රවීණයන් විශ්වාස කරන්නේ GBP/USD යුගල එහි පහත වැටීම දිගටම පවතිනු ඇති බවයි - මුලින්ම 1.3000-1.3070 මට්ටමටත් පසුව, 1.2955 ක් දක්වාත් වේ. අවසන් ඉලක්කය වනුයේ 2017 වර්ෂයේ ග්‍රීෂ්ම සෘතුවේ අවම අගය වූ 1.2800 කලාපයයි.
    විශ්ලේෂකයින්ගේ 35% ක විශ්ලේෂණයෙන් විකල්ප මතයක් දරනු ලබයි. ඊට අනුව, යුගලය 1.3200-1.3300 කලාපය තුලට ලඟා වනු ඇත. ඔවුන්ගේ අදහස අනුව අගෝස්තු මාසයේ දී එය 1.3450 දක්වා ඉහළ නැංවිය හැකිය. ඔස්කිලේටර් 15% යුගලයේ ඉහළයාම සඳහා සහය දක්වනු ලබන අතර එමගින් සංඥා කරනු ලබන්නේ යුගලයේ විකුණුම් වැඩිවනු ඇති බවයි;
  • USD/JPY. මෙහිදී, ඩොලරයේ ශක්තිමත්භාවය සහ යුගල වර්ධනය සිදුවනු ඇති බවත් අවම වශයෙන් 111.75-112.20 කලාපය තුලට ගමන් කරනු ඇති බවත් ප්‍රවීණයන් (60% ක්) විසින් අනාවැකි පළ කරති. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මෙය සමග සම්පූර්ණයෙන්ම එකඟ වේ.
    ඉතිරි 40% ක් අඟහරුවාදා දිනය දෙස බලා සිටියි. ඒ අනුව ජපානයෙහි පොලී අනුපාතය -0.1% නොවෙනස්ව තබනු ඇත. එහෙත් ප්‍රධාන නායකයන්ගේ ප්‍රකාශ මගින් 'යෙන්' වෙත සහයක් ලැබෙනු ඇත. නමුත් මෙය සිදුවන්නේ මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් හෝ අවම පොලී අනුපාතයක් තුළ ඇති ධනාත්මක අගයන් සඳහා පමණක් ය. මෙම අවස්ථාවේ දී, ආධාරක අගයන් 110.60, 110.30 සහ 109.75 මට්ටමේ වේ;

2018 ජුලි 30 සිට අගෝස්තු 03 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. පසුගිය සති කිහිපය තුළ බිට්කොයින් ප්‍රස්ථාරය දෙස වෙළඳුන් සහ ආයෝජකයින් අපේක්ෂා සහගතව බලා සිටියහ. ජුනි 28 වන දා සිට මෙම විනිමය අනුපාතය 42% කින් වර්ධනය වී ඇති අතර, ක්‍රිප්ටෝ වෙළඳපොළෙහි මුළු ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 300 කට වඩා වැඩි වී ඇත. බිට්කොයින් ඩොලර් 8,500 ක උසකින් ඇති අතර, ඩොලර් 10,000 ක අගය ජයගත හැකි වීමට බොහෝ අවස්ථාවන් තිබේ . එපමණක්ද නොව, බොහෝ සාධක මෙයට දායක වේ. අපි ඒවායින් කිහිපයක් ලැයිස්තුගත කරමු:
    - පලමුවැන්න වන්නේ දේශපාලන අවදානම්වල වර්ධනය හා එහි ප්‍රතිඵලයක් වශයෙන් "සම්භාව්ය" වත්කම් සඳහා ඉල්ලුමේ අඩුවීම හා වෙලඳ ගනුදෙනු පරිමානයේ කලාපීය වෙළඳපොළවල පරිහානියයි. එසේම රටවල් ගණනාවක අස්ථාවරත්වය තවත් වැඩි කිරීමට ද හැකි ය. ක්‍රිප්ටෝ-මුදල් වර්ග, ප්‍රාග්ධනය සුරැකීමට මෙවලමක් බවට පත්වේ;
    -දෙවන සාධකය වනුයේ විශාල ආයතනික ආයෝජකයින් සහ හුවමාරු ගණනාවක් ආකර්ෂණය කර ගැනීම සඳහා නව තාක්ෂනික විසඳුම් ඇති වීමයි.
    - තුන්වන ස්ථානය රාජ්ය මට්ටමේ ක්‍රිප්ටෝචලිතයන් හඳුනාගැනීම වන අතර දකුණු කොරියාව හෝ වෙනිසියුලාව නිදසුනකි. එහි ජනාධිපතිවරයාගේ ප්‍රකාශ අනුව, වෙනිසියුලානු මුදල් ඒකකය වන බොලිවාර් ක්‍රිප්ටෝ මුදල් සමග එකතු වනු ඇත;
    - සතරවැන්න ක්‍රිප්ටෝ හුවමාරු නිර්මාණය සඳහා වේදිකාවක් දියත් කිරීමයි;
    - පස්වැන්න වන්නේ බිට්කොයින් හා ක්‍රිප්ටෝ මුදල් හි ආයෝඡන පිළිබඳ ඉහළ නිලධාරීන්, රාජ්ය නිලධාරීන් සහ අනෙකුත් ප්‍රභූ පුද්ගලයන් වන එක්සත් ජනපදයේ හිටපු සහකාර ජනාධිපති ස්ටීව් බැන්නන් වැනි අයගේ ප්‍රකාශයන් ය.
    විශේෂඥයන් විශ්වාස කරන්නේ BTC/USD හි වර්ධනය් $10,000 ට වඩා වැඩි නම් බිට්කොයින් ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නන්ගේ ප්‍රමාණය වැඩි වනු ඇති බවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර අවසානය වන විට $20,000 දක්වා බිට්කොයින් වැඩිවිය හැක.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න