2018 April 22

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD යුගලය 2018 මධ්‍ය කාලීන 1.2200-1.2525 කලාපය තුළ දිගටම පවත්වා ගෙන යනු ලබයි. මෙම වසරේ ආරම්භයට සාපේක්ෂව ඉහළයාම ක්‍රමයෙන් අඩු කර ඇත. පසුගිය සතියේ විද්වතුන් 1.2215 අගය ආසන්නතම ආධාරක අගය ලෙස නම් කරන ලදී. ප්‍රතිරෝධය සඳහා, 1.2410 අගය නම් කරන ලදි. සතිය තුල යුගලයේ අවම සීමාව 1.2250 ක් වන අතර උපරිමය 1.2413 ක් වේ.ට වඩා අඩු උච්චාවචන පරාසයක් පෙන්නුම් කරයි. සතිය තුල විචලන අගය පොයින්ට් 160ක් පමණ වේ. සතිය අවසන් වන විට, මෙම යුගලයේ 1.2288 ක අගයක් සටහන් විය;
  • GBP/USD යුගලය. මෙහිදී, සියලු දර්ශකයන් (85%) මෙන්ම විශ්ලේෂකයින්ගෙන් 40% ක්ම යුගලය මිලදී ගැනීමට යෝජනා කළ අතර 1.4345 අගය ආසන්නතම ඉලක්කය ලෙස හැඳින්වීය. සතියේ ආරම්භයේ සිට යුගලය ඉහල යාමක් පෙන්නුම් කළ අතර සමහර අවස්ථාවල ඉලක්ක මට්ටමට වඩා පොයින්ට් 30 ක් යුගලය ඉහළට ගමන් කළේය. ඒ අනුව 1.4375 අගයට පැමිණීමෙන් පසු, විශේෂඥයින්ගෙන් 60% ක් අපේක්ෂා කළ පරිදි යුගලය, නැවත හැරී පහලට ගමන් කළේය. සිකුරාදා සතිය අවසන් වන විට යුගලය 1.4000 කලාපයට පැමිණ තිබිණි;
  • USD/JPY යුගලයට අනාවැකි ලබා දීම සඳහා, බොහෝ විද්වතුන් (70%), සතිපතා උච්චාවචනයන් 107.00-108.50 පරාසයේ පවතිනු ඇති බව විශ්වාස කලෝය. මෙම අනාවැකිය නිවැරදි වූ අතර, යුගලයේ සමාන්තර චලනය 106.87-107.85 කලාපය තුළ රැඳී සිටියහ. සතිය අවසානයේදී 107.64 අගයක් ගෙන තිබිණි;
  • ක්‍රිප්ටෝ මුදල් සඳහා වූ අනාවැකිය නැවත වරක් නිවැරදි විය. ඉහළයාම සඳහා වූ අනාවැකිය එලෙසම සිදු විය. BTC/USD සඳහා එය 8.575 ක උසකින් යුක්ත වනු ඇති බව අනාවැකි පල කරන ලද අතර සිකුරාදා අවසන් වන විට එම යුගලය 8.535 දක්වා ඉහළ නැග තිබිණි.
    එතීරියම් සඳහා ඉලක්කය 600 වූ අතර සිකුරාදා සිට සෙනසුරාදා රාත්‍රිය දක්වා එම අගයට ලඟා වීමට හැකිවිය. ඒ සමඟම, LTC/USD යුගලය විශේෂඥයන් විසින් බලාපොරොත්තු වූ 145.00 ක උසකින් යුක්ත වූ අතර, XRP/USD යුගලය, අපේක්ෂා කල මට්ටමට වඩා ඉහළ ගොස්  0.85 කලාපයේ ඇත.

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ ප්‍රවීණයන් අතිමහත් බහුතරය (75%), 1.2200-1.2415 කලාපයේ යුගලයේ චලනය දිගටම පවත්වා ගනු ඇති බව අපේක්ෂා කරයි. එහිදී, යුගලය මුලින් එහි පහළ සීමාවට පහළට ඇද වැටෙනු ඇත, ඉන් පසු යලි සීමාවේ ඉහලට ගමන් කරනු ඇත. ඔස්කිලේටර් කියවීම මගින් ද එවැනි තත්වයක් සනාථ කරයි. ඒ අනුව ඔස්කිලේටර් 15% ක් දැනටමත් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බවට සංඥා කර ඇත.
    මැයි මස මුල් භාගය සඳහා අප අනාවැකි පිලිබඳ කතා කරන්නේ නම්, ග්‍රැෆික් විශ්ලේෂණයන් සහ විශ්ලේෂකයින්ගෙන් අඩක් පමණ අදහස් කරන්නේ, 2018 පෙබරවාරි මාසයේ ඉහලම අගයන් වූ 1.2555 ක ප්‍රදේශයකට මෙම යුගලය ලඟා වනු ඇති බවය. යම් හෙයකින් යුගලය පහතට ගමන් කරන්නේ නම්, එය 1.1915-1.2085 මට්ටමට පහත යා හැකිය.
    යුගලයේ ප්‍රවණතාවයන්ට බලපෑම් ඇති කිරීමට සමත් සිදුවීම් කීපයක් මෙම සතියේදී බලාපොරොත්තු විය හැකිය. ඒ අනුව, පොලී අනුපාතය පිලිබඳ තීරණ සහ ඊසීබී මාධ්‍ය සාකච්චාව අප්‍රේල් 26 වන දා පැවැත්වීමට නියමිතය. එමෙන්ම, එක්සත් ජනපදයේ දළ ජාතික නිෂ්පාදිතයේ වාර්ෂික දත්ත, 27 වැනි සිකුරාදා දින නිකුත් කිරීමට නියමිතය;

2018 අප්‍රේල් 23 සිට 27 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. පසුගිය සතියේ ප්‍රතිඵල අනුව සෑම දර්ශකයක්ම දකුණට හැරී ඇති බව පැහැදිලිය. කෙසේ වෙතත්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහ විද්වතුන්ගෙන් 60% ක් විශ්වාස කරන්නේ සතියේ අවම අගය 1.4000 ක් වනු ඇති බවය. එමෙන්ම සතිය තුල යුගලයේ ගමන් මග 1.4000-1.4245 කලාපයේ පවතිනු ඇති බව ඔවුහු අනුමාන කරති. මීළග ප්‍රතිරෝධී අගය 1.4375 හි වේ. 20% ක් වන ඔස්කිලේටර් විසින් යුගලයේ විකුණුම් වැඩි වන බවටත් එම නිසා යුගලය ඉහල යනු ඇති බවටත් සංඥා කරයි.
    විශ්ලේෂකයින් 40% ක් විශ්වාස කරන්නේ යුගලය පහතට ගමන් කරනු ඇති බවටය. ඒ අනුව මෙම යුගලය පළමුවෙන්ම 1.3885 අගයකටත්, පසුව 1.3745 අගයක් වෙතත් පහත බසිනු ඇති බවටත් විශ්වාස කරයි;  
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 85% ක්, පැය හතරේ කාලරාමුව මත ප්‍රවණතා දර්ශක 100% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණ 80% සහ ඔස්කිලේටර් අති විශාල බහුතරයක් ඩොලරය ශක්තිමත් වනු ඇති බවත් එම නිසා මෙම යුගලය වර්ධනය වනු ඇති බවත් විශ්වාස කරයි. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් යුගලය 107.25-108.05 කලාපයේ පවතිනු ඇති බව විශ්වාස කරයි. දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් සැලකීමේදී එහි පරාසය පුළුල් වේ. ඒ අනුව යුගලය මුලින් 106.60 දක්වා පහත වැටී පසුව 109.00 කලාපය දක්වා ඉහල යනු ඇත.
    විශ්ලේෂකයින් 15% ක් පමණක් යුගලය 105.00 දක්වා පහත යනු ඇති බව විශ්වාස කරති. කෙසේ වෙතත් මධ්‍ය කාලීනව, මෙම හැකියාවෙන් විශේෂඥයින්ගෙන් තුනෙන් එකක් බැහැර කර නැත;
  • ක්‍රිප්ටෝ මුදල්. BTC/USD යුගලය 9,000 දක්වා ඉහළ නැගීමෙන් පසු නැවත 7,785-8,200 කලාපය දක්වා පහතට ගමන් කිරීමක් බලාපොරොත්තු විය හැකි බව විද්වතුන් පවසති. මෙහිදී යුගලයේ පහත යාම තව දුරටත් පවතිනු ඇති අතර එලෙස වුවහොත් යුගලය 6,585-7,100 කලාපයට නැවත පැමිණෙනු ඇත.
    එතීරියම් 500.00 ක ආධාරයෙන් බිඳී ගියහොත්, ETH/USD යුගලය 360-430 කලාපයට ආපසු පහත යා හැකිය. LTC/USD යුගලය සඳහා ආධාරක අගයන් 135, 122 සහ 110 වේ. XRP/USD යුගලය සඳහා 0.67, 0.55 සහ 0.43 වේ.
    විශේෂඥයන් පවසන ආකාරයට මෙම ක්‍රිප්ටෝ මුදල් යුගලයන් හි වර්ධනයට ඇති අවස්ථා අප්‍රේල් 21 සහ 22, සෙනසුරාදා-ඉරිදා ඉහල අගයන් දක්වා සීමා වේ.

 

හිතවත් වෙළෙදුනි, NordFX තැරැව්කාර සමාගම මඟින් ඔබට ලබාදෙන 1:1000 ලෙවරේජ් අගය භාවිතා කර ක්‍රිප්ටෝ මුදල්, ඉහල සහ පහල යන, අවස්ථා දෙකෙහි දීම ලාභ ලැබිය හැකිය.

මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම USD, බිට්කොයින් සහ එතීරියම් වලින් කල හැකිය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න