2018 June 3

පළමුව, පසුගිය සතියේ යුගලයන්ගේ හැසිරීම පිලිබඳ සමාලෝචනය:

  • EUR/USD. සතියේ ආරම්භයේ දී මෙම යුගලයේ හැසිරීම ඉතාලියේ සිදුවූ දේශපාලන වෙනස්කම් මත තීරණය විය. එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට පෙර යුගලයේ පැවති අගය වූ 1.1500 දක්වා පහත වැටී ඇත. කෙසේවෙතත්, යුරෝ කලාපයේ තත්වය අවසානයේ දී ක්‍රමයෙන් යහපත් බවට පත්විය. ඉතාලි ජනතාවාදීන් ආන්ඩුවේ සංයුතිය පිළිබඳව එකඟ වූ අතර ඩොලරය ක්‍රම ක්‍රමයෙන් තම ශක්තිමත්භාවය අහිමි කරගත්තේය. මෙම පසුබිමට අනුව යුරෝව "ඇමෙරිකන්" ඩොලර් වලින් පොයින්ට් 215 ක් නැවත ලබා ගැනීමට සමත් වූ අතර සිකුරාදා එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත (NFP  159K සිට 223K දක්වා වැඩි විය) වලට පවා මෙම තත්ත්වය මූලිකව වෙනස් කළ නොහැකි විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය, සතිය ආරම්භ වූ ස්ථානයේ දීම, දින පහක කාල පරිච්ඡේදය අවසන් කල අතර එය 1.1660 අගයක් ගත්තේය;
  • පෙර යුගලයට සමාන හැසිරීමක් GBP/USD යුගල විසින් පෙන්නුම් කරන ලදී. පළමුවෙන්ම එය 2017 නොවැම්බර් මට්ටමට වැටී තිබුණත්, 1.3200 කලාපයේ දී සහයෝගය නොලැබූ බැවින් යුගලය 1.3345 දක්වා ඉහළ ගියේය. ඉන්පසු නැවත පහල යාමට උත්සහා කිරීමට පටන් ගත් නමුත් කෙටි වෙලාවකින් පසු ඉහළයාම ජයගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම යුගලය පසුගිය සති දෙකක කාලය තුළ ඉතා ශක්තිමත් මට්ටමකටත් වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සමත් විය- 1.3300, සතිය අවසන් වන විට 1.3345 අගයට ලඟා වී තිබිණි;
  • USD/JPY. සතියේ ආරම්භයේ දී, යෙන් හි වර්ධනය දිගටම පැවතුනි, පසුව එහි ස්ථානය අහිමි විය. එසේම මැයි මාසයේදී නිෂ්පාදන අංශයේ ව්‍යාපාර කටයුතු දර්ශකය සුළු වශයෙන් වැඩි විය. 2017 අගෝස්තු මාසයේ සිට පළමු වරට රජයේ බැඳුම්කර මිලට ගැනීම් අඩු කිරීමට ජපාන මහ බැංකුව තීරණය කිරීම හේතුවෙන් 'යෙන්' හි පහල යාමක් අපේක්ෂා කල හැකිය. සතිය තුල ඉහල යාම සහ පහල යාම යන ද්විත්වයම පැවතුනු අතර කිසිවෙකුට පැහැදිලි ජයක් හිමි නොවිය. එම නිසා සතිය අවසන් වන විට 109.5 උසකින් යුගලය පැවතිනි;
  • ක්‍රිප්ටෝ මුදල්. ඔබ බිට්කොයින් සහ අනෙකුත් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් හි ප්‍රස්ථාර සන්සන්දනය කරන්නේ නම්, ඔවුන් ප්‍රධාන ක්‍රිප්ටෝ මුදලෙහි හැසිරීම අනුගමනය කිරීමක් පෙනී යනු ඇත: සතියේ පළමු භාගයේදී යුගලයන් පහත යාම සහ දෙවැනි භාගයේදී සතියේ ආරම්භක ස්ථාන කරා නැවත පැමිණීම. සමස්තයක් ලෙස ක්‍රිප්ටෝ වෙළඳපළ ප්‍රාග්ධනීකරණය ප්‍රායෝගිකව වෙනස් වී නැති අතර එය ඩොලර් බිලියන 330 කි.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. ඔස්කිලේටර් සහ පැය හතරේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක යන ද්විත්‍යම මධ්‍යස්ථ තත්වයක් පෙන්නුම් කරන නමුත් දවසේ කාලරාමුව මත යුගලය විකිණීමට නිර්දේශ කරයි. විශ්ලේෂකයින් පවසන ආකාරයට, ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ එක්සත් ජනපදයේ "වෙලඳ යුද්ධය" පිලිබඳවය. එමෙන්ම දැන් යුරෝපීය සංගමයේ, මෙක්සිකෝවේ හා කැනඩාව සම්බන්ධව ඇලුමිනියම් ආනයනය සඳහා රේගු තීරු බදු පැනවීම පිළිබඳ පුවත් පිළිබඳවද අවධානය කල යුතුය. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් (55%) අපේක්ෂා කරන්නේ යුගලය 1.1800-1.1830 කලාපය දක්වා ඉහල යාමට සමත් වනු ඇති බවයි. ඒ සමගම, පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයෙහි සඳහන් වන්නේ, ඉන් පසුව 1.1600 ක් අගයට පහල යාමට ඇති අවස්ථාව බැහැර කල නොහැකි බවයි.
    දිගුකාලීනව, විශේෂඥයන් අතර සිටින ඉහල යාම සඳහා සහය දක්වන ආධාරකරුවන් සංඛ්‍යාව 70% ක් පමණ දක්වා වැඩි වන අතර ඉලක්ක 1.2000 ක් සහ 1.2200 ක් ලෙස දැක්වේ. පහත යාම සඳහා සහය දක්වන්නන්ගේ මතයට අනුව මෙම යුගලයේ 1.1800 වන ප්‍රතිරෝධය ජයගැනීමට නොහැකි වනු ඇති අතර සති හතක පහත වැටීම දිගටම පවතිනු ඇත;
  • GBP/USD. මෙම යුගලය සඳහා දර්ශක EUR/USD හා සමාන වේ. ප්‍රවීණයන්ගේ මතය ද මීට වඩා බෙහෙවින් වෙනස් නොවේ. 60% ක්ම පවුම 1.3420 දක්වා ඉහළ නැංගීම අපේක්ෂා කරන අතර, එය බිඳවැටී ඉහලට ගමන් කළහොත් 1.3500 කලාපය වෙත ඉහල යනු ඇත. මීළග ප්‍රතිරෝධය පොයින්ට් 100 ඉක්මවයි.
    කෙසේ වෙතත් යුරෝපීය සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ගැටළු තවමත් අවසන් වී නොමැත. සෘණ ආර්ථික ප්‍රවෘත්ති වලදී පවුම 1.3085 කලාපය දක්වා පහතට ගමන් කරනු ඇත. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මෙම සිදුවීම සමග එකඟ වන අතර, 1.2900 අගය තවත් ආධාරකයක් ලෙස පෙන්නුම් කරයි;
  • USD/JPY. ජපන් මහ බැංකුව විසින් බැඳුම්කර මිලට ගැනීම අඩු කිරීම ගැන ඉහත සඳහන් කළෙමු. වෙළෙඳපොළ තක්සේරු කර ඇත්තේ මේ තත්වය පමණි. එහෙත් බලවත් පුද්ගලයන් තවදුරටත් 'යෙන්' ඉහලට ගෙනයාමට තීරණය කළ හැකිය. තව ද ඉහල මට්ටමේ ජපන් නිලධාරීන් කීප දෙනෙක් දැනටමත් නැඟී එන හිරුගේ රටට වෙළඳාම් කිරීමේ හැකියාව වැඩි කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කනස්සල්ලක් දැනටමත් ප්‍රකාශ කර ඇත.
    මේ අතරතුර විශ්ලේෂකයින් සහ දර්ශක දෙකෙහිම අදහස් සමාන කොටස් තුනකට බෙදී ඇත. එනම් තුනෙන් එකක් යුගලය පහතයාම සඳහා වන අතර, තුනෙන් එකක් එහි වර්ධනයට සහය ලබා දෙයි. ඉතිරි තුනෙන් එකක ප්‍රමාණය සමාන්තර චලනයක් අපේක්ෂා කරයි. ආධාරක අගයන් 108.95, 108.65 සහ 107.50 මට්ටම් වල පවතී. ප්‍රතිරෝධී අගයන් 110.00, 110.45 සහ 111.10 වේ;
  • ක්‍රිප්ටෝ මුදල්. වෙළඳපළ විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ ඩිජිටල් මුදල් වර්ග බිඳ වැටීමකට ලක් වූ අතර වෙළඳපොළේ සහභාගීවන්නන් ද ඊට ඇතුලත් වන බවයි. උදාහරණයක් ලෙස, වසර දෙකකට පෙර, ප්‍රථම ස්ථානය හිමි කරගත් OKCoin ක්‍රිප්ටෝ හුවමාරුව දැන් 188 වන ස්ථානයට පත්ව ඇත. සාමාන්‍යයෙන්, මෙම කාලයේ දී, ක්‍රිප්ටෝ වෙළඳපොලේ නායකයින් 10 න් 8 කට සිය තනතුරු අහිමි වී ඇත.
    වර්තමාන වෙනස්වීම් හා අනාවැකි මත මෙන්ම අනාගත ආයතනික ආයෝජකයින්ගේ අශුභවාදී අදහස් ක්‍රිප්ටෝ මුදල් මත ඍණාත්මක ලෙස බලපෑවේය.
    දැන් සෑම ප්‍රධාන ක්‍රිප්ටෝ-යුගලයක්ම පාහේ සිය නායකයා වන BTC/USD යේ චලනය අනුගමනය කරමින් සිටින අතර ඒවායේ විචලනය අඩු වීමක් අපේක්ෂා කෙරේ. එය 7,150 ක අගයක් වටා චලනය වනු ඇත.
    ග්‍රැෆික් විශ්ලේෂණය පිලිබඳ සැලකීමේදී ද සමාන්තර චලනයක් පෙන්නුම් කරයි. යුගලයන්ගේ බිඳවැටීම පැහැදිලිව ම Forex විශ්ලේෂකයින්ගේ මත අනුව නොව, ප්‍රධාන ක්‍රිප්ටෝ නියාමකයින්ගේ සහ ප්‍රධානීන්ගේ ක්‍රියාමාර්ග මත රඳා පවතී.
    නැවතත් ක්‍රිප්ටෝ මුදල් ඉහළ යෑමේ දී, බිට්කොයින් 11,700 ක උසකට නැගීමක් අපේක්ෂා කළ හැකිය. ඒ අනුව, මෙම ආරම්භය මගින් BTC/USD යුගලය නැවත 9,000 ක කලාපයට පැමිණීම පෙන්නුම් කරයි. පහතයාමකදී, ඉක්මනින් බිට්කොයින් 5000-6000 කලාපයේ දැකිය හැකිය. ඉදිරි සතියේ දී, බොහෝ විට, බිට්කොයින් 7,025-7,200 කලාපය ආධාරකයක් ලෙස යොදා ගනු ඇත.
    2018 ජූනි 04 සිට 08 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1
    අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් සඳහා, ඉහත සඳහන් පරිදි, එතීරියම් (ETH/USD), ලයිට්කොයින් (LTC/USD) සහ රිපල් (XRP/USD) බොහෝ දුරට තමන්ගේ ස්වයං චලනයක් පෙන්නුම් කිරීමට වඩා, බිට්කොයින් අනුගමනය කරනු ඇත.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න