2018 July 1

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD.  පසුගිය සතියේදී මෙම යුගලය සඳහා වූ අනාවැකිය 100% නිවැරදි විය. යුගලය 1.1725-1.1750 දක්වා සුළු ඉහළ යාමක් පිලිබඳ අනාවැකි පල කල බව සිහිපත් කරන්න. (යුගලය සැබවින්ම 1.1720 දක්වා ඉහල නැගුණි) මෙන්ම එහි පහත යාමේදී 1.1500 කලාපයට ලඟා වීමට උත්සාහ කළේය. (බ්‍රහස්පතින්දා මෙම යුගලය 1.1525 දක්වා පහත වැටී ඇත) අවසානයේ, ඉහලයාම සහ පහළයාම අතර සමබරතාවය පවත්වා ගෙන යන අතරතුර, පසුගිය මාස එකහමාරක කාලය සඳහා මධ්‍ය අගයක් සහිත කලාපය වෙත ආපසු ගොස් දින පහක කාලය 1.1680 මට්ටමේ දී නිම කරන ලදි;  
  • GBP/USD. එංගලන්ත බැංකුවේ පැවති ජන්දය හේතුවෙන් විශ්ලේෂකයින්ගේ අනාවැකිය ධනාත්මක ස්වරූපයක් ගත්තේය. - ඔවුන්ගෙන් 65% ක් 1.3350 දක්වා ඉහළට වැඩි වනු ඇතැයි ප්‍රකාශ කළහ. කෙසේවෙතත්, 35% ක් වන ප්‍රවීණයන්ගේ අදහස වූයේ, අප්‍රේල් මාසයේ සිට පොයින්ට් 1000 ට වඩා අහිමි වූ බ්‍රිතාන්‍ය පවුම නැවත නිවැරදි කිරීමට උත්සාහයක් ගනු ඇති බවයි. ඔවුන්ගේ අනාවැකි අනුව, මෙම යුගලය 1.3000-1.3100 කලාපයට යනු ඇත. සතිය අවසන් වන විට මෙම යුගලය 1.3200 අගයට පැමිණ තිබිණි;
  • USD/JPY. නැවත වරක්, ඔස්කිලේටර් නිවැරදි විය - ඔවුන්ගෙන් 15% ක් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවටත්, එම නිසා එය ඉහල යනු ඇති බවටත් ප්‍රකාශ කළහ. ඒ සමගම, එය ඉතා සීමිත මාසික සමාන්තර කලාපයක් වූ 109.20-110.90 අතර විය. එය සතිය අවසන් වන විට දී 110.10 හි පැවතුනි;
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD සඳහා වූ පසුගිය සතියේ අනාවැකිය ප්‍රකාශ කලේ, යුගලය $ 5,900-6,100 කලාපය පසු කර යන්නේ නම්, වැඩි සම්භාවිතාවක් සහිතව, එය ටික කලකට පසු ආසන්න වශයෙන් $4,300 අගයක දැකිය හැකි බවයි. ජූනි මස 28 වනදා පහතයාම බිඳවැටීමකට ලක්විය. ජුනි 30 වන දින එය $6,525 ක අගයකට පැමිණ තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස, දිනක් තුල බිට්කොයින් 10% කින් වැඩි වී ඇත.
    අනෙකුත් බොහෝ ක්‍රිප්ටෝ මුදල් බිට්කොයින් අනුගමනය කරමින් ඉහල ගියහ. ඉහලම වර්ධනය පෙන්නුම් කරන ලද්දේ බිට්කොයින් කෑෂ් වූ අතර +13% ක් සහ ලයිට්කොයින් +11% ක් විය. ඉහලම ක්‍රිප්ටෝ මුදල් යුගල විස්සේ වර්ධනය සාමාන්‍යයෙන් 7-10% අතර විය. 

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • පසුගිය සතියේ, EUR/USD හි කෙටි කාලීන වර්ධනය යුරෝපා සංගම් සමුලුවේ ප්‍රතිඵල සහ සංක්‍රමණ ගැටලු පිළිබඳ ගිවිසුම නිසා ඇති විය. කෙසේවෙතත්, නුදුරු අනාගතයේ දී නව ආර්ථික දත්ත නිකුත් කිරීමට ඉඩක් නැති අතර, EUR/USD යුගල තවදුරටත් ඉහලට තල්ලු කරනු ඇත. ජූලි 07 සිකුරාදා එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොලේ දත්ත (NFP) මෙම යුගලයට ධනාත්මක වනු ඇත. එහෙත් ෆෙඩරල් මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය ඍනාත්මක විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රවීණයන්ගෙන් 35% ක් පවසන පරිදි මෙම යුගලය 1.1500-1.1725 කලාපයේ රැඳී සිටිය හැකිය.
    ඒ සමගම, මෙම 1.1725-1.1825 කලාපයේ ඉහල මායිම බිඳ දැමීමට උත්සහ කරනු ඇත. මෙම මතයට විශ්ලේෂකයින්ගෙන් 20% සහ පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහාය දක්වයි.
    ඉතිරි ප්‍රවීණයන් 45% ක ප්‍රමාණය, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් සහ ඔස්කිලේටර් 15% ක ප්‍රමාණයක් යුගලයේ මිලදී ගැනීම් වැඩි වන බවට සංඥා කරයි. ඒ අනුව එය නැවත වරක් 1.1500 මට්ටම කරා ලඟා වනු ඇත. එහි බිඳවැටීමේදී එය තවත් පොයින්ට් 100-150 දක්වා අඩු වනු ඇත;
  • එවැනිම වූ සමාන තත්වයක් GBP/USD මගින් ද පෙන්නුම් කරයි: පැය හතරේ කාලරාමුව මත, 1.3300-1.3335 මට්ටමට නැගීම සහ දවසේ කාලරාමුව මත 1.2900-1.3100 කලාපයට වැටීම පෙන්නුම් කරයි. ඔස්කිලේටර් 15% ක් ද මෙම මතය සමග එකඟ වේ.
    විද්වතුන්ගේ මතය සමානව බෙදී ගොස් ඇත: 35% ක් යුගලයේ වර්ධනය සඳහා සහාය වන අතර, 35% ක් වැටීම සඳහාත් 30% ක් සමාන්තර චලනයක් සඳහාත් සහය ලබා දෙයි.
    ඉහත සියල්ලෙන් අපට උපකල්පනය කළ හැකි වන්නේ යුගලය,1.3200 අගය තම මධ්‍ය ලක්ෂය කර ගනිමින් , 1.3050-1.3325 පරාසය තුල උච්චාවචනය වන බවයි.
    මධ්‍ය කාලීන අනාවැකිය ගැන කතා කරන්නේ නම්, විශ්ලේෂකයින්ගෙන් 65% ක් මෙම යුගලය 1.3450-1.3615 කලාපය දක්වා ඉහලට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. එමන්ම 35% පමණක් යුගලය 1.3000 මට්ටමෙන් පහතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි. ඇන්ඩි හෝල්ඩේන්, ජූලි මස 05 වැනි බ්‍රහස්පතින්දා සිදු කරන්නට නියමිත කතාව පිළිබඳව අවධානය යොමු කල යුතුය;
  • USD/JPY. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත දැනටමත් 10% ක් වන ඔස්කිලේටර් විසින් යුගලයේ මිලදී ගැනීම් ඉහල යනු ඇති බවට ඉඟි කර ඇත. බොහෝ විද්වතුන් (55%) ක් විශ්වාස කරන්නේ අවම තරමින් 111.45 අගයක් දක්වාවත් යුගලය ඉහලට ගමන් කරනු ඇති බවයි. ඉන්පසු එය නැවතත් 110.00 දක්වා පැමිණිය හැකිය. මෙම වර්ධනය සඳහා දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහය දක්වයි. එම මට්ටම බිඳී ගියහොත්, යුගලය ඉතා ඉක්මනින් තවත් පොයින්ට් 100 ක් පහතට ගමන් කල හැකිය;

2018 ජුලි 02 සිට 06 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. බිට්කොයින් හි නවතම තත්වය දැකීමෙන් ක්‍රිප්ටෝ ලෝකය පුදුමයට පත් විය: මොකක්ද මේ? දිගුකාලීන බලාපොරොත්තු වූ ප්‍රවණතාවය සහ 2020 දී බිට්කොයිනයක් සඳහා $1 ක පිරිවැයක් දැරීමට සිදුවන බව ජෝන් මැකාෆි ගේ අනාවැකියේ ඉටුවීම ද? නැතිනම් තවත් උගුලක් ද? සමහර විට, IMF හි කෙනට් රෝග්ඕෆ් නිවැරදි වනු ඇත. ඔහුට අනුව එය වසර අවසානය වන විට වර්චුවල් මුදල් හි අනුපාතය $100 දක්වා වැටෙනු ඇති බවද?
    සමහර විට මෙම ප්‍රශ්නයට පිළිතුර ඉක්මණින් දැනගත හැකිවනු ඇත. ඉපැරණි ග්‍රීක කියමනකට අනුව, සෑම කෙනෙකුටම ඔහු කැමති දේ දැක ගත හැකිය. සුබවාදී පුද්ගලයන් පවසන පරිදි බිට්කොයින් විශ්වාසදායක ලෙස $6,700 ක මට්ටමක සිටින විට එය ඉහළයාමට ඇති ප්‍රවණතාවය වඩා වැඩිය. තවද BTC/USD යුගලය $5,900 සීමාවකට යටින් ඇත්නම්, එය ටික වේලාවකින් පසුව $4,300 ක හෝ ඊටත් අඩු අගයක දැකගත හැකිය.

 

 Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න