2018 May 4

17.12.17 නූතන ක්‍රිප්ටෝ මුදල් ඉතිහාසයේ සුවිශේෂී දිනයකි. දෙසැම්බර් 17 වනදා, ඇමරිකානු කොටස් හුවමාරුවට බිට්කොයින් ඇතුළු සියලු වර්ගවල ක්‍රිප්ටෝ මුදල් ඇතුලත් වීමෙන් පසු ඉහල යමින් තිබු මෙම ක්‍රිප්ටෝ මුදල් යලි ඉක්මනින්ම පහතට ගමන් කළේය. එයත් සමග ක්‍රිප්ටෝ ප්‍රජාව මහත් කම්පනයට පත්විය. කණගාටු විය යුතු කරුණ නම් ආයෝජකයින්ගේ සිහින බොඳවෙමින් ඩිජිටල් සෞභාග්‍යයේ ලෝකය ඔවුන් ඉදිරියේ දීම කඩා වැටීමයි. මෑත මාසවල ක්‍රිප්ටෝ මුදල් සමඟ ඇති සියලු වර්ධනයන් පෙනෙන්නේ නිමක් නැති ත්‍රාසයජනක චිත්‍රපටයක් ලෙසය.

ක්‍රිප්ටෝ ප්‍රජාව කණ්ඩායම් තුනකට බෙදිය හැකිය:

  • පළමු කණ්ඩායම ක්‍රියාශීලී වෙළෙඳුන් වන අතර ඔවුන් ක්‍රිප්ටෝ මුදල් සමඟ ගිලී යාමට අවශ්‍ය නොවන අය වේ. තැරැව්කාර සමාගම් මෙම වෙළඳපොළට ගෙන එන සියලු ක්‍රියාකාරීත්වයන් සමඟ බොහෝ අවස්ථාවලදී ඔවුන් රැඳී සිටිනු ඇත. ඔවුන් බිට්කොයින් හි ඉහල යාම වෙනුවෙන් ප්‍රර්ථනා කර සිටින්නෝය. නමුත් එහි පහත යාම මත හොඳින් මුදල් උපයයි;
  • දෙවන කණ්ඩායම කල්පවතින ආයෝජකයින් වන අතර අතීතයේ දී ක්‍රිප්ටෝ මුදල් මිලදී ගත් පසු දැන් ඒවා මගින් පාඩු ලැබීම නිසා කණගාටු වන පිරිසයි;
  • අවසානයේ, තෙවන හා වඩාත්ම විශාලම කණ්ඩායම. මොවුන් ක්‍රිප්ටෝ වෙළඳපොල කඩා වැටතෙයි යන බියෙන් බිට්කොයින් හෝ අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් මිලදී ගෙන නොමැති කණ්ඩායමයි.

මෙම ලිපිය මගින් 2 සහ 3 කාණ්ඩවලට අමතනු ලැබේ. එමෙන්ම මෙහි අරමුණ වනුයේ පෙර සිදු වූ පාඩුවලට වන්දි ගෙවීමට පමණක් නොව වර්තමානයේ පවතින අපැහැදිලි වෙළෙඳපොළ තුළ ඉතා ශක්තිමත් ලාභයක් ලබා ගැනීමට හැකි ආකාරය පෙන්වීමයි. මේ සියල්ලම තාක්ෂණික විශ්ලේෂණයේ ඉතා සරල විධික්‍රමයන්ට ස්තුතිවන්නට ඔබට ඉදිරිපත් කරයි.

NordFX වැනි ක්‍රිප්ටෝ වෙළඳපොළට පැමිණ ඇති තැරැව්කරුවෝ, ඔවුන්ගේ උපකරණ සහ විධික්‍රම මගින් ඕනෑම තත්වයක් තුළ ඉපැයීමේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කරයි. මුලින්ම, ලොව ජනප්‍රියතම වේදිකාව මෙටාට්‍රේඩර්-4 (MT4) සහ එහි ජංගම යෙදුම වේ. මෙය කිසිම ආකාරයකින් මුදල් මුද්‍රණ යන්ත්‍රයක් නොවේ. එහෙත් දක්ෂ ලෙස එය හැසිරවීම තුල සාර්ථකව මුදල් ඉපයීම සඳහා එය සුවිශේෂී ආයුධයක් බවට පත් කර ගත හැකිය.

නිදසුනක් ලෙස, අපි ඕනෑම අයෙකුට පහසුවෙන් ලබාගත හැකි දර්ශක කීපයක් පමණක් යොදාගෙන ලාභ ලබා ගැනීම සඳහා සරල ක්‍රම කීපයක් ගැන සාකච්ඡා කරමු. සමහර ඒවා දැනටමත් MT4 හි ඇතුලත් කර ඇත. (මෙම වේදිකාව ගැන හුරුපුරුදු නොවන අයට, NordFX වෙබ් අඩවිය තුලින් දැනගත හැකිය)

 

ආධාරක සහ ප්‍රතිරෝධී මට්ටම්

ලාභදායී වෙළඳාම සඳහා වඩාත්ම වැදගත් දෙය නම් වෙළදාම විවෘත කිරීමේදී නිශ්චිතව ස්ථානයක් තෝරා ගැනීම බව රහසක් නොවේ. ඉහල මට්ටමේ දී විකුනන්න, පහල මට්ටමේ දී මිලදී ගන්න: බොහෝ දෙනෙකු පවසන්නේ මෙයයි. නමුත් මෙහි අන්ත ලක්ෂයන් හඳුනා ගන්නේ කෙසේද? ප්‍රවණතාවය වෙනස් වන්නේ කුමන ස්ථානයකදී දැයි හඳුනා ගන්නේ කෙසේ ද?

ප්‍රවණතා දර්ශකයන්ගේ අතිමහත් බහුතරය සංවේදී සැකසුම් සහිත ව්‍යාජ සංඥා බොහොමයක් ලබා දෙයි. දර්ශක මගින් පෙන්නුම් කරන ආධාරක/ප්‍රතිරෝධතා මට්ටම් වලට අවධානය යොමු කළහොත්, ඒවා වඩා ස්ථායී වන අතර, එබැවින් ක්‍රිප්ටෝ වෙළඳාම සඳහා වඩාත් විශ්වාසදායක මෙවලම් බවට එය පත්විය හැකිය. ඒවා ප්‍රධාන දර්ශකයන් ලෙසද හැඳින්විය හැකිය. කෙසේවෙතත්, වෙළෙන්ඳෙකුට මෙම මට්ටම කරා ළඟා වන ආකාරය පිළිබඳව ඔන්ලයින් මාර්ගයෙන් දැක ගත හැකිය. එනම්, ප්‍රවණතාවයේ බිඳ වැටීමක් සිදුවන විට එය කලින්ම දැන ගත හැකිය.

ඒ අනුව මට්ටම ශක්තිමත් වන තරමට ප්‍රවණතාවය හැරවීමේ සම්භාවිතාව ඉහළ යන බව පැහැදිලිය. මිල ගණන්වල ඉතිහාසය දෙස බැලීමෙන් ඔබට මෙම ශක්තිය තීරණය කළ හැකිය. ඒ සඳහා, යම් දිශාවක අදාල මිල මට්ටමෙන් පසු කොපමණවාරයක් දිශාව වෙනස් වුයේ දැයි නිරීක්ෂණය කල හැකිය. ක්‍රිප්ටෝ මුදල් සැලකීමේදී අවම වශයෙන් පැය හතරේ කාලරාමුව හෝ ඉහලින් ඇති කාලරාමුවක් නිරීක්ෂණය කරන ලෙස අපි නිර්දේශ කරන්නෙමු. බොහෝ විට අපි අපගේ වැඩ කටයුතුවල දී සතිපතා W1 සමඟ දෛනික කාලරාමුව D1 භාවිතා කරන්නෙමු.

ක්‍රිප්ටෝ ජයග්‍රහණය කිරීම සඳහා සරල උපක්‍රම1 

රූපය.1

 

රූප 1 හි පැහැදිලි කිරීම් සඳහා බිට්කොයින් මත ZigZag දර්ශකය තබා ඇති අතර, එය ශක්තිමත්ම මට්ටම 11,660 ක් වේ (ප්‍රවණතාව බිඳවැටීම 1, 2, 3, 4, 5) සහ 9,145 ( 6, 7, 8). එපමණක්ද නොව, මට්ටම් ගැන නොව, ආධාරක/ප්‍රතිරෝධී කලාප පිලිබඳ කතා කිරීම වඩාත් නිවැරදි විය හැකිය. මිල 11,660 ක මට්ටමට එලබෙනවාත් සමගම ප්‍රවණතාවය ආපසු හරවනු ඇතැයි වෙළෙන්දා බලාපොරොත්තු නොවිය යුතුය. ප්‍රවණතාවය ශක්තිමත් වූ විට සාපේක්ෂව වෙළඳපොල තුනී වන අතර පොයින්ට් සිය ගණනකින් වුවද ප්‍රතිරෝධී අගය පසු කර යා හැකිය. එය 1 හි දී දැකගත හැකිය. මෙම තත්වය ක්‍රිප්ටෝ වෙළදාමට පමණක් නොව, අනෙකුත් වෙලදාම් සඳහා ද පොදු තත්වයකි.   

බොහෝ විට මෙවැනි තත්වයක් ඇතිවිය හැකි අතර ශක්තිමත් මට්ටම් දෙකක් අතර බොහෝ වෙලාවක් සමාන්තර චලනයක් ලෙස යුගලය ගමන් කරමින් පවතිනු ඇත. බිට්කොයින් සඳහා, එය ඉහත සඳහන් කළ මට්ටම් 9,145-11,660 වන අතර එහි මධ්‍ය අගය 10,200 වේ. එහි පහළ සීමාව බිඳී ගිය විට, 7,700-9,145 සීමාවදක්වා යුගලය පහත වැටේ. ඉන් පහලට ගියහොත් 6,190-7,700 කලාපය උදාහරණයක් ලෙස දැක්විය හැකිය. BTC/USD යුගලය දිගින් දිගටම පහත වැටෙන්නේ නම් (එය කිසිසේත් මුළුමනින්ම ඉවත් නොකෙරේ) අවසාන ගිම්හාන - සරත් ඍතුවේ ප්‍රධාන නාලිකා වෙත අවධානය යොමු කිරීම අවශ්‍ය වනු ඇත 5,350-6,190 සහ 3,560-4,470.

 

එබැවින්, අපි ZigZag දර්ශකය භාවිතා කරමින් ආධාරක/ප්‍රතිරෝධක මට්ටම් ගොඩනගන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත්, මෙටාට්‍රේඩර්-4 වේදිකා සඳහා සකස් කළ මෙවලම් අතර මෙම කාර්යය සඳහා වෙනත් දර්ශක කිහිපයක් භාවිතා කිරීමට හැකි වන අතර, එනම් මිල නාලිකාව (රූපය 2). මෙම දර්ශකය මගින් දිගු කරන ලද දිගම හා වඩාත් නිරන්තරව මුහුණලා ඇති තිරස් අංශ සමඟ අප සම්බන්ධ කරන්නේ නම්, අපි පළමු උදාහරණය ලෙස සමාන මට්ටම් ලබා ගනිමු. එබැවින්, ප්‍රධාන වශයෙන් එක් ප්‍රධාන දර්ශකයක් භාවිතා කළ හැකි අතර, අනෙක්වා පාලක දර්ශකයන් ලෙස භාවිතා කළ හැකිය.

ක්‍රිප්ටෝ ජයග්‍රහණය කිරීම සඳහා සරල උපක්‍රම2 

රූපය. 2.

 

ප්‍රයෝජනවත් විභේදත්වය

ප්‍රවණතාවය ආපසු හැරවීමට යොමු වන තවත් ප්‍රමුඛ සංඥාවක් ලෙස මෙය සේවය කරනු ඇත. පැහැදිලි කිරීම සඳහා, විභේදනය යනු ක්‍රිප්ටෝ මුදල් මිල වෙනස්වීම් සහ දිශානතියේ සාධක අතර වෙනසයි. ඔස්කිලේටර් යනු දර්ශක වර්ගයකි. බොහෝ ඒවා දැනටමත් මෙටාට්‍රේඩර්-4 වේදිකාවට ඇතුලත් කර ඇත. අපගේ උදාහරණයේදී, අපි වඩාත් ප්‍රසිද්ධ හා තහවුරු කරන ලද ඔස්කිලේටර් එකක් භාවිතා කරමු - MACD - පැය හතරේ කාලරාමුව මත.

ක්‍රිප්ටෝ ජයග්‍රහණය කිරීම සඳහා සරල උපක්‍රම3 

රූපය. 3.

 

රූප සටහන 3, බිට්කොයින් මිල (රූපයේ ඉහළ) සහ MACD දර්ශන (පහළින්) අතර පැහැදිලි වෙනස ඉතා පැහැදිලිව පෙනේ. කාණ්ඩ A සහ B මත, මිල අඛණ්ඩව වැඩිවෙමින් තිබියදීත්, දර්ශකයෙහි ප්‍රස්ථාරයේ ඉහළ මට්ටම් පහත් වෙමින් පවතී. ඒ අනුව දර්ශකය කියවීමෙන් පසුව මෙම ප්‍රවණතාවයේ කඩාවැටීමක් ඇති වන බවට ප්‍රබල සංඥාවක් වන අතර මිල පහත වැටෙනු ඇත.

කොටස් C හෝ D කාණ්ඩයේ ප්‍රතිවිරුද්ධ චිත්‍රයක් දක්නට ලැබේ. මිල පහත වැටීමක් හෝ තිරස් අතට ගමන් කරයි. MACD කියවීම් වර්ධනය වේ. එය බිට්කොයින් මිල ඉහල යාමේ පූර්වගාමී වේ.      

 

මාසයක් තරම් දීර්ඝ නිදසුනක්

2018 පෙබරවාරි 11 සිට මාර්තු 11 දක්වා කාලය තුළ බිට්කෝන් වෙළඳාම සිදු කළ හැකි ආකාරය දෙස බලමු. (රූපය. 3)

ප්‍රවණතා රේඛා ඇඳීම සඳහා මූලිකවම C සහ D කාණ්ඩයන් ලෙස සම්බන්ධ කර ගැනීම ප්‍රමාණවත් වේ. මෙම රේඛාවන්ගේ විභේදනයත් සමඟ, 9.145 ආධාරක මට්ටම වෙත ළඟා වීමත් සමඟ මිල වෙනස් කිරීම සඳහා හොඳ සංඥාවක් වනු ඇත. මෙම කාල වකවානුවේදී වෙළෙන්දා 1 හි දී ලොට් 1කින් BTC 1ක් මිලදී ගැනීම සඳහා වෙළදාමක් විවෘත කරයි. (NordFX හි ලොට් 1 ක් යනු බිට්කොයින් 1කි) ප්‍රතිරෝධී මට්ටම 11,660 දක්වා ළඟා වන හෙයින් ඔහු 2 හි දී  විකුණනු ලබන අතර එසේ කිරීමෙන් ඩොලර් 2,515 ක ලාභයක් ලබයි.

 

(මෙම ලාභය මගින් ස්ප්‍රෙඩ් හෝ තැරැව්කාර කොමිස් මුදල් මෙම ලාභයෙන් අඩු කළ යුතු වන නමුත් NordFX හි එය අවම වන අතර BTC 1ක් සඳහා යවන්නේ $55ක් පමණි)

 

දැන් අපි තවත් උදාහරණයක් සලකා බලමු - එම ප්‍රස්ථාරයේම A හි විභේදනය සලකන්න.

පෙර අවස්ථාවකදී මෙන් දෙවන ඉහළම ස්ථානය පසු වූ විට, වෙළෙන්දෙක් දර්ශක නිරීක්ෂණය කරමින් 3 හි දී 10,200 ක මිලකට අලෙවි වන වෙළදාමක් විවෘත කරයි.

 

(ක්‍රිප්ටෝ-හුවමාරු මෙන් නොව, NordFX වැනි තැරැව්කරුවන්, ඔබට මිලදී ගැනීම සඳහා පමණක් නොව, එය නොමැතිව පවා, ක්‍රිප්ටෝ මුදල් විකිණීමට ද ඉඩ සලසයි. එවැනි ගනුදෙනුවක් CFD ලෙස හැඳින්වේ - මිලෙහි වෙනස සඳහා කොන්ත්‍රාත්තුව මගින් ක්‍රිප්ටෝ මුදල් ශුන්යයට වැටෙන විට පවා ඔබට ලාභයක් ලබා ගත හැකිය).

 

වෙළෙන්දා විසින් බිට්කොයින් 1 ක් විකුණා ඇත. කෙසේ වෙතත්, මිල දිගටම ඉහළ ගොස් ඇති අතර 11,660 මට්ටම (4 හි දී) කරා ළඟා වන විට, ඔහුට ඩොලර් 1460 ක පාඩුවක් ලැබෙනු ඇත.

කුමක් සිදු වී ඇත්ද? විශේෂයක් නැත. ඔබ වෙළඳපලේ සිටින විට, බොහෝ විට මෙය සිදු වේ. කිසිදු සංඥාවක් සියයට සියයක සාර්ථකත්වයක් ලබා නොදෙයි.

කුමක් කළ යුතුද? විකල්ප 1: ඔබේ වෙලදාම වසා දැමීම සහ අලාභය තහවුරු කර ගැනීම. සහ විකල්ප 2: කිසිවක් වසා නොගන්න, නමුත්, ඊට ප්‍රතිවිරුද්දව, තව තවත් ලොට් වැඩි කිරීම.

තුන්වැන්න සඳහා වන විභේදනය (ත්‍රිත්ව විභේදනය) 4 හි ප්‍රතිරෝධී මට්ටමට ළඟා වීමත් සමග 3 හි ට වඩා ප්‍රබල සංඥාවක් ලබා දෙයි. මේ අවස්ථාවේ වෙළෙන්දා ලොට් 1.5 ක ප්‍රමාණයකින් විකිණීම සඳහා තවත් ස්ථානයක් විවෘත කිරීමට තීරණය කරයි.

මේ අනුව, වෙළෙන්දාට ස්ථාන දෙකකින් සමන්විත වන අතර, පළමු කොටස ලොට් 1 කින් යුත් BTC 10,200 ක මිලකට විවෘත කරන ලද අතර, දෙවන කොටස, ලොට් 1,5 ක් වන අතර එය 11,660 කින් විවෘත විය. MACD සංඥාව අනුගමනය කරමින්, 5 හි දී 10,650 ක මිලකට වෙලදාම් දෙකම වසා දමයි. ප්‍රතිඵලයක් වශයෙන්, පළමු ගනුදෙනුව සඳහා ඩොලර් 450 ක පාඩුවක් ලැබෙනු ඇති අතර, දෙවන කොටස සඳහා ඩොලර් 1,515 ක ලාභයක් ලැබෙනු ඇත. මෙම ගනුදෙනු දෙකක සමස්ත ආදායම ඩොලර් 1,065 කි.   

විභේදනය ද්විත්ව (සී සහ ඩී) හෝ ත්රිත්ව (A) පමණක් නොවන බව ද, උදාහරණයක් ලෙස, සිව් ගුණයක් ද, B කාණ්ඩයේ (රූපය 3) ලෙස ද සැලකිය යුතුය. එවිට ඔබට එක් ස්ථානයක් පමණක් නොව, දෙවරක් වැඩි කිරීමට සිදුවේ. එමෙන්ම අවස්ථා තුනක්, හතරක් සහ තවත් වාර ගණනක් වැඩි කල යුතු අවසථා ඇති වීමට පුළුවන. නමුත් මේ සියල්ලට මුදල් අවශ්‍යයි. ඔබ සතුව ප්‍රමාණවත් මුදලක් සහතික කර ගන්නේ කෙසේද? පිළිතුර: මුදල් කළමනාකරණය සහ ලෙවරේජ් භාවිතා කිරීම.

 

මුදල් කළමනාකරණය සහ ලෙවරේජ් අගය

මුදල් කළමනාකරණය යනු තමන් යොදන ලද මුදල් නිවැරදිව ලාභය වැඩි කරන අයුරින් කළමනාකරණය කිරීමේ ක්‍රමයයි. මෙය වඩාත් වැදගත් දෙයකි. එක් එක් ගනුදෙනුව සඳහා හෝ ගනුදෙනු කීපයක් එකට ගෙන පූර්ව ගණනය කළ අවදානම ලෙස හැඳින්විය හැකිය.

ලෙවරේජ් යනු වෙළඳපොළේ ගනුදෙනු කිරීම සඳහා වෙළෙන්දාට තැරැව්කරු විසින් සපයන ලද ඇපකරුවන් නොමැතිව සහ ස්වයංක්‍රියව ලබා දෙන ණය ප්‍රමාණය වේ. මේ අනුව, NordFX සමග කටයුතු කරනවා නම් උපරිම ලෙවරේජ් අනුපාතය 1: 1000 ලෙස ලබා ගත හැකිය. ඒ අනුව වෙළෙන්දාට ඔහුගේ ගිණුමේ ඩොලර් 1000 ක් තිබේ නම්, ක්‍රිප්ටෝ මුදල් හෝ වෙනත් මූල්‍ය උපකරණ මිලදී ගැනීමට/විකිණීම සඳහා ඔහුගේ මුදල් මෙන් 1000 ගුණයක් වැඩියෙන් ගනුදෙනු සිදු කළ හැකිය. එනම් ඩොලර් 1,000,000. නමුත් මේ සියල්ල එකවර භාවිතා කිරීම අවශ්‍ය නොවේ. ලෙවරේජ් අනුපාතයෙහි ප්‍රධාන වාසිය වන්නේ වෙළඳාමට තවත් අමතර නිදහසක් ලබා දීමයි. ඉහල ලෙවරේජ් අගයක් යනු වෙළදාම සඳහා ඔබට වඩා වැඩි මුදලක් තිබීමයි.

ලෙවරේජ් අගයේ ප්‍රමාණය අවදානම කෙරෙහි බලනොපාන බව පැහැදිලිව තේරුම් ගත යුතුය. මෙම අවදානම, වෙළදාම විවෘත කරන විට වෙළඳුන්

විසින්ම කළමනාකරණය කරනු ලැබේ.

ලොට් 1ක වෙළදාමක් $10,000 කින් විවෘත කිරීම සඳහා, ඔබට එම මුදලට සමාන මුදලක්, එනම් ඩොලර් 10,000 ක් අවශ්‍ය වේ. (ස්ප්‍රෙඩ් සැලකිල්ලට ගතහොත් තවත් ටිකක් වැඩි වේ). 1: 1000 ලෙවරේජ් අනුපාතය සමඟ ඔබට එම වෙළදාමම විවෘත කිරීමට අවශ්‍ය වන්නේ $ 10 ක් පමණි. ඉතිරි ඩොලර්  9,900 ඔබට තවත් වෙලදාම් විවෘත කිරීමට හෝ ගිණුමෙහි රදවා ගැනීමට හෝ හැකිය.      

වර්තමානයේ වඩාත්ම ජනප්‍රිය වෘත්තීමය වෙලෙන්දෙකු වන ලැරී විලියම්ස්, ආරම්භයේ දී සිය වෙළඳාමේ තැන්පතු වලින් සියයට 5 ක් සඳහා වූ උපරිම පිළිගත හැකි අවදානමක් මත පදනම්ව වෙලදාම් කල අතර පසුව ඔහු එය 2 හෝ උපරිම 3 දක්වා සීමා කළේය. විලියම්ස්, ක්රිප්ටෝ මුදල් වලට වඩා විචලනයෙන් අඩු බැඳුම්කර සහ S & P 500 කොටස් මත වෙලදාම් කල අතර මුදල් කළමනාකරණය සඳහා ඔබේම රීති සකස් කිරීමේ දී මෙය සලකා බැලිය යුතුය.

 

ඔබේ සාර්ථකත්වයට සුභ පැතීම

ඉහත සඳහන් කර ඇති විස්තරයට වඩා පළපුරුදු වෙළෙන්දෝ සිය වැඩෙහි වඩාත් සංකීර්ණ සහ ලාභදායී ක්‍රම උපයෝගි කර ගනිති. නමුත් අපි අපේ ක්‍රමයන් හොඳම ක්‍රමයන් බව අවධාරණය නොකරන්නෙමු. අපගේ පරමාර්ථය මුළුමනින්ම වෙනස් එකකි. එහි අරමුණ ක්‍රිප්ටෝ මුදල් වෙළදාමෙන් වෙහෙසට පත් වී සිටින අය සඳහාත්, මීළඟට බිට්කොයින් ඉහලට හෝ පහලට ගමන් කරයි ද යන්නෙන් දෙගෙඩියාවෙන් පසු වන අය සඳහාත් ලාභ ලැබිය හැකි ක්‍රම කීපයක් සාකච්චා කිරීමයි. NordFX හඳුන්වා දී ඇති වෙළඳ උපකරණ සහ සැමවිටම ලබා දෙන සහයන් භාවිතා කර ක්‍රියාකාරී වෙළෙන්දෙකු ලෙස වඩාත් ලාභදායි වෙලදාමක ඔබටද නිරතවිය හැකිය.

ඔබට ජය!


« වෙළෙඳපොළ වෙළෙඳ මාර්ගෝපදේශනය
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න