2018 April 8

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය:

  • EUR/USD සඳහා වූ අනාවැකිය සාමාන්‍යයෙන් නිවැරදි විය: පැවසු පරිදි මෙම යුගලය 2018 මධ්‍ය කාලීන නාලිකාවේ සිමාව ඉක්මවා ගියේ නැත. NFP දත්ත පිළිබඳ පූර්ව අනාවැකි නිසා යුගලය 1.2217 දක්වා පහළ ගියේය. අපේක්ෂා කළ පරිදි, ගොවිපල නොවන වේතන පෙර මාසයේ අගයන්ට සාපේක්ෂව තුන් ගුණයකටත් වඩා වැඩි අගයකින් අඩු විය. එම දත්ත නිසා යුගලයට ප්‍රතික්‍රියා කිරීමට පිටුවහලක් වුයේ නැත. කෙසේවෙතත්, ප්‍රතික්‍රියාව සන්සුන්ව පැවතිණි: ඩොලරය යුරෝව ඉදිරියේ පොයින්ට් 60 ක් පමණක් අහිමි විය. පසුව යුගලය 1.2280 හි දී සතිය අවසන් විය;
  • GBP/USD. මෙම යුගලයේ ප්‍රධානතම අනාවැකිය වූයේ සමාන්තර චලනයක් වන අතර, යුගලය සතියේ පළමු භාගයේ ඉතා පටු අගයක ගමන් කරනු ඇති බවට ප්‍රකාශ විය. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යම් අස්ථායි තත්වයක් ඇති වූ නමුත් ප්‍රතිඵලයක් වශයෙන් දින පහක වෙනස් වීම පොයින්ට් 70 ක් පමණ වූ අතර යුගලය 1.4085 හි දී සතිය අවසන් කළේය;
  • USD/JPY සඳහා ප්‍රවීණයන්ගෙන් බහුතරයක් විසින් ඉදිරිපත් කරන ලද අනාවැකිය සම්පුර්ණයෙන්ම නිවැරදි විය. ඔවුන්ගෙන් 55% ක්ම යුගලයේ ඉහල යාම දිගටම පවතින බවත් එය 107.30 දක්වා වැඩිවනු ඇති බවටත් අනුමාන කළහ. සැබවින්ම එය අපේක්ෂිත අගයද ඉක්මවා 107.48 දක්වා ඉහල නැගුනු අතර සතිය අවසාන වන විට සතියේ ඉහලම අගයට වඩා පොයින්ට් 60 ක් පහතින් එනම් 106.88 අගයේ පැවතිණි.;
  • බොහෝ ප්‍රධාන මුදල් යුගල මෙන් ක්‍රිප්ටෝ මුදල් යුගල ද, පසුගිය සතියේ සමාන්තර චලනයක ප්‍රවණතාවයක් පෙන්නුම් කර ඇත. සතියේ මැද භාගය වන විට ඉහළ යාමේ ප්‍රවනතාවයක් ඉස්මතු වූ අතර බිට්කොයින්, එතීරියම් ඇතුළු අනෙකුත් මුදල් යුගලයන් හි ඉහළයාම ආරම්භ විය. කෙසේනමුත් සතිය අවසන් වන විට සතියේ ආරම්භක අගයන්ට නැවත මෙම යුගලයන් පැමිණ තිබු අතර සමස්ත සතිය තුල ඉහළයාමට හෝ පහල යාමට පැහැදිලි ලෙස ජයගත නොහැකි විය. 

 

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ:

  • EUR/USD. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව පසුගිය දින පහක කාලය පුරා සමාන්තර නාලිකාවේ මධ්‍ය කලාපය වටා යුගලය ගමන් ගත් අතර එය මීළඟ දින කිපයේත් එලෙසම පවතිනු ඇති බවට අපේක්ෂිතය. එම නාලිකාවෙහි සීමාවන් 1.2215 - 1.2355 වේ. මෙම සිමාවන් බිඳ වැටුනහොත් වඩාත්ම විය හැක්කේ යුගලය දකුණට ගමන් කිරීමයි. එනම් 1.2090-1.2150 සීමාවට යුගලය පහත යාමයි. ප්‍රවීණයින්ගෙන් සියයට 65 ක්ම එවැනි දර්ශනයන්ගේ මතය සමඟ එකඟ වේ.
    විශ්ලේෂකයින්ගේ ඉතිරි 35% හා පැය හතරේ කාලරාමුව මත දර්ශක වලට අනුව එක්සත් ජනපදයේ ශ්‍රම වෙළඳපොළ දත්ත මගින් ඩොලරයේ දුර්වලත්වය අඛණ්ඩව පවතිනු ඇත. එම නිසා යුගලය 1.2355-1.2415 මට්ටම දක්වා ඉහළ යනු ඇත;

2018 අප්‍රේල් 09 සිට 13 දක්වා කාලසීමාවට Forex සහ ක්‍රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1 

  • GBP/USD සඳහා වන ප්‍රධාන අනාවැකිය පහත පරිදි වේ: 1.4125 ප්‍රතිරෝධී අගයට යුගලයේ සුළු වර්ධනයක් (නමුත් අනිවාර්ය නොවේ) ඇතිවිය හැකිය. ඉන්පසු එය 1.4000 කලාපය දක්වා පහත වැටෙනු ඇත. එයත් බිඳවැටුනහොත් 1.3915-1.3965 කලාපය දක්වා යුගලය පහත යාමක් බලාපොරොත්තු විය හැකිය. මෙම අනාවැකිය ප්‍රවීණයන්ගෙන් 75% ක්, දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය සහය දක්වන අතර ඔස්කිලේටර් 15% ක් පමණ යුගලයේ මිල දී ගැනීම් වැඩි වන බවට සංඥා කරයි. විශ්ලේෂකයින්ගෙන් හතරෙන් එකක් පමණක් යුගලය 1.4200-1.4240 කලාපය දක්වා ඉහල යනු ඇති බවට විශ්වාස කරයි;
  • USD/JPY. මේ වසරේ පෙබරවාරි මැද භාගයේ ආරම්භ වූ මධ්‍ය කාලීන සමාන්තර ගමන් කිරීමේ ප්‍රවණතාව තවදුරටත් පවතිනු ඇත. එකම ගැටලුව වන්නේ එහි සීමාවන් වඩාත් නිවැරදිව අර්ථ නිරූපනය කිරීමයි. විශ්ලේෂකයින්ගෙන් 65% ක් පමණ යුගලය 108.00 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කරයි. පහත යාම සඳහා ක්‍ෂණික ඉලක්කය වන්නේ 105.65 මට්ටම වේ. ඩොලරයේ වටිනාකම දිගින් දිගටම අවම වුවහොත්, මෙම යුගලය 105.25 ක මට්ටමටත්, එතැනින් නොනැවතී තවදුරටත් පොයින්ට් 60 ක් දක්වා ද අඩු විය හැකිය;
  • ක්‍රිප්ටෝ මුදල් යුගලයන් හි දී එහි ඇති ඉතා ඉහල ඉහල පහල යාම, එනම් ඉහල උච්චාවචනය හේතුවෙන් නිශ්චිත මට්ටමක් ප්‍රකාශ කිරීම අපහසු කටයුත්තක් වේ. ප්‍රවනතාවයන් සහ ආසන්න ඉලක්කයන් ගැන පමණක් කතා කළ හැකිය. ඉදිරි සතියේදී, ඉහලයාමේ ප්‍රවනතාවයක් පැවතිය හැකි අතර, අප්‍රේල් 09 වන සඳුදා ආරම්භ වන ප්‍රධාන යුගලයන්ගේ කුඩා හා තාවකාලික වුවද, වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. BTC/USD: 7,820-8,360 දක්වා ඉහළ යනු ඇත. ETH/USD සඳහා ඉලක්කය 440-511 කලාපය වේ, LTC/USD: 155-175 සහ XRP/USD: 0.56-0.67 වේ.

 

හිතවත් වෙළෙදුනි, NordFX තැරවුකාර සමාගම මඟින් ඔබට ලබාදෙන 1:1000 ලෙවරේජ් අගය භාවිතා කර ක්‍රිප්ටෝ මුදල්, ඉහල යන සහ පහල යන, අවස්ථා දෙකෙහි දීම ලාභ ලැබිය හැකිය.

මුදල් තැන්පත් කිරීම සහ ආපසු ලබා ගැනීම USD, බිට්කොයින් සහ එතීරියම් වලින් කල හැකිය.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න