2018 ජනවාරි 7

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • වෙළඳපළ තවමත් ශීත නිවාඩුව මත ගමන් කරන බවක් පෙන්නුම් කරයි. එම නිසා EUR/USD යුගල 1.2000-1.2085 අතර ඉතා කුඩා සීමාවක් තුළ දින පහක් ගත වූ අතර එය සතිය ආරම්භ වූ 1.2030 ස්ථානයේ දී ම දින පහක කාලය සම්පූර්ණ විය.
  • පොයින්ට් 40 ක් සතියක් තුළ වැඩිවීම බරපතල වර්ධනයක් ලෙස සැලකිය හැකිය. ඒ වෙනුවට, එය නැවත වරක් සමාන්තර චලනයක් ලෙස පෙන්වන අතර, GBP/USD සඳහා 1.3493-1.3611 වූ අතර එය EUR/USD මෙන් නොව, මෙම පළල අවම වශයෙන් පොයින්ට් 100 ඉක්මවා ඇත.
  • USD/JPY පොයින්ට් 40 කින් ද ඉහල ගිය අතර එය 112.00 -113.75 සිමාව තුළ රැඳී සිටියේය. සතියකට පෙර අපි ප්‍රකාශයට පත් කළ ග්‍රැෆික් විශ්ලේෂණයේ කියවීම මගින් ප්‍රකාශ වුයේ මෙයයි. ජනවාරි මස 2 වන දින මෙමයුගලය සීමාවේ පහළ සීමාවට ළඟා වූ අතර, මෙම යුවළ ආපසු ජනවාරි මස 5 වන සිකුරාදා 113.30 අගය දක්වා ඉහල නැගුණි. ඉන් පසු, පොයින්ට් 25 ක පුනරාවර්තනයක් අනුගමනය කළ අතර, 113.05 කලාපය තුළ යුගල විය.
  • USD/CHF හි ද පාර්ශවික චලනයක් පෙන්නුම් කරන ලදී. එහි මධ්‍ය අගය 0.9745 ලෙස දැක්විය. මෙම සතියේ අවම අගය 0.9698 ක් වූ අතර එය පොයින්ට් 99 ක් ඉහල ගොස් උපරිම අගය 0.9797 ලෙස පසුගිය සතියේ වාර්තා විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය,    

ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD වර්තමානයේ විශේෂ සන්ධිස්ථානිය කලාපයක පසු වේ: එය 2017 ගිම්හානය/සරත් සෘතුවේ ආරම්භක ඉහල සීමාව සහ 2010 ජූනි මාසයේ සහ 2012  ජුයේ ලි හි දී අඩු මට්ටම් වේ. මෙය W1 සහ MN ප්‍රස්ථාරවල පැහැදිලිව දක්නට ලැබේ. මෙම කලාපය "දශකයේ බාධකය" යැයි තර්ක කළ හැකිය. මෙම යුගලයේ වෙනස්වීම ප්‍රධාන ආර්ථික හා දේශපාලන සිදුවීම් මත රඳා පවතී. කෙසේ වෙතත් ඒවා මේ සතියේ බලාපොරොත්තු වන්නේ නැත. මේ මොහොතේ විද්වතුන්ගේ අදහස බෙහෙවින් බෙදී යන්නේ ඒ නිසයි.
    ඔවුන්ගෙන් 55% ක්, ග්‍රැෆික් විශ්ලේෂණය හා දවසේ කලාරමුව මත ඔස්කිලේටර් මගින් සහය ලබා දෙනඅතර, ඔවුන් දෙදෙනා 1.2100 ක ප්‍රතිරෝධය බිඳදැමීමට නැවත උත්සාහ කරනු ඇත, පසුව 1.2150-1.2200 කලාපය වෙත නැගීමක් අපේක්ෂා කල හැකිය. ඉතිරි 45% කගේ මතය අනුව, 2017 (1.1830) ග්‍රීෂ්ම/ශීත මධ්‍ය කාලීන නාලිකාවෙහි උච්චස්ථානය (Pivot Point) මුලින්ම අඩු වේ. ඉන්පසු එය ඊටත් වඩා දුර ගොස්, එහි පහළ මායිමට 1.1550-1.1650 ගමන් කිරීමක් අපේක්ෂා කරයි.
    මධ්‍ය කාලීනව ඩොලරයේ පහලයමට සහය දක්වන්නන් 45% සිට 70% දක්වා වැඩි අගයක් පෙන්නුම් කරයි.

2018 ජනවාරි 08 - 12 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • GBP/USD සඳහා, බොහෝ විශ්ලේෂකයින් (85%) මෙම යුගලය පහල යාම සඳහා සහය ලබා දුන්හ. ආසන්නතම ආධාරක අගය1.3400 වේ, ඉලක්කය 1.3300 වේ.
    විශ්ලේෂකයින්ගෙන් 15% ක්, 100% ක් ප්‍රවණතා දර්ශක හා ඔස්කිලේටර් විකල්ප මතයක් ගනී. එයට අනුව 1.3655 ක උසකින් යුගලය යුක්ත වන අතර, මෙම අගයට පැමිණීමෙන් පසු යුගලය දකුණු දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
  • USD/JPY. දවසේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණය පාර්ශවිය කොරිඩෝවෙහි දිගින් දිගටම පවතී. කෙසේ වුවද, නව අවුරුදු නිවාඩුව අවසානයේ අපේක්ෂිත පරිදි, අස්ථායීතාවය පිළිබඳ අනාවැකි යාවත්කාලීන කර ඇති අතර, කොරිඩෝවහි මායිම් 112.00-113.75 සිට 111.60-114.40 දක්වා පුළුල් වේ.
    111.60 අගය මධ්‍ය කාලීන 108,00-114.75 නාලිකාවේ මධ්‍ය අගය වේ.  එය පසුගිය වසර පුරාවටම යුගලය ගමන් කල පරාසය විය. විශේෂඥයන්ගෙන් 65% ක් මෙම තත්ත්වය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරයි.
    නාලිකාවේ ඉහළ මායිම බිඳීමට මෙම යුගලය සමත් වුවහොත් එහි ඉලක්කය 2016 උපරිමය වූ 118.60 කි. මෙම හැකියාව විශ්ලේෂකයින්ගෙන් 55% ක් විසින් ප්‍රතික්ෂේප කර නැත.
  • අපේ සමාලෝචනයේ අවසාන යුගලය වනුයේ USD/CHF වේ. මෙම අලූත් අවුරුදු සමය 2015 ජනවාරි 15 වනදා "කළු බ්‍රහස්පතින්දා" අපට මතක් කර දෙයි. ස්විට්සර්ලන්තයේ මහ බැංකුව විසින් ගනු ලැබූ තීන්දුව නිසා 1.0200 සිට 0.6700 දක්වා ක්ෂණිකව බිඳ වැටීමක් නිසා එහි වටිනාකමෙන් 35% ක් අහිමි විය. කෙසේවෙතත්, මාස දෙකක දී එය මුලුමනින් ම යථා තත්ත්වයට පත්විය. එය නැවතවරක් වෙලඳපොලෙහි සමපේක්ෂන ආකර්ෂණීය බව පෙන්නුම් කරන ලදී.
    නුදුරු අනාගතයේ දී අනාවැකි සඳහා විද්වතුන්ගෙන් 65% ක් පමණ විශ්වාස කරන්නේ මෙම යුගලය 0.9730 ක ආධාරයෙන් බිඳී ගොස් 0.9600-0.9650 කලාපයට වැටෙනු ඇති බවයි. ඉන් පසු යුගලය නැවත ඉහල යාම ආරම්භ විය යුතු අතර, යුගලය 1.0000 අගයට ආසන්න විය යුතුය.

 

හිතවත් වෙළදුනි,

NordFX මඟින් ඔබ හට ක්‍රිප්ටෝ මුදල් අවස්ථා (Bitcoin, Litecoin සහ Ethereum) වෙළඳාම් කිරීම සඳහා අද්විතීය අවස්ථාවක් ලබා දේ. ලෙවරේජ් අගය 1:1000 දක්වා,

අවම ස්ප්‍රෙඩ් අගය සහ ගිණුම විවෘත කිරීමට ගත වන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න