2018 May 27

සාමාන්‍යයෙන්, ගිම්හානය යනු ව්‍යාපාර ක්‍රියාකාරකම් මන්දගාමී වන කාලසීමාවකි: ප්‍රභූන් විවේකයෙන් පසුවන අතර මධ්‍යම බැංකු ප්‍රධානින් සරත් සෘතුවේ සැළකිය යුතු වැදගත් කර්තව්‍යයන් සැකසීම සිදු කරන බැවින් සාමාන්‍ය වෙළෙන්දන්ගේ ක්‍රියාකාරකම් ද අවම වේ. කෙසේවෙතත්, ගිම්හාන මාස තුළ පවා පුදුම සහගත සිදුවීම් විය හැකිය. 2016 ජූනි මාසයේ, එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීම පිලිබඳ ජනමත විචාරනය සිහිපත් කරන්න. එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම කොටස් හා මූල්‍ය වෙලඳපොලවල් කම්පනයට පත් විය.

එලඹෙන මාස තුන තුළ එවන් උද්වේගකාරී ප්‍රවෘත්ති අපේක්ෂා නොකෙරේ. එහෙත් විනිමය අනුපාතයන් හා ප්‍රවණතා ඇති කිරීම සඳහා තීරණාත්මක නොවන නමුත් කිසියම් සිදුවීම් කිහිපයක් සාර්ථක වනු ඇත.

  • EUR/USD. යුරෝපිය මහ බැංකුව ඉඟි කරන්නේ බොහෝ විට, මෙම වසර අවසානයේ දී විශිෂ්ට-මෘදු ප්‍රතිපත්තියක් මගින් වත්කම් මිලදී ගැනීම සඳහා අපේක්ෂා කරනු ඇති බවයි. මීළඟ රැස්වීම සරත් සමය තුළ සිදුවන හෙයින්, මෙය ජූනි 14 හෝ ජූලි 26 දින රැස්වීමෙන් පසුව සිදු වනු ඇත. එම අදහස ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන (QE) සමග අවසන් කිරීමට හා නව සංවර්ධන අවධියකට පිවිසීමේ අරමුන යුරෝපීය මහ බැංකු ප්‍රධානීන් විසින් පුන පුනා ප්‍රකාශ කර ඇත: ප්‍රංශ බැංකුවෙහි ප්‍රධානියා වන විලාෙරා ඩි ගලෝ, ජර්මන් බන්ඩේස් බැංකුවේ කළමනාකාරිත්වය සහ ලිතුවේනියා බැංකුවේ ප්‍රධානී.
    එහි ප්‍රතිපලයක් වශයෙන්, යුරෝව යම් කාලයක් සඳහා තවමත් පහත වැටීමට ඉඩ ඇති නමුත්, වෙලඳපොලවල් දැනටමත් නැඹුරුවේ වෙනසක් සඳහා සූදානම්ව සිටිති. ඉහත සඳහන් එක් රැස්වීමකට පසුව ඊසීබී ප්‍රධානි මාරියෝ ඩ්‍රාගිගේ ප්‍රකාශ සටහන් තබා ඇත්තේ නම්, යුරෝව වහාම ඉහල යනු ඇත. මේ වනවිට පවතින තත්වය පිලිබඳ, 60% කට වඩා වැඩි විද්වතුන් පිරිසක් විශ්වාස කරන්නේ EUR/USD යුගලය 2018 හි ඉහල අගය වූ 1.2400-1.2555 කලාපය දක්වා සැප්තැම්බර් මාසයේදී ඉහළ යනු ඇති බවයි.
    විශ්ලේෂකයින්ගෙන් 10% ක් තවමත් කිසිඳු මතයක් පළ කර නැති අතර, විශේෂඥයන්ගෙන් 30% ක් පමණ ඩොලරය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරති. මේ අනුව, ඔවුන්ගේ අදහස වනු ඇත්තේ, ඊසීබී හි ව්‍යාජ ප්‍රකාශ වල පසුබිමට එරෙහිව එක්සත් ජනපද ෆෙඩරල් සංචිත තවදුරටත් ඉහල නැංවීම සිදුවනු ඇති බවය. යුගලයේ පහත යාම සඳහා සහය දක්වන්නන් පවසන්නේ, ඊලඟ මාස හය තුල තවත් 0.5% කින් ෆෙඩරල් සංචිත ඉහල දැමීමක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව පසුගිය සැප්තැම්බරයේ අවම අගය වූ 1.1550 කලාපය දක්වා යුරෝවේ පහත යාමක් බලාපොරොත්තු වේ. එපමණක් නොව, ෆෙඩරල් බැංකුවේ සැබෑ ක්‍රියාවන් අපේක්ෂිත මට්ටම ඉක්මවා යමින් තිබෙන නිසා නුදුරු අනාගතයේ දී එවැනි පහත යාමක් සිදු විය හැකිය.
    තාක්ෂණික විශ්ලේෂණය ගැන අපි කතා කරන්නේ නම්, එහි අනාවැකි වඩා තර්කානුකුල වෙයි. ගිම්හානය ආරම්භයේ දී යුගලය තරමක් අඩු විචලනය හා උච්චාවචනයන් සමග 1.1600-1.2000 කලාපයේ ගමන් කරනු ඇති බවට අනාවැකි පල කරයි. ඔස්කිලේටර් අපේක්ෂා කරන්නේ පොයින්ට් 700 ක පහල යාමකින් පසු නැවත යුගලය ඉහලට ගමන් කරනු ඇති බවයි. එමනිසා, ඔවුන්ගෙන් හතරෙන් එකක් දැනටමත් මෙම යුගලය දිනපතා සහ සතිපතා කාලරාමු මත විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා කරයි.
  • GBP/USD. බ්‍රික්ස්ට් සම්බන්ධයෙන් යුරෝපීය සංගමය සමග ඇති අවිනිශ්චිතභාවය හා එකඟතාවයෙන් තොර වීම නිසා බ්‍රිතාන්‍ය පවුම මත ඇති වූ පීඩනය දිගටම පවතිනු ඇත. එසේම එංගලන්ත බැංකුවේ මුදල් ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැතිව පවතියි. අප්‍රේල් 17 වන දා පටන් පවුම, පොයින්ට් 900 කට වඩා වැඩි ගණනක් අහිමි කරගෙන ඇති අතර, ඔබ ග්‍රැෆික් විශ්ලේෂණයන් හා දර්ශක කියවීම් දෙස පරික්ෂා කල හොත්, එය නතර කිරීමට අදහස් නොකරන බව පෙනෙනු ඇත.
    එබැවින්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය උපකල්පනය කරනුයේ 1.3455 ප්‍රතිරෝධය බිඳහෙලීම හේතුවෙන් යුගලය 1.3065 මට්ටම දක්වා පහලට ළඟා විය හැකි බවය. එය ද බිඳවැටුනහොත් තවත් පොයින්ට් 300 ක් අඩු විය හැකිය - 1.2765 මට්ටම දක්වා.
    කෙසේ වෙතත්, ප්‍රවීණයන්ගෙන් 35% ක් පමණ ඉහත මතය සඳහා සහාය දක්වයි. 10% ක් මධ්‍යස්ථව සිටින අතර 55% ක් විශ්වාස කරන්නේ, ගිම්හානයේ මැද භාගයේ පටන්, පවුම් ශක්තිය ශක්තිමත් වනු ඇති බවත් යුගලය අවම වශයෙන් 1.4000-1.4100 දක්වා ඉහළ යනු ඇති බවත්ය.
  • USD/JPY. දවසේ කාලරාමුව සහ සතියේ කාලරාමුව හි සියළුම ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර්හ සියල්ලක්ම පාහේ කොළ වර්ණය පෙන්නුම් කර ඇති බව පැහැදිලිය. ඔස්කිලේටර් 10% ක් පමණක් යුගලයේ මිලදී ගැනීම් වැඩි වනු ඇති බව පෙන්නුම් කරයි.
    2017 මුල සිට ආරම්භ වූ යුගලයේ ගමන් මග, 108.25-114.70 කලාපයට නැවත පැමිණ ඇති බව සැලකිල්ලට ගත යුතුය. 2018 මැද භාගයේ දී ඉහත කලාපයේ පහළ සීමාව බිඳී ගිය නමුත් දැන් එය නැවතත් සිය කලාපයේ මධ්‍ය අගය වෙත ළඟා වී තිබේ. විද්වතුන් අතර මතභේද ඇතිවීමට හේතුව මෙය විය හැකිය: ඔවුන්ගෙන් තුනෙන් එකක් යුගලය ඉහලට ගමන් කිරීම සඳහාත්, තුනෙන් එකක් සමාන්තර චලනයක් සහ ඉතිරි තුනෙන් එක යුගලයේ පහත යාම සඳහාත් සහය පළ කරති..
    ඉහත දක්වා ඇති පරිදි, යුගලය මීළඟ මාස කිහිපය තුළ ඉහත පරාසය තුළ රැඳී සිටිනු ඇත, ග්‍රැෆික් විශ්ලේෂණය මඟින් ද එම තත්වය සනාථ කර ඇත. ගිම්හානයේ ආරම්භයේ දී, යුගලය 108.25-112.00 පරාසයට යා හැකි අතර පසුව 114.70 ප්‍රතිරෝධී අගය දක්වා ගමන් කළ හැකිය.

2018 ජූනි සිට අගෝස්තු දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • ක්‍රිප්ටෝ මුදල්. ක්‍රිප්ටෝ වෙළදපොලෙහි උච්චාවචනය ඉතා ඉහල වන අතර විවිධ නියාමකයින්ගේ තීරණ පමණක් නොව, පෞද්ගලික සමාගම්වල සහ පුවත්පත්කරුවන්ගේ ප්‍රකාශ සහ ක්‍රියාවන් මගින් ඩිජිටල් විනිමය අනුපාත කෙරෙහි බලපානු ඇති බව නැවත වරක් ඔබට මතක් කර දෙන්නෙමු.
    BTC/USD යුගලය සඳහා විශේෂඥයින් අපේක්ෂා කරන්නේ ජූලි මස මැද භාගය වන විට 11,750-12,980 දක්වා ඉහළ නැංවීමක් වන අතර පසුව එය ආපසු හැරවීමක් අපේක්ෂා කෙරේ - පළමුවෙන්ම 10,000 කටත් පසුව, 7,606 ක් ලෙසින්.
    විශ්ලේෂකයින් අපේක්ෂා කරන්නේ ප්‍රාග්ධනීකරණය අනුව ඉහලම 10 ට ඇතුළත් වෙනත් ක්‍රිප්ටෝ මුදල් සඳහා ද එම තත්වය පවතිනු ඇති බවය. ඒ අනුව, ETH/USD යුගලය ජූලි මාසයේ දී 1 කොයිනයක් සඳහා $1000 ක් ඉක්මවා ඉහල යනු ඇති අතර පසුව 650 ක් වන මැයි අගයට නැවත පැමිණෙනු ඇත.
    LTC/USD. මෙම යුගලය $200 ක් දක්වා ඉහළට පිවිසීමට උත්සාහ කරනු ඇති අතර පසුව $140 දක්වා පහල යනු ඇත.
    XRPUSD යුගලයේ ක්‍ෂණික ඉලක්කය වනුයේ 0.8850 කලාපය දක්වා වේ. එය ළඟා කර ගතහොත් මීලඟ ඉලක්කය 1.0000 වේ. පසුව 0.6300-0.7000 කලාපයට යුගලය ගමන් කරනු ඇත.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න