2018 February 11

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. පෙබරවාරි 02 වන දින ඇමරිකා එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොලේ ධනාත්මක දත්ත (NFP 25% කින් වර්ධනය විය) ප්‍රකාශයට පත් කිරීම මගින් ඇමරිකානු කොටස් වෙලඳපොලවල් මත භීතියක් ඇති කලේය. ප්‍රවීණයන් පවසන පරිදි, රැකියා අවස්ථා වැඩිවීමට සමගාමීව සාමාන්‍ය වැටුප් වැඩිවීම යථා තත්ත්වයට පත් නොවූ නමුත් ලෝකයේ විශාලතම ආර්ථිකය උණුසුම් විය.
    ඩොලරය සඳහා, කොටස් දර්ශක මෙන් නොව උද්ධමනය හා ඉහල පොලී අනුපාත අපේක්ෂා කිරීම නිසා සහ එය පෙබරවාරි 02 වනදා ආරම්භ වූවා සේම, යුරෝවට එරෙහිව වර්ධනය වෙමින් පොයින්ට් 200 කට වඩා වැඩි අගයකින් තම ස්ථාවරය ශක්තිමත් කර තිබේ. ඉහල යාමේ සිට පහල යාම දක්වා මෙම වෙනස් වීමේ ප්‍රවණතාව නැවත වරක් සතිපතා අනාවැකියේ මධ්‍ය කාලීන අනාවැකිය සත්‍ය වී ඇති බව පිලිබිබු වේ. මධ්‍ය කාලීනව, විශේෂඥයින්ගෙන් 70% ක් ඩොලරයේ වර්ධනය සඳහා පසුගිය සතියේ සහය පල කළේය.
  • GBP/USD. EUR/USD හි දී මෙන් විශ්ලේෂකයින් අනාවැකි පළ කළේ මධ්‍ය කාලීනව ඩොලරය බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව ශක්තිමත් වනු ඇති බවයි. සතිපතා අනාවැකියට අනුව, විශේෂඥයන්ගෙන් 45% ක්ම මෙම යුගල පහත වැටීම බලාපොරොත්තු විය. ඒ සමගම, ඔවුන් H4 මත ඔස්කිලේටර් 30% ක ප්‍රමාණයක් ඊට සහය විය. එමෙන්ම යුගලයේ මිලදී ගැනීම් වැඩිවන බවට සංඥාවක් විය. පොලී අනුපාතිකය 0.5% කින් නොවෙනස්ව පවත්වා ගැනීමට එංගලන්ත බැංකුවෙහි ඒකමතික තීරණය ද ඩොලරයේ වර්ධනයට සහාය විය. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝවට, සතියක කාලය තුළදී පොයින්ට් 285 ක් පමණ අහිමි වූ අතර ජනවාරි මැද භාගයේ අගයන් නැවත අත්කර ගත්හ.
  • USD/JPY හි අනාවැකි පළ කිරීම, විශේෂඥයන් (55%) වැඩි දෙනෙක්, H4 හා D1 හි ග්‍රැෆික් විශ්ලේෂණයට සහාය දක්වන අතර D1 මත ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් මෙම යුගල නැවත වරක් මධ්‍ය කාලීන කොරිඩෝවේ පහළ මට්ටම 108.00 -114.75 යලි පරීක්ෂා කරනු ඇතැයි විශ්වාස කළේය. යුගලය දෙවරක් 108.00 අගයට ලඟාවිය. කෙසේ වෙතත්, පොයින්ට් 45-50 ක් ලබා ගැනීමට පෙර, එය පසුබැස ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 108.75 කලාපයේ දින පහක කාල සීමාව සම්පූර්ණ කරන ලදී.
  • USD/CHF. මෙහි දී විශේෂඥයින්ගෙන් 70% ක්, H4 හි ග්‍රැෆික් විශ්ලේෂණය සහ හතරෙන් තුනක් වන දර්ශක සමග පූර්ණ එකඟතාවයකින් යුක්ත විය. ආසන්නතම ඉලක්කය 0.9575 මට්ටම ලෙස හැඳින්විය. සතිය ආරම්භ වූ සඳුදා සිට යුගලය පොයින්ට් 135 ක් උතුරට යාමට සමත් වූ අතර, බ්‍රහස්පතින්දා 0.9470 ට උසකින් යුක්ත විය. කෙසේවෙතත් ඉන් පසු ඉහල යාමේ ශක්තිය වියළී තිබු අතර එහි ප්‍රතිපලයක් ලෙස සතියේ සැසිය අවසානයේදී එය 0.9395 ක් විය.

 

කොටස් වෙලඳපොලවල අවිනිශ්ච්ත තත්වයන් නිසා අනාවැකියක් ලබා දීම අපහසුය. එනමුත් අපි තවදුරටත් ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කර ගනිමින් අනුමාන සාරාංශයක් ලබා දීමට උත්සහ කරමු.

  • EUR/USD. පසුගිය සතියේ පහත යාමෙන් පසු, ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර් වැඩි ප්‍රමාණයක් දකුනට හැරී ඇත. විශේෂඥයින්ගෙන් 55% ක් යුගලය 1.2000 ක කලාපයට පහත යාම අපේක්ෂා කරයි.
    විශ්ලේෂකයින්ගෙන් 45% ක් විකල්ප මතයක් දරයි. එමෙන්ම D1 මත ප්‍රවණතා දර්ශක 35% ක් සහ හතරෙන් තුනක් වන ඔස්කිලේටර්, යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා නිකුත් කරයි. මෙම අනාවැකියට අනුව, යුගලය 1.2350-1.2530 කලාපයට නැවත යා යුතුය.
    D1 මත ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, යුවගලය ඉහල යාමට පෙර, එය 1.2165 දක්වා පහත වැටෙනු ඇත. H4 හි දී 1.2080 මට්ටම දක්වා පහත වැටේ.
  • GBP/USD. මෙහිදී, විශේෂඥයන්ගේ මතය, ප්‍රවණතා දර්ශක, ඔස්කිලේටර් සහ ග්‍රැෆික් විශ්ලේෂණයන්, සුළු වෙනස්කම් සහිතව පමණක්, EUR/USD හි දී ලබා දුන් අනාවැකියම අදාල වේ. විශේෂඥයන්: 55% ක්ම යුගල වැටීම සඳහාත්, 45% වර්ධනය සඳහාත් සහය ලබාදෙයි. ග්‍රැෆික් විශ්ලේෂණය: 1.3585-1.3660 කලාපය දක්වා පහත යා හැකි අතර පසුව එය ජනවාරි ඉහලම අගයන් කලාපය දක්වා ඉහළට ය යුතුය- 1.4150-1.4350. ආසන්නතම ප්රතිරෝධය 1.3985 වේ. ඔස්කිලේටර්: 15% පමණ යුගලයේ විකුණුම් වැඩි වන බවට සංඥා නිකුත් කරයි. ඉතිරිය රතු පැහැයෙන් වර්ණ ගැන් වී ඇත.
  • USD/JPY. බොහෝ ප්‍රවීණයන් (60%) අපේක්ෂා කරන්නේ මධ්‍ය කාලීන පාර්ශවික නාලිකාවේ පහල සීමාව වන 108.00 දක්වා යුගලය ලඟා වනු ඇති බවයි. තව ද, ග්‍රැෆික් විශ්ලේෂණයට අනුව, එය 2017 සැප්තැම්බර් අවම අගය 107.30 දක්වා පවා පහත යා හැකි වන අතර ඉන් පසුව නැවතත් පුනරාවර්තනය වීමට හා 110.30-111.75 කොරිඩෝව මැද කලාපය වෙත පැමිණෙනු ඇත. ඉතිරි විශ්ලේෂකයින්ගේ මතයට අනුව, යුගලය 110.00 ක උසක් දක්වා ඉහලට යාමට සතියේ මුල සිටම උත්සහ කරනු ඇත.
  • සමාලෝචන අවසානයේ දී, පළමු වතාවට, ප්‍රධාන ක්‍රිප්ටෝ මුදල් යුගල සඳහා සතිපතා අනාවැකියක් ලබා දීමට අපි උත්සහ කරමු. ක්‍රිප්ටෝ මුදල් විශේෂඥයන්ගේ මත පදනම්ව මෙම අවස්ථාවේ දී මෙම යුගල බාහිර සාධකවලට අතිශයින් නිරාවරණය වන බව සැලකිල්ලට ගත යුතු අතර එක් එක් ප්‍රවෘත්තිය හෝ සිද්ධිය නිසා සැලකිය යුතු උච්චාවචනයන් පමණක් නොව, ප්‍රවණතාවයේ ප්‍රතිවර්තනයක් ද විය හැකිය. ඒ අනුව:
    බිට්කොයින් (BTC/USD) -  10,300-12,160 ප්‍රදේශයට වර්ධනය වීම;
    එතීරියම් (ETH/USD) - 1,025-1,125 ප්‍රදේශයට වර්ධනය වීම;
    ලයිට්කොයින් (LTC / USD) - 173-213 ප්‍රදේශයට වර්ධනය වීම;
    රිපල් (XRP/USD) - 1.015-1.185 ප්‍රදේශයට වර්ධනය වීම.

2018 පෙබරවාරි 12 - 16 දක්වා කාලසීමාවට Forex සහ ක්රිප්ටෝ මුදල් හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

 

හිතවත් වෙළදුනි, NordFX මඟින් ඔබ හට ක්‍රිප්ටෝ මුදල් වෙළඳාම සඳහා අවස්ථාවක් ලබා දේ.

       ලෙවරේජ් අගය 1:1000 දක්වා.

USD සහ Bitcoins වලින් තැන්පත් කල හැකිය.

http://lk.nordfx.com/promo/bitcoinleverage1000.html

 

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න