2018 May 13

පළමුවපසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD. පසුගිය සතියේ විශේෂඥයන්ගේ මතය සමානව බෙදී තිබුණි: තුනෙන් එකක් පහත යාම සඳහා සහය ලබා දුන් අතර, තුනෙන් එකක් ඉහල යාම සඳහා සහය ලබා දුන්හ. 30% ක් මධ්‍යස්ත ප්‍රවනතාවයක් අපේක්ෂා කල අතර, සමාන්තර චලනයක් පවතිනු ඇතැයි විශ්වාස කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මුලින්ම 1.1822 මට්ටම දක්වා යුගලය පහත වැටී, ඉන්පසු පොයින්ට් 145 කින් ඉහළ ගියේය. දින පහ සම්පූර්ණ වන විට, යුගලය සතියේ ආරම්භක කලාපයට යලිත් පැමිණුනු අතර 1.1940 අගයේ පැවතියේය.
    සමස්තයක් ලෙස අප්‍රේල් මස 19 සිට මැයි 9 දක්වා කාලය තුළ යුගලය පොයින්ට් 580 ක් අහිමි කර ගත්තේය. එම ප්‍රවණතාවයට එරෙහිව, යුගලය මිලට ගැනීමට වෙළදාම් විවෘත කළ වෙළඳුන්ට බරපතල මූල්‍යමය හානියක් සිදුවිය;
  • GBP/USD හි අනාගතය පිලිබඳ අනාවැකි පැවසීමේදී, ඉහත යූරෝ යුගලයට සමාන අනාවැකියක් පසුගිය සතියේදී ප්‍රකාශ විය. මැයි මස 10 වැනි බ්‍රහස්පතින්දා එංගලන්ත බැංකුවේ මුදල් ප්‍රතිපත්තියේ යම් වෙනසක් බලාපොරොත්තු වුවද කිසිඳු පැහැදිලි වෙනසක් දක්නට නොලැබුණු අතර, යුගලය ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පෙන්නුම් කල 1.3460 -1.3615 කලාපය තුල සතිය පුරා ගමන් කළේය;   
  • USD/JPY යුගලය ද සමාන්තර චලනයක් පෙන්නුම් කල අතර දෙවන සතියටත් 108.75-110.00 පරාසය තුල චලනය වීමේ ප්‍රවණතාවක් පෙන්වා ඇත. යුගලය, සතියේ ආරම්භක අගය ආසන්නයේම සතිය අවසන් වූ අතර, මැයි මස පළමු භාගයේ දී මධ්‍ය අගය ලෙස 109.40 සඳහන් විය;
  • ක්‍රිප්ටෝ මුදල්. විශේෂඥයන් අපේක්ෂා කළේ බිට්කොයින් 10.300 කඩඉම දක්වා වැඩි වනු ඇති බවයි. BTC/USD යුගලය මුල සිටම ඉහළට ගමන් ගත් නමුත් 10,000 ක අගයට පැමිණීමට නොහැකි විය. එය 9,950 අගයට පැමිණීමෙන් පසු නැවතත් පහතට ගමන් කළේය. ප්‍රකෝටිපතියන් දෙදෙනෙකු වන බර්ක්ෂයර් හාත්වේ ප්‍රධානි වොරන් බෆට් සහ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ගේ ප්‍රකාශයන් මත යුගලයේ පහත යාම වේගවත් විය.
    ජපාන ක්‍රිප්ටෝ-හුවමාරු වන Mt.Gox ඩොලර් මිලියන 70 කට අධික වටිනාකමකින් යුත් බිට්කොයින් විකිනූ අතර වෙලඳපොල විසින් විශාල වශයෙන් එයට ප්‍රතිචාර දැක්වූයේය. එනම් පහත වැටීමට පටන් ගත්තේය. තත්වය තවත් දරුණු වුයේ, වොරන් බෆට් විසින් ක්‍රිප්ටෝ මුදල් නරක ලෙස අවසන් වනු ඇති බවට ප්‍රකාශ කිරිමත් බිල් ගේට් විසින් බිට්කොයින් යනු ලෝකයේ අවධානම් සහිත දේ වලින් එකක් ලෙස ප්‍රකාශ කිරීමත් සමගය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මැයි 11 වන සිකුරාදා සවස වන විට යුගලය ශක්තිමත් ආධාරක අගයක් වන 8.620 දක්වා පහත වැටි තිබිණි.
    ETH/USD සහ XRP/USD ද ඔවුන්ගේ ඉලක්ක වලට ලඟා නොවිණි. LTC/USD පමණක් එහි අපේක්ෂිත ඉලක්කයට ලඟා වූ අතර එය 183.75 උසකට ලඟා විය. කෙසේනමුත් ක්‍රිප්ටෝ වෙළඳපොළෙහි ප්‍රවණතාවයට එරෙහි වන්නට මෙම යුගලයට ද නොහැකි වූ අතර යුගලය 135.00 කලාපයට ඉක්මනින් නැවත පහතට ගමන් කළේය.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. 70% කට වඩා වැඩි ප්‍රවීණයන් සංඛ්‍යාවක්, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් සහ පැය හතරේ කාලරාමුව මත දර්ශකයන් අපේක්ෂා කරන්නේ පසුගිය සතියේ මැද භාගයේ සිට ආරම්භ වූ යුගලයේ වර්ධනය මේ සතියේත් දිගටම පවතිනු ඇති බවයි. ආසන්නතම ඉලක්කය වන්නේ 1.2050-1.2100 කලාපයයි. මීළඟට 1.2215 වේ. තුනෙන් එකකටත් අඩු සංඛ්‍යාවක් යුගලය පහත යාම සඳහා සහය දක්වයි. එමෙන්ම දවසේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක සහ 15% ක් වන ඔස්කිලේටර් යුගලයේ මිලදී ගැනීම් වැඩි වන බවට ඉඟි සපයයි. එනම් යුගලයේ පහත යාමක් අපේක්ෂා කරයි. යම් හෙයකින් එම මතය ජයග්‍රහණය කළහොත් යුගලය 1.1800 වෙත පහත යා හැකිය. මීළඟ ආධාරක අගය 1.1715 මට්ටමේ වේ;

2018 මැයි 14 සිට 18 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මෙම යුගලය දැනටමත් මුළුමනින්ම ප්‍රතිවර්තනය කිරීමේ රටාවක් පෙන්නුම් කරන බැවින් බොහෝ විශ්ලේෂකයින් (60%) යුගලයේ වර්ධනයට සහය ලබා දෙයි. ග්‍රැෆික් විශ්ලේෂණය ද එම අනාවැකිය සමග එකඟ වේ. දවසේ කාලරාමුව මත 20% ක් වන ඔස්කිලේටර්, යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා කරයි. ආසන්නතම ප්‍රතිරෝධය 1.3625 වේ. ඉලක්කය 1.3765 වේ.
    ඉතිරි, 40% ක් වන විශ්ලේෂකයින්ගේ අනාවැකියට අනුව, යුගලය 1.3450 මට්ටමට පහත වැටෙනු ඇති අතර, තවදුරටත් පහත ගියහොත් පොයින්ට් 150 ක් අඩු වී 1.3300 දක්වා පහතට ගමන් කරනු ඇත;
  • මේ මොහොතේ දී USD/JPY පිලිබඳ නිශ්චිත අනාවැකියක් පැවසිය නොහැකිය. විශ්ලේෂකයින්ගේ අදහස් සහ දර්ශක කියවීම් සමානව බෙදී ඇත: එක් කොටසක් යුගලයේ වර්ධනයටත් අනෙක් කොටස යුගලයේ පහතයාමටත් සහය දක්වයි. පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත දර්ශක පෙන්නුම් කරන්නේ සති දෙකක ගමන් මගේ 108.75-110.00 කලාපයේ පහල සිමාව දක්වා යුගලය පහතට ගමන් කරනු ඇති බවයි. එලෙස පහල සීමාවට යුගලය ගමන් කිරීමෙන් පසු නැවත හැරී 110.00 දක්වා ඉහල නගිනු ඇත. මෙය මැයි මාසය අවසානයට පෙර සිදුවිය හැකි අතර එය දැනටමත් 70% ක් වන විශ්ලේෂකයන් විසින් තහවුරු කර ඇත;  
  • ක්‍රිප්ටෝ මුදල්. මැයි 11 වන සිකුරාදා අවසන් වන විට BTC/USD යුගලය සති තුනක ගමන් මගේ 8.620-9.955 කලාපයේ පහල සීමාවට මදක් පහලින් පැවතියේය. බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, සතියේ සෘණාත්මක ප්‍රවෘත්ති නොමැති වුවහොත් යුගලය නැවත ඉහත කලාපයේ ඉහල සීමාවට වර්ධනය වනු ඇති බවයි.
    කෙසේ වෙතත්, ප්‍රවීණයන් කිහිප දෙනෙක් විශ්වාස කරන්නේ බිට්කොයින් දිගටම පහත වැටෙනු ඇති බවයි. මේ අවස්ථාවේදී එය 7.720 ක මට්ටමකට පහත වැටෙනු ඇතැයි අපේක්ෂිතය. ඔවුනට අනුව යුගලය 10,000 අගයට ලඟා වනු ඇත්තේ මැයි මස අවසාන වන විට දීය.
    විශ්ලේෂකයින් අපේක්ෂා කරන්නේ පහත දැක්වෙන අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා පහතට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් මෙම සතියේ දී ඇතිවනු ඇති බවයි: ETH/USD, LTC/USD සහ XRP/USD ය. කෙසේ වෙතත්, ඔවුන්ගේ මතයට අනුව මෙම තත්වය තාවකාලික වනු ඇති අතර මැයි මස අගභාගය වන විට සියලු යුගලයන් මැයි මාසයේ මුල් සතියේ ඉහල මට්ටම් කරා ආපසු පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න