2018 ජනවාරි 14

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • EUR/USD. විශ්ලේෂකයින්ගෙන් බහුතරයක් (55%), ග්‍රැෆික් විශ්ලේෂණය සහ ඔස්කිලේටර් මගින් සහය ලබා දුන් අතර, යුගලයේ වර්ධනය 1.2200 ක් වනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මෙම අනාවැකිය100% නිවැරදි විය: මෙම යුගලය ජනවාරි 12 සිකුරාදා මැදියම් රැයේ වෙළඳපොල නවතන විටදී එම අගයට පැමිණ තිබිණි. අවසාන ECB කෙටුම්පතේ රැස්වීමේ ප්‍රකාශයට පත් කිරීම මගින් 2018 දී නියාමකයින් සිය ට්‍රිලියන 2.5 ක යුරෝ බැඳුම්කර මිලට ගැනීමේ වැඩසටහන කප්පාදු කිරීමට සැලසුම් කර ඇති අතර එම නිසා යුරෝ කලාපයේ ප්‍රකෘතිමත්වීම බරපතල ලෙස වේගවත් කල වැඩසටහනක් වූ බැවින් යුරෝවේ එවන් ආකර්ෂණීය වර්ධනයක් දැක ගැනීමට හැකි විය.
  • GBP/USD. විශ්ලේෂකයින්ගේ අතිමහත් බහුතරය (85%) මෙම යුගල පහතයාම සඳහා ඡන්දය දුන් අතර 1.3400 මට්ටමට ආසන්නතම සහායක කලාපය ලෙස නම් කරන ලදි. බ්‍රහස්පතින්දා දක්වා මෙම යුගලය පහත යාමක් පෙන්නුම් කල නමුත් එය පහල ගියේ 1.3455 දක්වා පමණි. ඉන්පසු එය යුරෝ පියවරයන් අනුගමනය කරමින්,1.3730 කලාපය දක්වා ඉහල ගොස් දින පහක කාල පරිච්ඡේදය සම්පූර්ණ කළේය.
  • වසර 10 ක සහ අවුරුදු 25 ක ජපන් රාජ්ය බැඳුම්කරවල ප්‍රතිපල වැඩිවීමත් සමග ඩොලරය ජපන් යෙන්ට එරෙහිව පහත වැටුනි. මෙම අවස්ථාවේදී විශේෂඥයන් විසින් ඉලක්කය ලෙස 111.60 ක් දක්වා ඉහළ නැංවීය. මධ්‍ය කාලීන පාර්ශවික නාලිකාව 108,00 - 114.75 වන අතර, එය පසුගිය වසර මුළුල්ලේම USD/JPY යුගලය ගමන් කර ඇත. මෙම සැලැස්ම සම්පූර්ණ වූවා පමණක් නොව, තරමක් අධික ලෙස වැඩිවී තිබිණි. සතියේ වෙළඳ සැසිය අවසානයේදී 111.00 ක් පමණ විය.
  • USD/CHF, බොහෝ විශ්ලේෂකයින් (65%) සඳහන් කලේ 0.9730 බිඳ දැමීම සිදුවුවහොත් 0.9600-0.9650 කලාපයට යුගලය වැටෙනු ඇති බවයි. සතිය අවසාන වන විට EUR/USD හි කැඩපත පෙන්නුම් කරමින් යුගලය 0.9664 දක්වා ගමන් කළේය.

 

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. 2017 වර්ෂයේ ඉහලම හා 2010 ජූනි සහ 2012 ජූලි මාසවල අඩු මට්ටම් වලින් සලකුණු කරමින් මෙම යුගල තවමත් "දශකයේ බාධකයේ" පවතී. එය එහා මෙහා ගමන් කරන දිශාව ප්‍රධාන ආර්ථික හා දේශපාලන වර්ධනයන් සහ තීරණ මත රඳා පවතී. එම නිසා ප්‍රවීණයන් අතර අවිනිශ්චිතභාවයක් පවතියි: 40% ක් දෙනා වර්ධනයක් අපේක්ෂා කරයි, 40% ක් දෙනා පහත යාමක් අපේක්ෂා කල අතර, 20% ක් සමාන්තර ගමන් කිරීමක් බලාපොරොත්තු වෙයි.
    ප්‍රවණතා දර්ශකයන් සඳහා, ඔවුන් සියල්ලම කොළ පැහැයෙන් වර්ණ ගැන්වී ඇත: ආසන්නතම ඉලක්කය 1.2360 වේ. නමුත් H4 සහ D1 මත ඔස්කිලේටර් හතරෙන් පංගුවක් දැනටමත් සංඥා ලබා දෙන්නේ යුගලයේ විකුණුම් වැඩි වන බවය, එම නිසා යුගලය නැවත හැරීමේ අවස්ථාවක් පවතියි.
    ග්‍රැෆික් විශ්ලේෂණය මෙම සිද්ධිය සමඟ එකඟ වේ. එහි කියවීම් අනුව, යුගලය පළමුවෙන්ම 1.2090 ට නැවත පැමිණිය යුතු අතර, කඩාවැටීමේ දී, 1.2000-1.2020 කලාපයේ මාස දෙකක නැගීමේ සිමාවේ ආධාරක පේලිය දක්වා තවදුරටත් පහතට බැස යා යුතුය.
  • විශ්ලේෂකයින්ගෙන් සියයට 40 ක් විශ්වාස කරන්නේ ඩොලරය දුර්වල වීමෙන් පසු, GBP/USD යේ 2016, 2017 වීමේ දී ආරම්භ කරන ලද මධ්‍ය කාලීන ඉහල යාමේ නාලිකාවක දී තම චලනයන් පවත්වාගෙන යනු ඇති බවයි. මේ අවස්ථාවේදී, එහි ක්‍ෂණික ඉලක්කය වනු ඇත්තේ 1.3835-1.4000 කලාපය වන අතර, මීළඟට 1.4200 වේ.
    'බ්‍රෙක්සිට්' සාකච්ඡා වටා ඇති අවිනිශ්චිතතාව ගැන සඳහන් කරන විශේෂඥයන්ගෙන් 60% ක් විකල්ප මතයක් දරනු ලබයි. 20% ක් වන ඔස්කිලේටර් සහ H4 මත ග්‍රැෆික් විශ්ලේෂණය මගින් අනාවැකි පල කරන්නේ යුගලයේ විකුණුම් වැඩි වන බවත්, එම නිසා යුගලය නැවත හැරීමේ අවස්ථාවක් පවතින බවත්ය. ආධාරක මට්ටම් 1.3600, 1.3520 සහ 1.3465 වේ.

2018 ජනවාරි 15 - 19 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1 

  • USD/JPY. D1 මත ග්‍රැෆික් විශ්ලේෂණය සමාන්තර චලනයක් අඛණ්ඩව පවත්වා ගෙන යන බවක් පෙන්නුම් කරයි. එහි සීමාවන් ලෙස 110.75-113.35 අර්ථ දැක්වෙයි. විශේෂඥයන්ගෙන් සියයට 30 ක් ඉදිරි දින කිහිපයෙහි යුගලයේ වර්ධනය සඳහා සහාය දෙයි. ප්‍රතිරෝධය 112.00, 113.35 සහ 114.75 මට්ටම් වල පවතී.
    බොහෝ විශ්ලේෂකයින්ගේ (70%) සහ D1 මත ඔස්කිලේටර් 10% කගේ මතයට අනුව යුගලය දිගටම පහතට ගමන් කල යුතුය. ඒ අනුව මෙම යුගලය 108.00-114.75 දක්වා පහළ වැටේ. ආසන්නතම ආධාරක අගය  110.00 ක් පමණ වේ.
  • අපගේ සමාලෝචනයේ අවසාන යුගලය වන්නේ USD/CHF වේ. ජනවාරි 16 දා, ස්විට්සර්ලන්තයේ ජාතික බැංකුවෙහි ප්‍රධානියාගේ කතාව අපි අපේක්ෂා කරමු. මෙය 2015 ජනවාරි 15 වන දින "කළු බ්‍රහස්පතින්දා" අපට මතක් කර දුන්නේ ය. කෙසේ වුවත් මේ වතාවේ, බොහෝ විට, පුදුම සහගත සිදුවීම් සිදු නොවනු ඇත.
    නුදුරු අනාගතයේ අනාවැකි සඳහා, විද්වතුන් 60% ක් පමණ දෙනා පවසනුයේ, යුගලය 0.9575 දක්වා පහතට ගමන් කරනු ඇති බවයි. මීලඟ ආධාරක අගය 0.9430 වේ.
    විශ්ලේෂකයින්ගේ 40% ක් පමණක් යුගලය ඉහල යනු ඇති බවට විශ්වාසය පල කරයි. ප්‍රථමයෙන් 0.9835 දක්වාත් පසුව 1.0000 දක්වාත් මෙම යුගලය ඉහල නගිනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාව වේ.

 

 

NordFX මඟින් ඔබ හට ක්‍රිප්ටෝ මුදල් අවස්ථා (Bitcoin, Litecoin සහ Ethereum) වෙළඳාම් කිරීම සඳහා අද්විතීය අවස්ථාවක් ලබා දේ. ලෙවරේජ් අගය 1:1000 දක්වා, අවම ස්ප්‍රෙඩ් අගය සහ ගිණුම විවෘත කිරීමට ගත වන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න