2018 ජනවාරි 16

2018 සඳහා බිට්කොයින් අනාවැකිය1

පසුගිය වසර බිට්කොයින් සඳහා සුවිශේෂී වසරක් විය. ඩිජිටල් මුදල් යනු කුමක්දැයි නොදන්නා අය පවා සමහරවිට වරක් හෝ දෙවරක්වත් "බිට්කොයින්" යන මැජික් වචනය අසා ඇත. පුවත්පත්, රූපවාහිනිය, ගුවන්විදුලි, අන්තර්ජාලයේ යන සෑම තැනකමදී එය දක්නට ලැබිණි. එසේ වීම පුදුමයට කරුණක් නොවීය: මන්දයත් 2017 මාස එකොළහකට වඩා මෙම ඩිජිටල් මුදල 20 ගුණයකින් වැඩිවී ඇත. (ඩොලර් 900 කට කොයින් 1 බැගින් ඩොලර් 20,000 දක්වා). එම නිසා ක්‍රිප්ටෝ හුවමාරුව මත රැස්කළ නොහැකි තරම් ලාභ ලැබීමට අපේක්ෂා කරන අයගේ පෝලිම් මෙන්ම ඉල්ලුමේ ඉහල නැගීම වේගවත් විය. නමුත් එක්වරම දෙසැම්බර 12 සිට දෙසැම්බර් 17 වන දින දක්වා වූ එක් සතියක් තුල පමණක්, බිට්කොයින් වටිනාකමෙන් 45% කට වඩා වැඩි ප්‍රමානයක් අඩු විය. මෙම කඩාවැටීම මගින් පෙන්නුම් කළේ, "මිලදී ගැනීමේ" ක්‍රමය මත පමණක් පදනම් කරගත් ක්‍රමවේදයක් වෙළඳුන් හා ආයෝජකයින්ට සැමවිටම ලාබදායී නොවන බවයි. එය ද විනාශකාරී විය හැකිය.

එබැවින්, 2018 දී බිට්කොයින් සඳහා කුමක් සිදු වේද? ඒවා මිලට ගන්නෙහි ද නැත්නම් ඒ වෙනුවට ඒවා විකුණා දැමිය යුතුද? නැත්නම් මේවා අතිශයින්ම අස්ථායී දෙයක් ලෙස ඉවත් කර දමන්නෙහිද?

 

NordFX තැරව්කාර සමාගමේ ප්‍රධාන විශ්ලේෂක ජෝන් ගෝර්ඩන් පවසන්නේ "එම කාලය තුළ බිට්කොයින් පහත වැටුණු අතර තවත් බොහෝ ක්‍රිප්ටෝ මුදල් වර්ධනය වූ බවයි. මෙමඟින් ඇඟවෙන්නේ ක්‍රිප්ටෝ ආයෝජකයින් බ්ලැක්චේන් වෙළඳපොළින් පිටවීමට අකමැති වීම සහ අදාල තත්වය මත පදනම්ව බිට්කොයින් අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් වලට මාරු වීම හෝ අනෙකුත් ක්‍රිප්ටෝ මුදල් සිට බිට්කොයින් වෙත මාරු වීමයි. 100% ක ලාභයක් ලබාගැනීමට කිසිවෙකුට අවශ්‍ය නැත. එබැවින්, විදේශ විනිමය වෙළෙඳපොළට හෝ කොටස් වෙලඳ පොලට ක්‍රිප්ටෝ වෙළඳපොළෙන් විශාල මුදල් ගලායාමක් අපේක්ෂා නොකළ යුතු ය. 2018 දී මෙකී ක්‍රිප්ටෝ මුදල් වලින් කුමන මුදල් වර්ගය වඩා වැඩි ආයෝජනයක් වනු ඇත්දැයි යන්න පැනනගින එකම ගැටලුවයි. බිට්කොයින් එහි ප්‍රමුඛ ස්ථානය රඳවා තබනු ඇත, නැතහොත් එය වෙනත් ක්‍රිප්ටෝ මුදලක් මගින් ප්‍රතිස්ථාපනය කරනු ඇත්ද , එය එතිරියම් වනු ඇත් ද ? "

"ෆන්ෆෙයා ටෙක්නොලොජීස්හි ප්‍රධානියා වන ජේෂ් සෑන් මහතාට අනුව,.වර්ධනය වන කොමිස් මුදල් සහ ඉතා මන්දගාමී ගනුදෙනු නිසා, බිට්කොයින් ගෙවීම් ක්‍රමයක් ලෙස තවදුරටත් අවශ්‍ය නොවේ. ඔහුගේ අදහසට අනුව පසුගිය වසර තුළ එය විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබුණත්, බිට්කොයින් එය විශ්වාස කළ නොහැකි ආයෝජන අවස්ථාවක් ලෙසද සැලකේ. සෑන් විශ්වාස කරන්නේ එය යල්පැනගිය ඩොස් මෙහෙයුම් පද්ධතිය මෙන් දිස්වන බවයි. එතීරියම් යනු වින්ඩෝස් හෝ මැක් ඕඑස් එකක් වන අතර, ඒ සඳහා සංවර්ධකයින් විසින් දහස් ගණනක යෙදුම් නිර්මාණය කරන ලද්දේ එබැවින්ය. එතීරියම් සඳහා යහපත් අනාගතයක් ඇති වනු ඇති බව ඔහුගේ අදහසයි."

ප්‍රවීණයෙකු වන පීටර් ටිචර් බිට්කොයින් පිලිබඳව සැක සහිතව අදහස් දක්වයි. ෆෝබ්ස් සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවක දී, මේ වෙත පාරිභේා්ගික උනන්දුව අඩු වන බව සඳහන් කරයි.

 

කෙසේ වෙතත්, මෙම පරිහානිය තාවකාලික වන අතර ඉල්ලුම නැවත ආරම්භ වනු ඇත. මේ අනුව, හැරිස්ගේ මෑතක දී කරන ලද සමීක්ෂනයකට අනුව, ඇමරිකානුවන්ගෙන් 2% ක් පමණ බිට්කොයිනයක හිමිකමක් ඇති අතර 19% ක් ඊලඟ වසර කිහිපය තුළ බිට්කොයින් මිලදී ගැනීමට සැලසුම් කර තිබේ. මෙය වෙළෙඳපොළේ දස ගුණයකින් වැඩිවීමකි. "ක්‍රිප්ටෝ මුදල් ඩොලර් ට්‍රිලියන 10 ක් කරා ළඟා වනු ඇති අතර එය අද දිනට වඩා 20 ගුණයක් වැඩි වනු ඇත" යනුවෙන් ප්‍රකෝටිපතියෙකු වන මයික් නවොගාර්ට්ස් පවසයි.

 

"බිට්කොයින් හි අනාගතය පිළිබඳ විද්වත් අදහස් විශ්ලේෂණය කරමු" යනුවෙන් NordFX හි ජෝන් ගෝර්ඩන් පවසන්නේ, "අපි ඒවායේ පොදු නාමකරණයට ගෙන ඒමට උත්සාහ කරන්නේ නම්, පහත දැක්වෙන තත්වය එමගින් පෙන්නුම් කරයි: විශේෂඥයින්ට අනුව අවම වශයෙන් කොයිනයකට ඩොලර් 4,500-10,000 ක පමණ බිඳ වැටීමක් විය හැකිය. කෙසේ වෙතත්, මෙම වැටීම සිදු වන්නේ නම්, එය තාවකාලික වනු ඇත. පොදුවේ ගත් කල බිට්කොයින් සඳහා ශුභවාදී ය: 2018 දී මෙම මුදල ඩොලර් 50,000-100,000 දක්වා වර්ධනය විය හැකිය.

ඇත්ත වශයෙන්ම, මෙම සංඛ්‍යා ලේඛන ඉතා ආකර්ෂණීය පෙනුමක් ඇති නමුත්, මෙම ක්‍රිප්ටෝ මුදල් ඩොලර් 15,000 සිට ආරම්භ කරන බව ඔබ සලකන්නේ නම්, පසුගිය වසරේ මෙන් එහි වටිනාකම මෙන් විසි ගුණයක් වැඩිවීමක් ගැන කථා කිරීමට හේතුවක් නැත. වර්ධනය ඊට වඩා සංකීර්ණ වනු ඇත: 3-5 ගුණයක්, සමහර විට 6 ගුණයක් තරම් ප්‍රමාණයක් විය හැකිය."

 

ඩේලි එක්ස්ප්‍රස් හි ප්‍රවීණයෙකු වන ස්පෙන්සර් බොගාර්ට්, ඉලක්කය ලෙස ඩොලර් 50,000 නම් කර ඇත. ඔහු, ක්‍රිප්ටෝ ලේඛන ආයතනයක් වන ටෙන්එක්ස් හි නිර්මාතෘ ජූලියන් හොස්ප් සමඟ,  CNBC හි ඩොලර් 60,000 ක් ප්‍රකාශයට පත් කරන ලද අතර, ජෝන් ගෝඩන්ගේ මතය සමග එකඟ විය. සුප්‍රසිද්ධ ප්‍රති වෛරස වෙළෙන්දෙකූ වන ජෝන් මැකාෆීට අනුව, එහි මිල බිට්කොයිනයක් සඳහා ඩොලර් 100,000 ට වඩා වැඩි විය හැකිය.

"වොල්ට් ඉන්වෙස්ටර් පල කල අනාවැකිය වඩා සමබර වුවක්" යැයි ජෝන් ගෝඩන් පවසයි. "ඔවුන්ගේ විද්වතුන්ට අනුව 2018 දී බිට්කොයින් ඩොලර් 28,000 (85% ක වර්ධනයක්) දක්වා වර්ධනය වනු ඇත, එතීරියම් ඩොලර් 1,940 (60% ක වර්ධනයක්) හා ලයිට්කොයින් ඩොලර් 405 (60% ක වර්ධනයක්) ළඟා වනු ඇත. එහෙත් එවන් අනාවැකියක් සමඟ පවා, ක්‍රිප්ටෝ වෙලඳුන් සහ ආයෝජකයින්ට ඔවුන්ගේ ලාභය බොහෝ වතාවක් වැඩිදියුණු කළ හැකි අතර, සමාගමක් ලෙස NordFX ඔවුන් වෙත සහය සැපයීමට සුදානම්ය. NordFX සිය ගනුදෙනුකරුවන්ට තමන්ගේම ප්‍රාග්ධනය මෙන් 1000 ගුණයක ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව සලසන අතර එය සම්පූර්ණයෙන්ම නොමිලේ සහ කිසිදු ඇපයක් නොමැතිව ලබා දෙනු ලබයි. මේ අනුව, වර්තමාන මිලෙන් 1 බිට්කෝන් එකක් මිලදී ගැනීම සඳහා ආයෝජකයෙකුට ඔහුගේ ගිණුමේ පැවතිය යුත්තේ ඩොලර් දුසිම් දෙකක් පමණි. මෙය මෙම වෙළඳපොලේ ඇති සුවිශේෂීතත්වයයි. ගිණුමක් විවෘත කිරීම සඳහා ගතවන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි. ඉන් පසු තමන් කැමති පරිදි වෙළඳපොල තුල මිලදී ගැනීම් හෝ විකිණීම සිදු කල හැකිය. පසුගිය දෙසැම්බර් මාසයේදී වූ පරිදි වෙළඳපොල කඩා වැටීමකදී පවා ලාභ ලබා ගත හැකිය.

 

වර්තමානයේ NordFX දැනට වඩාත් ජනප්‍රිය ක්‍රිප්ටෝ මුදල් තුනක් සමඟ ගණුදෙනු කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට ඉඩ ලබා දෙයි: බිට්කොයින්, ලයිට්කොයින් සහ එතීරියම්. කෙසේවෙතත්, අපි බ්ලොක්චේන් වෙළඳපොළ සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර තත්වය වෙනස් වුවහොත් පවතින වෙළඳ උපකරණ ලැයිස්තුව ඉක්මනින් ව්‍යාප්ත කිරීමට අප සූදානමින් සිටින්නෙමු"


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න