2018 July 8

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. ප්‍රවීණයන්ගේ බහුතරය (55%) ක ගේ අනාවැකිය වුයේ 1.1725 මට්ටමට ලඟා වනු ඇති බවයි. සත්‍ය වශයෙන්ම සිදු වූයේ මෙයයි. ජර්මනියේ ධනාත්මක ආර්ථික දත්ත මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොලේ (12.7% කින් අඩු වී ඇත) සහ එක්සත් ජනපදය හා චීනය, යුරෝ සමග වෙලඳ යුද්ධය ත්‍රිව වීමේ ප්‍රතිඵලයක් ලෙස ක්‍රමයෙන් 1.1765 ක උසකට ලඟා විය. ඉන්පසු කුඩා පහතයාමකින් පසු එය 1.1745 මට්ටමේ දී වෙළඳ සැසිය අවසන් කරන ලදී;
  • GBP/USD. විශ්ලේෂකයින්ගේ සහ දර්ශකයන්ගේ පරස්පර විරෝධී අදහස් සාරාංශගත කරමින් අනාවැකි පල කරන ලද්දේ, යුගලය 1.3200 හරහා නැගෙනහිර දිශාවට චලනය වන අතර 1.3050-1.3325 පරාසය තුළ උච්චාවචනයන් ඇතිවන බවයි. ප්‍රස්ථාරයන් ඇසුරින් විනිශ්චය කිරීමේ දී මෙම අනාවැකිය නිවැරදි විය. සඳුදා 1.3200 සිට චලනය ආරම්භ වූ යුගලය ප්‍රථමයෙන් 1.3093 දක්වා පහත වැටී පසුව හැරී ගොස් 1.3285 දක්වා ඉහළට ගමන් කළේය.
    එංගලන්ත මහ බැංකුවේ ධනාත්මක පුවත් සහ මහා බ්‍රිතාන්‍යයේ සේවා අංශයේ ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසා පවුම තව දුරටත් ශක්තිමත් විය;
  • USD/JPY. මෙම යුගලයේ අගයන් තීරණය කරන පරිමාණය, එක් අතකින් ජපාන බැංකුවෙහි සුපිරි මෘදු මූල්‍ය ප්‍රතිපත්තිය සහ අනෙක් අතින් මහාද්වීප මත වෙලඳාම් හි ගැටුම් ඇති වී ඇති අතර මෙහි ප්‍රතිපලයක් ලෙස ජපාන යෙන් අවප්‍රමාණ වී ඇත.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන්ගෙන් සහාය ලබා ගත් බොහෝ විද්වතුන්, ඉහළයාම සහ පහළයාම අතර නොනවතින ගැටුමක් අපේක්ෂා කළහ. ඔවුන්ගේ අනාවැකියට අනුව පළමු යුගලය 111.45 දක්වා ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කළේය. (එය 111.15 දක්වා වැඩිවිය) ඉන්පසු 110.00 ක් දක්වා පහළට වැටෙනු ඇතැයි අපේක්ෂා කළේය. ඇත්ත වශයෙන්ම එය 110.27 මට්ටමට ළඟා විය. යුගලය 110.46 දී දින පහක කාල පරිච්ඡේදය අවසන් කරන ලදී;
  • ක්‍රිප්ටෝ මුදල්. ජුනි 30 වන දින වෙනසෙන් පසු BTC/USD යුගලය දිගටම වර්ධනය වූ අතර එය $6,780 ක් දක්වා වර්ධනය විය. පසුගිය සතියේ ධනාත්මක අනාවැකියට අනුව පැවසුවේ බිට්කොයින් $6,700 මට්ටමට වඩා ගමන් ගන්නේ නම් එය දිගුකාලීන අපේක්ෂිත ප්‍රවණතාවයක් සඳහා ප්‍රමාණවත් සංඥාවක් වනු ඇති බවයි. කෙසේ වෙතත් සැලකිය යුතු වර්ධනයක් නොතකා මෙම ප්‍රතිරෝධයේ සැබෑ ප්‍රගතියක් දක්නට නොලැබුණු අතර අවසාන දිනවල හැරුම් ලක්ෂ්යය ලෙස $6,600 ක මට්ටමකට සැලකිය හැකිය.
    බිට්කොයින් වලට පසු එතීරියම් (ETH/USD) යම් වර්ධනයක් පෙන්නුම් කර තිබුණත්, මාස දෙකක කාලසීමාවේ ඉහල මට්ටම වන $485 ක මට්ටමට පමණක් පැමිණියේය. තවද, එය නැවත හැරීමක් සිදු කළහොත්, යුගලය $360 ක් දක්වා පහත වැටේ.
    ලයිට්කොයින් (LTC/USD) සහ රිපල් (XRP/USD) සඳහා, එය ආරම්භයේ පටන්ම තිරස් චලනයක් පෙන්නුම් කල අතර සතිය අවසන් වන විට සතියේ ආරම්භක අගයන් වලටම පැමිණ තිබිණි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයෙන් සහාය දක්වන විශේෂඥයන්ගෙන් 60% ක් විශ්වාස කරන්නේ EUR/USD හි වර්ධනය දිගටම පැවතිය හැකි වුවත් එය කුඩා එකක් වනු ඇති බවයි. 1.1800 මට්ටම ප්‍රධාන ප්‍රතිරෝධය ලෙස නම් කර ඇත. ඊලඟ ප්රතිරෝධය තවත් පොයින්ට් 50 කින් වැඩිය. මීළඟට, ජුලි මාසයේ දී යුගලය නැවතත් 1.1500 ක අගයකට පහත බසිනු ඇත. පැය හතරේ කාලරාමුව මත සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් 15% ක් මෙම මතය සමග එකඟ වේ.
    ලබන සතියේ "විප්ලවකාරී" ප්‍රවෘත්ති කිසිවක් අපේක්ෂා නොකෙරේ. කෙසේ වෙතත්, ජූලි 12 වන බ්‍රහස්පතින්දා පිළිබඳව අප අවධානය යොමු කළ යුතු ය. යුරෝ කලාපයේ කාර්මික නිෂ්පාදනයෙහි වර්ධන අනුපාත පිළිබඳ දත්ත සහ එක්සත් ජනපදයේ පාරිභෝගික මිල දර්ශකය පිළිබඳ සංඛ්යා ලේඛන ද නිකුත් කරනු ඇත. විශ්ලේෂකයින් පවසන පරිදි, පසුගිය මාසයේ උද්ධමනය අනුපාතය වේගවත් කල අතර එය, ෆෙඩරලයට පොලී අනුපාත ඉහල දැමීමට සහයක් ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඩොලරයට අමතර සහය ලැබිණි;

2018 ජුලි 09 සිට 13 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD යුගල සඳහා, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය පෙන්නුම් කරන පරිදි ආධාරක අගය 1.3225 වන අතර 1.3400 කලාපය දක්වා වර්ධනය විය හැකිය. ඉන්පසු 1.3000 දක්වා ක්ෂණික පහත වැටීමක් අපේක්ෂා කල හැකිය. විශේෂඥයන් සඳහා සැලකීමේදී, වර්තමාන තත්ත්වය තුළ එක්සත් රාජධානියේ ප්‍රවෘත්ති දෙස බලා සිටිනු ඇත.
    මේ අනුව, ජූලි මස 10 වන දින කර්මාන්ත නිෂ්පාදනයෙහි වර්ධන අනුපාත පිළිබඳ දත්ත ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. අප්රේල් අවපාතය සම්පූර්ණයෙන්ම පරාජයට පත් වනු ඇත්නම්, යුගලය 1.3300 සිමාවෙන් ඉහලට ගමන් කරනු ඇත.
    එංගලන්ත මහ බැංකුවේ ප්රධානියා විසින් තවත් ප්රකාශයක් ජූලි 11 දා බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතය.
    බ්රිතාන්යයේ ආණ්ඩුව පවුමට එරෙහිව කටයුතු කළ හැකිය. නුදුරු අනාගතයේදී එය යුරෝපීය සංගමයට බ්රෙක්සිට් පිලිබඳ සිය කෙටුම්පත ඉදිරිපත් කල යුතු අතර, රටේ ආර්ථිකය සඳහා කිසිදු වැදගත් අංශයක් නොමැති නම් පවුම නැවතත් බරපතල පීඩනයකට ලක් විය හැකිය;
  • USD/JPY. එක්සත් ජනපදය හා චීනය අතර වෙලඳ යුද්ධය යලි වතාවක් වේගයෙන් ගමන් කරයි. ජූලි මස 6 වන දින, ආනයනික චීන භාණ්ඩ සඳහා 25% ක තීරු බදු පනවා තිබේ. එක්සත් ජනපදය භාන්ඩාගාර සුරැකුම්පත් ඩොලර් බිලියන 200 කින් විකිණීම වැඩි කිරීමට බලාපොරොත්තු වේ.
    මේ පසුබිමට අනුව, දැනටමත් සඳහන් කර ඇති පරිදි, ජපාන 'යෙන්' සඳහා ආරක්ෂිත නවාතැන් මුදල් ලෙස වැඩි ඉල්ලුමක් පවතී. පසුගිය මාස හතර තුළදී USD/JPY යුගලය 6.7% කින් ඉහළ ගියේය. ඉදිරි සතියේ දී, බොහෝ විශ්ලේෂකයින් (60%), යුගලයේ වර්ධන අඛණ්ඩ 111.40 දක්වා අපේක්ෂා කරයි. ඉතිරි 40% යුගලයේ තිරස් චලනයක් අපේක්ෂා කරන අතර එය 109.35-110.80 පරාසයේ වේ. මීලඟට ලැබෙන ආධාරකය 108.65 මට්ටමේ වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. නුදුරු අනාගතයේ දී ප්රධාන ප්රශ්නය වනුයේ බිට්කොයින් වර්ධනය වීම හෝ නැවත පෙර තත්වයට පත්වන්නේද යන්න ය. වර්තමානයේ එය පැහැදිලිවම $7,000 ඉක්මවා යාමේ ඉලක්කයක් ඇති අතර, ගැනුම්කරුවන් තවමත් වෙළෙඳපොළෙන් පිටව ගොස් නොමැත. කෙසේ වෙතත්, දැන් පවා දර්ශක මගින් මෙම ක්රිප්ටෝ මුදල් අතිශයෝක්තියට පත්කර ඇති අතර, කිසියම් ඍණාත්මක ප්රවෘත්තියක් නම්, එම ප්රවණතාවය ඉතා ඉක්මණින් ඉහළයාමේ සිට පහළයාම දක්වා හරවන්නට හැකි වන අතර, යුගලය ජූනි මස අවම අගයට ආපසු පැමිණිය හැකිය.
    අනෙක් අතට, විශේෂඥයන් ගණනාවක් BTC/USD හි වර්ධනය අඛණ්ඩව පැවතීමක් අපේක්ෂා කරයි. වසර අවසානය වන විට BTC විසින් අවම වශයෙන් $50,000 ක් (ආතර් හේයිස්, BitMEX) හෝ අවම වශයෙන් $25,000 (ටොම් ලී, FundStrat) දක්වා ඉහලයා හැකිය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න