2017 December 30

මෙම අනාවැකිය නව වසරට පෙර, 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා ලියන ලද්දකි. සම්ප්‍රධායට අනුව ලබන වසරේ කුමක් සිදුවනු ඇත්දැයි අනාවැකි පළ කිරීමට පෙර 2017 වසරේ කුමක් සිදු වුයේ දැයි විමසා බලමු.

මීට මාස කීපයකට පෙර EUR/USD සඳහා ජ්‍යාත්‍යන්තර බැංකු විසින් පල කරන ලද අනාවැකි ඔබට මතක ඇතැයි සිතමු.

ජුනි මාසයේදී ඔවුන්ගේ පුරෝකථනයන් ප්‍රකාශයට පත් කරන ලද බැංකු 80 අතුරින් 23 ක් පමණ වසර අවසානයේදී $1.15 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළේය. මෙම යුගලය $1.18 දක්වා වර්ධනය විය.
කැනේඩියානු ඉම්පීරියල් වානිජ බැංකුවෙහි විශ්ලේෂකයෝ විශාල වශයෙන් යුගලයේ ඉහල යාම සඳහා සහය පල කළහ. දෙසැම්බර් මස අවසානය වන විට මෙම යුගලය $1.14 ආසන්නයේ වෙළඳාමක් වනු ඇතැයි විශ්වාස කළේය. ඇමරිකාවේ බෑන්ක් ඔෆ් ඇමරිකා මෙරිල් ලින්ච්ට අනුව මෙම යුගලය 2017 වර්ෂය අවසාන වන විට 1.15 අගයේ සහ 2018 වර්ෂය අවසානයේ 1.19 අගයක් ගනු ඇතැයි අපේක්ෂා කළේය.
රෑන්ඩ් මර්චන්ට් බැංකුව, මෙම වසරේ ගිම්හානයේ දී වඩාත් නිවැරදිව අනාවැකි පළ කර ඇති අතර, ඊළඟ වසරේ මැද භාගයේදී එය $1.12 ක් වනු ඇත. බ්ලූම්බර්ග්ගේ පර්යේෂණයට සමාන ප්‍රතිඵලය වූයේ $1.13 කි. BNP පැරිබස් විශ්ලේෂකයින් 2018 පළමු කාර්තුවේ දී $1.15 අත්පත් කරගනු ඇතැයි අපේක්ෂා කරයි.

මෙවැනි බොහෝ අදහස් ඇති නිසා අප මෙම අනාවැකි සාරාංශ කිරීමට උත්සහා කල අතර EUR/USD සඳහා 1.15-1.21 සීමාවන් තුල පැවත ඇත. එය අවසන් වූයේ, නොවැම්බර් 7 වන දිනට 1.1553 ක් හා 2017 වසරේ සැප්තැම්බර් මස 8 වන දිනට 1.2092 ක උච්චතම ස්ථානයෙනි.

 

ජනවාරි පළමු සතිය තුළ වෙළදපොල හැසිරීම පිළිබඳව අදහස් දැක්වීම අතිශය අභියෝගාත්මකය. යම්තාක්දුරකට හෝ වෙළදපොල පිලිබඳ පැහැදිලි කිරීමක් සිදු කල හැක්කේ වර්ෂ අවසානයෙන් පසු නැවත වෙළදපොල විවෘත කිරීමෙන් පසු පමණි. එබැවින් නව වර්ෂයේ අපගේ පළමු අනාවැකිය 2018 වර්ෂයේ පළමු කාර්තුව සඳහා වේ. ඒ අනුව, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක්, මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • ප්‍රවණතා දර්ශක 100% ක් සහ D1, W1 සහ MN මත 75% ක් වූ ඔස්කිලේටර් EUR/USD සඳහා හරිත වර්ණයෙන් වර්ණ ගැන්වී ඇත. කෙසේ වෙතත්, විද්වතුන්ගෙන් 20% ක් පමණක් මෙම මතය සමග එකඟ වේ: ඔවුන් 1.2200-1.2300 කලාපය ඉලක්කයක් ලෙස යෝජනා කරයි.
    විශ්ලේෂකයින්ගෙන් 80% ක බහුතර ප්‍රමාණයක් ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් පල කරයි. ඊට අනුව මෙම යුගලය මධ්‍ය කාලීනව 1.1800 ක ස්ථානයක පවතියි. පසුව, මෙය 1.1500-1.1550 ප්‍රදේශයේ පිහිටි නාලිකාවෙහි පහළ සීමාව දක්වා තවදුරටත් පහළ යා හැකිය. ඔස්කිලේටර් හතරෙන් තුනක් සංඥා කරන්නේ යුගලය ඉහලට ගිය පසු මිලදී ගැනීම් වැඩි වී නැවත පහලට පැමිණිය හැකි බවයි.
  • GBP/USD ද ඒ හා සමාන තත්වයක පවති. මේ අනුව, විශ්ලේෂකයින්ගෙන් 10% ක් විශ්වාස කරන්නේ මෙම යුගලය 1.4000 ක ප්‍රතිරෝධයක් දක්වා වර්ධනය වන බවයි. 25% ක් 1.3500 ඔස්සේ සමාන්තර චලනයක් වන බව විශ්වාස කරයි. කෙසේවෙතත්, බොහෝ විශේෂඥයින් (65%) 2014 අගෝස්තු-සැප්තැම්බර් 2016 ඉහළ මට්ටමට ලගා වීමෙන් පසු පහත වැටෙනු ඇති බව අපේක්ෂා කරයි. පළමු, සැලකිය යුතු ආධාරක මට්ටම 1.3000 ක් පමණ වේ. ඊළඟට 1.2800 ක් වේ. ඔස්කිලේටර් 15% ක් සංඥා කරන්නේ යුගලයේ මිලදී ගැනීම් වැඩි වී පහලට පැමිණිය හැකි බවයි.
  • USD/JPY. විශ්ලේෂක අනාවැකි සහ දර්ශක සංඥා D1, W1 සහ MN මත සියල්ල වෙනස් වේ. විශේෂඥයන්ගේ අතිමහත් බහුතරය (80%) නුදුරු අනාගතයේ දී යුගල සුළු වශයෙන් 111.00-112.00 කලාපයට පහත වැටෙනු ඇති බව අඟවයි.
    කෙසේවෙතත්, යුගලයේ පහල යාම W1 සහ MN යන ප්‍රමාණවල විශාල ලෙස අඩු වේ. දැන්, විශ්ලේෂකයින්ගෙන් 55% ක්, ප්‍රවණතා දර්ශක හා ඔස්කිලේටර් 80% ක් පමණ සනාථ කර ඇත්තේ, යුගලය මධ්‍ය කාලීන නාලිකාවේ ඉහළ සීමාව එනම් 114.50-115.00 තුල රැඳෙනු ඇතැයි අනාවැකි පල කරයි. මේ අතරතුර, ග්‍රැෆික් විශ්ලේෂණය ජනවාරි මාසයේ පුරාවට 112.00-113.75 පටු පැත්තේ කොරිඩෝවෙන් ගමන් කරයි.
  • අපේ අනාවැකියේ අවසන් යුගලය USD/CHF වේ. විශේෂඥයින්ගෙන් 65% ක් පමණ විශ්වාස කරන්නේ මෙම යුගලය 0.9730 ක ආධාරයෙන් බිඳී ගොස් පසුව 0.9600 දක්වා පහත වැටෙනු ඇති බවයි. ඉන්පසු, එය නැවත 1.0000 දක්වා ඉහළට යා යුතුය. එසේ වුව ද, D1 මත ඔස්කිලේටර් තුනෙන් පංගුවක් හඟවන්නේ යුගලයේ විකිණුම් වැඩි වී ඉහල යන බවයි. නමුත් W1 සහ MN තුල එවැන්නක් දක්නට නොමැත. එබැවින්, යුගලය 0.9600 ක ආධාරකයට දකුණු දෙසට ගමන් කිරීමට පෙර, ඊළඟ දින කිහිපය තුළ ඉතා සුළු වෙනස්කමක් පමණක් දක්නට හැකිය.

 

හිතවත් වෙළදුනි,

NordFX මඟින් ඔබ හට ක්‍රිප්ටෝ මුදල් අවස්ථා (Bitcoin, Litecoin සහ Ethereum) වෙළඳාම් කිරීම සඳහා අද්විතීය අවස්ථාවක් ලබා දේ. ලෙවරේජ් අගය 1:1000 දක්වා, අවම ස්ප්‍රෙඩ් අගය සහ ගිණුම විවෘත කිරීමට ගත වන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයකි.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න