2018 May 20

පළමුවපසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. විශේෂඥයින්ගෙන් 70% ක් පමණ විශ්ලේෂණය කර ඇති පරිදි යුගලය අවම වශයෙන් 1.2050 ක උසකින් යුක්ත වනු ඇතැයි පසුගිය සතියේදී අපේක්ෂා කළේය. කෙසේවෙතත්, යුගලයේ මෙම ඉහළ යාමේ ශක්තිය 1.2000 අගයට ළඟා වීමට පෙර වියළී ගියේය. දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක සහ 15% ක් වන ඔස්කිලේටර් එම තත්වය පෙන්නුම් කල අතර, යුගලයේ මිලදී ගැනීම් ඉහල වන බවට සංඥා ලබා දුන්නේය. අපේක්ෂිත පරිදි, යුගලය 1.1800 දක්වා ඉක්මනින් ළඟා වූ අතර පසුව ඊටත් වඩා පහලට, 1.1750 මට්ටම දක්වා පහත ගියේය;
  • GBP/USD. මෙම යුගලය දෙවන සතියටත් ඉතා පටු කලාපයක් තුළ ගමන් කළේය. බොහෝ විශ්ලේෂකයින් (60%) පසුගිය සතියේ එහි වර්ධනය සඳහා සහය පළ කළහ. කෙසේවෙතත් යුගලය, පොයින්ට් 65 ක් ඉහලට ගිය නමුත් ඉතිරි 40% ක විද්වතුන් විසින් අපේක්ෂා කළ පරිදි, එය නැවත 1.3450 දක්වා පහත ගියේය. සමස්ත සතිය තුල දී මෙම යුගලයට පොයින්ට් 75 ක් පමණ අහිමි විය;
  • විශේෂඥයන්ගෙන් 70% ක් අනාවැකි පළ කර ඇත්තේ මැයි මස අග භාගය වන විට USD/JPY යුගලය, 110.00 දක්වා ඉහළ යනු ඇති බවය. එහෙත්, මැයි 15 වන අඟහරුවාදා වන විට, අනාවැකි පළ කළ අගයට කලින්ම ලඟා විය. ඉන්පසු, එම අගය ආධාරකයක් බවට පත් කර ගනිමින් , යුගලය තවත් පොයින්ට් 100 ක් ඉහළ ගියේය. දින පහක කාලය සම්පුර්න වන විට යුගලය පොයින්ට්25 ක් පහලට ගමන් කර 110.75 අගයට පැමිණ සතිය අවසන් කළේය;
  • ක්‍රිප්ටෝ මුදල්. සමහර විශ්ලේෂකයින් විශ්වාස කළේ, BTC/USD යුගලය සති තුනක සිට ගමන් ගත් 8,620-9,955 කලාපය වෙත ආපසු යා යුතු බවය. ඒ අනුව මැයි 14 වන විට එය 8,850 අගයකට ළඟා විය. කෙසේවෙතත්, යුගලයේ මෙම ඉහළයාම දිගටම පවත්වා ගැනීමට අසමත් වූ අතර ඉක්මණින් සතියේ ආරම්භක අගයන් වූ 8,000 දක්වා ගමන් කළේය. අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගලයන් සතිය තුළ ඉතා සන්සුන් ස්වභාවයක් පෙන්නුම් කළහ: ලයිට්කොයින්, එතීරියම් සහ රිපල්, ඒවා සතිය ආරම්භ කළ ස්ථානයේම සතිය සම්පුර්ණ කළ.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. විශේෂඥයන්ගෙන් 60% ක් යුගලය,1.1800 අගය වටා සමාන්තර චලනයක් පෙන්නුම් කරනු ඇති බව විශ්වාස කරයි. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් ද සමාන්තර චලනයක් අපේක්ෂා කරන අතර එය 1.1750-1.2000 කලාපය තුළ පවතිනු ඇති බව පෙන්නුම් කරයි. 15% ක් වන ඔස්කිලේටර්, යුගලයේ යම් වර්ධනයක් පෙන්නුම් කරන අතර විකුණුම් වැඩි වන බවට සංඥා කරයි.
    විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 40%, යුගලයේ පහත යාමක් අඛණ්ඩව පවතිනු ඇති බව අපේක්ෂා කරයි. ආධාරක අගයන් 1.1700, 1.1665 සහ 1.1585 මට්ටම් වල පවතී.
    ඉදිරි සතියේ වැදගත් සිදුවීම් පිලිබඳ අවධානය යොමු කිරීමේදී, මැයි 23 බදාදා විවෘත වෙළඳපොළ පිළිබඳ FRS කමිටුවේ රැස්වීම, මැයි 24 බ්‍රහස්පතින්දා මුදල් ප්‍රතිපත්ති පිළිබඳ ECB රැස්වීම සහ මැයි 25 එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත ප්‍රධානී ජේ.පවෙල් ගේ කතාව ආදිය පිලිබඳ සැලකිලිමත් විය යුතුය;

2018 මැයි 21 සිට 25 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. විද්වතුන්ගේ අදහස් එක හා සමානව බෙදී ගොස් ඇත: 35% ක් යුගයේ වර්ධනයටත්, 35% ක් යුගලයේ පහත යාමටත් සහ 30% ක් යුගලයේ සමාන්තර චලනයකුත් අපේක්ෂා කරයි.
    ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකම මත 1.3450-1.3615 පරාසය තුළ පැතිර පවත්නා චලනයක් අපේක්ෂා කරයි. ඉන් පසු විශාල බිඳ වැටීමක් සිදු වී යුගලය 1.3300 දක්වා පහත යාමක් අපේක්ෂා කෙරේ;
  • USD/JPY. ප්‍රවීණයන්ගෙන් 65% ක්, ප්‍රවණතා දර්ශක 95% සහ ඔස්කිලේටර් 90% ක් ද, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය ද යුගලයේ ඉහළ නැගීම අපේක්ෂා කරයි. ආසන්නතම ඉලක්කය 112.00 ක් වන අතර ඊළඟ ඉලක්කය ඊට පොයින්ට් 100 ක් වැඩි වේ.
    විශ්ලේෂකයින්ගෙන් 35% ක් යුගලය පහතට ගමන් කරනු ඇති බව ප්‍රකාශ කරන අතර, ඔස්කිලේටර් 10% එම මතයට සහය දක්වන අතර යුගලයේ මිලදී ගැනීම් වැඩි වන බවට සංඥා කරයි;
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD සඳහා, කොටස් හුවමාරු විශ්ලේෂකයින්ගේ ප්‍රධාන අනාවැකියට අනුව බිට්කොයින් 10,000 දක්වා වර්ධනය වනු ඇති බවට උපකල්පනය කරයි. ආධාරක අගයන් 8,100 ක් සහ 7,900 ක් වේ.
    ඔස්කිලේටර් මගින් පැහැදිලි අනාවැකියක් පළ නොකරයි. උදාහරණයක් ලෙස, පැය හතරේ කාලරාමුව මත MACD හි කුඩා වෙනස් වීමක් පමණක් දිස්වන අතර යුගලයේ වර්ධනයට ඇති හැකියාව පෙන්නුම් කරයි. අනෙක් අතට, පැය හතරේ කාලරාමුව මත MFI (මුදල් ප්‍රවාහ දර්ශකය) මිලදී ගැනීම් වැඩි කලාපයේ පිහිටා ඇති අතර පහත යාමක් පෙන්නුම් කරයි. දවසේ කාලරාමුවෙහි පෙන්වීම මෙයට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වේ.
    අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගල පිලිබඳ සැලකීමේදී, බිට්කොයින් අනුගමනය කිරීමක් අපේක්ෂා කරයි. එතීරියම් (ETH/USD): ආසන්නතම ඉලක්කය 740.00 වේ, මීළඟ ඉලක්කය 835.00 වේ, ආධාරක අගය 635.00 වේ. ලයිට්කොයින් (LTC/USD): ඉලක්කයන් 150.00 සහ 180.00 වේ, කලාපයේ ආධාරක අගය 130.00 වේ. රිපල් (XRP/USD): ඉලක්කය 0.8850 වේ, ප්‍රධාන ආධාරක අගය 0.6140 වේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න