2018 ජනවාරි 21

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. 2017 වර්ෂයේ ඉහලම හා 2010 ජූනි සහ 2012 ජූලි මාසවල අඩු මට්ටම් වලින් සලකුණු කරමින් මෙම යුගල තවමත් "දශකයේ බාධකයෙන්" ඉවත් වී නොමැත. එම නිසා අපි පසුගිය සතියේ නිශ්චිත අනාවැකියක් පළ නොකළෙමු. විද්වතුන් 40% ක් දෙනා වර්ධනයක් අපේක්ෂා කළේය, 40% ක් දෙනා පහත යාමක් අපේක්ෂා කල අතර, 20% ක් සමාන්තර ගමන් කිරීමක් පසුගිය සතියේ බලාපොරොත්තු විය. සියල්ලන්ම නිවැරදි විය: යුගලය සුළු වර්ධනයක් මුලින් පෙන්විය, පසුව පහත වැටුණි, පසුව නැවත වර්ධනය වූ අතර එය සතිය ආරම්භ වූ ස්ථානයට ආසන්නව සතිය අවසන් වූයේ 1.2215 අගයකිනි.
  • GBP/USD. පසුගිය සතියේ අනාවැකිය දෙස අවධානය යොමු කළහොත්; විශ්ලේෂකයින්ගෙන් 40% විශ්වාස කලේ ඩොලරයේ දුර්වල වීමෙන් පසුව, මෙම යුගලය විසින් මධ්‍ය කාලීන ඉහල යාමේ නාලිකාවක දී තම චලනයන් පවත්වාගෙන යනු ඇති බවයි. එහි ක්‍ෂණික ඉලක්කය ලෙස 1.3835-1.4000 නම් කෙරිණි. මෙම අනාවැකිය නිවැරදි වූ අතර දැනටමත් මෙම යුගලය ඉහලට ගමන් කර 1.3940 ප්‍රතිරෝධී අගයකට ලඟා වූ අතර, එය දෙවරක් බිඳ දැමීමට උත්සාහ කළද, අසාර්ථක ප්‍රයත්නයන් දෙකක් කිරීමෙන් පසුව, එය දින 1.3850 කලාපයේ දී දින පහ අවසන් විය.
  • USD/JPY සඳහා, බොහෝ විශ්ලේෂකයින්ගේ (70%) අනාවැකිය නිවැරදි විය, ඔවුන් යුගලයේ පහත යාම නිවැරදිව හඳුනාගෙන තිබිණි. 110.00 ආසන්නතම ආධාරක අගය වූ අතර මෙම යුවළ ජනවාරි 17 වන බදාදා එම අගයට ළඟා විය. EUR/USD මෙන් සතිය ඇරඹූ ස්ථානයටම නැවත පැමිණ 110.80 දී සතිය අවසන් විය.
  • USD/CHF සඳහා පසුගිය සතියේ අනාවැකියක් ලබා දීමේ දී විශේෂඥයින්ගෙන් සියයට 60 ක් පමණ යුගලයේ වැටීම 0.9575 දක්වා වන බව අපේක්ෂා කළහ. එය එලෙසම වූ අතර 0.9535 අගයකට ලඟා විය. කෙසේවෙතත් එය නැවත වේගයෙන් පොයින්ට් 100 ක් පමණ ඉහල ගොස් 0.9640 අගයකට ලඟා විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. විශේෂඥයින්ගේ මතය අනුව "පහත යාම" සඳහා සුළු වශයෙන් වාසිදායකය (55% vs 45%). 1.2165 ක අගය සඳහා යුගලය නැවත පැමිණීමට අපේක්ෂා කරන අතර එය බිඳ වැටුනහොත් 1.2000-1.2080 කලාපයට යුගලය වැටෙනු ඇත. පැය හතරේ කාලරාමුව මත ඔස්කිලේටර් සහ ග්‍රැෆික් විශ්ලේෂණය ඊට සහය දක්වයි.
    ප්‍රවණතා දර්ශක සහ දවසේ කාලරාමුව මත ඔස්කිලේටර් ඉහල යාම සඳහා සහය දක්වයි. එම දත්තයන්ට අනුව මෙම යුගලය 1.2400 වඩා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරයි.
  • GBP/USD. මෙම යුගල සඳහා දර්ශක බොහොමයක් කොළ පැහැති පැහැයෙන් වර්ණවත් වී ඇත. කෙසේවෙතත්, ඔස්කිලේටර් 15% ක් දැනටමත් යුගලයේ මිලදී ගැනීම් අධික වන බවට සංඥා ලබා දෙයි. විශේෂඥයන්ගෙන් 50% ක් අපේක්ෂා කරන්නේ යුගලය දකුණු දෙසට නුදුරු අනාගතයේ දී හැරවීමට අපේක්ෂා කරන බවයි, එයින් 85% ක් මධ්‍ය කාලීනව ද එසේ වනු ඇතැයි අපේක්ෂා කරයි.
    "ඉහළයාමේ" ඉලක්ක 1.4000 සහ 1.4090 වේ. "පහළයාම" සඳහා ප්‍රථමයෙන් 1.3585 ට පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරයි, පසුව 1.3455 සහ 1.3300 යන ආධාරක මට්ටම් වලට පහත වැටෙනු ඇත.
  • USD/JPY. යුගලය මධ්‍ය කාලීන  108.00-114.75 පාර්ශවිය කලාපයේ වේ. බොහෝ විද්වතුන් (70%) සහ දර්ශකයන්ගෙන් 80% ක් පමණ යුගලයේ පහල යාම සඳහා සහාය ලබා දෙයි, එනම් 110.00 අගය බිඳී ගියහොත් පහළ මායිම දක්වා පහලට ගමන් කරනු ඇත.
    විශ්ලේෂකයින්ගෙන් 30% සහ පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව යන දෙකම මත ග්‍රැෆික් විශ්ලේෂණය එම මතය සමඟ එකඟ නොවනු ඇත. ඔවුන්ගේ මතයට අනුව, යුගලය අවම වශයෙන් 112.05 ක ප්‍රතිරෝධී අගයක් දක්වා ඉහළ යා යුතුය.
    මධ්‍ය කාලීන තත්වය සැලකීමේදී, යුගලය 112.00-113.75 දක්වා ඉහල යන බව විශේෂඥයින් 65% දෙනා විශ්වාසය පළ කරයි.

2018 ජනවාරි 22 - 26 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • අපගේ සමාලෝචනයේ අවසාන යුගලය වන්නේ USD/CHF වේ. දවසේ කාලරාමුවෙහි දර්ශකයන් හා පැය හතරේ කාලරාමුවෙහි දර්ශක විශ්ලේෂණය සමඟ විද්වතුන්ගෙන් 55% ක්, යුගලය පහත වැටීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගෙන යනු ඇති බවත්, අවසාන ඉලක්කය වනුයේ 2017 වසරේ ගිම්හානයේ අවම අගය වූ  0.9400 ක අගයකි. විශ්ලේෂකයින්ගේ ඉතිරි 45% හා දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් යුගලයේ පහත යාම අවසන් වී ඇති ඇති බවත් එය 0.9700 ට වඩා වැඩිවනු ඇති බවත් අපේක්ෂා කරයි. මීළග ප්‍රතිරෝධී අගය 0.9835 වේ.

ඉදිරි සතියේ ආර්ථික සිදුවීම් අතර, මුදල් යුගල වල අස්ථාවරත්වය සහ ප්‍රවණතා දිශාවන්ට බලපෑ හැකි සිදුවීම් කීපයක් සිහිපත් කරමු. ජනවාරි 23 අඟහරුවාදා සහ ජනවාරි 26 සිකුරාදා ජපාන බැංකුවෙහි ප්‍රකාශයත්, පොලී අනුපාතිකයන් පිළිබඳ ඊසීබී තීරණ සහ එහි අදහස් ජනවාරි 25 වන බ්‍රහස්පතින්දාත් නිකුත් වීමට නියමිතය.

 

NordFX මඟින් ඔබ හට ක්‍රිප්ටෝ මුදල් අවස්ථා (Bitcoin, Litecoin සහ Ethereum) වෙළඳාම් කිරීම සඳහා අද්විතීය අවස්ථාවක් ලබා දේ.

ලෙවරේජ් අගය 1:1000 දක්වා, අවම ස්ප්‍රෙඩ් අගය සහ ගිණුම විවෘත කිරීමට ගත වන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න