2018 March 4

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය.

  • EUR/USD පසුගිය සතියේදී ප්‍රවීණයන්ගෙන් 70% කට ආසන්න සංඛ්‍යාවක්, දර්ශක අතිමහත් බහුතරයක් අපේක්ෂා කලේ මෙම යුගලය දිගටම පහත වැටෙනු ඇති බවත්, 1.2165 මට්ටමකට ලඟා වනු ඇති බවත්ය. ඔවුන්ගේ මතය නිවැරදි විය - මාර්තු 1 වන දා මෙම යුගලය 1.2155 දක්වා පහල ගියේය. එහෙත්, පසුව, නව ෆෙඩරල් සභාපති ජෙරොම් පවෙල් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ හේතුවෙන් ඩොලරය අසීරුවෙන් ලබා ගත් ජයග්‍රහණය අහිමි වී ගියේය. වානේ සහ ඇලුමිනියම් මත ආනයන තීරු බදු හඳුන්වා දීම පිලිබඳව ට්‍රම්ප්ගේ ප්‍රකාශ නව වෙලඳ ගැටුමක් නිර්මාණය කිරීමට මග පෑදිය. විශේෂයෙන්, යුරෝපීය කොමිසමේ ප්‍රධානියා විසින් එම තීරණයට ක්‍ෂණික සහ තියුණු ලෙස ප්‍රතිචාර දැක්වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගලය පොයින්ට් 170 කින් ඉහළ ගොස් සතිය අවසාන වන විට 1.2320 අගයකට පැමිණ තිබිණි.
  • GBP/USD සඳහා පසුගිය සතියේදී විශ්ලේෂකයින්ගේ මතය බෙදී තිබිණි: 50% ක් යුගලයේ වර්ධනයත්, 50% එහි පහතයාමත් අපේක්ෂා කලෝය. මධ්‍ය කාලීනව 70% ක්ම ප්‍රවීණයන් යුගලයේ පහත වැටීම සඳහා සහය පල කළහ. අවසාන අනාවැකිය බොහෝ සෙයින් නිවැරදි වූ අතර යුගලය 1.3710 දක්වා පහල වැටුණි. ඉන්පසු නැවතත් ඉහලට ගමන් කිරීමට යුගලය උත්සහා කල අතර අවසානයේ දී 1.3797 දී නතර වී තිබිණි.
  • USD/JPY. විශ්ලේෂකයින්ගෙන් 30% ක්, මධ්‍ය කාලීන පැත්තක කොරිඩෝවේ පහළම රේඛාව බිඳවැටීම සැලකිල්ලට ගනිමින් 108.00-114.75 නොව, 107.80 ට ඉහලින්, ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කරන ලදී. සඳුදා ආරම්භ වන විට, යුගලය සැබැවින්ම ඉහළ ගියේය. ඉක්මනින් 107.67 ක උසකින් යුක්ත විය. කෙසේ වෙතත්, ප්‍රවීණයන් බහුතරයේ (70%) මතය අනුව යුගලය නැවත හැරීම අනුගමනය කළ අතර, යුගලය 105.54 ක අගයකට ලඟා විය. අවසානයේදී ඊට පොයින්ට් 20 ක් වැඩි වී සතිය අවසන් විය.
  • අපි දැන් ක්‍රිප්ටෝ මුදල් වෙත යොමුවෙමු. සම්මත පදනමක් සහිතව, බිට්කොයින් හි ප්‍රවනතා සහ ඉලක්ක නිවැරදිව නිර්ණය විය. බලාපොරොත්තු වූ ආකාරයටම BTC/USD, $10,000 කලාපයට ලඟා විය. සතියේ ආරම්භයේ දී අනාවැකිය මගින් 8,400-9,040 කලාපය අපේක්ෂා කල අතර සැබවින්ම එය 9,253 අගයක් ගනු ලැබිය. ඉන්පසු එය ආපසු හැරී නැවත 9,900-11,000 දක්වා පැමිණීම අපේක්ෂා කල අතර සැබවින්ම එය 11,160 අගයක් ගනු ලැබිය.
    NordFX සේවය ලබා දෙන අනෙක් ක්‍රිප්ටෝ මුදල් යුගල, සාපේක්ෂව නිස්කලංක දුර්වල වීමකි. නිදසුනක් වශයෙන්, XRP/USD සඳහා උච්චාවචන පරාසය, සතියකට පෙර $0.35 ට සාපේක්ෂව $0.15 ක් විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ .

  • EUR/USD. - විශේෂඥයින්ගෙන් 60% ක් නිසැකවම වෙලඳ ගැටලුව අවසන්ව ඇති බවත්, ඩොලරය, එහි පරිහානිය දිගටම පවත්වා ගනු ඇති බවත් විශ්වාස කෙරේ. එමගින් EUR/USD අවම වශයෙන් මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි ඉහල අගයන් වූ 1.2500-1.2555 දක්වා මීළඟ සති කීපයේදී ඉහල යනු ඇති බව අදහස් වේ. යුගලයේ ආසන්නතම ප්‍රතිරෝධී අගය 1.2400 වේ.
    දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය වඩාත් ස්ථීර වේ. එම අනාවැකියට අනුව, ඉහල නැගීමේ ප්‍රවනතාවය 2013 වසරේ වසන්ත-ගිම්හාන කාලයේ උපරිම අගය වූ 1.2755 දක්වා ඉහල යා හැකිය.
    ඔස්කිලේටර් සඳහා, යුගලය පැය හතරේ කාලරාමුව මත මිලදී ගැනීමට සකසා ඇත, නමුත් දවසේ කාලරාමුව මත පහල යාමක් පෙන්නුම් කරයි. මධ්‍ය කාලීනව යුගලයේ පහල යාම සඳහා විශේෂඥයින්ගේ සංඛ්‍යාව 40% සිට 55% දක්වා වැඩි වී ඇති බව සැලකිය යුතුය.
    මෙය ලියන අවස්ථාව වන විට, ඉතාලියේ පාර්ලිමේන්තු මැතිවරන ප්‍රතිඵල මගින් යුරෝපීය මුදල්වලට බරපතල ලෙස බලපෑ හැකි සිද්ධියක් තවමත් ප්‍රකාශ කල නොහැකිය. එමෙන්ම මාර්තු 7 බදාදා ECB තීරණ පිළිබඳවත්, මාර්තු 9 සිකුරාදා එක්සත් ජනපදයේ ශ්‍රම වෙලඳපොල දත්ත ප්‍රකාශයට පත් කිරීම පිළිබඳවත් අවධානය යොමු කළ යුතු ය.

2018 මාර්තු 05 සිට 09 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD. මෙහි දර්ශකයන් අතිමහත් බහුතරය (85%) රතු වර්ණය පෙන්නුම් කරයි. විශ්ලේෂකයින්ට අනුව යුගලයේ පහත යාම සඳහා සහය දක්වන ආධාරකරුවන්ගේ සංඛ්‍යාව 60% කි. මෙහි ප්‍රධාන ඉලක්කය 1.3455-1.3600 පරාසය වේ. මේ අතර, විද්වතුන් 40% ක්, ඔස්කිලේටර් 15% ක් සහ දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් සියල්ලම යුගලයේ පහල යාම සඳහා සහය දක්වයි. ආසන්නතම ප්‍රතිරෝධී ඉලක්ක වනුයේ 1.3855, 4065 සහ 1.4145 වේ.
  • USD/JPY. ජපන් බැංකුවේ ඊළඟ තීරණ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් මාර්තු 9 සිකුරාදා පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් විශ්ලේෂකයින් එමගින් පුදුමයට පත්වන ප්‍රතිපලයක් බලාපොරොත්තු වන්නේ නැත. ඔවුන්ගෙන් 70% ක්, ප්‍රවණතා දර්ශක අනුව යමින්, USD/JPY යුගලය 102.75-104.30 දක්වා පහත යාමක් සඳහා අනාවැකි පල කරති.
    විකල්ප දෘෂ්ටි කෝණයකට අනුව, විශ්ලේෂකයින්ගෙන් ඉතිරි 40% ක් සහ 15% ක් වන ඔස්කිලේටර් විසින් යුගලයේ විකුණුම් වැඩි වනු ඇති බව අපේක්ෂා කරයි. මෙම සංඥා නිවැරදිව වුවහොත්, යුගලයේ මධ්‍ය කාලීන පැත්තක කොරිඩෝවේ පහළ සීමාව වන 108.00 දක්වා ගැන කිරීමට යුගලය උත්සාහ කරනු ඇත. ආසන්නතම ප්‍රතිරෝධී අගයන් 106.40 සහ 107.65 වේ.
    කෙසේ වෙතත්, පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකෙහිම ග්‍රැෆික් විශ්ලේෂණය පෙන්නුම් කරන්නේ, යුගලය මුලදී 104.75 ක මට්ටම දක්වා පහත වැටෙන බවත් පසුව 106.40-107.15 දක්වා නැවත ඉහළ නැංවෙනු ඇති බවත්ය.
  • BTC/USD. ප්‍රධාන අනාවැකිය මගින් බිට්කොයින් ඩොලර් 12,160-12,980 දක්වා වර්ධනය වන අතර ඉන් පසු සතියේ දෙවන භාගයේදී එය ආපසු හැරී 10,350-10,850 දක්වා පහලට යනු ඇත.
    ETH/USD සතියේ පළමු භාගය තුළ 1,160 අගයක් දක්වා යුගලය වැඩිවිය හැකිය. ඉන් පසුව, බිට්කොයින් මෙන් යුගලය ආපසු හැරී 900-940 කලාපයට පහත යාම බලාපොරොත්තු වේ.
    LTC/USD සඳහා විශේෂඥයන් වෙනස්වන සුළු තත්වයක් අපේක්ෂා කරයි: ආරම්භක ඉහළයාම 240 වන අතර ඉන්පසු 180-200 දක්වා පහත වැටීමක් අපේක්ෂා කරයි.
    XRP/USD පෙර සතියේ ඉතා පටු කලාපයක ගමන් කළ අතර, වෙළඳපළේ අස්ථායීතාව වැඩි වීමෙන් එය 1.003-1.075 දක්වා ඉහලට යනු ඇති අතර ඉන් පසුව 0.915 ක මට්ටමට නැවත පැමිණිය හැකිය.

 

 

ඉහල ලෙවරේජ් අගයක් හොඳද නරකද?

මෙය වසර ගණනාවක් තිස්සේ පැවති විවාදයකි.

පසුගිය සතියේ ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගලයන්ගේ විචලනය අඩු වූ අතර එම නිසා එවැනි මුදල් හි දැඩි උච්චාවචනයන් මත ලාභයට පුරුදු වී සිටි වෙළඳුන් කලකිරීමට පත් විය.

කෙසේ වෙතත්, NordFX විසින් ලබා දෙන 1: 1000 ක අසමසම ලෙවරේජ් අගය භාවිතා කරයි නම් එවන් අවස්ථාවලදී පවා ලාභයක් ලබා ගත හැකිය. 

https://lk.nordfx.com/promo/tradecrypto.html

 

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න