2017 October 15

පළමුව, පසුගිය සතියේ අනුමාන පිළිබඳ සමාලෝචනය

  • පසුගිය සතියේ, විශේෂඥයින්ගෙන් අතිමහත් බහුතරයක් ඩොලරය සුළු ශක්තිමත් කිරීමක් අපේක්ෂා කරන බව සිහිපත් කරන්න. ඔවුන්ගේ අනාවැකි අනුව, EUR/USD 1.1660 දක්වා පහත බසිනු ඇතැයි පැවසීය. කෙසේ වෙතත් මෙය සිදු නොවූ අතර සතියේ අවම අගය 1.1720 විය, එය අපේක්ෂා කල මට්ටමට වඩා පොයින්ට් 60 ක් වැඩි විය. විශ්ලේෂකයින්ගෙන් 15% ක්, පැය හතරේ කාලරාමුව මත දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණය මගින් පල කල අනාවැකිය එය නිවැරදි විය. මෙම තත්ත්වයට අනුව, මෙම යුගලය උතුරු දෙසට ගමන් කිරීම අපේක්ෂා කරන අතර, පළමුව, 1.1835 වලට ප්‍රතිරෝධය දක්වා එය බිඳවැටීන්හොත්, ඊටත් වඩා ඉහළ අගයක් වනු ඇත (1.2035). සත්‍ය වශයෙන්ම මෙය සිදු වූයේ මෙයයි: කෙසේ වෙතත්, යුගලයට ඉහත කී අගයට ලගාවීමට නොහැකි වූ අතර 1.1820 ට ආසන්නව සතිය අවසන් කළේය.
  • GBP/USD අනාගතය ගැන අදහස් දක්වමින් විශ්ලේෂකයින්ගෙන් සියයට 45 ක් පවසා සිටියේ 1.3000-1.3045 කලාපයේ ශක්තිමත් මධ්‍ය කාලීන-දිගුකාලීන සහයෝගීතාවය බිඳ දැමීමට යුගලට නොහැකි වන අතර EUR/USD ආකාරයට එය වැඩිවනු ඇති බවයි. අවසාන ඉලක්කය ලෙස නම් කරන ලද උස 1.3250 වූ අතර බ්‍රහස්පතින්දා පළමු අර්ධයේ දී එයට ලඟා විය. ඉන් පසු එය පොයින්ට් 140 කින් පහත වැටී ඇත. කෙසේවෙතත් නැවත ඉහලට පැමිණීමට මෙම යුගලය සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම යුගල සතිය අවසානයේ දී 1.3282 මට්ටමට ලගා විය.
  • USD/JPY. විශේෂඥයන්ගෙන් තුනෙන් එකක්, පැය හතරේ කාලරාමුව මත බොහොමයක් දර්ශකයන්ට අනුව, උතුරු දෙසට ඉහලට යාමට පෙර, යුගලය 111.75-112.00 කලාපයේ පහළ කොටස වෙත පැමිණිය හැකි බව පසුගිය සතියේදී ප්‍රකාශ විය. සිදු වූයේ මෙයයි: මෙම යුගලය සතිය තුල පොයින්ට් 80 ක් පමණ අහිමි කරගත් අතර සතිය අවසානයේ දී 111.83 අගයට පැමිණ සතිය අවසන් විය.
  • USD/CHF. බොහෝ දර්ශක සහ ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීම අනුව, මෙම යුගල 0.9770 අගයට නැවත ලගා වීමට පෙර, 0.9835 ක මට්ටමට ළඟා වීමට උත්සාහ කරනු ඇති බව පසුගිය සතියේ දී ප්‍රකාශ විය. එමෙන්ම එය බිඳ දැමීමට උත්සාහ කළහොත්, එය සාර්ථක වුවහොත් 0.9685 මට්ටමට ඇද වැටෙනු ඇත. කෙසේවෙතත් එය බලාපොරොත්තු වූ පරිදි සිදු නොවිය: මුලින්ම මෙම යුගලය, 0.9806 මට්ටම දක්වා ඉහළ නැගීය, අනතුරුව එය 0.9770 ක් දක්වා කඩා වැටී එය බිඳ දැමූ අතර 0.9700 මට්ටමට ලඟා විය. 0.9745 කලාපයේ දී සතිය අවසන් විය.

 

ඉදිරි සතිය පිළිබඳ වෙළඳපොල සමාලෝචනය, ප්‍රධාන පෙළේ බැංකු හා තැරැව්කාර සමාගම් හා විශ්ලේෂකයින් ගණනාවක් , මෙන්ම තාක්ෂණික හා ප්‍රස්ථාරික විශ්ලේෂණ ක්‍රම රාශියක් පදනම් කොට සිදු කළ අනුමාන සාරාංශය පහතින් දැක්වේ.

  • EUR/USD. උතුරු කොරියාවේ ආතතීන්, ඉරානය සමග න්‍යෂ්ටික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඉවත් වීම, සිරියාවේ සටන් කිරීම, තෙල් මිල නැංවීමට ඇති හැකියාව, ෆෙඩරල් නායකත්වයේ වෙනස, අසාමාන්‍ය යුරෝපා සංගම් සමුලුව: මේ සියල්ලම සහ තවත් බොහෝ දේ නිසා නුදුරු අනාගතයේ හෝ මධ්‍ය කාලීන අනාගතයේ දී කිසිදු සම්මුතියක් සකස් කිරීමට විද්වතුන් අසමත් වෙයි, ආර්ථික තත්වය එතරම් අස්ථිර ය. විද්වතුන් 45% ක්ම යුගල වර්ධනයට සහය ලබා දුන් අතර, 45% ක් වැටීම සඳහාත්, 10% ක් පමණක් මධ්‍යස්ථ මතයකුත් දරයි.
    දර්ශකයන්ට අනුව, පැය හතරේ කාලරාමුව මත විශ්ලේෂකයින්ගේ නොසැලකිලිමත් භාවය නැවත මතු කරති. එහෙත් දවසේ කාලරාමුව මත තත්වය වඩා නිශ්චිත ය: ඉන් 80% ක් කොළ පාට වර්ණ ගැන්වේ. කෙසේවෙතත්, 20% ක් දැනටමත් රතු පැහැයට හැරී ඇත.
    අවසාන වශයෙන්, ග්‍රැෆික් විශ්ලේෂණය: පැය හතරේ කාලරාමුව සහ දවසේ කාලරාමුව මත කියවීම් සාරාංශ කර දැක්වීම, 1.1750, 1.1685 සහ 1.1600 ආධාරක මට්ටම් වේ. ප්‍රතිරෝධතා මට්ටම් 1.1920 සහ 1.2030 අතර විය හැකිය.
  • GBP/USD හි තත්වය EUR/USD ට සාපේක්ෂව සුළු ප්‍රමාණයකින් පැහැදිලිව පෙනේ. මෙහිදී විශ්ලේෂකයින්ගෙන් 55% ක් සහ දවසේ කාලරාමුවෙහි ග්‍රැෆික් විශ්ලේෂණය, යුගලය පහතට යාමක් පෙන්නුම් කරන අතර මෙම යුගලයේ වැටීම 1.3150 අගයක් විය හැකි අතර එහි බිඳවැටුනහොත් පොයින්ට් 110 ක් තවත් අඩු වී 1.3040 මට්ටමට පැමිණෙනු ඇත.
    විශේෂඥයින් 45% ක් සහ දර්ශක අති බහුතරය (85%) විසින් පසුගිය සතියේ ප්‍රවණතාව දිගටම පවතනු ඇති බව ප්‍රකාශ කරයි. ඒ අනුව එම අගය 1.3450 ක් දක්වා වැඩි වනු ඇත. ඊලඟ ප්‍රතිරෝධය 1.3600 වේ.

2017 ඔක්තෝම්බර් 16 - 20 දක්වා කාලසීමාවට  EURUSD, GBPUSD, USDJPY සහ USDCHF හි වෙළෙඳපොළ විශ්ලේෂණය1

  • USD/JPY. මෙහිදී, පැය හතරේ කාලරාමුව සහ ග්‍රැෆික් විශ්ලේෂණය මත ඔස්කිලේටර් හතරෙන් තුනක් පෙන්නුම් කරනුයේ යුගලය පහතට ගමන් කරනු ඇති බවයි. බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ, මෙම යුගලය මධ්‍ය කාලීන නාලිකාවෙහි 108.00-114.50 ඉහළම මායිමෙහි මාර්ගයේ යමින් සිටින අතර එය ඉහළට යා යුතු බවය. කෙසේ වෙතත්, යුගලය මෙම නාලිකාවෙහි තිරස් ලක්ෂ්‍ය කලාපයේ පිහිටා ඇති අතර ඒ නිසා තවමත් මෙම රේඛාවේ ටික කාලයකට ගමන් කළ හැකිය, 110.65-112.20 පරාසයේ පවතී.
  • අවසාන වශයෙන්, අපගේ සමාලෝචනයේ අවසාන යුගලය: USD/CHF වේ. ග්‍රැෆික් විශ්ලේෂණය, ප්‍රවණතා දර්ශක සහ ඔස්කිලේටර්, මධ්‍යස්ථ තත්ත්වයක් ගෙන තිබේ. පැය හතරේ කාලරාමුව මත ග්‍රැෆික් විශ්ලේෂණයන් කියවීමෙන් සුළු වශයෙන් යුගලය ඉහළයාමක් පමණක් දැක ගත හැකි අතර, එම යුගල 0.9800-0.9835 ප්‍රදේශය තුළ රදවා ගැනීමට උත්සහ කරනු ඇත.
    විද්වතුන් පිලිබඳ සලකා බැලීමේදී, ඔවුන්ගෙන් 75% ක්ම යුගලයේ බිඳ වැටීම සඳහා සහය පල කරති. උපකාරක මට්ටම් 0.9700, 0.9670 සහ 0.9560 වේ.

 

Roman Butko, NordFX


« වෙළෙඳපොළ විශ්ලේෂණ හා පුවත්
පුහුණු වීම
ලබා ගන්න
වෙළෙඳපොළට නවක ද? "ආරම්භ කරන්න" යන කොටස භාවිතා කරන්න පුහුණු වීම ආරම්භ කරන්න
අපිව අනුගමනය කරන්න