2018 July 14

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. මෙම යුගලය සඳහා වූ අනාවැකිය සම්පුර්ණයෙන්ම නිවැරදි විය. පසුගිය සතියේදී අපේක්ෂා කලේ, 1.1800 ක ප්‍රතිරෝධය දක්වා යුගලයේ කුඩා වර්ධනයක් ප්‍රථමයෙන් ඇත කරගන්නා බවයි. (සත්‍ය වශයෙන්ම 1.1790 දක්වා ඉහළ නැගුනි) පසුව එය 1.1620 මට්ටමට පහත වැටී ඇත. මෙම යුගලය ශක්තිමත් ආධාරක/ප්‍රතිරෝධක කලාපයක් වන 1.1685 දී දින පහක වෙළඳ සැසිය අවසන් කරන ලදී;
  • GBP/USD. යුගලයේ විචලනය බලාපොරොත්තු වූවාට වඩා අවම වුවද, මෙම යුගලය සඳහා වූ ප්‍රධාන ප්‍රවණතාවය පැය හතරේ සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණ මගින් නිවැරදිව පෙන්වා දී ඇත. එහි තත්ත්වය අනුව, මෙම යුගලය 1.3400 කලාපය දක්වා වර්ධනය වීමට අපේක්ෂා කල අතර එය 1.3360 දක්වා ඉහළ නැගීය. ඉන්පසු 1.3000 ක පමණ අගයකට ක්ෂණික වැටීමක් අපේක්ෂා කරන ලද අතර එය 1.3100 මට්ටමට පහත වැටුණි
    බලාපොරොත්තු වූ පරිදි, බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව විසින් පවුමට තවත් පහරක් එල්ල කළේය. පසුගිය සතියේ ප්‍රධාන බ්‍රෙක්සිට් ඇමතිවරු ඉල්ලා අස් වූහ - විදේශ ඇමති බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ලේකම් ඩේවිඩ් ඩේවිස්ගෙන්, පවුමට අතිරේක පීඩනයක් එල්ල විය;
  • USD/JPY. එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධයක් තිබියදීත්, යෙන් මුදලට ඇති ඉල්ලුම සුරක්ෂිත නොවූ ප්‍රදේශයක් ලෙසත්, ජපන් මහ බැංකුවේ සුපිරි මෘදු මුදල් ප්‍රතිපත්තිය එහි මුදලට එරෙහිව ක්‍රියා කරයි. යෙන් මුදලේ මේ තත්වයට ප්‍රධානතම හේතුව වූයේ නිකේයි සහ එම්සීඅයිසී පැසිෆික් දර්ශක අනුව ආසියානු කොටස් වේගයෙන් වර්ධනය වීමයි. එහි ප්‍රතිපල වශයෙන්, එය සමස්ත ජී -10 මුදල් වර්ග වලට සාපේක්ෂව හා එක්සත් ජනපද ඩොලරයට එරෙහිව පොයින්ට් 240 කට වඩා අහිමි විය.
    දින පහක කාල පරිච්ඡේදය අවසානයේදී යුගලය 112.35 හි ස්ථානගත විය;
  • ක්රිප්ටෝ මුදල්. ඕනෑම නිෂේධාත්මක ප්‍රවෘත්තියක් මගින් බිට්කොයින්ගේ ඉහල යාමේ නැඹුරුව ඉතා ඉක්මනින් පහත යාමේ නැඹුරුවක් දක්වා හරවන්නට හැකි වනු ඇති බව පසුගිය සතියේදී ප්‍රකාශ කළෙමු. ඒ අනුව පසුගිය සතියේදී යුගලයේ ඉහල පහල යාම් වේගයෙන් දැකගත හැකිවිය. නිදසුනක් වශයෙන්, ස්විට්සර්ලන්ත වේදිකාව Bancor වෙතින් ඩොලර් මිලියන 23.5 ක් (වෙනත් මූලාශ්‍ර වලට අනුව ඩොලර් මිලියන 13.5 ක්) ඉවත් කිරීම සමස්ත වෙළඳපොළේ පහත යෑමට බලපෑ හැකිද? එය කළ හැකි ක්‍රමයක් නැත. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස බිට්කොයින් 11% කින් පමණ බිඳ වැටුණි. 

 

ප්රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්රස්ථාරික විශ්ලේෂණ ක්රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකම මත ඔස්කිලේටර් යුගලයේ අනාගතය සම්බන්දයෙන් සම්පූර්ණයෙන්ම ව්‍යාකුල තත්වයක් පෙන්නුම් කරයි - තුනෙන් එකක් කොළ පාටින් ද තුනෙන් එකක් රතු පාටින් ද තුනෙන් එකක් අළු පැහැයක් ද ගනී. විශ්ලේෂකයින් සඳහා  80% ක් සහ දවසේ කාලරාමුවෙහි ග්‍රැෆික්  විශ්ලේෂණය මගින් විශ්වාස කරන්නේ යුගලය 1.1500 වන මධ්‍ය අගය දක්වා ගමන් කරනු ඇති බවයි. ආසන්නතම ආධාරක 1.1625, 1.1590 සහ 1.1550 මට්ටමේ වේ.
    ජූලි 16 වන සඳුදා එක්සත් ජනපදයේ හා රුසියානු ජනාධිපතිවරුන්ගේ රැස්වීම ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් කළ හැකිය.
    විශ්ලේෂකයින්ගෙන් 20% ක් පමණ විකල්ප මතයක් ඉදිරිපත් කරයි. ඔවුන්ගේ මතයට අනුව, එම යුගලය නැවත 1.1790 මට්ටම පැමිණිය හැකිය. එය සාර්ථක වුවහොත් යුගලය 1.1830 දක්වා ගමන් කරනු ඇත;
  • GBP/USD. බ්‍රෙක්සිට් ප්‍රධානීන්ගේ ඉල්ලා අස්වීම යනු බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා මෙ, යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා තම රට සඳහා මෘදු තේරීමක් කළ බවය. ඇය තම තනතුරට පත් කරන්නේ නම්, අනාගතයේ දී පවුමේ තත්ත්වය ශක්තිමත් කරගත හැකිය. කෙසේවෙතත්, දැන් වෙළඳපළ ඍණාත්මක වන අතර බොහෝ විශ්ලේෂකයින් (70%) විසින් GBP/USD පළමු අනුපාතය 1.3100 මට්ටමට ප්‍රථමයෙන් පහත පහත වැටෙනු ඇතැයි අනාවැකි පල කරයි. ඉන්පසුව තවත් පොයින්ට් 50 ක් පහත යනු ඇත.
    මෙම අනාවැකිය සමඟ 10% ක් වන ඔස්කිලේටර් එකඟ වන අතර මෙම යුගලයේ විකිණුම් වැඩි වනු ඇති බව පෙන්නුම් කරයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ද ඒ බව පෙන්නුම් කරයි. ඒත් සමඟම, යුගලය 1.3 190-1.3285 පරාසය තුළ සමාන්තර චලනයක ගමන් කළ හැකිය;
  • USD/JPY. එසේම, ප්‍රවීණයන්ගෙන් 70% ක් ජපන් යෙන්ට ඩොලරය ශක්තිමත් කිරීම අපේක්ෂා කරයි. ඔවුන්ගේ අදහස අනුව, පසුගිය දෙසැම්බර් මාසයේ දී 113.50 ක කලාපයේ ඉහල මට්ටම් කරා ළඟාවීමට අපේක්ෂිත ය. ඊළඟ ඉලක්කය වනු ඇත්තේ පසුගිය නොවැම්බර් මාසයේ ඉහල අගයයි - 114.75.
    පැය හතරේ කාලරාමුවෙහි හි ග්රැෆික් විශ්ලේෂණය ද මෙම මතය සමග එකඟ වේ. එහෙත් දවසේ කාලරාමුව මත දී එය ප්‍රතිවිරුද්ධ තත්වයක් පෙන්නුම් කරනු ලබයි - 110.25-111.15 කලාපයට වැටෙන අතර පසුව ඊටත් අඩු 109.35 කලාපයට යුගලය ගමන් කරනු ඇත.
    මෙම අනාවැකියට අනුව, මෙම යුගලය දැන් මිලදී ගැනීම් වැඩිවන තත්වයට ළඟා වී ඇති හෙයින්, ඩොලරය සමග ඉතා සුපරීක්ෂාකාරි වී යැයි විශ්ලේෂකයින් ගණනාවක් ප්‍රකාශ කර සිටින බව සැලකිය යුතුය;
  • ක්රිප්ටෝ මුදල්. BTC/USD යුගලයේ වර්ධනයට යහපත් බලපෑමක් ඇති කළ හැකි සාධක මොනවාද යන්න පසුගිය සතියේදී සාකච්චා කළෙමු. දැන්, එහි ඍණාත්මක පැතිකඩ පිලිබඳ විමසා බලමු.
    සත්‍ය වශයෙන්ම, පසුගිය සතියේ බිට්කොයින්ගේ වැටීම පිලිබඳ අනාවැකි පල කිරීම ඉතාම සරල විය - නැගීමේ ප්‍රවණතාව අඩුවීම දැක ගැනීමට දර්ශකයේ A, B, C හා D සම්බන්ධ කිරීම ප්‍රමාණවත් වේ. දැන් වෙලඳපොල ප්‍රාග්ධනීකරණය නැවතත් 2018 අවම අගයට ආසන්න වන අතර එය ඩොලර් බිලියන 240 ක් පමණ වේ. එවැනි තත්වයක් දිගටම පවතියි නම්, ඇතැම් ප්‍රවීණයන් පවසන පරිදි, කඩා වැටීමක් අපේක්ෂා කල හැකිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බිට්කොයින් $3000 ක් පමණ වනු ඇති අතර, සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වර්තමාන වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් භාගයක්වත් ඉක්ම නොවනු ඇත.
    මේ අතර, BTC/USD යුගලය ජූනි අවම අගය ($5,790) සහ ජූලි මාසයේ ඉහල අගය ($ 6,830) අතර යුගලය වෙලදාම් වනු ඇත. එමෙන්ම අසාමාන්‍ය සිදුවීම් කිසිවක් සිදු නොවුනහොත් යුගලය සති කීපයක් තුල ඉහත සිමාවන් තුල සමාන්තර චලනයක් පෙන්නුම් කරනු ඇත.

2018 ජුලි 16 සිට 20 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න